එළකිරි පවු පොත.......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි පවු පොත.......

    එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........

    මේක තමයි එළකිරි පවු පොත.......

    උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් සසළවෙන පවුකාර වැඩ අනික් අයට නොකරන්න, හිතින් දුක් නොවිද කාටත් කියලා හිතේ බර අඩුකරගන්න මෙතන සදහන්කරන්න.......

    පිනක් කරොත් මෙතැනට.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1810740
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා. ඒ සතා ගෙදර තිබුන පොත් පත්, ඇදුම් පැළදුම්, කෑම බීම, වෙන එකක් තියා සබන් කෑල්ලක්වත් තියාගන්න බැරිවෙන්න ලෑටිගාල විනාශ කලා. මී උගුල් ආදී කිසි දෙයකින් සතාව අල්ලගන්න බැරිව ඉන්නකොට කීල්ස් එකේ දැක්ක බේයර්ස් වලින් ගහන රැට් කිල් කියලා කිරිටොපි වගේ කැට වගයක්. කවරේ ලියලා තිබුණ කාලා මැරෙන්නේ එළිමහනේ ඒනිසා අහුමුලුවල මැරිලා ගදගහන ප්‍රශ්න නෑ කියලා. හිත හදාගත්තා, රැට් කිල් පෙට්ටියක් අරං මියා ගැවසෙන හැම අහුමුල්ලේම පාප සිතින් තිව්වා....... දවස ගෙවිලා පහුවදා පාන්දර කාමරේ ඉස්සරහා ඩෝප් මූඩ් එකේ ලොකු මීයෙක් ඉන්නවා:baffled:....... පන තියෙනවා ඒත් දුවාගන්න තැනක් හිතාගන්න බැරිව. මගේ පවුකාරකමට මට හැමදේම හොදට හොයලා බලන්න ඕන උවමනාවක් තියෙනවා. මීයව නැට්ටෙන් අල්ලලා එලියට උස්සන් ගියාමයි දැක්කේ සිංහලු.......... සතාගේ ඇස් දෙක ලා කිරිපාට වෙලා දෙයක් පේන් නැති ගානට:sorry::sorry:..... (දැනගත්ත විදියට විෂ ඇහැට බලපාල ඇස් අර්ධ පාරදුශ්‍ය වෙලා පෙනීම හීන වෙනවා. ඒනිසයි සතා අදුරේ නොඉද ආලෝකය හොයන් එළිමහනේ මැරෙන්නේ........) සතාට වතුර පොවලා තණ බිස්සක තියල තිබුන...... හවස් වෙනකොට කටින් ලේ පෙරන් මැරිලා හිටියා:sorry:........ නොදැන කරත් මට හොද විශ්වාසයක් තියෙනවා ඉපදෙන ආත්මෙක අන්ධ වෙලා ඉපදෙයි කියලා.....:sorry::(
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    api hamoma dana ho nodana paw karala thiyenawa.
    danagena karath karata passe pasuthawilath thiyenawa
    e wage dewal aai aai mathak karanawa kiyanna wechcha pawa thawath wadi wenawa ban.
    aathal ekata kiyewwa wage newe me thread eka nisa anith ayage amathaka una paw wada awussanawa ban.

    ubata puluwan uba marunata passe ube as deka dan denna.
    as penne nathi ayata specs aran denna.
    operation walata salli denna etc
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජින්තුවා;22063649 said:

    හැමිනෙනවා තියලා......:sorry: ඔහොම සිං එකක් මගේ අතින් මියෙක්ට වුණා.........:sorry: හැමදේම මීයෝන්ට වුනේ කියන්න එපා...... :rofl: මේ මතක හැටියට මියෝන්ට වුන අන්තිම දේ.
    කුස්සියේ ඉන්නකොට අර හොම්බ දිගට තියෙන අළුපාට හික්මීයෙක් ගමේ යනවා වගේ යනවා කියහන්කෝ..........:angry: මරන්න උවමනාවක් තිබුන් නෑ ඒත් අතට පොල්කටු හැන්දක් ද කොහෙද සෙට්වෙලා පොඩි සොට් එකක් දුන්නා කරුමෙටම සෙට්ටපෝච්චි.........:sorry: විනාඩියක් ගියේ නෑ චූටි අළුපාට පැටව් තුන් හතරදෙනෙක් අම්මව පෙරළන් කිරිබෝනවා කියහන්කෝ.......... අප්සෙට් වැඩිකමට පැටව් ටික අල්ලලා පෙට්ටියකට දාල මී අම්මට වතුර පොවලා පපුව මසාජ් කලා.:baffled: විනාඩි දෙක තුනකින් අම්මට පන ආව:shocked: නහයෙන් ලේ ටිකක් ගියා එච්චරයි. ඌවත් පෙට්ටියට දාල කෑමත් දාලා දවස් දෙක තුනක් ඉන්න දීල මී අම්මා හොදවුන ගමන් වත්තටම නිදහස්කලා......... :) කාලයක් යනකන් හැන්දෑ වරුවේ උන් එක පේලියට අම්මගේ පස්සේ යනවා දකිනවා:love::love:
     
    • Like
    Reactions: HSW

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා.

    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් කරපු පව් වැඩ ගොඩක් තියෙනවා මී කේස් ගොඩක් තියෙනවා මේ 1ක්.
    මියෝ කාලයක් වදයක් වෙලා තිබුන උපරිමයෙන්.රැට ලයට් ඔෆ්ෆ් කරපු ගමන් කොහෙන් හරි ගෙට රිංගල කන්න පුළුවන් හැම දෙයක්ම කාල දානවා කෑම විතරක් නෙමේ අල්මාරියේ ඇඳුම් ,පවා කාල දැම්ම .එත් ඉතින් මරන්න නම් හිතුනේ නැහැ පව් කියල නෙමේ පොඩි උන් දෙන්න ඉස්සරහ සත්තු මරණ එක හරි නැහැ කියල හිතුණු නිසා .බැරිම තැන මී උගුලක් ගෙනවා රු 400/=ක් දීල ඒකට අහු උනාමමැරෙන්නේ නැහැ කොහෙට හරි ගිහින් දාන්න පුළුවන් .ඔය උගුල තියල දවසක් උදේ බලනකොට එකෙක් අහු වෙලා ඌව කොහෙට හරි ගිහින් දාල වැඩට යන්න පරක්කු වෙන නිසා එහෙම්ම ඉද්දි වැඩට ගියා ඇවිත් අරන් දාන්නම් කියල හිතාගෙන කොහොමත් මම මම එනකොට හවස 7 වගේ උනා එදා එනකොටම පුතා කිව්ව මීයට නින්ද ගිහින් ඉන්නේ කෑම දුන්න ඒවා කෑවෙත් නැහැ කියල මම බලනකොට සතා එකේම මැරිලා කොල්ලට කිව්වෙත් නැහැ මැරිලා කියල නිදාගෙන ඉන්නේ ඔහොම්ම ගිහින් දාමු කියල ළඟ වෙලට ගිහින් දැම්ම
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එහෙමට පව් කරල නම් නෑ. එත් අපේ ගෙදර ඉදියා කුකුලෙක් මූ හැමොටම අනිනවා අපෙ අම්මට විතරයි ලගට යන්න පුලුවන් අම්ම කන්න දෙන නිසා. දවසක් මන් වැඩ ඇරිල ඇවිත් ගෙදර කවුරුවත් නෑ. ම පිටිපස්සෙ දොර අරිනකොටම මේ යකා ඇවිත් පොරකටු පාරක් ගැහුවා මගෙ කලිසමත් ඉරෙන්නම කකුල තුවාල උනා. මට ආපු තරහට අහු උනේඅ මැටි ගඩොල් බාගයක් දෙපාරක් හිතුවෙ නෑ දීල ඇරිය යාන්තම් ගෑවී නොගෑවී ගියා. පස්සෙ හිතුන වැදුනෙ නැති එක හොදයි කියල!:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ

    කාටහරි කියලා සොට් එකක් තියන්ම බලපන්, බුලට් එක ඕනනම් උකේ හිටියි. ඇවිදගන්න බෑ, වාඩිවන්න බෑ.... ඒත් අවුලක් නෑ මැරෙන් නෑ නේ:sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113

    කාටහරි කියලා සොට් එකක් තියන්ම බලපන්, බුලට් එක ඕනනම් උකේ හිටියි. ඇවිදගන්න බෑ, වාඩිවන්න බෑ.... ඒත් අවුලක් නෑ මැරෙන් නෑ නේ:sorry::sorry:

    ඒ කියන්නෙ තුවාල වෙයිද :dull: අග රවුම් බුලට් වලට තුවාල වෙන්නෙ නැතුවැති මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක්

    එකෙක් නෙමෙයි බන් රංචුවක් ම ඇවිත් වත්තෙ කන්න පුළුවන් හැම දෙයක්ම කනවා. වෙන එකක් තියා පැපොල් ගස්වල කොළ ටිකත් කනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කියන්නෙ තුවාල වෙයිද :dull: අග රවුම් බුලට් වලට තුවාල වෙන්නෙ නැතුවැති මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක්

    එකෙක් නෙමෙයි බන් රංචුවක් ම ඇවිත් වත්තෙ කන්න පුළුවන් හැම දෙයක්ම කනවා. වෙන එකක් තියා පැපොල් ගස්වල කොළ ටිකත් කනවා.

    උබට ෂුවර්ද, එයා රයිෆල් වලින් වල් ඌරොත් මරන කාලේ මේක :baffled:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ගොඩක් වටින තර්ඩ් එකක් මේ දේවල් ගැන අහල,බලල හරි මිනිස් සිත සංංවේදි වෙයි කියල හිතනවා.
    ජීවිත නැනි කරන අයගෙ ආයුශ කෙටි වෙනව කියල බුදුපියාණන් දේශණා කරල තියෙනවා.
    ඒ වගේම ජීවිත වලට හානි කරන්නෙ නැති අයට ආනිසංස 23 ක් හිමිවේ

    මමත් පව් වැඩ කරල තියෙනවා (ඒකාලෙ ධර්මය ගැන දන්නෙ නැහැ)ඒත් දැන්නම් කරන්නෙ නැහැ

    දැන්නම් ජීවිත ආාරක්ෂා කරනවා:yes::yes::yes:
     
    • Like
    Reactions: w20

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
    2.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙමට ලොකුවට කියලනම් මතක නෑ බන්...ඒත් ඉස්සර අය්යලා මාමල එක්ක ගිහින් උඩවලවෙ වැවේ මාලු නම් අල්ලල තියෙනව....

    මාලු අහු වෙන්නෙ පව් කාරයන්ට කියනවනෙ...,, මට තමයි බන් ලොට් පිටින් කොරලි,අඟුලුවො අරුන් මුන් අහු වෙන්නෙ,,,:dull::dull::dull:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට අදටත් පූසො ඇලජික්...මහ ජරා සත්තු..පොඩි කාලේ නිදාගෙන ඉන්නකොට පූසෙක් ඇවිල්ලා මගේ ඇඳේ නිදි.දුන්නා ශොට් එකක් දොරෙන් එළියට යන්න..දුකක් නම් නෑ හැබැයි... :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙමට ලොකුවට කියලනම් මතක නෑ බන්...ඒත් ඉස්සර අය්යලා මාමල එක්ක ගිහින් උඩවලවෙ වැවේ මාලු නම් අල්ලල තියෙනව....

    මාලු අහු වෙන්නෙ පව් කාරයන්ට කියනවනෙ...,, මට තමයි බන් ලොට් පිටින් කොරලි,අඟුලුවො අරුන් මුන් අහු වෙන්නෙ,,,:dull::dull::dull:

    හැම අවුරුද්දෙම සමර් එකට මාළු අල්ලන්න යනවා. ගොඩක්ම කරන්නේ ස්පෝට් එකක් විදියට. මාළු අල්ලලා ආයෙත් වැවට දානවා. මුහුදේ නම් ලොකු මාළු දෙතුන්දෙනෙක් අහුවුනොත් මිසක් නැත්නම් ඔක්කොම ආයේ දාල එනවා. මේ අවුරුද්දේ තවම යන්න බැරිවුනා පොඩි උන් එක්ක බෑ........ මාළු මරනවට වඩා පවු බිලී කොක්ක කටේ තියෙද්දී ලයින් එක කැඩිලා පැනල යන මාළුන්ගේ ජිවිතේ. :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
    Ape patte balliyo dennek hitiya paare. Un tikak podi. Ekek hama tissema anikawa hapanawa. Anika hena ahinsakai. Uge oluwa thuwala wela tibbe sahenna. Man beheth daala uta honda una. Ehe mehe yaddi passenuth enawa. Uta kannath denawa dakkoth. Dawasak appa wagayak genna kadeta giya. Uth awa utath etanin appayak kada kada damma. Anikath e asse awa. Utath dunna paw kiyala. Muge tiyena sakkili kamata aruge oluwa aye kawa. Honda wela tibba thuwale aye parila le awa. Mata dan mala mukuth kale na. Man yaddi u passen awa. Ara huttath passen awilla ayeth mekawa kawa. Mata e para mala panala muta ekak gahala elawanna kiyala wata pita baladdi ahu una galawala dala tibba kudalu gahak mule pasuth ekka. Eken ekak dunna aruta. Meka ka gahagena rawumata duwala bima watila dangalala dangala maruna kiyahanko. Mata adatath duka na. Man uwa maranna hitagena neme gahuwe. Eth oka dakapu ape patte un man maha hitak papuwak nati ekek widiyata hitagena inne. Mage athin pala weni parata oya wage satek marune. Man pare inna one ballekta langata kata karanawa dakkama. Man ballanta adarei. Eka ugeth karume mageth karume.