සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා ඊයේ NGK C7HS ප්ලග් 2ක්
එකක් 320/- 12%ඩිස්කවුන්ට් දෙනවා
560/- ගියේ 2ටම
අද උදේ ප්ලග් 2 දාගෙන ආවේ.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.සද්දෙත් කලින් තිබ්බා වගේ ගොඩක්ම හොදයි.60kmph එද්දී වයිබ්රේට් එකත් අඩුයි.යන්තම් වගේ තිබුනේ.
තව ටිකක් දුවල බලන්න ඕනේ හරියටම කන්ෆර්ම් කරගන්න.
පොඩි පොඩි සද්ද ටිකක් තියෙනවා.ඒවා නිසා කසිකබල් සද්දයක් තමයි එන්නේ.එක අමතක කරමුකෝ දැනට
තව ලොකු ප්රශ්න 2ක් තියෙනවා
1) 15km විතර දුවලා උනත් ට්රැෆික් එකක වගේ නවත්තගෙන ඉද්දි සමහර වෙලාවට සද්දේ ටිකක් වෙනස් වෙලා (ටක ටක ගානවා වගේ) එන්ජිම නවතිනවා.අනිත් වෙලාවට අයිඩිල් එකේ හොදට තියෙනවා.එහෙම වෙන්නේ ඇයි?
2)ගියර් එකක් චේන්ජ් කරන්න RPM එක වැඩි වෙද්දී ක්රීන් ගාලා වගේ සද්ද වෙනවා.ඒ එක්කම වගේ වයිබ්රේට් එකත් වැඩි වෙනවා වගේ.60kmph වෙද්දී ගියර් 5ම දාගන්න ඕනේ නැත්නම් අර සද්දේ එනවා
TDI කිව්ව ස්පීඩ් වලට යන්න අමාරුයි එහෙම සද්දේ එද්දී.
මම කොහොම හරි මේ සද්දේ රෙකෝඩ් කරලා දාන්න බලන්නම්.ටිකක් පාලු පරකදී රෙකෝඩ් කරන්න වෙන්නේ.නැත්නම් අනිත් වාහනවල සද්ද එනවනේ