අධි සුඛෝපභෝගී සේවාව සඳහා බස් රථ ආනයනය කිරීමේදී මින් ඉදිරියට සැලකිලිමත් විය යුතු කරුණු මෙසේය
පීඩන බැලූන් 06 ක් සහිත පැද්දුම් පද්ධතියකින් සමන්විත විය යුතුය. (ඉහළ සුවපහසුව සඳහා)
(ABS (Antilog Break System) තිරිංග පද්ධතියකින් සමන්විත වියයුතුයි.
බස් වැසියකින් සමන්විත බස් රථයේ බඳ සම්පූර්ණයෙන්ම වානේවලින් නිම වී තිබිය යුතුය. (මගී ආරක්ෂාව වඩාත් තහවුරුවීම සඳහා) තනි තනිවම මගීන්ට වෙනස් කරගත හැකි පහසුකම් සහිත වායුසමීකරණ පද්ධතියකින් සමන්විත යුතුයි.
හිස රඳවනය, අත් රඳවනය සහිත නියමිත ප්‍රමිතිගත දුරට අනුව සවිකරන ලද එහාමෙහා කළ හැකි සුවපහසු ආසන තිබිය යුතුයි.
ආසනවලට සමගාමීව මගින් කැමති පරිදි ඉහළ පහළ චලනය කළ හැකි පා රඳ්වන සවිකර තිබිය යුතුය.
බස් රථයේ ආසන 40 කට නොඅඩු විය යුතු අතර, ආසන අංකනය කර තිබිය යුතුයි.
සියලූම ආසන සඳහා ද්විත්ව බඳ පටි සවිකර තිබිය යුතුයි.
බස් රථයේ වැසිකිළි පහසුකම් තිබිය යුතුය.
සියලූම මගීන්ට පැහැදිලිව දර්ශනය වන ආකාරයේ ඔරලෝසුවක් තිබිය යුතුයි.
අවම වශයෙන් අඟල් 17 ක තිරයක් සහිත රූපවාහිනී / ඞී.වී.ඞී. නැරඹීමේ පහසුකම් (දර්ශන තිර දෙකක් සහිතව) තිබිය යුතුයි.
කුඩා ශීතකරණයක් තිබිය යුතුයි.
අඟල් 18 ක් පළල , අඟල් 10 ක් උස මගී දැන්වීම් තොරතුරු පුවරුවක් තිබිය යුතුයි.
විධිමත් ආරක්ෂිත ජනේල තිබිය යුතුයි.
දුරස්ථ පාලකය සහිත ස්වයංක්‍රීය දොරටු තිබිය යුතුයි.
අනුමත ශබ්ද තරංග පරිපාලනයට අනුකූල විය යුතුයි. (අභ්‍යන්තර හා බාහිර*
බස් රථයේ එන්ජිමේ හා නළාවේ ශබ්දය නියමිත ප්‍රමිතිගත ශබ්ද තරංග සීමාවට යටත් විය යුතුයි.
නියමිත ප්‍රමිතියට අනුව ඉදිරිපස හා පසුපස ගමනාන්තය සඳහන් කිරීමේ පහසුකම් තිබිය යුතුය. (LED Panel)
ආසන බිම් තලයට යටින් ඝන භාණ්ඩ ඇසුරුම් සඳහා වෙන්කර තිබිය යුතුය.
පසුපස කැමරා පද්ධතියකින් සමන්විත විය යුතුය.