එළකිරි භූත කොටුව.........

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උඩ තියෙන මල් වැලෙන් නූල් කෑල්ලක් එල්ලෙනවා. ෆ්ලෑශර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක කුඩා ප්‍රමානයේ එකක්. ඒ එළිය නූල් කෑල්ලට වැදිලා තියෙනවා. හොඳින් බැලුවොත් පෙනේවි එල්ලෙන නූල් කෑල්ලේ කොටසක් මල් වැලෙන් එලියට පැනලත් තියෙනවා. රෑ නිසා කැමරාවේ ශටර් එක ඇරිලා තියෙන කාලය වැඩියි (longer than normal exposure time). ඒක නිසා මේ වගේ පිංතූරයක් ලැබෙන්න පුලුවන්. බලන්න ඒ නූල් කෑල්ලේ සෙලවීම බෞද්ධ කොඩියේ තියෙන සලවීම ඡායාරූපයේ සටහන් වී ඇති ආකාරය හා සෑහෙන දුරට සමානුපාතිකයි.

    මේක හැන්ඩිකැම් එකකින් ගත්තු පිංතූරයක් නම් මම ඉහත කියල තියෙන දේ ඇත්ත වෙන්න හුඟක්ම ඉඩ තියෙනවා.
    මේක ගත්තෙ ඔබම නම් ඔබ දන්නවා ඇති හරියටම මොකක්ද වුනේ කියලා.

    නුලක් නම් තිබ්බේ නැ මචො. මම එතනට ගිහින් හොදට බැලුවා. ඕක ගත්තේ මගේ live with Walkman phone එකෙන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අම්බෝ..
    ඇති වන්තන් ඔක්කොම කියෙව්වා..

    රොබොට් නොහොත්..
    රොබට් අයියා කරණාකර නවත සේවයට වර්ථා කරන්න අෆ්ෆා...

    බම්ප්..
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    සතියක් තිස්සේ මේ නූල කියවලා දැන් තමයි ඉවර කලේ.

    රොබොට් අයියේ මේ නූල පටන් ගත්තට බොහොම ස්තූතියි. ඒ වගෙම මේක ඉදිරියට ඇදන් යන්න උදව් කල හැම දෙනාටම හද පිරි ස්තූතිය.ඉදිරියට තව හොද කතා බලාපොරොත්තු වෙනවා.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :shocked::shocked::shocked:

    යකුනේ වරෙල්ලා මගේ භූත කොටුවට....... ඇවිත් කියපල්ලා උඹලට, උඹලගේ මිතුරන්ට අමනුශ්‍යයින් නිසා සිදුවුන අතවර ගැන............

    ගෙදර ඉන්න පාලුයි......පොඩි එකායි මාවයි දාල හාමිනේ සතියකට වෙනින් රටකට ගියා....... කම්මැලිකම යන්නත් එක්ක අවුරුදු 10-15 විතර රීසච් කරල හොයාගත්ත හොල්මන් සීන් ටිකක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුව...මම දන් නෑ මීට පෙර මේ වගේ බ්ලොග් එකක් තිබුනද කියල...... මොනව වුනත් කට්ටිය අතින් දාන් නැතිව සත්‍ය සිදුවීම් මේ බ්ලොග් එකේ දාන්න......... මොක නැතත් කියවල බය වෙන එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනෙ..........

    ඕන් එහෙනම් මගෙන් පලවෙනි අත්දැකීම.......

    මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
    ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ :love:රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... :love:රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... :baffled::oo:කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
    මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......

    ගුඩ් නයිට් එව්රිවන්............

    කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම :baffled:අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි :angry:ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර හු##ත උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....

    කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත්
    තින් ඕන පු#ක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......

    ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක :Pඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි :angry:අර හු#තා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් පුක පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට :shocked:මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටිය
    යැවුව......... එදා කතන්දරේ ඉවරයි......... කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ:angry::shocked: මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන හුත්#ක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ....... මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... පුක් කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල හුත්#යි...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව වකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ..... එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... ම මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........

    කෝ බලන්න මූ
    රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් තින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......

    :shocked:බුදු අම්මෝ.......

    :oo:බුදු අම්මෝත් හොඳ එක......

    පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.

    :angry:ඇරපිය යකෝ දොර..........

    මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....

    ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........

    මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........

    උගේ සිද්දිය කෙටියෙන්......

    ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
    අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........:no:

    කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල..... :no:

    අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ...... අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......:no:

    මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
    විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් :love::love:බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........

    මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. ඊත් මෙච්චර අමාරුවෙන් ගොඩ දාපු මූ, මම ගැන පොලීසියට ඔත්තුවක් දීල.... මම යුරෝප් බෝඩර් ක්‍රොස් කරන්න ඇවිත් ඉන්නෙ කියල.......පොලීසියෙන් මාව කාලයක් ෆලෝ කරල......මට පස්සෙ තමයි ආරන්චි වුනේ......:no:

    අනික් කාරණය... මට හම්බවුන එළ කොල්ලො සෙට් එකත් එළම නෑ....... උනුත් මූත් එක්ක ගහගෙන මේ මිනිහ උගේ අතක් කපාගෙන ඇඩ්මිට් වෙලා ඉගෙනගන්න ආපු ලන්කාවෙ කොල්ලො හතරදෙනෙක් ඩිපොර්ට් කරවල..... උන් ඔක්කෝම මට සීන් එක හැන්ගුව......:no:ඔය විස්තර දැම්මෙ මිනිස්සු තේරුන් ගන්න......

    ඕන් එහෙනං කතාව අහවරයි...... මේක කියවෙවුවට වැඩි බයක් නැතිවුනාට අත්දැකීමට මුහුනදුන්න මම මේ සීන් එකට පන යන්න බය වුනා.... වෙන එකක් තියා මම මේ සීන් එක දැන් ටයිප් කරන්නෙ ලයිට් දාගෙන........lol

    තවත් ස්ටෝරියකින් පසෙ සෙට්වෙමු........

    :frown:රොබොට් අයියා.......

    okata ohoma wela madi :growl:
    rep 5+
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඕන් එහෙනම් මගේ දෙවනි අත්දැකීම.........

    මුලින්ම කියන්න ඕන මම මේ :growl:හොල්මන් සීන් ගැන හොයන්න වැඩි උනන්දුවක් ඇතිවුනේ එවකට මගේ දෙමවුපියෝ අණුගමනය කල යම් ප්‍රතිපත්තියක් නිසා කියල..... කෙටියෙන් කියනවනම් එම ප්‍රතිපත්තිය ගැන, එය ආරම්භ කලේ :yes:කපුදූවේ සිරිගුණාලන්කාර නමැති ආරණ්‍ය වාසී හාමුදුරුනමක්...... පන්සල තිබුනෙ මාතර හොරපාවිට කියන :love:සුන්දරම සුන්දර ගමේ...... මටනම් හාමුදුරුවො මාව වඩාගෙන හිටිය විතරයි මතක.... මට අවුරු තුනේදි විතර හාමුදුරුවො අපවත් වෙලා....... (එතුම කියපු විදියට එතුම රාවණා, කාවන්තිස්ස වැනි ආත්ම ලබපු කෙනෙක්.... දැන් බුදුවෙන්න පෙරුම් පුරනවලූ (මට මේ විස්තරනම් කිවුවෙ මගේ තාත්ත.... තව ගොඩක් සීන් තියෙනව පස්සෙ කියන්නම්)

    :yes:උන්වහන්සේගෙ ප්‍රතිපත්තිය හරිම සරලයි........ දිවි හිමියෙන් පන්සිල් රකින්න ඕන..... මස් මාන්ශ කෑමෙන් වලකින්න ඕන....... ඔච්චරයි....... මාසෙකට සැරයක් හාමුදුරුවො බලන්න ගියාම ගණ පිහිටපු ශ්ලෝක දෙනව..... ගෙදර ඇවිත් පහනක් පත්තුකරල එයට මේ ශ්ලෝකය තුන් වරක් කියන්න ඕන......
    :love:හාමුදුරුවො මේ සේවය කලේ කිසිම ලාභ අපේක්ශාවකින් නෙමයි.....

    :no:කොහොමින් කොහොම හරි හාමුදුරුවො අපවත්වුනාට පස්සෙ වටේ හිටිය ආවතේවකාරයො මේ හාමුදුරුවොන්ගේ බලය ලැබුන බවක් පැවසුව (හාමුදුරුවො කියල තිබුන විදියට සිරිගුණාලංකාර පිලේ අයට ප්‍රතිපත්ති රැකීමෙන් හා පිරිත්, බන, භාවනා ප්‍රගුණකිරීමෙන් එතුමගේ බලය පැවරීමට හෝ ඉබේ පහලවීමට හැකියි කියල )

    ඕන් ඉතින් අපේ ගෙදර නඩයත් හාමුදුරුවන්ගේ ලඟම ආවතේවකාරයා වන කලුමහත්තයගෙන් වැඩගන්න ගියා..........ඌ ඔක්කෝම ගේම් දෙන්නෙ පිරිතෙන්..... :growl:යක්කු වැහුන ආත බූත වෙලා ලඩ හොඳකරගන්න බැරි උන්, හාමුදුරුවොන්ගේ තඩි පින්තූරෙ ඉස්සරහ හූ කියකිය නටනව, ජෝගි ගොඩයි...... පිරිත් කියපු වේවැලෙන් ශොට් එකක් දුන්නම :angry:මරලතෝනි දීල පස්සෙ මෙල්ල වෙනව..........(අපිට ඉතින් පොඩි කාලෙ හොරර් ෆිල්ම් බලන්න ඕනවුන් නෑ..... මාසෙකට සැරයක් නොමිලයේම බලාගන්න පුලුවන්):baffled:

    ඕන් දැන් තමයි කතාව පටන් ගන්නෙ......... සොරි වෙන්න ඕන............ කතාව ගලපන්න ලේසි වෙන්නයි ඔයටික මුලින්න දැම්මෙ......

    ඉස්කෝලෙ නිවාඩු කාලෙ කියන්නෙ අපේ පවුලෙ එළම කාලෙ අම්මයි තාත්තයි ගුරුවරු....... :love::love:මුලු පවුලටම එකට ඉන්න මාසයක්ම තියෙනව...... (දැන් කොහෙද ඒ සැප )

    නිවාඩුකාලෙක ගෙදර කට්ටිය සෙට්වුනා අර පන්සලේ පින්කමකට සතියක් නවතින්න........ අපිටත් මාර ෆන්...... කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කෝම පන්සලෙන්....... මම ගොඩක්ම එහේ යන්න කැමති, පන්සලේ හිටිය ඇට්ටර පොඩි හාමුදුරුවො සෙට් එකක්..... පිස්සු හොඳ එක......... ෆන් ගන්න දන් නෑ...... උන්ට තිබුනෙත් මාර නම් ටිකක්....... පුක් ගැට්ටේ මයිලානන්ද...... ගං ඉවුරේ බෙට්ටානන්ද........... එළම එල හාමුදුරු පැටවු ටික...... මාතර නිසා කුණුහර්ප දන්නෑ..........:rofl:

    ඕන් ඉතින් පන්සලටත් ගියා කියමුකෝ......

    පන්සලේ පින්කම දවසෙ පූජකරන්න පන්සලේ නා ගස් වල නා මල් ඉවරවෙලා....... අපි ගියා පන්සල් භූමියේ කොනකම අඳුරු තැනක තිබුන නාමල් පිරිච්ච නා ගහක් ලඟට:dull::dull:..... පොඩි හාමුදුරුවො ටික එතනට යන්න වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ... මමම ගිහින් ඇතිවෙන්න මල් කැඩුව..........
    බුද්දපූජාව වෙලේ මගේ මල් වලින් මල් ආසනය පිරුනම මට පුදුම සතුටක් ආවෙ.........:love::love:

    :baffled:ඒත් මම දැනගෙන හිටියෙ නෑ මම තනිපන්ගලමෙ මල්කඩල තියෙන්නෙ අර හාමුදුරුවො ඒකාලෙ ගොඩ දාන්න බැරි යක්කු පෙරේතයො බැඳල තියපු පෙරේත නාගහෙන් කියල............. (කාලෙකට පස්සෙ පෙරේතය කියුවහමයි සීන් එක දැනගත්තෙ ):baffled:

    මට බයයි ඕයි මේව ලියන්න...... අද ගෑනිත් නෑ..... ලොල්

    :rofl:ඕන් ඉතින් රොබොට් මල්ලි එකපාරට පිස්සුකෙලින්න පටන්ගත්ත....... මටම තේරෙනව මම ටිකක් අවුට් කියල........ පින්කම ඉවරවෙලා උදේපාන්දරම හොරපාවිටින් කොළඹ එන බස් එකට නැග්ග....:sorry:. මට මාර බඩගිනියි...... කියාගන්න බැරි බඩගින්නක් හා පිපාසයක් තිබුන......... අම්ම කට්ටියටම කන්න තියන් හිටිය පාන් ගෙඩිය මම උදුරල අරන් තනියම කෑව..... (ඒ කාලෙ මම කන්නෙ පාන් කාලයි ඒකත් කෑවහම බඩට ගල් දැම්ම වගේ) පාන් ගෙඩිය කාල තව හොයනව.......

    මට බඩගිනියි යකෝ!!!!!!:baffled:

    පස්සෙ බේරෙන්න බැරි තැන බස් එක උදේට කන්න නැවැත්තුවම මාලු පාන් බනිස් අරන් දුන්න.... මටම තේරෙනව මට තවත් කන්න බෑ කියල ඒත් බඩගිනියි යකුනේ..............

    කතන්දරේ ඉවරයි........

    :baffled:අපි දැන් ගෙදර........ ගෙදර ආවට මොකද ඉස්පිරිතාලෙ ගියා වගේ....... අපේ අම්මට පපුවෙ හතිය තිබුන....... ඒක සැරින් සැරේ හැදෙන්නෙ....... කොහොමහරි අම්ම මැරෙන ගානටම හතිය වැඩිවෙනව...... අපි හරි පොඩියි..... ඒකාලෙ ත්‍රීවීල් කැබ් තිබුන් නෑ... වැඩිම වුනොත් ගමටම වාහන තිබුනෙ 2-3 යි....... අපි මාර පරිප්පුවක් කෑවෙ.... කොහොම හරි අඳුනන අයියකෙනෙක් ගෙ වාහනයකින් අම්මව මහ රෝහලේ ඇඩ්මිට් කලා...... එයාට එහෙදි ඉන්හේල් කරත් ආන්ස කලේ නෑ..... පස්සෙ හෙමෙහිට හොඳවුනාම දවස් 3-4කින් අම්ම ගෙදර ආව.... ඒත් අම්ම සැරින් සැරේ ලෙඩවෙනව........

    :no:පව් යකෝ මගෙ අහින්සක රත්තරන් අම්ම...........

    ගෙදර ඔක්කෝම අවුල්.... හොල්මන් හොඳ එක..... හැම දවසක්ම මහ මූසල විදියට ගෙවිල යනව.... ඔය අතරෙ රුවන්මැලි මහා සෑයෙ ලොකු පින්කමක් තිබුන.....තාත්ත කියුව ඕන දෙයක් වෙන්න කියල පින්කමට ගිහින් අම්ම වෙනුවෙන් බාරවෙමු කියල........:love::love:

    ඕන් ඉතින් බැටෑලියන් එකම (අක්කල 3යි මායි අම්මයි තාත්තයි ) ආන්ඩුව ගානෙ (රේල් වොරන්ට්ස් වලින්) අනුරාදපුරේ ගියා...........

    රුවන්මැලි සෑයෙ පින්කම එළටම තිබුන...... අම්ම ටිකක් අසනීපෙන් හිටියත් මම අම්මව ඇදගෙන හත්පාරක් මහා සෑය වටේ ගියා....... ඒක දුර්වල අම්මට හරි වෙහෙසක් ගෙනදුන්නත් අම්ම හිතේ හයියෙන් ආව......... පස්සෙ අපි අම්ම වෙනුවෙන් රුවන්මැලි සෑයෙ බාර වෙලා ගෙදර ආවා.........:yes:

    අම්මට මොන හොඳක්ද...... අම්මට තිබුනටත් වඩා වැඩියි.... හිතපල්ලකො හුස්ම ගන්න බැරිව විඳවනකොට තියෙන අමාරුව....... මම ඉතින් හිතින් දාස් වරක් මහා සෑයට බැන්න...... හදපු එකාටත් බැන්න...... උගේ අම්මටත් බැන්න........ :angry:

    ඔහොම කාලෙ යනකොට තාත්ත හදිස්සියෙ දින ගානකට ගෙදරින් පිට ගියා....... අක්කල තුන්දෙනයි මායි අම්මයි විතරයි ගෙදර.......... රෑබෝවෙනකොට අම්මට හතිය හැදිල දඟලන්න ගත්ත....... අම්ම කිවුව අක්කකෙනෙක්ට හාමුදුරුවො මතක් කරල අම්ම ඉස්සරහින් පහනක් තියන්න කියල:no:

    අක්ක මැටි පහනක් පත්තුකරල අම්ම ඉස්සරහින් තිබ්බ........
    අම්ම දැම් හති ඇද ඇද පහනට කියනව........

    සිරිගුණාලන්කාර මහ පහණ..... සිරිගුණාලන්කාර වෙද පහණ......... මෙත් බෝසත් වෙද රුවණ.......

    ටිකෙන් ටික අම්මට වැඩිවෙනව..... ගෙදර මෙලෝ බල්ලෙක් නෑ.... මොනව වුනත් අම්මට වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියන විදිය අපි දැනන් හිටිය...... ඒත් අපි හරි පුන්චි ලමයි ඒ කාලෙ.... හිතේ හයිය නම් ඕනවටත් වැඩිය තිබුන........

    අම්මට අන්තිමටම වැඩිවුනා..... මම නම් තක් බීර් වෙලා හිටියෙ අම්ම මැරෙයි කියල....... අම්ම සෙම පෙරාගෙන හොටු පෙරාගෙන මහ අමනුස්ස විදියට හුස්ම අදින්න ගත්ත....... අම්මගෙ දැක්ම හරි භයන්කාර වුනා.......

    :growl:එකපාරට මහ නුපුරුදු පිරිමි කටහඬක් අම්මගෙන් පිටවුනා.......

    බුදු අම්මෝ...............

    අම්ම වුනත් යකා නටනකොට බයනැද්ද බං?????

    :oo:අපි හතරදෙනා එකට ගුලිවෙලා ඉන්නව....... අම්ම අපිට පිරිමි හඬින් විධාන දෙන්න ගත්ත...... අරක ගෙනෙන් මේක ගෙනෙ......... ලේ දීපන් බිල්ලක් දීපන්....... පුලුටු බැදල දියන්............ කන්න දීපන් බොන්න දීපන් නැත්නම් අම්මව ගෙනියනව කියනව........ මල හුත්#යි........ අම්ම දීල කොහොමද???

    අම්ම ගහයි මෝල් ගහෙන්........

    ඕක අස්සෙ මූ කියපි අක්කකෙනෙක්ට රතන සූත්‍රය කියන්න කියල......... අක්ක බයටම පිරිත කියනව......අම්මට සිරි මූට නිකන් එළ සින්දුවක් දැම්ම වගේ....... :love:හෙන චූන්:love:....... අක්ක වැරදියට කියන වචන මූ හරිගස්සනව......... (ඇත්තටම මට තවමත් තේරෙන් නෑ මේ සීන් එක...... ඇයි මේ යකා පිරිතට චූන් වෙන්නෙ බය වෙලා දුවන් නැතිව?? )

    මම පොඩි වුනාට ටිකක් විතර යකා..... මම මළපැනල අහපි කව්ද තෝ!! කියල..... (*යක්කු ටැකල් කරනව දැකල තිබුන නිසා අම්මගෙන් වුනත් තෝ කියලම ඇහුවා......... :growl:මෙන්න මූ මහ හයියෙන් බක බක ගාල හිනාවෙලා...... *(මූ කියන්නෙ අම්මගෙ ඇඟේ ඉන්න යකා ට බව සලකන්න ) පන්සිල් ගනින් පර බල්ල කිවුව....... මොන පන්සිල්ද මට බය වැඩිකමට පන්සිල් පද දෙකයි මතක්වුනේ...... මූ මහ හයියෙන් හිනාවෙනව:growl::growl::growl:........ ඕක අස්සෙ මම දැක්ක අම්ම පහනට කවර් වෙනව....... බලන්න බෑ වගේ සීන් එකක්..... ඒත් එක්කම මට මතක්වුනා අර හාමුදුරුවො අම්මට දීපු රාමු කරපු පොඩි පින්තූරෙ..... ඒක ඒ හාමුදුරුවො බල පිහිටුවල හදිස්සියක් වුනාම ගන්න කියල දීල තිබුන එකක්.......
    ඔය අතරෙ අතරින් පතර අර ගොරහැඩි හඬට අමතරව අම්මගෙ සැබෑ හඬත් ඇහෙනව.... අම්ම වේදනාවෙන් කියනව මාව බේරගන්න කියල...... *(ඒ අත්දැකීමනම් කාටවත් වෙන්න එපා):no:

    මාත් ඉතින් ඕන පු#ක් කියල හාමුදුරුවන්ගෙ බල පිහිටවපු පින්තූරෙ එකපාරටම අම්මග අතට් දුන්න........ මෙන්න මූ මර ලතෝනිය,,,,,,, මාව පිච්චෙනෝ......මාව පිච්චෙනෝ.........මේක ගනියෝ...... කියල.....:D

    බඩු හරි...... යකා සැරෙන්ඩර්........ දැන් රොබොට් මල්ලි වැඩ පටන්ගත්ත.......

    කෝකටත් කියල පින්තූරෙ මම අතට ගත්ත....
    :frown:කියපිය තෝ කව්ද කියල???
    :growl:සද්ද නෑ.....
    :frown:හිටපිය දෙන්න කියල හාමුදුරුවන්ගේ පින්තූරෙ පෙන්නුව.....
    :growl:මූ බයවෙලා කෑගහන්න ගත්ත......
    බුදු පුතේ..... මම උඹලගෙ සීය..........
    :frown:උඹ මොන සීයද??? අපි දන් නෑ උඹව......
    (අපි අපේ සීයල ඇහැට දැකල නෑ.... උන් දෙන්නම අපි ඉපදෙන්න කලින් මැරිල ගිහින් )

    :growl:උඹලගෙ අම්මගෙ තාත්ත බොලව්....
    :frown:උඹ මොකටද මෙහේ ආවෙ???
    :growl:මගේ ලොකු දූව ගෙනියන්න........
    :frown:ඒ මොකටද???
    :growl:මට ඒකිට වදදෙන්න ඕන......
    :frown:උඹට මොනව කලාටද??
    :growl:යකා සද්ද නෑ.......
    :frown:උඹ අම්ම ගෙනිච්චහම අපිට මොකද වෙන්නෙ???
    :growl:යකා නෝ කතා.......
    .......................................
    :frown:කියපන් උඹ කොහෙද මෙච්චරකල් හිටියෙ???
    :growl:හොරපාවිට පන්සලේ........පෙරේත නාගහේ..... ඒකාලෙ මාව හාමුදුරුවොන්ට අහුවෙලා සමදිටු වෙන්න කැමති නැති වුන නිසා මේ ඇත්තිට කරදර නොකර නා ගහේ ඉන්න පොරොන්දු වුනා.........

    :frown:එතකොට උඹ ආවෙ?????

    :growl:ආවෙ උඹේ කරපිටින්........ :oo:*(අම්මට හු#යි තියල....... මේ හු#තා එදා මගේ කරපිටින් ඇවිල්ල තියෙන්නෙ )

    අන්තිමට මූ මාර පාපොච්චාරනයක් කලා...... මූ ලමයි හැදුවට ලොකු දුව විදියට අපෙ අම්ම තමයි මුලු පව්ලම ගොඩදැම්මෙ.... ඒකරලත් මූට මදිවෙලා..... අම්මට හතුරුකමින් මැරිල තියෙන්නෙ...... (අදටත් අම්මගෙ ඔක්කෝම සහෝදරයෝ අම්මට පින් දෙනව උන්ව හොඳින් බලාගෙන ජීවිත ගොඩදැම්මට.....)
    පස්සෙ මූ කියපි මට මේකිට තව වද දිදී ඉන්න තිබුන... කොහෙද උඹ මේකිව ඇදගෙන රුවන්මැලි සෑය වටේ ගියානෙ......... ගියපු වටයක් ගානෙ මගේ බල බිඳිල මේ ඇත්තිගෙ පින් බලය වැඩි වුනා........:yes::yes:

    :frown:අපිට උඹෙන් ඇති වැඩක් නෑ උඹට මොනවද අපෙන් වෙන්න ඕන.......

    :growl:මූ කියපි ආයෙත් මට අරව ඕන.... මේව ඕන........ මම ආවෙ බිල්ල ගන්නයි හිස් අතින් යන්න බැරිය කියල.....

    අපි සැර කලා....

    උඹට කිසි දෙයක් දෙන් නෑ ආපු අතක් බලාගෙන පල..... උඹට අම්ම කරපු පින් වලට අම්ම ගෙනියන්න බැහැ අනික හාමුදුරුවො උඹව පුච්චයි කියල........

    මූ සීන් එක පිලිගත්ත........

    මට මල පැනල මම කිවුව දැන් පල අපිට පව් නොදී කියල......

    මූ කියපි මූට හූ තුනක් කියන්න ඕන කියල.........

    මල හු#තයි........ මේ මහ රෑ හූ කියුවොත් ගමම අපේ ගෙදර එයි....... ඉස්කෝලෙ හාමිනේට යකෙක් වැහිල කියල.......ඒත් ඉතින් මොනව කරන්නද..... මූ හූ... කියන්නම ඕන කියනව.

    අන්තිමටම මූ කියපි හොඳයී මම යනව හැබැයි ආයෙ මාව මතක්කලොත් ආයෙ මම එනව කියල........ මමත් කියුව ආයෙ උඹ ආවොත් ගැටගහල මූදෙ දානව කියල..... කොහොම හරි මට මතකහැටියට මූට පින් අනුමෝදන් වෙන්න කියල පන්සලට පුටුවක් දෙන්න කියුවද කොහෙද..... (හරියට මතක නෑ....)

    පස්සෙ මූ මහ අම්මගෙ විදියට හූ තුන කියුවෙ........
    හරීම හෙමින් මාරම හෙමින්......:nerd:

    :growl:හූ......... :growl:හූ....... :growl:හූ......... කියල යන්න ගියා......

    අපිට අපේ අම්මගෙ හරි කටහඬ ඇහෙන්න ගත්තෙ ඊට පස්සෙ....... අම්මට බෙහෙත් බීපු ගමන් ලෙඩේ හොඳ වුනා.... ඊටපස්සෙ කාලයකට අම්මට හතිය හැදුන් නෑ.......

    දීපල්ලකො බලන්න මේකට අර්තකතනයක්??? මේ සීන් එක මානසික බලපෑමක් මත වූවක් නොවෙයි...... මොකද සිද්දිය අවසානයේදීයි මට මේකෙ මුල මැද අග ගලපගන්න පුලුවන් වුනේ.........

    මේ වගේම තව සීන් එකක් හෙට...........

    :frown:රොබොට් අයියා.......

    ado ayye
    eka nam pattama scene ekak thamai
    ubath maru weda karala tiyenne
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    නයනාගේ වයස අවුරුදු තිස්හයකි. ඇස් අදහාගත නොහැකි රූ සපුවකින් හෙබි අය ආඩම්බරකාරියක් වුවාය. දරුවන් තිදෙනකුගේ මවක වු ඇය ගොඩනැගිලි කොන්ත‍්‍රාතකරුවකුගේ ආදරණීය බිරිදක වුවාය.

    දිනක් මහා රාත‍්‍රියෙහි තම මිදුලේ කාන්තාවක හඬන බව පවසමින් සිය පුරුෂයා අවදි කළාය. කවුදෝ මිදුලේ ඉදන් අඬනවා. ගැනු ශබ්දයක් තමයි ඇහෙන්නේ. නමුත් විපරම් කර බැලීමේදී කිසිවකුගේ හඬක් ඔවුනට ඇසුනේ නැත. ඈත බල්ලන්ගේ උඩුබුරලන හඬක් විනා කිසිත් අසන්නට දකින්නට නොහැකි විය. කොතරම් කීවද තම බිරිද එය පිළිගන්නා සෙයක් නොමැති බැවින් ඔහු නිවසේ වත්තේ විදුලි ආලෝක බුබුලූ දල්වා කිසිදු කෙනෙක් නොමැති බව පසක් කොට පෙන්වීය. යළිත් ඔවුහු නිදියන්නට වුහ.

    මධ්‍යම රාත‍්‍රිය පසුවී ගත වුයේ නිමේෂයක් පමණි. බුදු අම්මෝ මගේ බෙල්ල මිරිකන්න එපෝ කියමින් නයනා නිදි යහනේ සිටම මර ළතෝනි දෙන්නට වුවාය. ස්වාමියා හා දරුවෝ නයනාගේ මර විලාපයෙන් තැති ගත්තෝය. නයනා මොනවා හරි කියන්නට උත්සහා කළද වචන පිටවන්නේ නැත.

    සිසිල් වතුර මුණට වතුර ගසා ඇය පියවි සිහියට ගත්තාය. ඇය වෙවුලමින් තමාට වු සිද්ධිය කියන්නට වුවාය.සුදු පාට ඇඳගත්ත කොණ්ඬේ දිගට වවාපු උසම උස සුදුම සුදු ගෑනු ළමයෙක් කාමරේට ආවා. ඒකී මගේ ඇඟට පැනලා මගේ බෙල්ල මිරිකුවා. මුණ යක්‍ෂණියක් වාගේ දිව ඇදගනයි හිටියේ. කට රතුම රතුපාටයි. දිග දත් තියෙනවා.

    ඇස් රතු පාටයි. මාව මරන්න තමයි හැදුවේ මම හොදටම දැක්කා මේ මෙතන හිටියා. ඔය ගෑනි තමයි මිදුලේ අඬනවා. මට ඇහුණේ කියමින් ඇය දොඩවන්නට වුවාය. තමුසෙගේ විකාර යක්කු මෙහෙඇති යකෙක් නෑ. නිදා ගන්නවා. එදින නොනිදාම නයනා රැය පහන් කළාය. නයනා පසුදින සිය ස්වාමියා රැකියාවෙහි යාමට ඉඩ නොදි ගෙදරම රදවා ගත්තාය.

    උදෑසන පන්සලට ගොස් විහාරාධිපති හිමි කැදවා සිදු වු දෙය කියා ඇයට පිරිත් නුල් පවා බැද ආරක්‍ෂාවක් ඇති කරන්නට නයනාගේ සැමියා කටයුතු කළේය. දින කිහිපයක් ගත විය. යළිත් නයනා ඔන්න යක්‍ෂණිය මෙන්න යක්ෂණිය කියමින් මහා රැ කෑ ගසන්නට වුවාය. එදිනද නිවෙසේ සියලූ දෙනාම නිදිවර්ජිතව නයනා මරන්නට එන සුදු යක්‍ෂණිය එන තුරු බලා සිටියෝය.

    ඒ ආලෝක දහරාව මත සියල්ලෝම බලා සිටියද ඒ සුදු යක්‍ෂණිය නම් එදින යළිත් නොආවාය. නමුත් මුවින් නොඇසෙන පරිදි දොඩවමින් ඇය කටයුතු කරන්නට වුවාය.

    බල බල ඉන්න හොද නෑ. ඕකට ඔය හොඳ පේනයක් අහන්න වෙනවා. මතුගම පැත්තේ හොඳ තැනක් තියෙනවා. ගොඩක් දෙනාගේ ඔය යක්‍ෂ භූත දෝෂ ඒ ඇත්තෝ අහක් කරලා දෙනවා. යැයි නයනාගේ දෙමාපියන් කළ යෝජනාව විය.

    නමුත් නයනාගේ හිමියාගේ අදහස වුයේ මැය මානසික වෛද්‍යවරයකු වෙත ගෙනයාමයි. නමුත් බොහෝ දෙනාගේ කැමැත්ත මත මාපියන්ගේ කැමැත්ත මත පේනකරු සොයා දෙවොලට යන්නට ඔවුහු තීරණය කළෝය. රාත‍්‍රියේ බය වෙනවා මිස වෙන කිසිම අසනීප තත්ත්වයක් නයනාට නොවීය හොද සිහිකල්පනාවක් ඇයට තිබුණාය. ඒ අනුව දේව වරමින් පේන කියන්නා වු සාදු සාමි සොයා දිනක් අලූයම ඔවුහු ගියෝය. බුලත් දී එකී පිළිවලට සාස්තර කියන්නට එහි ඇති නීතියයි.

    දැල් තිර අස්සෙන් විවිධ වර්ණයෙන් සුසැදි තිරපට මිහිරක් ගෙන දේ. මල් සුවඳ දුමින් ගැවසී ගත් ඒ දෙවොල සුරංගනා විමානයක් වැන්න.
    බෙර හඩින් නින්නාද වන්නාවු එම දෙවොළ තුළ ගෙනදෙන්නේ ත‍්‍රාසයකි. සාදු දේව ස්වාමි කපු මහතා නයනා දෙස බලමින් දේව වරමින් නයනාගේ රෝගය පිළිබදව කරුණු කියන්නට විය.

    මේ දරුවාට වැහිල තියෙන්නේ මිය ගිය ආත්මයක්. ඔව් කියමින් නයනා උත්තර දුන්නාය. එයා තමයි දැන් යක්‍ෂයෙන් බවට පත්වෙලා මට කරදර කරන්නේ. ඔබට වැහිල තියෙන්නේ යකෙක් නොවේ සුදුපාට යක්ෂණියක් කපු මහතා තමාගේ පරිවාරයන් හරහා සොයාගත් තොරතුරු නයනාට කියමින් නියම ආකාරයෙන් පේනය කියන්නට විය. ඔබගේ සීයා යක්ෂයෙක් වෙලා ඇවිත් යක්ෂණියක් වගේ පෙනී හිටිනවා. මෙම බලගතු යක්ෂයා එලවන්න පුළුවන් ඒ සදහා කඩවර පුජාවක් කළ යුතුයි.

    සාදු දේව කපු මහත්තයා කඩවර පුජාවක් පවත්වා නයනාගේ යක්ෂ ආත්මය එළවා දමන්නට කටයුතු කළ හැකි බව නයනාගේ ස්වාමී පුරුෂයාට කීය. ඒ සදහා දිනයක් නියම කර ගත් ඔවුහු කඩවර පුජාව පවත්වන්නට අවශ්‍ය කළමනා සකස් කරන්නට වූහ. නයනා ආරූඩ කරන්නට කහ වතුර ඉසිමින් ඇහෙන නොඇසෙන ආකාරයට කවි ස්ලෝක මන්ත‍්‍ර කියමින් ජප කරන්නට විය. රැ පහන් වන තුරු බලි තොවිල් නැටුම් කළ දේවාලයේ සාධු කපු මහතා ගතමනාව සාක්කුවේ දමා ගෙන රෝගියාට සුව පත් බව කියමින් යන්නට ගියේය.

    මාස 3 ක් ගතවී යළිත් නයනාට සුදු යක්ෂණිය මහ රැ වැහුනාය. තොවිල් පවිල් කරද සුවයක් නොවු නිසාවෙන් මානසික වෛද්‍යවරයකු හමු වන්නට නයනාගේ ඥාතීහු තීරණය කළෝය. ඒ අනුව මනෝචිකිත්සක වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතා නයනාගේ රෝග තත්ත්වය අවබෝධකර ගැනීමට සමත්විය.

    ඔබට පෙනෙන්නේ මොන වගේ යකෙක්ද කුලපති මහතා විමසීය. සුදු ඇඳ ගත්ත සුදු පාට සුදු කෙනෙක් නයනා කීවාය. ඒ සුදු ඇද ගත්ත අයගේ ස්වරූපය කුමක්දැයි කුලපති මහතා ප‍්‍රශ්න කළේය.

    ඉතාම භයානක මූණක් බලන්නත් බයයි. ඇය කීවාය. ඔබ කොහොමද එයා යක්ෂණියක් කියන්නේ කුලපති මහතා විමසීය.

    එයා යකෙක් තමයි එයා මාව භය කරනවා. මම මරන්න හදනවා. එයා තමයි මහ රැ මිදුලේ ඉදන් මට ඇහෙන්න අඩන්නේ .ඊට පස්සේ මම නිදියන ඇද ගාවට ඇවිල්ල මාව බය කරනවා. ඒ යක්ෂණිගේ කට හඩ අර මිදුලේ ඉදන් අඩන ගෑනිගේ කට හඩ වගේ නේද යැයි කුලපති මහතා විමසීය.

    ඔවි ඔව් හරියට හරි ඒ හඩ තමයි මාව බය කරන්නේ යැයි නයනා කීවාය. එතකොට අපි කියන්නේ යක්කු කළු පාටයි කියල. මේ යකා සුදු පාට යක්ෂණියක් ඔබ කියන විදියට සුදු පාට යක්කු යක්ෂණියොත් ඉන්නවා. යැයි කුලපති මහතා කීය.

    කළු පාට යක්කු සුදු පාට වෙන හැටි පේ‍්‍රත වස්තු සංග‍්‍රහ පොතේ ඒක කියල තියෙනවා. මනුෂයෙක් මැරුණට පස්සේ එයා කරපු පව් නිසා යකෙක් වෙනවා. නයනා පිළිතුරු දුන්නාය.

    එතකොට ශරීරය උසයි මහතයි ඈතින් බලන කොට මනුෂයෙක් වගේ ළඟට ආවම තමයි යකෙකුගේ මුණ පෙනෙන්නේ මුහුණ දිහා බලන කොට තමයි යක්ෂණියක් කියල පෙනෙන්නේ.

    ඔබ පේ‍්‍රත වස්තු සංග‍්‍රහ වස්තු පොත කියවල තියෙනව නම් ඒ මොන කාලයේද මම දහම් පාසල් යන කාලයේදී ඒ පොත කියෙව්වා. ඒව තවමත් මට මතකයි.

    දැන් සියල්ල විද්‍යා කුලපති මහතා පියවරෙන් පියවර අවබෝධ කරගත්තේය. නයනා මෝහන නිදාවේ සිටිය දීම ඇයට ඇසෙන්නට මෙසේ කීය.

    පේ‍්‍රත වස්තු සංග‍්‍රහ පොතේ බුදු දහම අනුව මිනිසුන් කරන පව් පින් නිසා විවිධ උසස් හා පහත් මිනිස් ආත්ම ලබන බව එහි සදහන් වෙනවා. නමුත් කිසි විටක එවැනි අමනුෂයෙක් මිනිස් ඇසට සාමාන්‍ය පරිදි පෙනෙන්නේ නැහැ. ඔබට ද මෙතනදී පෙනනු යක්ෂණියක් නැහැ. ඔබ මුලින් මා සමග පැවසු ලස්සන කාන්තාව හඩන කට හඩ ඇහුනා කියල කිව්වා. ඒ අනුව ඔබ සිතට ගත්තේ මේ ශබ්දය ලස්සන කාන්තා රුවක් හා සමාන කටහඩක් තිබෙනු නමුත් අමනුෂයන් නිසා යක්ෂයන් පේ‍්‍රතයන් සිටින ආකාරයට කි‍්‍රයාකරන ආකාරයයි.

    ඒ අනුව ඔබට ලස්සන කාන්තා රුවක් හා කටහඩක් ඇහුනා කියලා ඔබ විශ්වාස කරනවා. ඔබට දෘෂ්ටි මායාවක් විතරයි ඇති වෙලා තියෙන්නේ. ඔබ වෙවුලන්න ගන්නේ ඔබේ සිත තුළ විශ්වාසය හා මායා රෝගී තත්ත්වය මතයි. අදින් පස්සේ යළිත් කිසිම දිනක ඔබට යක්ෂයෙක් භූතයෙක් කුම්භාණ්ඩයෙක් වැහෙන්නේ නැහැ. මෙය ඔබේ සිත තුළ ඇති වු මායාවක් බව හොදින් වටහා ගත යුතුයි. නයනාගේ යටි සිතට පණිවුඩ දී ඇය මෝහන නිදාාවෙන් අවධි කෙරෙණි.

    ඉන් පසු මනෝවෛද්‍ය පී.එන්.විද්‍යා කුලපති මහතා සිද්ධිය මෙසේ විස්තර කරන්නට විය. පේ‍්‍රත වස්තු සංග‍්‍රහය ගැන ඔබ අසා ඇත. බුදුදහම අනුව තමන්ගේ කරුම විපාක අනුව මිනිසුන් උප්පත්තිය ලබන බව උසස් හා පහත් භවයන්වල උපදින බවත් සදහන් වෙනවා. මෙම පොත පන්සල් පුස්තකාලයේදී මැය කියවා තිබෙනවා. එහි තිබෙන දේවල් ඊට වඩා වෙනස් විකෘත ස්වභාවයකින් තමයි මැය අවබෝධ කරගෙන තිබෙන්නේ. එම පොත කියවු විස්තරය මැයගේ යටි සිතෙහි තැන්පත් වී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙය ඉස්මතු වී තිබෙනවා.

    ඇත්තටම බිය ඇතිවෙන්නත් බල්ලකුගේ උඩු බුරුලෑම ශබ්දයට නයනා බිය වීමයි. ඒ මත නයනාගේ යටිසිත මගින් එවු දෘෂ්ටි මායාවකට ඇය ගොදුරු වී තිබෙනවා. මෙවැනි අවස්ථා සාමාන්‍ය ජීවිතයේ ඕනෑ තරම් තියෙනවා. මහසෝනා, කළු යකා, ඊරි යකා, මෝහනී, සත්පත්තිනි, කඩවර යකා, කාලී යක්ෂණිය, ඔඞ්ඩි යකා වෙනත් ආදී දෘෂ්ටියන් හරහා මිනිස් සිතට සංකල්පයක් ආකාරයට තියෙනවා. මෙය සත්තකින්ම සංකල්පයක් පමණයැයි විද්‍යාකුලපති මහතා නයනාගේ රෝගී තත්ත්වය ඒ ආකාරයෙන් විද්‍යාත්මකව තහවුරු කර ප‍්‍රකාශ කළේය.

    ඉන් පසු නයනා සොයා යක්ෂ පේ‍්‍රත හෝ සුදු හො කළුයක්ෂණියක් කිසි දිනක ඇය හමුවන්නට නොආවෝය. නයනා ස්වාමියා දු දරුවෝ සතුටින් ජීවත් වුහ

    (සත්‍ය සිද්ධියකි. නම්ගම් පමණක් ආසන්න වශයෙන් වෙනස් කර ඇති බව සලකන්න.)
     
    • Like
    Reactions: DemonAkalanka

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නම් ඉතින් මේ ඔක්කොම විකාර කියල තමයි කියන්නේ. මීට අවුරුදු 60-70 කලින් හිත නිසා කය ලෙඩ වෙනවා කියලත් උන් පිලි ගත්තේ නැහැ. මීට අවුරුදු 350 විතර කලින් ගැලීලියෝ ව සිරබත් කලෙත් ඔය දර්ශනයම තමයි. උන් දැනට හොයාගෙන තියෙන තියරි එකට දාල ඒකට මැච් වෙන්නේ නැත්නම් උන් පිලි ගන්නේ නැහැ කිසි දෙයක්. හොල්මන් ගැනත් කියන්න තියෙන්නේ ඔය දෙයම තමයි.
    මෙහෙමයි, යටි සිතට කරන ඔය මෝහන ප්‍රතිකාරයෙන් අර යකින්න පේන එක නවතින්න පුළුවන්, එතකොට ප්‍රශ්නේ ඉවරයි කියල හිතාගෙන ඉන්නයි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ වෙන ආකාරයකින් තියෙනව. දැන් මේ ඉන්න මිනිස්සු වටෙත් කොචචර බූතයෝ ඉන්න පුලුවන්ද. මිනිස්සුන්ට එන කරදර වලට ඕව කොච්චර බලපාන්න පුලුවන්ද. හැබැයි අපේ සමාජයේ ඒ ඔක්කොම වගේ ප්‍රශ්න මොකක් හරි විද්‍යාත්මක දෙයකට අනුගත කරලා තියෙනව. api හිතමුකො කාගේ හරි වකුගඩුවල පිළිකාවක් කියල. එකට හේතුව එකට රිංගන් ඉන්න ප්රේත ආත්මයක් කියල. යම් කිසි අදයත්මික ප්‍රතිකරෙකින් ඔය ප්රේතය යැවුවම අර ලෙඩේ හොඳ වෙනවා. ඒ වගේම කිමෝ තෙරපි වගේ දෙයකින් එතන රසායන සංයුතිය වෙනස් උනාමත්, එතන ඉන්න අවශ්‍ය පරිසරය වෙනස් වෙනකොටත් අර ප්‍රේතය එතනින් යනවා. ඔය දෙකම කරන්න පුළුවන්.