මනුතාපයට හුරු කතාවක් කොටුව අධිකරණයෙන්
මාතර අකුරැස්ස ප්රදේශයේ අයෙක් රුපියල් 50ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවක් වසර 10කට ආසන්න කාලයක් විභාගවීම සම්බන්ධ පුවතක් ඊයේ (29) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී හෙලි විය.
ඔහු අදාල වෝදනාව සම්බන්ධයෙන් තුන් මසකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇති බවද අධිකරණයේදී හෙලි විය.
අදාල සිද්ධියේ නඩු වාර්තා පරික්ෂා කළ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ සිටි කාලයත් එසේම ඔහු වරද පිළි ගැනීමත් යන කරුණු සලකා බලා සැකකරුට අවවාද කර මුදා හැරියේය.
මෙසේ මුදා හැරියේ ඉන්දික මධරංග නැමැත්තෙකි.
ඔහු 2003 වසරේදී කාන්තාවකගේ බෑගයකින් මෙම මුදල සොරාගත් බවට සැකපිට කොල්ලුපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිනි.
සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඔහුට නියම කළ ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවය.
මේ සිද්ධියත් සමග වික්ටර් හියුගෝ විසින් රචිත ලෙස් මිසරබල්ස් (Les Misérables) නවකතාව සිහියට නැගෙන බවද එහි වූ නීතිඥයෝ පැවසූහ.
එය මනුතාපය ලෙස පසුව සිංහලට පරිවර්තනයවී තිබිනි.
එහි ප්රධාන චරිතය වූ ජෝන් වැල්ජොන් (Jean Valjean) නැමැත්තා වසර දහයකට සිරගත කරනු ලබන්නේ පාන් ගොඩියක් සොරකම් කිරීමේ වරදකටය.