එළකිරි භූත කොටුව.........

supun1515

Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    ඉතින් කොහොමද මේ දවස් වල අපෙ රොබොට් අය්යා ගොඩක් බිසී වගේ නේද පොස්ට් එකක් ලගකදි දාලම නෑහෑ මටත් දාන්න ගොඩක් දේවල් තියෙනවා කොහේද දෑන් කුබුරෙ වෑඩ පටන් ගත්තනෙ බලමු පුලුවන් විදිහට දාමු මාත් එක්ක තරහ වෙන්නෙපා මේ නූල නවත්තන්න නොඩි රෑක ගමු මේක සෑහෙන්න වටින නූලක් එහෙනම් මේක කරගෙන යමු සහොදර්යිනේ පන ඈතුව අද හෑන්දෑවට මම කතාවක් දානවාමයි ඔක්කොටම රත්නත්ත්‍රයේ සරනයි:D:D:D:D:D:D
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.

    ඔන්න ඉන්නවා අපේ අම්මිගේ හොඳ යාලුවෙක් පුෂ්පා කියල. (ඉස්සරහ නම දැම්ම කියල හෙන අව්ලක් නෑනේ :rofl:) . ඉතින් මේ ඇන්ටි ඒ දවස් වල හිටියේ කිරිබත්ගොඩ scheme 1 ගොඩක් ඇතුලට වෙන්න. හොඳ ටිකක් පරණ ගෙයක් තිබ්බේ. මේ ගෙදර තියෙනවා ලොකු ජම්බූ ගහක්. දවසක් මෙයාල නැති අතර මෙයාලගේ නංගි මෙයාලව බලන්න ඇවිත් මහත්තයත් එක්ක, ඔය ජම්බු ගහ වටේ පොඩි බැම්මක් වගේ තියෙනවා එතන ඉඳගෙන ඉඳල. ඇන්ටිලා ගෙදර ආවම කට්ටිය ඉතින් උයල එහෙම කෑම කන්න පටන් ගත්ත. :cool: මෙයාල මේ කෑම අතර ඌරු මසුත් උයල තියෙනවා. :shocked: කොහොම හරි කෑම කාල සතුටින් ඉද්දි නංගි toilet1ට යන්න ගිහින් තියෙනවා. ඒ toilet 1 තියෙන්නේ ගෙදරට සම්බන්ද කරලා නමුත් එළියෙන්. toilet 1 ඉඳන් එන කෙනාව කුස්සියේ සින්ක් 1 ළඟ ඉන්න කෙනාට පේනවා ජනේලෙන්. ඔය පුෂ්පා ඇන්ටි කුස්සියේ සින්ක් 1 ළඟ වලන් හෝද හෝද ඉඳල තියෙන්නේ. නංගි එලියට එද්දී ඇන්ටි දැකල හොඳට හිටපු නංගි මෙන්න කකුලක් ඇද ඇද මහා බය හිතෙන අමුතු විදියට ඇවිදන් එළියට එනවා. :shocked: ඇන්ටි කෑගහගෙන දුවල වෙට්ච දේ බලන්න. නංගිට ඇවිද ගන්නත් බැරිතරමට දැන් කකුල් අදිනවලු ඇවිදිද්දී. පස්සේ ඇන්ටියි නංගිගේ මහත්තයයි එකතුවෙලා නංගිව ගෙදරට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වලු. නංගිගේ දාඩිය පෙරෙනවලු. පස්සේ කට්ටියම මොනාද වුනේ කියල ප්‍රශ්න කරද්දී එක පාරටම නංගි මහා බර වයසක ගෑනු කටහඬකින් කතා කරලා. කට්ටියගේ ඉහ මොළ රත් වුනාලු. :eek::confused: ඒ කටහඬ හරියටම ඇන්ටි ගේ මැරිච්ච අම්මගේ කටහඬ වගේලු. දැන් මෙයා අර බර වයස කටහඬින් කෑ ගහන්න ගත්තලු.
    " මම උඹේ අම්මා. මතක නැද්ද උඹට. මේ හැමදේම මගේ. මතක නැද්ද උඹලට. මං උඹලට ඉන්න දෙන්නේ නෑ. මං උඹලට ඉන්න දෙන්නේ නෑ " කියල.
    දැන් කට්ටියට කරගන්න දෙයක් නෑලු. පස්සේ ඇන්ටි ට තේරිලා මේ වෙලා තියෙන දේ (මීට කලිනුත් ඇන්ටි ඕව පොඩ්ඩක් අත්විඳපු කෙනෙක්ලු). :oo:(ඒ අම්මා අංශබාගෙ හැදිලා ඉද්දියි මැරිලා තියෙන්නේ. එකයි නංගි කකුල් ඇද ඇද ඇවිද්දේ අම්මා වැහුනම. ) පස්සේ ඇන්ටි කියල මේ මොන විකාරයක්ද, මේ ඉන්නේ මගේ නංගි කියල. එතකොටම අම්මා කියල (අම්මා කියුවේ නංගිගේ ඇඟට දැන් වැහිලා ඉන්න අම්මා),
    " උඹ දන්න කෙහෙල් මල! උඹල ඔක්කොම මගේ දේවල් අරන් දැන් කියවන ලස්සන" කියල. පස්සේ මහා හයියෙන් කෑ ගහන්න අරන් " මං උඹලව නැති කරනවා. මං උඹලව තියන්නේ නෑ, මේවා මගේ " කියල.
    පස්සේ එක පාරටම සද්දේ නැති වුනාලු. නංගි ලොකු හුස්මන් අරන් පහතට දැම්ම විතරයි ආයි නංගි කියවිල්ල පටන් ගත්තලු. එත් මේ පාර මහා අමුතු පිරිමි කටහන්ඩක්ලු. :shocked:
    " පුෂ්පා මගේ දුවේ, බයවෙන්න එපා පුතේ, මං උඹේ අප්පා." කියල. ඇන්ටිට බයටම කලන්තේ වගේ ආවලු. ඒ අතර නංගිගේ මහත්තයත් පිටසක්වලින් ඇවිත් වගේ :rofl: ඔහේ බයවෙලා බලන් ඉන්නවලු මුකුත් තේරුම්ගන්න බැරුව. පස්සේ නංගිට වැහිලා ඉන්න තාත්ත කියවන්න ගත්තලු. " මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේකිගේ කට විතරයි. උඹල බය වෙන්න එපා. මං මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ ගෑනිව මං බලාගන්නම්කෝ" කියල.
    පස්සේ මෙට්චර වෙලා බලන් හිටිය නංගිගේ මහත්තයාගේ සීමාවත් පැන්නලු. :angry:එයා කෑ ගැහුවලු " මේ ඔය මොකා වුනත් කමක් නෑ, මේ මගේ ගෑනි, හොඳ හිතින් මගේ ගෑනිට ඉන්න දීල ආපු පාරක් හොයන් යන එකයි හොඳ හිතින් " කියල.
    එතකොටම අම්මා ආයෙත් නංගිට වැහිලා කෑ ගහන්න ගත්තලු. " උඹ ඉන්නේ මගේ ගෙදර. උඹ මොන හයියක් අරන්ද මගේ ගෙදර කෑ ගහන්නේ. මං උඹල ඔක්කොවම බලන් ඉන්නේ. හිටපල්ලකො මං කරන්න " කියල.
    එත් එක්කම ආයි :shocked: තාත්ත ගේ කටහඬ ආවලු. " උඹල මේ ගෑනිට බයවෙන්න එපා. මං ඉන්නවනේ. මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ " කියල, පස්සේ එක පාරටම තාත්ත කෑ ගැහුවලු " දුප් පල " කියල. පස්සේ තාත්ත මෙයාලට කියුවලු " මං ඒකිව එලෝලා දැම්ම මෙතනින්." කියල. දැන් තාත්ත දිගටම කතා කරන්න ගත්තලු පන පිටින් ඇවිත් වගේ. :no: " දැන් ඉතින් පුෂ්පාට කොහොමද. වැඩ කරන යනවා නේද. දුව ඉස්කොලේ නේද." කියල ආපහු නංගිගේ මහත්තය පැත්තට හැරිලා කියුවලු, " අලුත් වැඩකට අත ගැහුවා නේද, ඔක්කොම හරියයි, බයවෙන්න එපා " කියල.
    පස්සේ පුෂ්පා ඇන්ටි වැඳලා වගේ කියුවලු, :sorry: අනේ තාත්තේ මගේ නංගිට ඉන්න දෙන්න, මගේ නංගිගේ ඇන්ගෙන් යන්න, එයා පව් කියල. එතකොට තාත්ත කියුවලු, " හා හා කලබල වෙන්න එපා. මං යනවා දැන්. මං මෙහෙ ඉන්නවනේ, අර ගෑනිව දැන් අල්ලගන්නත් ඕනේ. ඕනට වැඩියි ඕකි දැන් " කියල.
    පස්සේ නංගි ලොකු හුස්මක් අරන් ඇහැරුනා වගේ වුනාලු. ඊට පස්සේ බඩගිනියි මට, ඉවසන්න බෑ කිය කිය අඬන්න ගත්තලු.:growl: ඇන්ටිලත් මුකුත් වැඩිය අඟවල නැතුව, ඌරුමස් නොදී :no: අනිත් ජාති කන්න දීල නංගිව මහත්තය එක්ක ගෙදර ඇරියලු.
    පස්සේ ඇන්ටි ඕව බලන කෙනෙක් ගාවට ගියාම කියල ඒ අම්මා මැරෙද්දි ඒ ගෙදරට ආසාවෙන්ලු මැරිලා තියෙන්නේ.:shocked: එතන toilet 1 ළඟ තියෙන පොඩි කාම්බරේකයි අර ජම්බු ගහෙයි ලු දෙන්නා ඉන්නේ. කරුමෙට නංගිගේ ඇඟට එන්න පුළුවන් වෙලාලු. ඒ තාත්ත තමයිලු ඒ අම්මව පාලනය කරන් මෙයාලව ආරක්ෂා කරන්නේ. :yes: පස්සේ කියල ඒ ගෙදර එක පස් මිටක් වත් ඉතුරු නොවෙන්න පස් හිටන් හාරලා අස් කරන්න කියල. ඒ අම්මගේ වෙන මුකුත්ම නොතියෙන්න ඇන්ටිලා මුලු ගේම කඩලා පස් හිටන් අස් කරලා ඉඩම විකුනුල යක්කල වෙන තැනක පදිංචියට ගියා.:)

    එත් අර නංගිගේ ප්‍රශ්නේ විසඳිලා නෑලු. ගෙදර ගිය වෙලේ ඉඳන් එක එක විදියට කතා කරනවලු. පස්සේ බලද්දී ගමේ මැරිච්ච හැමෝම මෙයාගේ ඇඟට එන්න අරන්. විනාඩි පහෙන් පහට ආත්ම මාරු වෙවී කියවනවලු. :shocked: ආත්ම ඔක්කොම ගියාම මෙයා බාගෙට මැරිලා වගේ බඩගින්නේ කෑගහනවලු. කොච්චර කෑවත් ආපහු ආත්මයක් ඇවිත් ගියාම ආයි පුදුම විදියට කන්න ඕනෙලු. :growl:හරිම දුකක් වින්දලු ඒ නංගි සතියක් විතර තිස්සේ. පස්සේ සෑහෙන අමාරුවෙන්ලු ඒවා ඔක්කොම නතර කරන් තිබ්බේ. හොඳ වෙලාවට එයාලට ළමයි කව්රුත් ඒ වෙද්දී ඉඳල නැහැ.:dull: එත් දෙවියන්ගේ පිහිටෙන් අද ළමයි හදන් :love::love::love: හොඳ සතුටෙන් :lol::lol:කරදරයක් නැතුව ඉන්නවලු. :yes:;):)

    භූත කොටුව බලද්දින් මම මගෙ ඇස් දෙකෙන් හා මුළු ඇඟෙන්ම විදපු කතාවක් කියන්න හිතුනා.මේ දේ උනේ දැනට අවුරුද්දකට කලින්.හරියටම ගිය අප්‍රියල් මාසේ..මම හැදුනෙ වැඩුනෙ කුරුනෑගල පැත්තෙ ගමක..නිකවැරටිය ආසනේ..මේ පැත්තේ ජයටම යන රස්සාවක් තමයි කිරි ගව පාලනය.අපේ ගෙදරත් මේ කාලසීමාවෙ කිරි ගවයින් 13ක් විතර ඇතිකෙරුවා.ඒත් එක කාලසීමාවක ඒ සත්තු එකින් එක කටින් සෙම දාගෙන මැරෙන්න ගත්තා.අපි සත්තුන්ට පුදුම විදිහ්ට ආදරේ කරන පිරිසක්.මහ රෑ ඇහැරගෙන බලාගෙන හිටියේ සත්තුන්ට කවුරු හරි වස දෙනවද කියලා දැන ගන්න.ඒත් එහෙම දෙයක් උනේ නෑ.ඒත් ඒ අපි නැගිටලා හිටපු හැම රෑකම 12ට 12.30ට විතර සත්තු පුඳුම විදිහට කලබල වෙනවා.උන් යටිගිරියෙන් කෑ ගහනවා.කඹ කඩා ගන්න හදනවා.ඔහොම සත්තු 7ක් විතරම මාසෙ ගානෙ මැරිලා ගියා.ඒ අතර පොඩි පැටවුන් විශාල ප්‍රමානෙකුත් ඉන්නවා.ඔහොම ඉද්දින් මට අපේ ගෙදර මනුස්සයන්ව පෙන්නන්න බැරුව ගියා.මොනවා හරි ප්‍රශ්නයක් උනු ගමන් මරාගෙන කන්න හිතෙනවා.

    අපේ කිරි අම්මා ඔය යන්ත්‍ර මන්ත්‍ර කටයුතු හුගක් විශ්වාස කරන කෙනෙක්.ඒත් මට නම් තඹ සතේක විශ්වාසයක් තිබුනේ නෑ.මේ වෙන්නෙ මොනවද කියලා බලවන්න කිරි අම්මා අඳුනක් බලන්න ගියා.නිකවැරටියේ අප්‍රසිද්ධ ස්ථානෙකට.එතනින් වෙද මහත්තයා කියලා තියනවා මාව එක්කන් එන්න කියලා කෙම්මුර දවසක.මමත් බෑ කියද්දින් කොහොම හරි එතනට එක්කන් ගියා.ගියාට පස්සෙ සේරම වෙදමහත්තයා සන්සුන් සිතින් ඇහුවා.අහලා කාමරේකට එක්කන් ගියා.බුදු පිළිමයක් වටා හොද පැත්තට අධිපති දේව රූප හොඩක් තිබුනා..(විශ්නු.පත්තිනි.)ඒ වගේ ඒවා.එතනම තිබුනා පොල් ගෙඩියක්.ලෙලි ගහපු එකක්..ඒ පොල් ගෙඩිය අතර අරගෙන වෙදමහත්තයා මොනවද මැතිරුවා.පොල්ගෙඩිය කාමරේට කහ වතුර ඉහලා බිමින් තිබ්බා.කොල කෑලි වගයක් පොල් ගෙඩිය වටේව දැම්මා.මට ඒ පොල්ගෙඩිය උඩට නගින්න කීවා.මමත් පොල් ගෙඩිය උඩට නැගලා ඉන්නවා.අහස පොලොව කැරකෙනවා වගේ පොල් ගෙඩියත් මාත් එක්ක කැරකෙන්න පටන්ගත්තා.මටම විශ්වාස කරගන්න බැරුව ගියා

    කොච්චර වෙලා කැරකුනාද කියන්න නම් මට මතක නෑ.ඒ පුදුමෙට මම වශී වෙලා හිටියේ.එක පැත්තකට කැරකිලා එක කොලයක් ලගින් නැවතුනා..වෙද මහත්තයා ඒ කොලේ බලලා,කිරි අම්මටත් පෙන්නුවා. ආයෙත් කොලටික වෙන වෙනම කවලම් කරලා පොල් ගෙඩිය වටේට දැම්මා.දාලා ආයෙත් ඉඳගන්න කීවා.දැන් කැරකෙන්නෙ ඉස්සරලා කැරකුනු පැත්තෙන් අනිත් පැත්තට.එහෙම කැරකිලා අයෙත් ඒ කොලේ ලගින්ම නැවතුනා.බලද්දින් ගෙදරට බහිරව කරදරයක්ලු.දවසක් දාගෙන වෙදමහත්තයා ආවා.ඇවිත් බහිරව පූජාවක් තිබුනා.දෙහි කපලා මොනවද තෙල් වගයක් අතට ගත්තා.මුළු අතම ලේ.එච්චරයි මම දැක්කෙ මට ලේ බලන්න බෑ.කලන්තෙ දාලා වැටුනා.කොහොම හරි මම සිහිය ඇවිත් මහන්සියට එහෙමම නිදාගත්තා.හොඳ හොඳ සෙල්ලම් තිබිලා තියනවා.කරුමෙකට බලාගන්න නම් හම්බුනේ නෑ.ඒත් එදයින් පස්සෙ මුළු ගෙදරම එලිය උනා.සත්තුන්ගෙ උනත් ගෙදර මනුස්සයින්ගෙ සමගිය උනත් මාර විදිහේ වෙනසක් පෙනුනා.මෙච්චර කල් ඒ දේවල් අවිශ්වාස කරපු මම දැන් ඒ දෙවල් විශ්වාස කරනවා

    මම කියන්නෙ කොච්චර බෝඩ් ගහගෙන වෙද්දු විදිහට පෙනුමට හිටියත් උන්ගේ බොරු ශෝබන විතරයි,ඒත් නමක් ගන්න හිතන්නෙ නැති අර වගේ මනුස්සයෝ බෝධිසත්වයෝ..මොකද කී දාහකට උදව් වෙනවද..මගෙ පලවෙනි රට යෑම සිද්ද උනේ ඩුබායි වලට.ඒ වෙද මහත්තා පොල්ගෙඩියටම නග්ගලා බලලා කීවා යන්න එපා පුතේ උබට කරදර වෙලා මිසක් එන්නෙ නෑ.උබ මාස දෙකක් ඇතුලත කාලසීමාවක ආපහු උපන් දේශයට එනවා කියලා.අයේ දෙකක් නෑ මම ආවේ වතුර උගුරක් නැතුව.ඒ තරම් දුක් වින්ඳා.තවමත් මේ රටේ විශ්වාස කරන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තියනවා කියන එක නම් දැන් මට විශ්වාසයි:yes::yes:

    භූත කොටුවේ සිටින ඔයාලට සදා ජය..බුදු සරණයි!


    ammo hena kalekata passe kathandara 2k ahuwa thanx machanlaaa REP 2+;);)
     

    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    මහිද්දික කියලා භූත කොට්ටාසයක ඉන්නවා....එයාලා ඉන්නේ කැලේ........................................
     

    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    යකා බන්ධනය කපපු පලියට හොයන් යන්නේ නැහැ කරපු උන්ව....... කැපිල්ලේදී ගුරා තමයි තීරනය කරන්නේ යන්න කපනවද කියන එක.....එහෙම කරන්නනම් පෙරයුම් මන්තර භාවිතා කරන්න වෙනවා..... ආපහු යන්නේ එතකොයි........ එකත් ලොකු පවක් තමයි..................................................................................
     

    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    අපේ දන්න නංගි කෙනෙක්ට පොඩි සීන් එකක් වෙලා.ඒ කිව්වෙ යකෙක්ව බන්දල තරහ කරයෙක්.මේ කෙල්ල ගමේ ඉදන් පිස්සු නටනව කොන්ටොර්ල් කරන්න අමරුයි පාරේ දුවනවා.ගෙනාවා කොළඹ අපේ ගෙදර.හරිම අමාරුයි කොන්ටෝල් කරන්න කෑ ගහනවා.පාන් රාත්තල් දෙකක් තුනක් කනව එක පාරට.කෑම කන්නෙ බිම තියාගෙන බිම දාගෙන.දැක්කම බය හිතෙනව ඒ ඇක්ශන් ටික.කඩවත පැත්තෙ ඉන්න කට්ටන්ඩි කෙනෙක් ළගට අරන් ගියා බලෙන්ම.දවස් 8ක් ඇතුලත ශාන්ති කර්මයක් කරන්න කිව්වා.ඒතකම් එහෙ මෙහෙ දුවන්න හැදුවොත් දුන්න ...............................................

    යකා බන්ධනය කපපු පලියට හොයන් යන්නේ නැහැ කරපු උන්ව....... කැපිල්ලේදී ගුරා තමයි තීරනය කරන්නේ යන්න කපනවද කියන එක.....එහෙම කරන්නනම් පෙරයුම් මන්තර භාවිතා කරන්න වෙනවා..... ආපහු යන්නේ එතකොයි........ එකත් ලොකු පවක් තමයි........
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හොල්මන්ද පොල්කොළ.. ඔය ඩ්රැකියුලා වගේ ලේ බොන හොල්මන් කතා නැද්ද.. :P
     

    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    නැවතත් පැහදිලි කිරීමක් අවශ්‍යයි මේ සම්භන්ධව..
    මන්තරයි......බුදු ගුණයි කියන්නේ 2කක්...සමහර මන්තර බුදු ගුණ ඈදගෙන කරපු ඒවත් තියෙනවා.....බුදුගුණ වලින් ප්රතබල බලයක් තියෙනවා...ප්ර ශ්ණේ තියෙන්නේ බුදු ගුණ දේශණා කරණ දේශකයා හා ශ්රාතවකයා අතර තියෙන පිරිසිදු බාවයයි.....මිනිස්සු කෙලෙස් වලින් පරිපුර්න වෙනවිට බුදුගුන කොපමන කිව්වත් එවයේ බලය පිහිටන්නේ බොහෝම අඩුවෙන්....තමන් ප්රෙතිපත්ති ගරුකනම් තමා කරන සත්යේ ක්රීවයාබලයට අභියෝග කීරීමට කිසිම මන්තරයකට හැකියාවක් නෑ.... එත් මන්තර, ඒ පිලිබද දැනුම ඇති ඕනෑම කෙනෙකුට, ජප කිරීමෙන් ප්රිතිපල අත්කරගත හැක...
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.

    Come on Chai3 :rofl:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Parani manthra thiyana pothak labuuna.............

    mewa pawichchi karanna epa kiyalai budu haamuduruwo wadaarala thiyenne.........

    e hinda daanawada naddo kiyala hitha hitha inne?
     

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    අපේ ගෙදරත් තියෙනවා මන්තර පොත්. අපේ සීයාගේ සීයල කට්ටඩි වැඩ කරපු අයලු. එත් අපේ සීයා ඔය දේවතා වැඩ කරපු කෙනෙක්ලු. ගෙදර දැන් තියෙන්නේ ඉතුරුවෙලා අපේ සීයාගේ දේවතා සිද්ධි පොත් විතරයි. ඒවල තියෙනවා කරන්න ඕන දේවල්. මං කාලයක් පුරුදු වුනා. එත් ඒවා එච්චර හොඳ පැත්තට වැඩ කරේ නෑ. අපි පේවෙලා නෙවේනේ. ඒ මදිවට ගෑනු අය ඒවා කරන්නත් හොඳ නෑලු. ඉතින් මං ඒවා නැවැත්තුවා. හැබැයි බය හිතෙනවා ඒවා කියවද්දිත්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka




    :oo:ඈඈඈ.....!! ඌ මට කිව්වේ උඹත් එක්ක යනගමන් කියලනෙ......

    :frown:අනේ බුදු අක්කේ, උඹේ මිනිහගේ බඩු සීන් මම නොදනිමි..... සමහර වි
    අරූ හොරෙන් කොටුවක් ත් පැන්නද දන් නෑ:P........ඌත් එක්කම බලාගනින්.......:rofl: මම අහින්සකය........ මම උගේ බඩු සීන් කියල සන්තකේටම දන්නේ අක්කගෙ සීන් එක විතරෝ.........:rolleyes::rofl::P


    :lol::lol: යකෝ අයියේ යාළුවව එහෙම පාවලා දෙනවද ? :rofl:උ ඇත්තටම බඩුවක් ගහන්න ගියා නම් :baffled: මොනවා උනත් පව් නේ පොඩි එකාගේ ආසාවනේ :P
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේක මගෙ යලුවෙකුටයි යාලුවො 2 නෙක්ට උන උන ඇත්ත කතාවක්......
    කැමති අය විස්වාස කරන්න ......
    මගෙ යලුවගෙ නම හර්ෂන..අනිත් එක්කෙනා සමීර.... මගෙ යලුවගෙ ගෙවල් වල ඉදල වැඩි දුරක් කනත්තට නෑ .....දවසක් සමීර එයලගෙ ගෙදර ගිහින් එහෙ තමයි රෑට නැවතුනේ..... පස්සෙ රෑ වෙලා කොහොම හරි ඒ වෙනකොට 11.30 ට විතර ඇති හර්ෂන කීව කෙල්ලට කෝල් එකක් ගන්න එලියට යමු කියල ඉතින් අපි ගෙයින් එලියට ගිහින්... අයාලගෙ ගෙදරට උඩින් පොඩි කන්දක් තියෙනව එකට නැග්ග පස්සෙ හර්ෂන කෝල් එක ගන්නකන් සමීර phone එකේ game අකක් play කර කර හීට්යෙ.පස්සෙ හර්ෂන call අක අරන් ඉවර උනාට පස්සෙ දෙන්න ටිකක් හඉයෙන් කත කර කර හිටිය දන්නවනෙ ඉතින් කොල්ලො සෙට් උනම කතා කරන දේවල් ටිකක් හයියෙන් හින උනා..... එතකොටම කනත්ත පැත්තෙන් සද්දයක් ඇහුන... "බුදු අම්මො" කියල වගෙ තමයි ඇහුනෙ.. පස්සෙ වැඩි වෙලාවක් යන්න කලින් ඒ සද්දෙ ලගටම ආවා.....පස්සෙ කන ලගින්ම අහෙන්න ගත්තා .... දෙන්නම ටිකක් බය වුනා ... අතකොටම හර්ශනලගෙ අම්ම දුවගෙන ඇවිත් "පුතේ එන්න ගෙට" කියල කතා කලා.... ඉතින් තිබුන බය නිසාම කත කරන්නත් කලින් යන්න තමා හිටියෙ... පස්සෙ උදෙම සමීර නැගිටල කිරි එක බොන්න ගියා අතකොට හර්ශනය තව නිදි සමීර නැගිටල ගිහින් නැන්දත් එක්ක කයියක් දා ගෙන අහුවෙ ඇයි නැන්ද ඊයෙ රෑ අපිට අක පාරම ගෙට අන්න කීවෙ කියල අතකොට නැන්ද කීව ඒ ආවෙ බෝදිලිම:shocked::shocked: කියල හොල්මනක්ලු... පිරිමි කට හඩටලු එක අන්නෙ කියල... ගෑනු කට හඩක් අහුන ගමන් ඒක යනවලු කියල..,
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔන්න කැම්පස් එකක කපල් එකක් දවසක් බයික් එකක ගමනක් ගිය.එහෙම යද්දී මේ දෙන්න නොහිතු ලෙස එක පරටම බයික් එකකින් ලොකු හෙලකට වැටුන.ඒ අනතුරින් කොල්ල මිය ගිය....කෙල්ලට ජිවත් වෙන්න චාන්ස් ඒක ලැබුන .ඉතින් මේ කෙල්ල බෝයි ෆ්රෙන්ඩ්ගේ ලේ තැවරුණු ශර්ට් එක ගෙදර ගෙනත් කොට්ටෙ යට තියගෙන හැමදම නිදා ගත්තා .ඔහොම ඉද්දි මෙ කෙල්ලගෙ අම්මට රෑට කොල්ල හැමදාම හීනෙන් ඇවිත් කියනව දූ ගාව තියෙන ශර්ට් එක වහාම හෝදන්න නැත්නම් පුච්චල දාන්න.ලේ එක්ක තිබුනොත් ගොඩක් කරදර වෙනවා කියල.ඉතින් අම්ම කොච්චර මෙ කෙල්ලට කිවුවත් කෙල්ල එක කරන් නෑ.ඔහොම කාලේ ගෙවිල ගිය.දවසක් මෙ කෙල්ල විතරයි ගෙදර හිටියෙ.එක පාරට හුලගක් ආවා..ජනෙලෙ එක පාරට වැහුනා..අන්ධකාර වෙලා වටපිටාවම .කෙල්ලට හිතා ගන්න බැහැ මොකද උනෙ කියල.එක පාරට දොරට කවුද තට්ටු කරනව.මේ කෙල්ල අම්ම කියල හිතගෙන දොර ඇරියම දොර ලග ඉන්නේ ඒ මැරුණු කොල්ල..ඒ කොල්ලගේ ඇස් රතු පාට වෙලා.කොල්ල ගැඹුරු කටහඩින් අහනව " ශර්ට් එක හේදුවද?" කියල.කෙල්ල ගොඩක් බය වෙල පස්සෙන් පස්සට යනව.කොල්ලත් ගේ ඇතුලටම එනවා අත් 2ක පස්සට කරගෙන.කෙල්ල කියනව" හේදුවා හැබැයි ලේ පැල්ලම් තාම තියනවාකියල.





    කොල්ල එක පරටම දත් මිටි විකාගෙන " අර පැල්ලමට මේ පැල්ලමට එකම විසඳුම 'සර්ෆ් එක්සල්' කියල පැකට් එකක් දුන්න කෙල්ලට....
    :P:P:P:P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දවස්වල ඇට කැඩෙන්න වැඩ. දවසට පය 12ක් . අත්දැකීම් දාපු හැමෝටම ස්තුතියි. තාම කියවන්නානම් උනේ නැහැ. රොබොට් අයිය ඉක්මණට අපේ සහෝදරිගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙයි. එතකම් හැමෝටම ජයවේවා ...

    :love::love::love::love:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අලුත් මල්ලී;12114268 said:
    [FONT=&quot]ඇත්තටම රෝබෝට්‌ අය්යේ මන් මේ ත්‍රේඩ් එක දැන් දවස් 3 කට විතර කලින් තමා දැක්කේ ඉතින් මන් මුල ඉදන් අගටම කියෙවුව:no::no::no:.මටත් හිතුන මේකට සම්බන්ද වෙන්න.ඉතින් එ‍ක නිසා තමා මන් අලුතින් එළකිරි account එකක් හදා ගත්තේ....:D:D:D[/FONT]
    [FONT=&quot]කලින් මන් එළකිරි එක use කලේ account එකක් නැතිව...:yes::yes::yes:[/FONT]
    [FONT=&quot]ඉතින් මන් තාම එළකිරියට ආදුනිකයි.....ඉතින් මන් හිතනවා ඔයාල මට හෙල්ප් එකක් දෙයි කියල ඉස්සරහට යන්න .....:rofl::rofl::rofl::rofl:[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මටත් තියෙනවා කතාවක් දාන්න ඔන්න එහෙනම් දැම්ම හැබැයි බය හිතේවිද කියලනම් මන් දන්නේ නැ....ඔන්න එහෙනම් කතාව[/FONT]
    [FONT=&quot]මෙන්නමේකයි කතන්දරේඇත්තටම[/FONT][FONT=&quot] මන් නම් මනුස්ස [/FONT][FONT=&quot]ඝණයේ ඒත් [/FONT][FONT=&quot] මුලින්ම කියන්න [/FONT][FONT=&quot]ඕන [/FONT][FONT=&quot] මම නම් මෙච්චර [/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]ලයකට හොල්මනක් [/FONT][FONT=&quot]තියා[/FONT][FONT=&quot] මොකෙක්වට[/FONT][FONT=&quot]ත්දැකලානෑ[/FONT][FONT=&quot]..:yes::yes::yes:[/FONT][FONT=&quot]ඒත් අපේ [/FONT][FONT=&quot] අම්ම[/FONT][FONT=&quot]ටයි තාත්තටයි [/FONT][FONT=&quot] උන [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]යක් [/FONT][FONT=&quot]තමා[/FONT][FONT=&quot] මන් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] කියන්න යන්නෙ හැබැයි අපේ අම්මයි තාත්තයි නම් මට මතක මතක විදියට දේව ඝනයේ ...:yes::yes::yes::yes:[/FONT]

    [FONT=&quot]ක[/FONT][FONT=&quot]තාව[/FONT][FONT=&quot] කෙටියෙන් කිවුවො[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] අ[/FONT][FONT=&quot]පේ[/FONT][FONT=&quot] අම්මගෙ[/FONT][FONT=&quot]යිතාත්තගෙයි[/FONT][FONT=&quot] ගම [/FONT][FONT=&quot]තංගල්ල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඒ දෙන්නා [/FONT][FONT=&quot]A/L[/FONT][FONT=&quot] ඉවර වෙ[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot] ජයවර්[/FONT][FONT=&quot]ධ[/FONT][FONT=&quot]නපුර campus එකට [/FONT][FONT=&quot]තේරිලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]දෙන්නම මෙහෙ අවිල්ල මෙහෙ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] set :love::love::love:වෙ[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot]..පස්සෙ 2[/FONT][FONT=&quot]nd[/FONT][FONT=&quot] year[/FONT][FONT=&quot] වි[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]ර වෙනකොට [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]න්න [/FONT][FONT=&quot]engagement [/FONT][FONT=&quot]එක අරගෙන.[/FONT][FONT=&quot]ඊ[/FONT][FONT=&quot]ට පස්සෙ [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]න්නම ඉ[/FONT][FONT=&quot]දලාති[/FONT][FONT=&quot]යෙන්නෙ එකම බෝඩිමක.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔන්න එ[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]ඒකාලේ[/FONT][FONT=&quot] අලු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] batch[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]ඇ[/FONT][FONT=&quot]විල්ල [/FONT][FONT=&quot]පා[/FONT][FONT=&quot]ටි එකක් [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]බිල.එ[/FONT][FONT=&quot]දා රෑ තමාපාටි[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]බිල [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]යෙන්නෙ..[/FONT][FONT=&quot]තාත්තාතමා[/FONT][FONT=&quot] එ[/FONT][FONT=&quot]දා announce[/FONT][FONT=&quot] කරන්න ඉ[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]ල [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]යෙන්නෙ..[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]ක නි[/FONT][FONT=&quot]සා[/FONT][FONT=&quot] මුකු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]ම කන්න හම්බවෙල [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පාටි[/FONT][FONT=&quot] එක ඉවර වෙ[/FONT][FONT=&quot]ලාති[/FONT][FONT=&quot]යෙන්නෙ [/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot] 11ට වි[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]ර.ඉ[/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]න් [/FONT][FONT=&quot]තාත්තට[/FONT][FONT=&quot] මුකු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] කන්න උ[/FONT][FONT=&quot]නේනැතිනිසාකෑම[/FONT][FONT=&quot] පර්සල් එකක් අරන් අවිල්ල..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එකෙ ඉතින් රෝල්ස් පැටිස් වගේතෙල්කෑමතමාතිබිල තියෙන්නෙ..අම්මලගෙ බෝඩිම තිබිල තියෙන්නෙ විජේරාමෙ station එක හරියෙ( ජයවර්ධනපුර පැත්තේ ඉන්න කට්ටිය දන්නව ඇති)...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔන්න එතකොට ඒ කාලෙ බස් එහෙමත්නෑ ඔය පාර වල්වල.ඉතින් දෙන්නත් එක්කම පයින් අවිත්තියෙන්නෙ..ඒ කාලේපාර වල්වල ලයිට්තිබිලටත්නෑ ඔය හදීසියෙන් තැනකදෙකක තමාතිබිල තියෙන්නෙ.1975 විතර..ඉතින් දෙන්නටම තිබිල තියෙන්නෙ එක ටෝච් එකක් විතරයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔන්න දැන්දෙන්නත් එක්ක එනකොට පාරෙ කලුවර හරියෙදී අම්මට ඇහෙනවලු පස්සෙන් කවුරු හරි එනව වගේ..ඒත් අම්ම තාත්තට කියල නෑ.තාත්තටත්ඇහිල ඒත් අම්මට කියල නෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් දෙන්නා එදාපාටි එක ගැන කතා කර කර අවිල්ල.ඔහොම එනකොට අම්මට ලගින්ම වගෙ අඩිසද්දයක් ඇහිල ඉතින් අම්ම තාත්තට නොදැනෙන්න නිකමට පිටිපස්ස බලනව වගෙ පිටිපස්ස බලල.එතකොට අම්මලට මිටර් 3ක් විතර ඈතින් සුදුnational එක ඇදගත්තු ගොඩක් උස (ඒ කියන්නෙ මේ අඩි 20ක් 30ක් විතර නෙමෙයිසාමාන්‍යප්‍රමානෙට වඩා උස) මිනිහෙක් එනවලු..:growl::growl::growl::growl::growl:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අම්ම ඕක තාත්තටකියල නෑ.:no::no::no::no:ටික දුරක් යනකොට තාත්තත් බලල පිටිපස්ස තාත්තත්දැකලඒත් අම්මට කියල නෑ:no::no::no:.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉතින් දැන් ඔය හරියෙ ඉස්සර හෙන ගන කැලේලු.ඒත් දෙන්නම මුකුත් උනේනෑ වගෙ ඉස්සරහට අවිල්ල.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එනකොට තියෙනවලු පන්සලක් එතන තියෙනවලු ලයිට් එකක්..ඔන්න පන්සල ලන් වෙනකොට දෙන්නම දෙන්නට නොදැනෙන්න ආයෙත් පස්ස බලල ඒත් පොර එනවලු..ඔන්න දැන්ලයිට් එළිය හරිය අම්මල පහුවෙල මීටර් 3ක් විතර ගියාට පස්සෙ පස්ස හැරිල බලල(මොකද එතකොට අම්මලට මීටර් 3ක් විතර පස්සෙන් ආපු එකා:growl::growl::growl:ඒ වෙනකොට ලයිට් එක ගාවනෙ ඉන්න ඕන).[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එත් දෙන්න දෙන්නට හොරෙන් ඒ කියන්නෙ අම්ම තාත්තට කියන්නෙ නැතිව තාත්ත අම්මට කියන්නෙ නැතිව.ඔන්න එතකොට අර මිනිහ නෑලු.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒ හරියෙ ගෙවල් ඇත්තෙත්නෑලු..හැරෙන්න වෙන පාරක් ඇත්තෙත්නෑලු.පන්සලේ ගෙට්ටුවත් ලොක් කරල තියෙනව දැක්කලු..දැන්දෙන්නටම ටිකක් බය හිතිල ඒත් අර අරන් එන කෑම මල්ල ගැන මතක් වෙලානෑ..ඒත් දෙන්න දෙන්නට මුකුත්අගවන්නේනැතිව අවිත්.:baffled::baffled:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එතන ඉදන් පොඩි දුරයිලු බෝඩිමට..ඔහොම ඇවිත්කෑම මල්ලෙන් කෑමකෑල්ලක් අරගෙන කෙල ගහල එලියට විසි කරලගේට්ටුවෙන් ඇතුලට ඇවිත්..:oo::oo::oo:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒවත්තආරක්ෂා කරල තිබිල තියෙන්නෙ.ඒ වෙනකම් ඒබෝඩිමේඇන්ටි නිදාගන්නෙ නැතිව ඉදල තියෙන්නෙරෑ උන නිසා..(දැන්කාලෙ වගේ නෙමෙයිඒකාලෙ මනුස්සයන්ගෙ හොද මනුස්ස ගතිතිබිල තියෙනව.දැන් නම් උන්නදමලාද කියලවත් හොයල බලන්නෙ බෝඩින්ගාස්තුගන්න දවසටනේ.):angry::angry::angry: [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් ගේට්ටුවෙන් ඇතුල් උනාට පස්සෙ තමයි අම්මයිතාත්තයිදෙන්නම එක සැරේට අහල අර පිටිපස්සෙන් ආපු එකාවදැක්කද කියල.(කලින් අම්මා තාත්තට කියල නැත්තේ තාත්ත බයවෙයි කියලා.තාත්ත අම්මට කියලා නැත්තේ අම්මා බයවෙයි කියලා):rolleyes::rolleyes::rolleyes::rolleyes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ දෙන්නම මේ විස්තරෙ ඇන්ටිට කියල.එයා කියල ඔය ගෙනාපු මුලු කෑමපාර්සලේම ගේට්ටුවෙන් එලියට විසි කරන්න කියල..:growl::growl::growl:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අම්ම ඒක විසි කරන්නෙ නැතිව අරන් අවිත්තියෙන්නෙ තාත්ත මුකුත්ම කාපු නැති නිසා ..ඉතින් ඇන්ටි කියල මෙහේකෑමඇති ඕක විසි කරන්න කියල(ඔන්න රත්තරන් මනුස්සයො):yes::yes::yes::yes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් ඊට පස්සෙ දෙන්නම ඒක වීසි කරන්න ගේට්ටුවපැත්ත බලනකොට ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නවලු කලුම කලු වහු පැටියෙක් විතර තඩි බල්ලෙක්..උගෙ කකුල් 4ම අඩිය හරිය විතරක් සුදුපාටලු.අස් 2ක රතුම රතුපාටලු.කලුවරේ උනත් රතු පාටපේන්න තරම් රතු පාටට දීලිසෙනවලු..දීවත් එලියට දාගෙන ගේට්ටුවදිහා බලන් ඉන්නවලු..:growl::growl::growl::growl::growl:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉතින් කොහොම හරි ඒකෑම මල්ල ගේට්ටුවේන් එලියට විසි කරල.පස්සෙ ඒඇන්ටි කහ වතුරයිදෙහියි දාපු වතුරෙන් දෙන්නව නාවල තමා ගෙට අරන් තියෙන්නෙ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ බුදුන් වැදලා එදා ඒඅන්ටිලගේ ගෙදරම තමා නිදාගෙන තියෙන්නෙ.මොකදබෝඩිමේමේදෙන්නාතනිවෙන නිසා...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පස්සෙ ඇන්ටි කිවුවලු ගෙනාපු ඒවාකැවනම් හරි අරු දැකපු වෙලේ බය උනා නම් හරි වැඩේ හරි කියල.උදේ බලනකොට ඒ විසි කරපු බෑග් එකවත් හොයාගන්න තිබිල නෑ:D:D:D:D:D[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    කතාව නම් ඉවරයි හොදයිද නෑද්ද කියලනම් දන්නෙ නෑ.......:rolleyes::rolleyes::rolleyes:
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot][/FONT]

    බෝඩිම ඇරෙන්න අනිත් තැන් ටික මීටර්.:D උඹේ ජීවිතෙත් මාරවිදිහට බන් බේරිලා තියෙන්නේ :)