නියමයි මචන්

මගේ මීට මාස කීපයකට කලින්; දවසට 3 වේලක් කනවා, අනම් මනම් පැණිරස කෑම ගොඩක් කනවා limit එකක් නෑ.

උස - අඩි 5.8
බර - 92 kg
ඉන - අගල් 42
බඩ වටප්‍රමාණය - අගල් 42
කෑම පාලනය කරා දවසට එක වේලයි බත්. වතුර බොනවා බඩගිණි හැදුනම. මට ඕන උනේ ඉක්මනට කෙට්ටු වෙන්න

. තව යෝගට් එකක් වගේ කාලා හිටිය මාස 2ක් සීනි කෑම මුකුත් කෑවේ නෑ. youtube එකෙන් බලල බඩට පොඩි exercise ටිකක් මට කරන්න පුළුවන් ඒවා හදාගත්තා. එහෙම කරා දවසට පැයක් වගේ සතියම. සමහර දවස් වලට රෑ 12 උනත් කරලා නාලා තමා නිදා ගත්තේ. මාස 2න් දෙකට පොතක් අරන් බර, ඉන එහෙම ලිවුවා. එහෙම ටිකක් කල් ගියාම වැඩ වගයකට හිර වෙලා ආයි මාස 2 ක් විතර මුකුත් නොකර හිටියා කම්මැලිකමට

, ආයි පොඩ්ඩක් සයිස් වෙන්න වගේ කියල තේරුණා.

ඊලග මාසේ ඉදල මේ වෙනකම් මාස 4ක් විතර කෑම පාලනය කරා, හැමදාම දුවන්න exercise කරන්න වෙලාවක් තිබ්බේ නෑ සතියට දවස් 3ක් වත් exercise කරා කොහොම හරි පැයක් විතර . දැන් තත්වය;
උස - අඩි 5.8
ඉන - අගල් 35
බඩ - අගල් 36
බර - 74 kg ( 18 kg අඩු කරගත්තා)
දැන්නම් ගොඩක් සැහැල්ලුයි සහ හරිම පහසුයි


හිටගෙන ඉන්නත් පුළුවන් පැය 3-4ක් උනත් එක දිගට කලින් යටි පතුල් රිදෙනවා. දැන් තත්වය අනුව තව මාස 2-3ක් විතර යනවා මට ඕන ගානට එන්න බලමු. දකින උන් දැන් කෙට්ටු වෙලා කියන කොට තවත් motivate වෙනවා බන්.