එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

    මහ වැසි ........වසින්නේ
    කැළණිය දෙගොඩ යන්නේ
    කඩුවෙලද යට ...වෙන්නේ
    රත්නෙ අවතැන් ...වන්නේ

    ගලා විත් බැමි බිම ...හෙලා
    යුරාගේ ගේ යට .....වෙලා
    කර වටක් මඩ දිය ....ගලා
    ගේ පුරා මහ වින .....කලා

    වතුර මට්ටම ලිය .....තියා
    මහ මඩක් ගේ තුළ ...තියා
    ඔන්න හෝදා ගනු ....කියා
    ඊයේ දිය කද බැස ....ගියා

    ඇද පුටු මේස සහ රෙදි ..........පෙරෙදී
    ෆ්‍රිජ් අල්මාරි කාමර තුලට ...........වැදී
    දියකද කලා අපෙ රත්නේට .........හදී
    ඉතිරිව වූයේ රොන් මඩ ටික සහිත හොදී

    එළ කිරි සෙට් එකකි ඊයේ .....බසින්නේ
    හයිප්‍රෙෂ වතුර සහ ක්ලීනර් ....ඉසින්නේ
    කොල්ලෝ එකතු වී මඩ ගොඩ පිසින්නේ
    තනියෙන් කොලා නම් රත්නේ නසින්නේ

    රත්නේගෙ කොම්පියුටර මේසේට
    වතුරට පෙගී එය හැරිලා... පසට
    පුරවා ගිහින් දැම්මා විල්බරෝවට
    අහෝ!! MDF කියලා සිතුනි මට

    අවතැන් ආධාර බත් ගෙඩි ටික ලිහා ....කකා
    ගේ ගොඩ ගියා අපෙ රත්නෙට නොදී ....දුකා
    සත් පැය ගෙවුනි නොදැනිම ඒ වෙහෙස මකා
    රත්නේ බයිට් වුනි මැරුනා සිනා ........කකා

    හොද හරිය.....

    රෙඩ් ලේබල් හිස් බොතල් ..තියෙන්නේ
    ඒව පෙරලලා ‍"කොටයක්" හොයන්නේ
    අඩියේ තියෙන ඒවා මුන් .....පිහන්නේ
    තිනර් බොතලත් නූලෙන් .....ගහන්නේ

    ලාටු ඇලෙනවා වාගේ ඇදන් ...යට
    ඇගිලි පාරවල් බිත්තියෙ විටින් .විට
    ඇදන් තුනකි දෙන්නා ඉන්නා .ගේට
    කතා ගොඩයි රත්නේ වැටුනා ..ළිදට

    හිච්චි කාලේ පුංචි ෆොටෝ ගොඩ එන්නේ
    අයිඩී කාඩ් සහ තොරතුරු මතු ...වන්නේ
    කස්ටිය ෆොටෝ ගහගෙන ඒවා .දෙන්නේ
    රත්තේ අනේ තව තව අසරණ .වෙන්නේ

    පෙගුන ඇදන් වල මෙට්ටා ...අස්සේ
    වැල පත්තරත් තිබෙනා බව පැවසේ
    මේවා අසා රත්නේ ආයෙත් ගැස්සේ
    අහෝ බැලින්නම් හාමිනේ පිටිපස්සේ









     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :shocked: මගේ අම්මේ ආයේ නම් ගං වතුරක් නෙවේ සුනාමියක් ආවත් හ්ම්ම් කියලා කටක් අරින්නේ නෑ මම...... මීට වඩා හොද නැද්ද Sri අයියේ මාව ගං වතුරටම ගියා නම්......!! :angry: :frown: :dull: :(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලත් එලකිරියෙන් හම්බ කරගෙන කාපු එකෙක්.මේකේ ඉන්න එවුන්ගේ දත් නිසා හම්බ කරගෙන :lol: