එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........

    මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.
    මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ............. පහුවදා තොවිලයක් නටලා තමයි ‍සිරාව ගොඩ දාලා තියෙන්නේ.
    දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.

    උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........ රත්න විද්‍යාව විනෝදයට ඉගෙනගන්න කාලයේ:love: (මෝරා වල )මටත් හම්බවුනා පතල් අස්සේ රිංගලා ඉල්ලම් හා පස් නියැදි අද්‍යනය කරන්න...... මොනව වුනත් පට්ට අත්දැකීම මචන්....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට:):love:........
    **ගොඩක් උන් අහල තිබුන කොහෙදිද සිද්දිය වුනේ කියල.......උන් වෙනුවෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනව:nerd:.....

    :frown:රොබොට් අයියා....
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ස්පෙශලි ටැංකියු හොඳේ

    දැන් කෙටුව ඇති, Mal Baba, dragon-fighter, eshanx, polwattacom, ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනාටත්, කිචියට හරි බයවෙන්න ආසාවේ බම්ප් එකක් දාල සහයෝගය දෙන ඔක්කෝටමත්, හොරෙන් බලල හිට් කවුන්ට් එක වැඩිකරල මගේ සතුට වැඩිකරන හොරගෙඩියන්:lol: ඇතුලු ඔක්කෝටම තුති:love::love:..........
    ආ...... තව නංගිල දෙතුන්දෙනෙකුත් හොල්මන්කරනව දැක්ක.... උන්ටත් ස්පෙශලි ටැංකියු හොඳේ:love::love::love:....... (දැන් ඉතින් අනික් උන් මට පද හදපල්ලා:lol:)

    මීළඟට...... රැවුලීගේ අකල් මරණය..........(අද බැරිවුනොත් අනිද්දාට තමයි ඉතින්
    :dull:)

    :frown:රොබොට් අයියා
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka


    මීළඟට...... රැවුලීගේ අකල් මරණය..........(අද බැරිවුනොත් අනිද්දාට තමයි ඉතින්
    :dull:)

    :frown:රොබොට් අයියා

    Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan
    Ade ikmanata oka dapanko robat ayya
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    පට්ට සීන් එක මචෝ;).......... මගේ ලඟත් හෙණරාජේ ඔරිජිනල් බඩු තියෙනව රත්තරන් කෙන්ඩියක;).......(කෙන්ඩිය සේප්පුවේ:P) සුවඳේ බෑ:love::love:... ඒකනම් හෙන කලකට ඉහත හින්ඳවපු එකක්:cool:..... අහපු විදියට තෙල හින්දන්න කන කට්ටනම් උපරිමයි....... විශ්වාසකරන්න...... මේවට ගන්න අඩුම කුඩුම සොයාගන්න කහඬින් කිලිටි නොවුනු මහ කැළෑ පීරන්න ඕන.....

    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි:love:


    :frown:රොබොට් අයියා........
    ado oya henaraja thela gana kiyapanko wistara tikak! umba ay seppuwe daagena inne? oka thiyenne thaman langa thiyaganna nemeida? :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මට උන සීන් එකක් , මේක නිකන් හීනයක් වගේ හැබැයි නෑත් වගේ , මම නිදාගන ඉද්දි කවුද මන්ද කාමරේට එනවා , ඇද ලගට ඇවිත් මාව අදිනවා , වට පිටාව පෙනුනත් , කථා කරන්නවත් , අතපය හොලවන්නවත් බෑ , මෙහෙම මාසයක් විතර පෙනුනා , මම එක එක ජිල්මාට් දාල බැලුවා මේක ඇත්තම සීන් එකක්ද කියලා , ටිකක් විතර ඇත්තටම වෙනවා වගේ , සද්ද වලින් , කාමරේ බඩුමුට්ටු වල තැන් මාරු කිරීමෙන් ඒ බව පැහැදිලියි. මට අපලයි කියලා පස්සෙ සුරයක් නම් දැම්මා , ඊට පස්සෙ නම් හීන පෙනුන්නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩෙන්න ඩෙනා......ඩෙනෝ.......:growl::growl:


    හාමිනේ නැතිව ඉන්න 4වෙනි දවස...........:no:

    එළකිරියෙ සුපර් මෑන්ල.... බැට් මෑන්ල..... හී මෑන්ල බයේ ඉන්න නිසා :D ඕං අද හිනායන එකක්.......... උඹලට හිනායයිද දන්නෑ හැබැයි...;)

    මේ සීන් එකේ නම් ගම් වැඩිය ප්‍රසිද්දකරන්න බෑ......... බුවා මගේ හොඳ යාලුවෙක්.......:nerd:

    කතානායකයගෙ නම අතුල කියමුකො...... *(ඇත්තටම අතුල තමයි යකෝ....ලොල්:D) හිටියෙ ටිකක් පිටිසර...... පන්නලත් ඉහත්තාවෙ..... හෙන මූකලානක......:shocked: මූ කොහොමහරි ඒ එස්/400 ට්‍රේනින් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට ඔෆිස් එකේ වැඩට ආව....... මූකලානෙන් ආවට මොකද දෙන්නෙ පොර ටෝක්ස්...... උඹලට කියන්න මූ සයිවර් කඩ, පෙට්ටි කඩ පැත්තෙ යන්නෑ... ඒ මදිවට බොන්නෙම රුපියල් 50-60 දීල බෝතල් වතුර විතරමයි........ මුලදි මුලදි මූ කිවුවෙ මූ විජේරාමෙ බුවෙක් කියල........ ඒත් පස්සෙ පස්සෙ මුගේ රිලාගති මතුවෙන්නගත්ත, අන්තිමටම මූ කිවුව.... මම පන්නල පැත්තෙ එළ කොල්ලෙක්ය කියල lol:D

    *(මේ..... පන්නලඋන් මාත් එක්ක මලපන්නගන්න එපා මම ඌට පොඩි මඩක් ගැහැවුවෙ......;))


    ඕන් දැන් කතන්දරේ........ :yes:

    උඹල ඉතින් දන්නවනේ.... කොම්පැනියක අයි ටී සෙට් එක කියන්නෙ අම්බානකට ආන්ඩුවට සල්ලි හොයල දෙන සෙට් එකක් කියල........:) මුලදි මුලදි "එව්රි ෆ්‍රයිඩේ ඊස් අ ගුඩ් ෆ්‍රයිඩේ:love:" කියල බොන්න ගත්තත් පස්සෙ පස්සෙ එව්රි මන්ඩේ:love:.... එව්රි වෙන්ස්ඩේ:love:......... පස්සෙන් පහුවෙනකොට එව්රිඩේ:love::love: ආන්ඩුවට බදු ගෙවන්න ගත්ත....... හිත හදන් බොන් නෑ කියල හිතන් හිටියත් මොකෙක් හරි දේවදත්තයෙක් ඇවිත් "මචන් අද හොඳ දවසක්" කියනව.......... ඉතින් සිල් බිඳෙනව:no:...... ඔහොම ඉන්නකොට අර ගමෙන් ඇවිත් අපිත් එක්ක සෙට් වෙලා එක ශොට් එකක් දාල අපේ බයිට් ඔක්කෝටම විදින එකා එකපාරටම සෙට්වීම නැවැත්තුව.......

    ඩයල් එකට ටිකක් ආත බූත නෑ වගේ:eek:....... හොඳ බොක්කක් නිසා මාත් පොඩ්ඩක් අහල බැලුව සීන් එක මොකක්ද කියල........ බලනකොට මූටයි මුගේ පවුලටයි ගමේ සෙට් එකක් කොඩිවින කරලලු:baffled:.......ගෙදර වටේ මිනී අලු දාලලු...... තව ටිකක් විස්තර ඇහුවහම මූ ශර්ට් එක ගලවල පෙන්නුව........ කතරගම දෙයියො වගේ..... මුලු බෙල්ලෙම සුර....... ඉනෙත් සුර....අහවල් එකෙත් සුරද මන්ද??:confused: ලොල්:lol:........ අතේ සුදු නූල් කහ නූල් රතු නූල් පිරිල..... මූ අත් දිගට දාල වහගෙන ඉන්නෙ..... පස්සෙ ඌ කිවුව... මචන්, මේ කරපු ඒවයෙ බල බිඳෙන නිසා බොන්න සෙට් වෙන්න බෑ කියල........ :(:( මටනම් මේ සීන් එක ඇල්ලුවෙ නෑ....... මොන යෙකෙක්වත් ඔච්චර සුරගොඩක් දාන් නෑ....... අනික ඒව මහ අලි තඩි සුර........ මුන් ටිකව කන එකා හූරගෙනම කාල:no:......... මම කියල මොනව කරන්නද........ වැඩක් කරගන්න හොඳ තැනක් කියුවහම ඌ පඬි කතා දානව...........

    ඔහොම කලක් යනකොට........ බුවා කියපි මචන් අපේ ගෙ
    ර තොවිලයක් තියෙනව සෙනසුරාද රෑ...... වරෙන් කියල........ :yes::yes:

    අම්මට සිරි....... මූ මට විතරයි කිවුවෙ...... මාත් ඉතින් ඔෆ්ෆිස් එකේ එළම බේබද්දො සෙට් එක සෙට්කරගත්ත පන්නලට තොවිලෙ බලන්න ට්‍රිපක් යන්න.......:love::love::love: හි හි......

    කට්ටියත් වැඩේට හරී උනන්දුයි:yes::yes:..... සඳුද ඉඳලම බෝතල් එකතුකරනව....සෙට් එකේ 8ක් 10ක් විතර හිටිය ගොඩක්උන් හෙන දඩ සයිස්.....

    ඕන් ඉතින් සෙනසුරාද රෑ තොවිලෙට අපි පන්නල යන්න ගත්තෙ සිකුරාද රෑ වැඩ ඉවරවුන ගමන්මයි......... හෙන කැපවීම......:)

    සෙනසුරාද දවසත් ආව කියමුකෝ.......... අම්මට සිරි...... තොවිලෙ ජයටම කරන්නයි යන්නෙ...... මුන්ව ගොනාට අන්දල මේ වෙනකොට කට්ටඩිය සුරවලටයි තොවිලෙටයි ලක්ශ 2 1/2 - 3ක් විතර තට්ටුත් කරල........

    ඕන් ඉතින් හැන්දාවෙ 5
    -6ට විතර පටන්ගත්ත තොවිලෙ:nerd:....... අපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නව..... ටිකවෙලාවයි ගියේ යකැදුරා දිස්ටි වුනා.....:shocked:

    මල හු#තයි......... :growl::growl::growl: කෙලින්ම නාගීන වගේ..... හූ කියනව බල්ටි ගහනව...... එකපාරකට යකාලු:growl:..... තවපාරකට නයාලු:love:..... තවත් පාරක මැරිච්ච ආච්චිලු:love::love:....... (මූට ඔක්කෝම පැටලිලදත් මන්ද....)

    ඔහොම ජෝගිදදා ඉන්නකොට යකා (යකැදුරා)එකපාරටම ගේ වටේ දුවන්න ගත්ත...... ආවතේවකාරයොත් දුම්මල කට්ටත් අරන් උගෙ පස්සෙ ...... යකා නැග්ග ගේට්ටුවට...... දැන් මූ ගේට්ටු පදිනව....:D....පැන්න බිමට.......

    යකා නයා වුනා:eek:.......... පස් කාගෙන..... මිලිටරි ට්‍රේනින් වගේ මූ බඩගාගෙන මුන්ගේ ගේ පිටිපස්සෙ දොර ලඟට ගිහින් අත් දෙකින් දරනෙ ගහන් පොලවට දශ්ට කරන්න ගත්ත........:eek:

    ලඟ හිටිය එකෙක් කිව්
    ........... හාරපිය ඔතන.... හාරපිය ඔතන කියල...... අඩි බාගයක්වත් හෑරුවෙ නෑ පොඩි මිනී ඔලුකට්ටක් මතුවුනා:shocked:...... (බොරු වෙන්න ඇති බන්...... මුන්ම වලලපුව..... උන්ව හොරු කියල බලපු ගමන් පේනව:yes:......)

    ඔය වෙනකොට අපිත් ටිකක් දාගෙන හිටියෙ;);)....... කෝකටත් අතුලය කිව්ව, මචන් මේ සීන් එක අවුල් කරන් නැතිව ඕන දෙයක් කරගනිල්ල කියල....... හැබැයි අපේ සෙට් එකට කට්ටඩියොටික හෙන සැකයි......... අපි ආවතේව කාරයන්ට එක එක පාට් දැම්ම..... මුනුත් ඒව යකාට කියල.......:growl::growl:

    හූ........හූ...........:lol:

    ටිකවෙලාවකින් යකා කියපි අර කොළඹින් ආපු උනුත් මේවට සම්භන්දයි...... කොල්ලගෙ දිවුනුවට ඉරිසියාවෙ උනුත් අනං මනං කරනව කියල..........(යකාගෙ අම්මට හු#න්න!!:growl:) (අරූගෙ අම්මටත් කට්ටඩිය ආරූඩෙන් දෙයක් කිවුවොත් ආයෙ දෙයක් නෑ......) අන්තිමට හොඳට හිටිය ඒකිත් පුම්බන් හිටියෙ........:sorry:

    :growl:අපිටත් මල හොඳ එක..... අරූ අපිට වඳින් නැති ටික විතරයි....... තොවිලෙ කන්න එපා කියල....... මොනව කරන්නද හිතේ තියෙන තරහට ගැහුව බෝතල් ඔක්කෝම:eek::eek:....... කට්ටියට ඩෝප් හොඳ එක..... තොවිලෙ නැගල යනව...... බෙර ගහනව..... ගෑනු ආරූඩෙන් කොන්ඩෙ කඩන් නටනව:baffled:...... මිනිස්සු පස්සෙන් දුවනව...... යකා කුකුලගෙ බල්ලෙ කාල ලේ බොනව:growl::growl:......නාට්ටි ගොඩයි.....

    ඩෝප් පිටම චුට්ට චුට්ට අපිටත් දැන් බය ඇඟට එනව..........:shocked:


    ඔන්න ඒක අස්සෙ රෑ දොලහට අමුතු සීන් එකක් කරන්න තිබුන.......:nerd: කට්ටිය තොවිලෙ අහවර කරන්න යකාව කුදලගෙන ලඟ තියෙන පාලු කනත්තට ගියා ...... අපිත් ඉතින් වැනි වැනිම යකත් එක්ක කනත්තට ගියා....... අම්බානට දඟලපු යකා මළා වගේ වුනා..... දැම් මුන් ටික කනත්තෙ හාරල තිබුන වලකට යකාව දැම්ම....... දැන් අරුත් මළා වගේ වලේ..... :eek::baffled:

    ආවතේවකාරයො අපේ දිහා බලල කිව්ව මහත්තයල යකාව හොඳින් බලාගන්න ඕන.... දැක්කනෙ ඌ නටපු නාඩගම....... දැක්කනෙ ඌ කුකුලගෙ බෙල්ල කාල ලේ බීපු හැටි........යකාට පණ ආවොත් බෙල්ල කාල පැනල යයි........ කොහොමහරි වලේම තියාගන්න කියල..... උන් ටික පොඩි කෝචොක් හිනාවකුත් දාල අපිව යකත් එක්ක තනිකරල මහ කලුවරේම කනත්තෙන් යන්න ගියා......:eek::no::no:

    උඹලට කියන්න ඒ මූකලානෙ කිසි එලියක් නෑ...... මොකෑ ඉතින් මැරිච්ච උන්ට ලයිට් ඕනයැ...... අපිත් ඉතින් පොඩි පන්දම් කොටයක් ගහගෙන වලවටේ ඉන්නව......
    මටත් ඉතින් කට පියන් ඉන්න බැරි හින්ද කම්මැලිකම යන්නත් එක්ක සිරාම හොල්මන් සීන් ටිකක් කිය කිය හිටිය.....:D:D

    හිතපල්ලකො කන්න තියෙන පුලුටු බයිට්ස් ඔක්කෝම කාල කන පැලෙන්න බීල වලලපු මිනියක පෙට්ටියක් උඩ යකෙක් තියන් හොල්මන් කතා කියනකොට තියෙන සනීපෙ......;);)

    මගේ කතාත් අහල කට්ටියගෙ පුරුශ වීර්ය බින්දුවට බැහැල...... කට්ටිය ලඟාටම වෙලා හරී ආදරෙන් ඉන්නව :Dlol......... ටිකවෙලාවයි ගියේ .......... වලෙන් හෙන හූවක් ඇහුන:shocked:...... හි හි......පට්ට සීන් එක අරූ වලේ හිටගත්ත විතරයි කට්ටිය කොහෙද නෑ...... :lol:හි හි........ (පට්ට ආතල් එක මචන්ල කියන්න වචන නෑ... මම තාමත් හිනාවෙනව.....) යකා දැන් හූ තිය තිය පස් හාර හාර වලෙන් ගොඩ එන්න ට්‍රයි එක.......

    දැන් ඩෝප්පිට පනබයේ කනත්තෙ වැටි වැටි දුවපු උන් ආයෙ සෙට් වුනා..... අපිත් එක්ක හිටිය හෙන තඩි එකෙක්.... (නම කියන්න බැරියෝ....) ඌ තමයි ඇඟේ හැටියටම බයවුන එකා..... මූටබයටම චූත් ගිහිල්ල...... :lol::lol:
    කොහොම හරි යකා පැනල ගියොත් අපිට අරූගෙන් කතන්දරේ නිසා අපි ආයෙත් වල ලඟට ගියා............:eek::eek:

    බුදු අම්මෝ......... :growl:යකා පැන්න තඩියගෙ ඇඟට (පට්ටම පට්ට සීන් එක........) අරූ මරලතෝනිය:D:D....... කොහොමහරි අරූ පණබයටම යකාව බෙල්ලෙන් අල්ලන් නෙලුව නෙලිල්ලක් ආයෙ හිතාගන්න බැරිවෙන්න....... ඩෝප් පිට අපිටත් මල...... අපිත් නෙලුව නෙලිල්ලක් යකාටම නෙලනව කියල හිතාගෙන......:D:D

    කාපු කෑමට යකාට සිහි නෑ:dull:....... තඩිය යකාව දැම්ම වලට....... පස්සෙ කියපි...... මූ ආයෙ පන ඇවිත් දුවගෙන අයි.... අපි යකාව පස් දාල වහමු කියල.....:eek:

    කොහොමහරි මේ යකෙක් හින්ද ක්‍රිමිනල් කේස් දාගන් නැතිව අපි තඩියවත් ආම්බාන්කරන් ගෙ
    ර ඇවිත් කිසිදෙයක් වුන් නෑ වගේ සද්දෙ වහල හොඳ පුතාල වගේ නිදාගත්ත.....:cool:

    අම්මටසිරි එලිවෙලා ඇහැරුනේ හෙන ගෝරියක් යනව ඇහිල.....:oo: ඇඩ්‍රෙස් නෑ..... ආවතේවකාරයො යකාවත් ආම්බාන් කරන් ඇවිත් ගෙදර උන්ට අම්බානකට බනිනව:growl:....... උඹලට කියන්න යකා දැක්කහම දුකේ බෑ..... ඌට තිබුනෙ හක්කෙ දත් ටික විතරයි..... ඉස්සරහ ටිකට තඩිය වගකියල :lol:lol.......... අපිත් ගේමට එලියට බැස්සහම කට්ටඩියො ටික මාරුවෙලා ගියා....... එදා ඉතින් අරූගෙ අම්මගෙනුත් කතන්දර ටිකක් අහගෙන අපි හෙමීට ගෙදර ආව.......... මොකවුනත් තොවිලෙ නිසා අපි ගත්ත ෆන්එකනම් මළාට අමතකවෙන් නෑ.........


    ඕන් අද එහෙනම් හිනාවෙයල්ල.........:lol:

    හිනාගියෙනැතිවුන් බුම්මන් නිදාගනිල්ල.......:eek:

    :frown:රොබොට් අයියා............

    :lol::lol::rofl:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........ රත්න විද්‍යාව විනෝදයට ඉගෙනගන්න කාලයේ:love: (මෝරා වල )මටත් හම්බවුනා පතල් අස්සේ රිංගලා ඉල්ලම් හා පස් නියැදි අද්‍යනය කරන්න...... මොනව වුනත් පට්ට අත්දැකීම මචන්....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට:):love:........
    **ගොඩක් උන් අහල තිබුන කොහෙදිද සිද්දිය වුනේ කියල.......උන් වෙනුවෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනව:nerd:.....

    :frown:රොබොට් අයියා....

    ඇහැලියගොඩ-පරණගම-මාටුවාගල පැත්තේ
    ඔන්න රොබොට් අයියාගේ ඉල්ලීම ඉටු කලා. තව කතා දෙක තුනක් තියෙනවා ඉඩක් ලද විගස බෙදාගන්න අවසර දෙනවාද.
    භූතකොටුව නවත්තන්නනම් එපා රජෝ
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මූ චූන්වෙලා තියෙන තරම......

    :lol: yakage fun story eka mare maru :rofl:
    මූ චූන්වෙලා තියෙන තරම......:lol: තෝ කොහෙන්ද පාත්වුනේ.......lol:lol:...... ඔක්කෝම අත්දැකීම් එකපාර කියවල පල්වැඩ කරන් නැතිව, ගෙදර කවුරුත් නැති වෙලාවක රෑජාමේ එක කථාව බැගින් කියවපන්:growl::growl:....... එතකොට තමයි හොල්මන් ඇඟට දැනෙන්නේ:growl::growl:...... නැත්තන් ඉතින් ඔක්කෝම එකහුස්මට කියවල අයියේ තව නැතෙයි?? කියල මගේ කල්ල වඩන් කන්න හදයි:growl::growl:

    රොබොට් අයියා.......
     
    • Like
    Reactions: tharinda76

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    369182h9f7t06oge.gif
    Keep it up robot ayya..maxxa stories tika.
    368972h9e9mpja6o.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ චූන්වෙලා තියෙන තරම......:lol: තෝ කොහෙන්ද පාත්වුනේ.......lol:lol:...... ඔක්කෝම අත්දැකීම් එකපාර කියවල පල්වැඩ කරන් නැතිව, ගෙදර කවුරුත් නැති වෙලාවක රෑජාමේ එක කථාව බැගින් කියවපන්:growl::growl:....... එතකොට තමයි හොල්මන් ඇඟට දැනෙන්නේ:growl::growl:...... නැත්තන් ඉතින් ඔක්කෝම එකහුස්මට කියවල අයියේ තව නැතෙයි?? කියල මගේ කල්ල වඩන් කන්න හදයි:growl::growl:

    රොබොට් අයියා.......

    හික් විලි ලැජ්ජයි කියන්ඩ ..මෙච්චර එළකිරි ඔන්ලයින් ඉන්නවා මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑනේ රොබට් අයියේ .. එළකිරි එකෙන් පිට නංගි කෙනෙක් කිව්වේ මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙනවා බලන්න කියල ... මට වහ කන්න හිතුනේ එවෙලේ .. මටම නොදකින් කියා ගත්තා..:baffled::oo: මගුලක් කියනවා ..මල හත් ඉලව්වක් වෙන්නේ ඕක රෑ ජාමේ කියෙව්වොත් .. මාව යකාව වගේ වල පල්ලට යවන්නද යන්නේ :angry:... ත්‍රෙඩ් එක නම් සුපිරි ...අද පොඩි නිවාඩුවක් ලැබුන එක හුස්මට කියෝනවා.. ත්‍රෙඩ් එක නම් මල් හතයි ඈ...
    11.gif
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    හික් විලි ලැජ්ජයි කියන්ඩ ..මෙච්චර එළකිරි ඔන්ලයින් ඉන්නවා මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑනේ රොබට් අයියේ .. එළකිරි එකෙන් පිට නංගි කෙනෙක් කිව්වේ මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙනවා බලන්න කියල ... මට වහ කන්න හිතුනේ එවෙලේ .. මටම නොදකින් කියා ගත්තා..:baffled::oo: මගුලක් කියනවා ..මල හත් ඉලව්වක් වෙන්නේ ඕක රෑ ජාමේ කියෙව්වොත් .. මාව යකාව වගේ වල පල්ලට යවන්නද යන්නේ :angry:... ත්‍රෙඩ් එක නම් සුපිරි ...අද පොඩි නිවාඩුවක් ලැබුන එක හුස්මට කියෝනවා.. ත්‍රෙඩ් එක නම් මල් හතයි ඈ...
    11.gif

    adooo :cool: