good thread
අනිවා හොද ත්‍රෙඩ් එකක් බ්රෝමාත් හෙනම ආස සබ්ජෙක්ට් එකක්. කරගෙන යන් වැඩේ
![]()
1. ලංකාවෙ තියන සෑම දුම්රියක්ම ඩීසල් එලෙක්ට්‍රික් ද...

....මට ඕව ඔක්කොම පැටලිලා...

මාත් ඉන්නවෝ කොච්චි පිස්සන්ගේ සෙට් එකට..![]()

සුනාමි කෝච්චිය කියලා මිනිස්සු හඳුනවන මරදානේ ඉඳං මාතරට උදේ ධාවනය වෙන කෝච්චිය 2004-12-26 වෙනිදා පෑරලියේදි අනතුරට ලක් වෙනවා. ඒ වෙලේ කෝච්චිය ඇදගෙන යන්නේ M2a - 591 (Manitoba) ඒ කෝච්චියේ මගේ මාමයි, පුංචියි එයාලාගේ ඒ වෙනකොට අවුරුදු 02ක් වෙච්චි මල්ලියි හිටියා. පුංචි ඒ අනතුරෙන් නැති උනා.ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්‍රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා..
උඹ හරි. දැනට ඉන්න පරණම හාදයා ම්යා තමයි. 1956-12-03 තමා ෆස්ට් රන් එක.
අපේ මිනිස්සු ඕක හඳුන්වන්නේ කැනඩියන් ඇන්ජින් කියලා. ඔය 14න් M2-571 බෝම්බ ප්‍රහාරයකින් විනාශ උනා. 1986-02-18 වෙනිදා. 571 තමා ඉස්සෙල්ලම උඩරට මැණිකේ කෝච්චියට යොදවලා තිබුනේ.
මම ඇහුවේ මොනාද ප්‍රශ්ණ ආපු ඇන්ජින් කියලා..![]()
දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු
මේක ත්‍රෙඩ් එකකට බස්සන්න අමාරුයි ලොකු ලිපියක් හින්ද .!!
http://www.lankadeepa.lk/articles/208054/

ප්‍රශ්න ආපු එන්ජින් කිව්වේ අර M9 වගේ ඒවා...ඒව ගොඩක් අයින් කරල නේ තියෙන්නේ
පෙරේරා මහතා වෙත ඔබේ පැනය යොමු වෙමින් පවතී...මොහොතක් රැඳී සිටින්න....
ඩීසල් හයිඩ්‍රොලික් කියලත් ජාතියක් තියනවද කොහෙද නේ බං....මට ඕව ඔක්කොම පැටලිලා...
තව ඩයිනමික් බ්රේක් කියයි, එන්ජින් බ්රේක් කියයි..තේරෙන් නෑ බං මට![]()

මාත් ඉන්නවෝ කොච්චි පිස්සන්ගේ සෙට් එකට..![]()

දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු
මේක ත්‍රෙඩ් එකකට බස්සන්න අමාරුයි ලොකු ලිපියක් හින්ද .!!
http://www.lankadeepa.lk/articles/208054/

අවුරුදු 8ක් ද කොහෙදෝ රුහුණු කුමාරියේ ගියාළු නේ අයියේ....
සෙට් වෙමු එහෙනම්![]()

RePost බුවා;19366898 said:තෝ පුදුම එකෙක්නෙ අයියේ,
උබ දන්න දේවල් ප්‍රවාහන ඇමති වත් දන්නේ නැතුව ඇති,
ඇත්ත කියහන්, උබ අනන්තෙන් ආපු තරු කුමරා නේද?
M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.
සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.
මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.
සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.

.
තව ඩයිනමික් බ්රේක් කියයි, එන්ජින් බ්රේක් කියයි..තේරෙන් නෑ බං මට![]()
). දන්නා තරමින් M4, M8a engine වල මුල් කාලයේ dynamic brake තිබී තියෙනවා. රබුක්කන දුම්රිය අනතුරින් පස්සේ රබුක්කනින් එහා ධාවනයට dynamic brake අනිවාර්ය කල නිසා දැන් උඩරට ධාවනයට යොදාගන්නේ dynamic brake තිබෙන engine විතරයි.ලංකාවේ ධාවනය වන දුමිරිය වල ප්‍රධාන වශයෙන්ම brake වර්ග 3ක් තියෙනවා. Vaccum brake, Air brake සහ Dynamic brake. මේවා පිළිබද භෞතික විද්‍යාත්මක දැනුම නම් මට එච්චරටම නෑ. නමුත් භාවිතය පිළිබද පොඩි සටහනක් දාන්නම්.
ලංකාවේ රුමේනියන් මැදිරිවල තියෙන්නේ vaccum brakes. උඩ රුපයේ තියෙන්න රුමේනියන් මැදිරි සමග ධාවනය වන දුම්රියක්. ලංකාවේ සෑම engine එකකම vaccum brakes තියෙනවා. chinese මැදිරිවල තිබෙන්නේ air brakes.ලංකාවේ සෑම engimeකම air brakes නෑ. ඒ නිසා එම මැදිරි සමග ධාවනය කල හැක්කේ air brakes තිබෙන engine වලට විතරයි. M2, M4, M8, M9 සහ M10 engineවල air brakes පහසුමකම තියෙනවා. මීට අමතරව M5 කාණ්ඩයේ M5c 775 enigime පමණක් air brake තියෙනවා.
Dynamic brake පාවිච්චි කරන්න පුළුවන් දුම්රියක් ධාවනය වෙනකොට විතරයි, දුම්රියක් නැවත්වීම සදහා මෙය පාවිච්චි කරන්න බෑ. මේකෙදී වෙන්නේ ඉදිරියට ධාවන වෙන රෝද වල චලනයෙන් වෙනම ඩයිනමොවක් කරකවල brake උපදනවා වගේ දෙයක්. ලංකාවේ මේ වෙනකොට dynamic brake තියෙන්නේ M2c 626, M2c 627 , M5b, M5c, M7, W3, M9 සහ M10 යන engine වල විතරයි (miss උණු ඒවා ඇති). දන්නා තරමින් M4, M8a engine වල මුල් කාලයේ dynamic brake තිබී තියෙනවා. රබුක්කන දුම්රිය අනතුරින් පස්සේ රබුක්කනින් එහා ධාවනයට dynamic brake අනිවාර්ය කල නිසා දැන් උඩරට ධාවනයට යොදාගන්නේ dynamic brake තිබෙන engine විතරයි.

M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.
සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.
මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.
සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.
නියම විස්තරයක් මචෝ... මං දැන් කැපෙනවා...හෙට චැටක් දාමු සෙට් වෙලා ....
උඹ කෝච්චි සම්බන්ද මොකක් හරි ජොබක් ද කරන්නේ![]()

1. ලංකාවෙ තියන සෑම දුම්රියක්ම ඩීසල් එලෙක්ට්‍රික් ද...