එළකිරි භූත කොටුව.........

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්‍රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.

රොබොට් අයියා :frown:
:oo::(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
    ඉස්‍ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.

    හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
    පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව දැන් වගේම සියළු ම ශිෂයාවන්ට. අළුතින් ආව නැව ආවාම කෙලින් පළමු දවසේ ඉදන් හොස්ටල්. ඒ කාලෙ එක රෑම් එකක එකයි ලු. පස්සේ, මේ කතාව වෙන දවස් වෙද්දි එක රූම් එකක් දෙන්නෙකුට දීල තියනව. අළුතින් ආපු කෙල්ලො දෙන්නෙක් එක රූම් එකක නතර වෙලා, කයියක් එහෙම දාල දැන අදුන ගෙන නිදා ගන්න යන්න හදන කොට එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියල තියනව "ඔයා එහෙනම් ලයිට් එක ඕෆ් කරන්න" කියලා. ස්විච් එක තිබිල තියෙන්නේ ඒ කෙල්ල ගේ ඇදට හරියට ම පරස්පරව. අර කෙල්ල දිව අඩි ගානක් දික් කරලා ස්විච් එක ඕෆ් කලාලු. අනිත් කෙල්ල මර හඩ දීල කෑග හපු පාරට හැමෝම දුවං ආවත් අර කාමරේ වෙන කෙනෙක් හිටිය බවට සාධකයක් වත් නෑලු.
    ඔය සිද්ධිය වුණ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඒ කාලේ හිටියේ කෙල්ලෝ. නමුත් අපි යන කාලෙ හිටියෙ කොල්ලෝ. හිල්ඩා කුමාරි කියන්නේ ඔය කොල්ලෝ දාපු නමක්. ඒකි ව පේන්නේ මූනට නෙවෙයි ලු. කණ්නාඩියෙන්. පොරවල් බාත් රූම් එකේ දත් මැද මැද හරි රැවුල කපමින් හරි ඉන්න කොට තමන් පිටිපස්සෙන් සුදු ඇදගත් කෙල්ලෙක් පෙනවලු, නමුත් පස්ස හැරිල බැලුවම කවුරුවත් නෑ...........!!!!!
    මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
    නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!

    අපේ හොස්ටල් එකෙත් රූම් දෙකක් තියෙනවා පර්මනන්ට්ලි වහපු. අපි ඉන්න කාලෙ නම් එකක් විතරයි එහෙම තිබ්බේ. ඒකේ එකෙක් මිඩසොලෑම් විදගෙන ඕවඩෝස් වෙලා මලේ. රූමා ගෙදර යනකන් ඉඳලා අරූ විදගෙන තියෙන්නේ වීකෙන්ඩ් එක ඉවර වෙලා ඇවිත් දොර ඇරියම අරූ මැරිලා ඉන්නවා දැකලා අරූට පිස්සු හැදිලා. ඒ රූම් එකට කවුරුත් ගියේ නෑ. පස්සේ ගිය අවුරුද්දේ මැරුණා අපේ බැජ් එකේ ඉඳලා ( අපේ අවුරුද්දේ මොනරාගල දිස්ත්‍රික්කේ පළවෙනියා) මානසික හේතුවක් නිසා බැජ් දෙකක් මිස් වෙලා හිටපු කොල්ලා. ඒත් මොනවද බීලා කියලා තමයි ආරංචි උනේ. උගෙත් බොඩි එක කුණු ගඳ ගහද්දි දොර කඩලා බලද්දි හොයන් තියෙන්නේ.

    දැන් නම් හොස්ටල් එක ෆුල් ආතල් මැද්යි පස්සෙයි බ්ලොක් දෙක කොල්ලෝ ඉස්සරහම බ්ලොක් එකේ කෙල්ලෝ. අපේ කාලේ ඔහොම තිබ්බේ නෑනේ අපේ හාන්දුරුවනේ. :growl::frown:
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    23 වෙනි පිටුවත් කියෙව්වා,දැන් අම්මත් ඇවිත් කියල ගියා,ඕවා කියෙවල රෑට බය උනොත් නූල් බදින්න වෙයි කියල.කොහොම උනත් මාත් මේවා විශ්වාස කලේ නෑ.ඒත් දැන් නම් ටිකක්‌ විශ්වාසයක්‌ තියෙනවා.මාත් රාක්‍ෂ ගනයේ නිසා ඒ පිහිට තියේවි. රොබ්ට්‌ අය්යට මාගේ ස්‌තූතිය,මට නම් හොලමන් හම්බෙලා නෑ ඒත් අද හම්බ වෙයිද දන් නෑ:shocked::shocked::shocked::D:D

    මොකද්ද මේ රාක්‍ෂ ගනයේ කතාව? මාත් රාක්‍ෂ ගනයේ නිසා මටත් මේ දේවල් පෙන්නෙ නැද්ද?
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මමයි යාලූවෝ සෙට් එකයි එකම ගමේ 5 දෙනෙක් යනවා account class අරුන් හතර දෙනා බින්ගේ අස්සට යනවා දුමක් දාන්න මම ඉතින් යන්නෙ නැ ඔවාට උන්ට කිව්වා ඉක්මනින් වරෙන් මම යනවා කියලා වක්වැල්ල පාර දිගේ ඇවිත් ස්ටේෂන් එක ගාව බලන් හිටියා 😕👌 අරුන් එනකම්
    උන්ට පරක්කු වෙලා දුම දලා බින්ගේ ඉදලා ඉක්මනින් දුවන් පාරට ඇවිත් ත්‍රීවිල් කාරයේක් නවත්තලා උන් 4 දෙනාගෙන් අහලා ත්‍රීවීල් කරයා ක්ඵෙද යන්නේ කියලා මුන් කියලා ස්ටේෂන් එකට කියලා දැන් තමා කාතව පටන් ගන්නේ මුන්ව ත්‍රීවිල් එකේ දාගේන ගිහින් වටේ පාරවල් වලින් එක්කන් ඇවිත් කොහොම හරි වෙලාවට ආවා ත්‍රීවිල් එකෙන් පස්සේම බැස්සේ පසන් කියමු නම උගේ බෙල්ලෙන් අල්ලන් කොහේද දුවන්නේ අහලා ත්‍රීවිල් කරයා ගෙදර කියලා රළු හඩින් මටත් ඇහුනා මාත් ලගට ගියා දැන් ඔන්න සල්ලි දියන් කිව්වා කෝච්චියේ ය්න්නත් අපට සල්ලි නැ තියෙන එවාගෙන් අරුන් සිගරට් ගහනවා සේරගෙන්ම මූ සල්ලි නැද්ද අහලා ශිට් එක යට තිබිලා මන්නයක් ඇදලා ගත්තා එක පාරටම අපට කොටන්න ගියේ ඊට පස්සේ මන්නෙ විසික් වෙලා ගිහින් එතැන එහා පැත්තෙ තියෙන කුණු ඇලට වැටුනා ගනන් ගත්තේ නැ ත්‍රීවිල් කරයා බය වෙලා දිව්වා පටස් කියන එකා කොච්චියට යන්න බැ කියනවා ඌ කැමති නැ මම කිව්වා 5.05 වෙලාව කියලා කුණුහර්ප දෙකක් කියලා ගැව්වා මූට මට එකම එක පාරයි මූ ගැව්වෙ මම විසික් වෙල වැටුනා කොහොම හරි නැගිටලා මම යාලූවෝ 4 දෙනා එක්ක මුගෙ අතින් ඇදන් ගියා කෝච්චියට අරුගෙ අත සීතලයි පට්ට විදිහට
    මූ කෝච්චිය යට බනිනවා ගොඩක් අම්මා තත්තා මතක් කරනවා අපිත් ඉතින් ඌට සහය උනා අපි මතක් කරේ ජනපතිගේ අම්මා තාත්තා
    ඔන්න අපි ලගා උනා බහින්න ඔනේ ස්ටේෂන් එකට අපි 5 දෙනාගේ ගෙවල් තිබ්බෙ එකම හරියේ අපි කඩේට ගියා බැහැපු ගමන් ෆයිල් ටික පසන්ට දිලා කතා උනා කඩේ ඇතුලෙදි මට ගැව්ව එකට අරුට මොනා හරි කරන්න ඔනේ කියලා plan එක මම අනිත් 3 දෙනාට මෙහෙම කිව්වා අරුව කනත්ත ඇතුලට දලා බය කරමු කියලා 😋 අපේ ගෙවල් පැත්තේ කනත්තත් තියේ දඩල්ල කනත්තට විතරයි දෙවනි වෙන්නේ ඔහොම ගියා අරුව කනත්ත ගාවටබ්දලා බය කරා අපි ඌ කියනවා දැන්ම මොකො බන් ආවෙ මම තා දවස් තුනක් විතර ඉදලා එන්නෙ කියලා
    වෙලාව 6.20 යි විතර ඉක්මනින් යමන් කිව්වා රැ උන නිසා අපි 5 දෙනා ඉක්මනින් අඩිය ඉක්මන් කරලා යන්න ගත්තා පසන් කියනවා ඔයී මගේ බෙල්ල ටිකක් බලපන් කියලා . ඉතින් ඔවා බල බලා ඉන්නවට අපි එකෙක් කිව්වා හු®න් නැතුව වරෙන් කියලා පිටි පස්සෙම ආවේ පසන් ඊට ඉස්සරහා ආපු එකා පිටි පස්ස බලපු ගමන් සිහිය නැති වෙලා වැටිලා දැකල තියෙන්නෙ පසන්ගේ බෙල්ලෙ එක මස් කෑල්ලක් විතරකින් ඔලුව එලෙනවා සෙරම එලියට පැනලා ලේ යන්නේ නැ හැබැයි රතු පාට උනාට. අපි අරු වැටුනම පිටි පස්ස බැලුවා පසන් කෑ ගැව්වා අරු කලන්තේ දලා වැටුනා කියලා ර් කොල්ලට හතිය තියෙ එක නිසා මම හිතුවා එක නිසා වෙන්න ඇති කියලා මම පසන්ගේ අම්මා මතක් කරලා බැන්නා ඌ තමා කිව්වෙ ලයියක් ගහගෙන යමන් කියලා බස් ඔනේ නැ කියලා අරුට කොහොම හරි කම්බුලට ගහලා සිහිය ගත්තා අරු නැගිටපු ගමන් කිව්වා පසන් හොල්මනක් දුවාපාන් කියලා මගේ අතින් ඇද්දා මම කකුල පැටලිලා වැටුනා ඊට පස්සේ අරුන් 3න් දෙනා දුවලා මම වැටුනේ පසන්ගේ කකුල ගාව ඌගෙ ඔලුව නැ දැන් මට පේනවා කද විතරයි තියෙන්නෙ😑 බය උන පාර කකුල් දෙකම පන නැති උනා දුවන්න තියා නැගිටින්නවත් බැරි උනා ෆෝන් එක අතේ තිබ්බා මගේ එකේ ගෙදර තිබ්බ පිරිතක් රේකෝඩ් කරලා තිබුනේ මම ඊට පස්සේ ෆෝන් එක විතරක් බලලා පසන් දිහා නොබලා එ විඩියෝ එක paly කරා ඊට පස්සේ පසන් දුමක් වගේ අහසට ගියා
    මම ගෙදර ගිහින් නිදා ගත්තා කාටවත් කිව්වෙ නෑ
    මම ඊට පස්සේ මාව දලා දුවපු යාලූවෝ එක්ක කතා කරේ නැ
    ඊලග දවසේ දන්නේ පසන් කෝච්චිය ට හැපිලා කියලා බින්ගේ ගාවදී අරුන් දුම දාන්න ගියපු තැන පසන් හැපිලා තියෙන්නෙ කොහොම උනා ද දන් නැ අදටත් කෝච්චිය නතර කරලත් නැ බින්ගේ අස්සේ දැකලා නැ වගේ ඩයිවර්
    ඔලුව එතැනමයි කද හම්බෙලා තියෙන්නෙ 1km ගිහින්
    අදටත් රහසක් අපිත් එක්ක ආවෙ කවුද කියලා
    පිහිය විසික් උනේ කොහොමද කියලා
    මට පයින් ගැව්වෙ කවුද කියලා
    අපේ ෆයිල් අල්ලන් හිටියේ කවුද කියලා
    බස් එකේ නොගිහින් පයින් යමු කිව්වෙ කවුද කියලා
    විශ්වාස කරන අය කරන්න නොකරන අය නොකර ඉන්න සේරම දැන්ම නිසා මාත් දැන්මේ

    තරහ වෙන්න එපා කිව්වට ....දෙපාරක් කියෙව්වත් මෙලෝ දෙයක් තේරුනෙ නෑ....වාක්‍ය ඉවර වෙනකොට ෆුල්ස්ටොප් නැති හින්ද
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Umbala kiyawala thiyana hondama holman katha wa mokakda? (book)
    මරණයෙන් පිබිදුණු මිනිස්සු පොත හොඳයි.
    පොඩි කාලේ ලංකාවේ කතා තියෙන පොත් වගයක් කියවලා තියෙනවා. මේ thread එකේ වගේ ම කතා තියෙන පොත් වගයක්. යක්කු බැඳන් වැඩ ගත්තුවා, පිල්ලි යවන එව්වා, පරණ ජන කතා වගේ ඒවා තියෙන පොත් වගයක්. මට දැන් ඒ පොත් වල නම් මතකත් නෑ, ලේඛකයාගේ නම මතකත් නෑ.
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    My favorite is Bodilima ge sapaya, by Badraji Mahinda. I never have read or watched anything scary as that....I just bought a new book of that, and on to a second round of great sri lankan horror story
     

    ajstyles

    Member
    Nov 30, 2016
    15
    6
    0
    මචන් දැන් ඔය හොල්මං, ගුරුකම් සීන් නැත්තටම නැති පලාත් නැද්ද? මට මේක නිකමට හිතුන දෙයක්. උඹල එහෙම පැති දන්නවනම් කියපල්ලා.

    මමනම් කියන්නේ ඔය ගුරුකම්, යන්තර මන්තර වැඩ දැන් ඉන්න උන් වැඩි හරියක් විස්වාස නොකරන එක හොදයි.එ්ව විස්වාස නොකරන උන් වැඩිවෙන තරමට එ්වගෙන් වැඩ ගන්න උන් අඩුවෙනවා. එතකොට කාලයක් යද්දි එ්ව නැතිවෙලා යන්නත් පුලුවන්.ඉතින් එහෙම වෙන එක හොදයි.
     
    • Like
    Reactions: sahan50