එළකිරි බැලුම්ගල - part 01 ( රෙප් මoකොල්ලය )
මේ වගේ දෙයකට ඔබ සම්බන්ද නම් දැන්වත් ඒ දෙයින් ඈත් වන්න. වැරදි දේ කවුරු කලත් කොහොම කලත් වැරදිමයි.
(ඔන්න මම අද සිට අලුත්ම වැඩක් පටන් ගන්නයි හදන්නේ. අපි කවුරුත් ආදරේ කරන අපේ එළකිරි.කොම් එක ඇතුලේ වෙන පොඩි පොඩි වoචා දූශණ එකින් එකට ඔප්පු කර පෙන්වන්නයි යන්නේ. මේ වගේ වැඩ කරන්න ගිහින් ජීටී ලොක්කා ආයෙත් පාරක් මාව බෑන් කරයිද දන්නෙත් නෑ. නෑ නෑ එයා හොද වැඩ වලට සහය දෙනවා.)
මහා රෙප් මoකොල්ලය
ඔන්න ඕක ගැන තමයි මම මුලින්ම කථා කරන්න හිතුවේ. අපි කතාව මෙහෙම පටන් ගම්මුකො. මම දන්න කියන අපේ හිතවත් මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. පෝස්ට නම් දාහක් දෙදාහක් දාලා තියෙනවා. හැබැයි එයාලා පටන් ගත්තු ත්රෙඩ් නම් අතේ ඇගිලි ගානටවත් නෑ. ඒත් එයාලගේ නම යටින් රෙප් වෙනුවෙන් ලැබෙන නිල් කොටු නම් අටක් දහයක් තියෙනවා.
කොහොමද මෙහෙම වෙන්නේ? මේක තමයි අපි කාටත් තියෙන ප්රශ්ණය.
මේ ගැන දිගටම හොයාගෙන හොයාගෙන යද්දි තමයි සිද්ධියේ සුල මුළ හොයා ගත්තේ. මේක සoවිධානාත්මක කල්ලියක්. එයාලා තම තමුන්ගේ පොස්ට් වලට රෙප් ඇඩ් කරගන්නවා. ඒකත් හරියට අර සමූපාකාර සටන් පාඨය වගෙයි. "එකා සැමට - සැම එකාට". හැබැයි එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනා. ඒ තමයි "එකා සැමට - සැම එකාට අන්තිමේදි හැමෝම ගොඩ" කියලා. එක අතකින් අනිත් අයට උදව් උපකාර කරන එකේ වරදකුත් නෑ. ඒත් වෙන කවුරු හරි දාපු ත්රේඩ් එකකට ස්මයිලීස් වලින් වලින් දාන රිප්ලයි වලටත් රෙප් ඇඩ් කරන එක තමයි වරද.
මේ වගේ දෙයකට ඔබ සම්බන්ද නම් දැන්වත් ඒ දෙයින් ඈත් වන්න. වැරදි දේ කවුරු කලත් කොහොම කලත් වැරදිමයි.
සුභ දවසක් හැමෝටම




