මේක මගේ කතාවක්.
මගේ තාත්තා ලේඛකයෙක්, ගීත නිබන්ධකයෙක්, ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක්. මම අවුරුදු 12-16 වගේ කාලේ දරුණු රැඩිකල් චරිතයක්. ශ්‍රී ලංකාවේ තිබිච්ච උතුරේ ජනවාර්ගික ප්රශ්නය ගැන මගේ තිබුනේ “ද්‍රවිඩයන් හට අසාධාරණයක් සිදුවී ඇති අතර, උතුරු ඔවුන් ගේ නිජබිම වේ“ කියන මතවාදය. තාත්තයි මායි අතර මේ කාරණය ගැන සෑහෙන්න දරුණු මත ගැටීමක් තිබ්බා. කතා කලොත් ඔය මාතෘකාව වළියකින් තමා කෙළවර වෙන්නේ.
අන්තිමේ දී තාත්තා තාත්ත ගේ පුස්තකාලෙ යතුර මට දීල-දීල කිව්වට විසි කරල- කිව්වා බොල වල් අලියො
-එහෙමම තමා කිව්වෙ ඈ. මල පැනල හිටියේ ඒ වෙලාවේ- ඕකෙ තියන පොත් කියවල බලපිය
එතකොට තේරෙයි තොට කියලා.
ඇත්තට ම තාත්තගේ පුස්තකාලෙ තමා මේ දැන් ඔබ දකින සිංහල ජාතික මතවාදය සහිත මිනිහා නිර්මාණය කලේ. මේ ප්‍රශ්නෙ ගැන තාත්ත දරපු මතවාදය සහ ස්ථාවරය කොච්චර හරි ද කියල මට දැන් තේරෙනවා. මගේ තියන කලා හැකියාවන් වලින් 80%ක ගෞරවය යන්න ඕන අම්මට වගේ ම මගේ දේශපාලන මතවාදයේ සහ ස්ථාවරයේ ගෞරවයෙන් 99%ක් යන්න ඕන තාත්තට.
මගේ තාත්ත හරි.

මගේ තාත්තා ලේඛකයෙක්, ගීත නිබන්ධකයෙක්, ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක්. මම අවුරුදු 12-16 වගේ කාලේ දරුණු රැඩිකල් චරිතයක්. ශ්‍රී ලංකාවේ තිබිච්ච උතුරේ ජනවාර්ගික ප්රශ්නය ගැන මගේ තිබුනේ “ද්‍රවිඩයන් හට අසාධාරණයක් සිදුවී ඇති අතර, උතුරු ඔවුන් ගේ නිජබිම වේ“ කියන මතවාදය. තාත්තයි මායි අතර මේ කාරණය ගැන සෑහෙන්න දරුණු මත ගැටීමක් තිබ්බා. කතා කලොත් ඔය මාතෘකාව වළියකින් තමා කෙළවර වෙන්නේ.
අන්තිමේ දී තාත්තා තාත්ත ගේ පුස්තකාලෙ යතුර මට දීල-දීල කිව්වට විසි කරල- කිව්වා බොල වල් අලියො
-එහෙමම තමා කිව්වෙ ඈ. මල පැනල හිටියේ ඒ වෙලාවේ- ඕකෙ තියන පොත් කියවල බලපිය
එතකොට තේරෙයි තොට කියලා.ඇත්තට ම තාත්තගේ පුස්තකාලෙ තමා මේ දැන් ඔබ දකින සිංහල ජාතික මතවාදය සහිත මිනිහා නිර්මාණය කලේ. මේ ප්‍රශ්නෙ ගැන තාත්ත දරපු මතවාදය සහ ස්ථාවරය කොච්චර හරි ද කියල මට දැන් තේරෙනවා. මගේ තියන කලා හැකියාවන් වලින් 80%ක ගෞරවය යන්න ඕන අම්මට වගේ ම මගේ දේශපාලන මතවාදයේ සහ ස්ථාවරයේ ගෞරවයෙන් 99%ක් යන්න ඕන තාත්තට.
මගේ තාත්ත හරි.