මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.
~ලංකාදීප~
......
අම්මෝ......
රජරට රැජිණමයි නේද පොතුහැරදී දැයට කිරුළත් එක්ක හැප්පුනේ බං![]()

කොහොමද වැදුන නම්.. ඩ්‍රයිවර්ලා දෙන්නට මොනා හිතෙන්න ඇතිද..
සිග්නල් දුන්න පඳුරු හු*න්නලා ගෙවල් වලට දක්කන්න ඕනා..
....
...... 
....
කෝච්චියෝ...පොඩි ගැටළුවක්...
රජරට රැජිණ දෙකක් තියනවද....
එකක් උඩහට යද්දි අනික පහළට යන විදියට.....
මොකද අර පොතුහැරදිත් හැපුනේ රජරට රැජුණක් නේද....ඒක පොතුහැරින් කොළඹ පැත්තට යන්නේ උදේ 9 ට විතර.....
එතකොට මේ රජරට රැජිණක් මාතරින් උදේ කොළඹ පැත්තට එන්නේ කොහොමෙයි

එක දවසින් ටර්න් දෙකක් යන්න බැරි හැම එකේම එහෙම තියෙනවා.. වෙන වෙනම අංක දීලා තියෙනවා.
1085 - මාතරින් වවුනියාවට යන එක
1086 - වවුනියාවෙන් මාතරට යන එක
රුහුණු කුමාරිය, ගාලු කුමාරිය වගේ ඒවාට එක සෙට් එකයි. උදේ කොළඹ එනව. හවස ආයේ යනවා. නයිට් මේල් ඔක්කොම, යාල් දේවි, මීනගයා, රැජින, උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඕවා ඔක්කොම සැට් දෙක දෙක තියේ


එම් 9 එක සිග්නල් බලන් නැතුව ගිහින් කියල කියන්නේ නේද?![]()
626 කුඩු උනා නම් M9 එක ගිනි තියාවී දුම්රිය ලෝලීන් ගිහිලා..
626 කියන්නේ ලෙජ්න්ඩ් කෙනෙක් නේහ්

..... 
626 කතාව මොකක්ද?![]()
මට අංක පැටලෙන ලෙඩක් තියේ...මතක නෑ.....
අර කොටි කටට ගිහින් ගෙනාපු එකද මේ?.....![]()
කිඹුල් ක්ලිනික් එකේ පිලිකන්නේ තියෙනවා කිතුල් පොල්ලක්.
අන්න ඒක උස්සලා මගේ ඔලුවේ හරි මැදට දෑත බදලා එකක් ගහපං.
මාව බිම වැටේවි. ලේ ඒවි. ටිකක් වෙලා බලන් ඉඳලා අතක් පයක් හොල්ලනවා දැක්කොත් ඒ වගේම පාරවල් දෙකක් දීපං ඔලුවට...
ඉරාගෙන ලීව මට ගහන්න ඕනේ..


