මන් ජීවිතේටම සම්බන්ද වෙච්ච මුල්ම නූල, මෙහෙම නැගල යනවා දකිද්දී හුඟක් සතුටුයි.
එක පාර කියවල ඉවර කරන්න හිතෙන්නෙත් නෑ ආයි කතා දානකම් ඉවසන් බලන් ඉන්න බෑ. හෙමින් වැඩ කරන තැන වැඩ ඉවර වුනාම කොම්පුටර් එකේ යන්නේ බූතකොටුව තමයි.
ගෙදර ගිහින් කියවන්න බයයි, මොකද කියවල ආයි මගේ ආදරණිය මහත්තය 

එන්න කලින් කෑම හදන්න කුස්සියට ගියාම ඉතින් ආතල්. වැරදිලාවත් මන් නොදැන මහත්තය ගෙදර ඇවිත් කුස්සියට ආවොත්
මගේ කෑ ගැහිල්ලට මහත්තය කෑම එපා කියල සූර කියා කියා පපිම්බිනවා මට. 
මහත්තයා මුස්ලිම් නිසා සිංහල කතා කරාට සිංහල අකුරු කියවන්න බෑ එයාට, අනික හොල්මන් ගැන වැඩිය ඉන්ටරෙස්ට් නෑ. ඒ නිසා මහත්තය ඉද්දි නෝ බූතකොටු.
මන් වැඩ කරන්නේ ලෝ ෆර්ම් එකක. දන්නවනේ දවස පුරා උදේ ඉඳන් ලෙලි යන්න වැඩ කරලා පහමාරට වැඩ ඉවර වුනත් අපි ඇතුලේ වැඩ.
මගේ වැඩ ඉවර වුනත් අක්ක එනකන් ඉන්න ඕනේ (අක්ක විහිලුවට නිතරම කියන්නේ තල වෙලෙද්දී මී බෙටිත් වේලෙනවා කියල 
). ඉතින් අක්ක පරක්කු දාට එයා එනකන් මගේ කොම්පුටර් එකේ බූතකොටුව තමා. ඔය අතර ටොයිලට් යද්දී තමා සනීපෙ. මන් යන විදියට කව්රුහරි CCTV දැක්කොත් හිතයි මන් හොරකමේ යනවා කියල.
එට්චර බයයි. යද්දී හිතනවා අදට නම් මේ කියෙව්වා හොඳටම ඇති කියල, එත් ආයි ඔෆිස් එක ඇතුලට ආවම ඉන්දගන්නේ බූත්කොටුව ඉස්සරහ
. හුඟක් සාර්ථක නූලක්. වැටෙන්න නම් දෙන්න එපා. මටත් වෙලාවක් නොතිබ්බත් වෙලා හොයන් හරි සපෝර්ට් එකක් දෙනවා. මේක කියවන එක ටයිම් වේස්ටින් කියල කව්රු හරි කියුවොත් එයාට පිල්ලියක් යැව්වත් මදි.

නියම නූලක් මේක. මේ නූල ගැන මට කියුවේ මේකේ ඉන්න සීනියර් මෙම්බර් කෙනෙක්. එයාට පින් සිද්ද වේවා.මන් ජීවිතේටම සම්බන්ද වෙච්ච මුල්ම නූල, මෙහෙම නැගල යනවා දකිද්දී හුඟක් සතුටුයි.
එක පාර කියවල ඉවර කරන්න හිතෙන්නෙත් නෑ ආයි කතා දානකම් ඉවසන් බලන් ඉන්න බෑ. හෙමින් වැඩ කරන තැන වැඩ ඉවර වුනාම කොම්පුටර් එකේ යන්නේ බූතකොටුව තමයි.
ගෙදර ගිහින් කියවන්න බයයි, මොකද කියවල ආයි මගේ ආදරණිය මහත්තය
එන්න කලින් කෑම හදන්න කුස්සියට ගියාම ඉතින් ආතල්. වැරදිලාවත් මන් නොදැන මහත්තය ගෙදර ඇවිත් කුස්සියට ආවොත්
මගේ කෑ ගැහිල්ලට මහත්තය කෑම එපා කියල සූර කියා කියා පපිම්බිනවා මට.
මහත්තයා මුස්ලිම් නිසා සිංහල කතා කරාට සිංහල අකුරු කියවන්න බෑ එයාට, අනික හොල්මන් ගැන වැඩිය ඉන්ටරෙස්ට් නෑ. ඒ නිසා මහත්තය ඉද්දි නෝ බූතකොටු.
මන් වැඩ කරන්නේ ලෝ ෆර්ම් එකක. දන්නවනේ දවස පුරා උදේ ඉඳන් ලෙලි යන්න වැඩ කරලා පහමාරට වැඩ ඉවර වුනත් අපි ඇතුලේ වැඩ.
මගේ වැඩ ඉවර වුනත් අක්ක එනකන් ඉන්න ඕනේ (අක්ක විහිලුවට නිතරම කියන්නේ තල වෙලෙද්දී මී බෙටිත් වේලෙනවා කියල
). ඉතින් අක්ක පරක්කු දාට එයා එනකන් මගේ කොම්පුටර් එකේ බූතකොටුව තමා. ඔය අතර ටොයිලට් යද්දී තමා සනීපෙ. මන් යන විදියට කව්රුහරි CCTV දැක්කොත් හිතයි මන් හොරකමේ යනවා කියල.
එට්චර බයයි. යද්දී හිතනවා අදට නම් මේ කියෙව්වා හොඳටම ඇති කියල, එත් ආයි ඔෆිස් එක ඇතුලට ආවම ඉන්දගන්නේ බූත්කොටුව ඉස්සරහ
. හුඟක් සාර්ථක නූලක්. වැටෙන්න නම් දෙන්න එපා. මටත් වෙලාවක් නොතිබ්බත් වෙලා හොයන් හරි සපෝර්ට් එකක් දෙනවා. මේක කියවන එක ටයිම් වේස්ටින් කියල කව්රු හරි කියුවොත් එයාට පිල්ලියක් යැව්වත් මදි.
![]()

මචෝලා, මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් දන්න උන් ඉන්න නිසයි මම මේක උබලගෙන් අහන්නෙ,
මට යලුවක් ඉන්නවා මචො, කෙල්ලෙක් එයාට වෙන ප්රශ්නනක් මේක. එලකිරි යාලුවො ගොඩක් මාව පෞද්ගලිකව දන්න නිසා මම නම නොකියා ඉන්නම් . . .
ඒ ගර්ල් මාර හොද ලස්සන පොශ් කැල්ලක්, Sport Car එකක් එහෙම තියාගෙන ඕන කොල්ලෙක් කොර වෙලායන කැල්ලක්. මේකි ඉගෙනගත්තෙ රට, එහේ ඉද්දි කොල්ලෙක් සෙට් වෙලා බූට් එක කාලා දැන් කිසිම එකෙක් එක්ක යලු වෙන්නෙ නැ, ජොලියට වගේ එකිගෙ නැදැ වෙන මල්ලි කෙනෙක් එක්ක call කර කර රවුම් ගහහ ඉන්නවා ඒ වැරෙන්න වෙන දෙයක් නැ,
ඒත්, කොල්ලෙක් නැතුව අවුරුදු ගානක් ඉදලා මට එක පාරම කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා, මම වැඩිය ගනන් ගත්තෙ නැ, කලින් මගදි මගදි දවස් දෙකතුන කොල්ලො සෙට් වෙනවා, ඒවා එහෙම්මම නවතිනවා, කොච්චර හොද ලස්ස්සන කොල්ලෙක් සෙට් උනත් දවස් දෙකයි.
ඒත් මේ කොල්ලා ගැන මට දිගටම කියන්න ගත්තම මමත් අහුවා විස්තර.
මේකි කියනවා ඌ බැදපු එකක්ලු ලමයි 3 දෙනෙක් ඉන්න එකෙක්ලු. ඒකිට වඩා 15 ක් විතර වයස. මට ඇඩෙන්න ආව. ඇයි හුයන්න එහෙම එකෙක් එක්ක යාලු වෙනද බං ඒ වගේ කෙල්ලෙක්., ඌ දෙයියෙක් ගානට දාලා කතා කරන්නෙ, අර පරන කොල්ලට වඩා ඌ හොදයි ලු. .
(මම දන්නවා බූට් තියපු කොල්ලා ගැන ඌට ගහන්න කොල්ලෙක් හොයන්න බැ ලොවෙත්. ඌ බූට් එක තිබ්බට අද උනත් මේකි ගැන හොයලා බලනවා, Iphone, lap එවනවා)
ඉතින් මට එතනින් තමයි සැකේ පටන් ගත්තෙ, මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. මම කිව්වා ඕක නවත්තන්න කියලා. but then she told me she can't, she told me she wants to have a f##k with him like every damn day. if she couldn't ,shes not falling sleep :/
පස්සෙ මාස දෙක තුනක් මට මේකිව මග ඇරුනා, කතා කරන්න සිද්දිය අහන්න උනේ නැ, මාස දෙකතුනකට පස්සෙ ගියා මම ඒ ගෙදර. අම්මට සිරි, ඒකිව අදුරගන්න බැ,
ඒකි ඉස්සර අදින්නෙ මාර ලස්සනට, දැන් හෝදපු නැති ඩෙනිම් කැල්ලක් ගහගෙන මොලොරහක් නැති ටොප් එකක් දාගෙන ඉන්නවා, කොන්ඩෙ අව්ල් වෙලා, හරියට පීරලා නැ, මූන නිකන් මැරිච්ච කෙනෙක්ගෙ වගේ, ඉස්සර ලගට යනකොට බදාගන්න ආස තරම් සුවදයි, දැන් එහෙම නැ, පන වගේ තියාගෙන හිටිය කාර් එක ගරජ් එකේ හෝදලා වත් නැ. ටවුමට යන්නෙ බස් එකේලු,
මම ලගට වෙලා ඇහුවා විස්තරේ, මම ඒකිට කිව්වා ඌ ඌට වශියක් වත් කරලා වෙන්න ඇති කියලා. මම ඇහුවා පංසල් යමු කියලා, ඒකි කියනවා පංසල් යන්න ආස නැල්ලු.
ඒකිගෙ ගෙදර තියෙන්වා පංසලක් විතර ලොකු බුදු මැදුරක්, ගෙදරම තියෙන සල් ගහකින් හැමදාම මල් තියලා ඇතුල මාර සුවදයි, පිරිසිදුයි, ඒකි තමයි ඒවා කලේ. ඒත් ඒදා මම ගියාම ඒක පිරිසිදු කරලා නැ සති ගනකින්. තිබ්බෙ කටරොලු මල් විතරයි, ඒවා තියන්නෙ ආන්ටි. ඒනිසා මම දැනගත්තා මේකි දැන් බුදුන් වදෙන්නෙ නැ කියලා.
ඒකිට බුදු බැදුරට යන්න බැ හිතෙනවලු, නුහුරු ගතියක් දැනෙනවලු.
මම බලෙන්ම පංසල් එක්කන් ගියා, බැ කිය කිය ආවෙ. හාමුදුරුවො මම හොදට අදුරන නිසා එක්කන් ඇවිත් පිරිත්නූලක් බැන්දා. එනකොට ඒකි ගොඩක් වෙනස් උනා, ඉස්සර වගේ උනා, මැරිලා වගේ හිටපු කෙල්ලට පන ආවා. මූනට වෙනම එලියක් වැටුනා. ආච්චි කෙනෙක් වගේ පංසල් ආපු කෙල්ල ආයෙ ගස්සලා පද්දලා යන්න පටන් ගත්තා. අපි ටිපිටිප් කමු කියලා ඒකි අහද්දි මම දැනගත්තා ඒකි ආයෙ පරන කෙනා වෙලා කියලා.
ඒදා රැ ඒකි මට එලි වෙනකල් කතා කරා, මාර සැහැල්ලුයිලු හිත, ඒකි එදා අපු ගමන් රූම් එක අස් කරලා, ඒ කි කියනවා මාසයක් විතර පරන ඇදුම් හේදුවලු. පස්සෙ අපි දන්න කෙනෙක් ලගට එක්කන් ගිහින් මොනාද මොනාද කරගත්තා, ඒකිට බඩයන්න බෙහෙත් දුන්නා, එතනින් කිව්වා මේකිට චොකොලට් එකක් දීලාලු, ඒක බලෙන්ම වගේ දුන්නා කියලා ඒකිට මතකයි කිව්වා.
එතනින් පස්සෙ ගොඩක් දවස් ඒකි සතුටින් හිටියා.,
ආයෙත් දවසක් මේකි කෝල් කරලා අඩන්න පටන් ගත්තා help me කියලා ආයෙ ඒකිට ඒ වගේ දැනෙනවලු.
ඒකිට හොදට සල්ලි, දෙපල තියෙන්වා අරූ හදන්නෙ මේකිව රවට්ටගෙන දේපල ටික ගන්න, ආන්ටියි අන්කල් දැන් වයසයි. පුතාලත් රට ඉන්නෙ, ඒ නිසා එයාලට මේක කියන්න බැ.
ඒකිව අපි කොච්චර ගලවගත්තත් ආයෙ ඒකිට අරූ වශී කරගන්නවා බං, අරූටත් සාමාන්යෙන් සල්ලි තියෙනවා.
මචොලා, වශි කරගන්න බැරිවෙන්න කරන්න දෙයක් නැද්ද ? රට යැව්වොත් හරි යයිද ? මේකි ගොඩක් කල් රට හිටියෙ ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැ, ඒත් අම්මලා ඉන්නවනෙ බං, ඒ නිසා යවන්න බැ, අම්මලා බලාගන්න මේකි ඉන්නඕන මෙහෙ.
අරූ එයාලගෙ Company එකක Shares අරගෙන දැන් ඌව එලවන්නත් බැ, ඇග්රිමන්ට් එක නිසා.
ඒකිව බේරගන්න විදියක් නැද්ද ?
ආරක්ශාවක් වගේ දෙයක් ?
last saturday mama giya amma ekka oya sasthara kiyana thanakata...amma balen adan giye..owa mama oluwe thiyan piliganne na eth mama bauthikawadiyek neweigampaha naiwala innawa gamage kiyala kenek.surayak dammanam hari


mage kakul dekama pana nathi wela giya bole
e kiyapu okkoma aththa, 1 month kalin car ekak genawa,aduwata ahuwechcha ekak,mama eka adunana yaluwekge sale ekakata damma wikunanna..

මමත් දේව ගනයේ.මට භුත්යො පෙන්නේ නෑ.එත් දෙයක් වෙන්න තප්පර ගානකට කලින් මට කියන්න පුලුවන්..අපේ අම්මාටත් එහෙමයි..උබලට කියන්න ටී වි එකේ මැච් හිටන් අම්මා කියනවා දිනන්නේ කව්ද කියලා..ටක්කෙටම හරි බන්..මම හැදිලා වැඩුනේනේ මාතර දිස්ත්‍රික්කයේ ගමක යක්කු භූතයෝ හොල්මන් මලපෙරෙතයෝ විමානේ..ඒත් මගේ ජීවිතේට මෙහෙම භූත කේස් වල මුණ දීල නෑ
හැබැයි අහපු හොල්මන් කතන්දර නම් අනන්තයි
හැබැයි දේව ගණේ අයටත් හොල්මන් පේන්නෙ නැතිලු![]()
අඩේ කාණුවට අඩි 2ක් තියෙද්දී කවුරු හරි මගේ කරට ඇත තිබ්බා, මම පිටි පස්ස බැලුවම කවුරුත් නැ, අඩේ ඊට පස්සේ තමා මම කානුව දැක්කේ. මාර බේරිල්ලක් බන් බේරුනේ


මම මහ රෑට අනන්තවත් කාර් එකෙ බයික් එකෙ අපෙ ගෙදර යනව, පට්ට කැලෑ පාරක් . ඔය වල් උරො රෑනක් ඉත්තෑවො හාවො ඇරෙන්න වෙන නම් මොකෙක්වත් දැකල නෑ. කොහ්මත් සුදු ඇදන් ඉන්න අන්කල් පස්ස සීට් එකෙ හැමදාම එන හින්ද බයක් දැනෙන්නෑ ...![]()

. මම හැදුන වැඩුන අපේ මහා ගෙදර පිටිපස්සේ තියෙන්නේ ඉස්පිරිතාල වත්ත. ඊට පොඩ්ඩක් එහා ඉස්පිරිතාල වත්තේ මෝචරිය තිබ්බ
. පොඩි කාලේ අපි හවස් වෙනකන් ( මම, මල්ලි, මල්ලිගේ යාලුවෙක් ) සෙල්ලම් කරන්නේ ඔය ඉස්පිරිතාල වත්තේ තමයි. දවසක් ෆන් එකක් ඇවිත් ගෙදරට නොකිය මෝචරිය බලන්න අපි ගියා
. ගියා කියන්නේ ඇතුලට ගියේ නෑ. අපි වෙනදට සෙල්ලම් කරද්දී මෝචරිය ළඟ හරියේ සෙල්ලම් කරන්නේ නෑ. එත් එදා ගිහින් බැලුව. පොඩ්ඩක් ගඳයි තමයි
, එත් අව්ලක් වුනේ නෑ. කවදාවත් හොල්මන් එහෙම දැකල නෑ. එත් එදා ගියාට පස්සේ අම්ම බොරු කතා කියල මාව හොඳට බය කරා පැත්ත පළාතේ නොයන්න අයි 

. මොකද ගෑනු ළමයි හුඟක් පරිස්සම් වෙන්න ඕනෙනේ. එදා එක තේරුනේ නෑ හැබැයි අම්මි කියන දේ අහල හිටිය, එත් අද දන්නවා ඇයි අම්මි බොරු කියල හරි මාව එහෙ යන එකෙන් නැවැත්තුවේ කියල 

. මගේ පණ්ඩිත කමක් නිසා තමා මට වුනානම් වුන දේවල් වුනේ. එත් මෝචරිය ළඟ ඉස්පිරිතාලේ ළඟ කියල බය වුනේ නෑ. ඒ පොඩිකාලෙටත් වඩා මන් දැන් බය කෙනෙක්. මොකද ඔය දේවල් ගාව ඉද්දි පුරුදු වෙනවා, බයක් දැනෙන්නේ නෑ. අනික තමයි, මන් හිතන්නේ නිකන් ඔය හැමෝටම නිතර හොල්මන් පෙන්නේ නෑ විශේෂත්වයක් නැතුව. ඒවා ගැන හොයන්න බලන්න යද්දී තමා ඕව වැඩියෙන් වෙන්න පේන්න ගන්නේ. කාට කොහොම වුනත් මටනම් එහෙමයි. අපි ඒවා ගැන බලද්දී ඇහුම්කන් දෙද්දී අපිගාව negative ෆීලින්ග්ස් වර්දනය වෙනවා වගේ දෙයක් වෙනවා. (එක හරියට තේරුම් කරන්න දන්නේ නෑ) එත් එහෙම අහල තියෙනවා. ඒ නිසා දවසේ පැය 24ම ඕව ගැන බලන්න
කියලයි මම කියන්නේ. අපි කවද හරි දවසක හොල්මනක්ම වෙන්නත් පුලුවන් 
, එත් එහෙම නොවෙන්න අපි වැඩියෙන් අහන්න ඕනේ අපි පිළිපදින කුමන හෝ ආගම දහම ගනයි. කොච්චර දහම් මේ ලෝකේ තිබ්බත් ඒ දහමයන්ගේ සත්‍ය කියන්නේ එකම දෙය. මේවා බලලා දැනුම අරන් තමන්ගේ ආගම දහම පිළිපැද ගෙන ලස්සනට ජීවත් වුනොත් අපිත් දවසක ඔහොම හොල්මන් වෙලා අනිත් අයට කරදර කරන එක නොවී තියෙයි. 
ඒ නිසා තාත්තිට වෙච්ච කතා වලින් සමහරක් නම් මන් දන්නවා. ඒවා දාන්න බලන්නම් හිමින් හිමින්.කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්.
සිද්දිය මේකයි. මේක සිද්ද උනේ 2001 අවුරුදේ. දවස ඉරිදාවක්. ඉරිදට ඉතින් කට්ටියට කැසිල්ල වගේනේ අතේ තියෙන තුට්ටුදෙක කුඩුකරගත්තේ නැති උනාම. සතියේ දවස් 5 මැරීගෙන වැඩ කරපන්. හවසට සෙට් උනොත් හීනියට දෙකක් දාපන්. සෙනසුරාදා රෑට හොඳට බීපන්. ඉරිදට රවුම් ගහපන්. ඕකනේ ඉතින් සාමාන්‍ය රටාව. ඔන්න ඉතින් ඉරිදා උදේම එකෙක් අමතනවා උණවටුනේ නාන්න යන්න ඕනෙලු. මුන් හරියට කතාකරන්නේ උන් මට පඩි ගෙවන ගානට. යන්න ඕන කිව්වොත් ඉතින් යන්නම ඕන. මොකද උන්ට යන්න වහනයක් නැති හින්ද මගේ වැන් කටුව හරියට උන් අරන් දුන්න හා සමානයි. කරුමෙට එදා වාහනේ හයර් එකක් ගිහින්. එත් ඉතින් මුන්ගෙන් කොහොම බේරෙන්නද. ඔන්න ඉතින් හිතවත් අයිය කෙනෙකුගෙන් වැන් එකක් ඉල්ලගත්ත. හැබැයි එක කොන්දේසියක් උඩ. හවසට එයාගේ වාහනේ ටිකක් එහා තියෙන නගරෙකට අරන් ගිහින් එයාගේ යාලුවෙකුගේ විකුනන්න තියෙන වහනෙක ආලෝ වීල් 4 මේකට දාගෙන මෙකෙතියෙන වීල් 4 එකට දාල එන්න ඕන. ඔන්න ඉතින් දෙල් එක හරි. අපි ඉතින් ගිහින් උණවටුනේ නාල කරලා හවස් වෙද්දී ආව මේ රෝද මාරුකරන වැඩේට. උණවටුනේ ඉඳන් පැය 2 ක් විතර දුර යන්න ඕන. (ලංකාවේ දුර මනින්නේ විනාඩි වලින්නේ මචන්ලා) ඔන්න ඉතින් ඇවිත් වාහන දෙකම අරන් අව ටයර් කඩේකට. ඇවිත් වැඩේ පටන් ගත්ත විතරයි මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්. ඒ කාලේ ඉතින් motorola one touch ezy කියන ෆෝන් එක තමයි එලම ලූක් එකක් තියෙන ෆෝන් එක. ඔයින් එකෙක් තිබුන මගේ යාලුවෙක් ළඟ. ඌට ජොබක් නැති උනාට ෆෝන් එකනම් ලංකාවට ෆෝන් අපු දවසේ හිටන්ම තිබුන. ඕකට තමයි මට ගෙදරින් කෝල් එක අවේ. ගෙදර පොඩි කරදරයක්. මගේ නෑයෙක් (තාත්තගේ අයිය) අසනීප වෙලා පැත්තක් පනනතිවෙන තත්වෙට ඇවිත්ලු. එකපාරටම මේ හොඳට හිටපු මනුස්සය. ගමේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. දැන් එතනින් ලොකු ඉස්පිරිතාලෙකට යවන හදනවලු. එයා මාව අහනවලු එන්න කියන්න කියනවලු. මොකද මගේ මේ ඥාතිය මට හරිම ආදරෙයි. එත් ඉතින් මේ රෝද ගලවපු වාහනේ කොහොමද දෙයියනේ එක පාරටම යන්නේ. ඔන්න අනික් වාහනේ රෝද ටික මාරුකරගෙන උන් යන්න ගියා. මේ වාහන දෙකම එකම ජාතියේ ඒවා හොඳේ. දැන් ඉතින් ඔලුවත් අවුල් වෙලා යන්නත් හදිසි හින්ද අපි කට්ටියත් වැඩේට බැහැල රෝද 4 හයි කර. හයි කරලා වාහනේ යන්න පිටත් වෙන්නයි දැන් සුදානම. මොන යමක්ද දෙයියනේ වාහනේ හොලවන්නවත් බැහැ. වාහනේ ස්ටාට් වෙනවා. එත් ගියර් එක දාල ඉස්සරහට යන්න හදකොට වාහනේ ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා. හොලවන්නම බැහැ. දැන් ගෙදරිනුත් කෝල් වල නොකැඩි එනවා ඉක්මනට ඉන්න තැනකින් වර කියල. එත් කොහොම යන්නද. මේ මගුල හොලවන්න බැහැ මේ හොඳට අපු වාහනේ. දැන් අපිට හිතෙන්නේ රෝද 4 මොකක්හරි ප්‍රස්නයක් ඇති කියල අලුතෙන් හයි කරපු. එත් මචන්ලා එකම ජාතියේ වාහන දෙක. එකම රීම් සයිස් එක. මේක කොහොමද වෙන්නේ හිතපල්ලකො. ඒ වාහනේට හරියනවනම් අයි මේකට හරි නොයන්නේ .? දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්ද දුන්න කෝල් එකක් අනික් වාහනේට අයෙත් එන්න මේ රෝද 4 හිරවෙනවා කියල. ඔන්න ඉතින් පැයක් විතර යනකොට උන් අපහු ආව. එතකොට ටයර් කඩේ වහල දැන් කරුවලත් වැටිලා. මොනවා කරන්නද මචන්ලා. පවතින තත්ත්වේ හැටියට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕන. වාහන දෙකේ ජැක් දෙකෙන් හැකි උපරිම ඉක්මනින් රෝද 8 නැවත මාරු කරා. කොහොම හරි පැය දෙකක් විතර ගමන ප්‍රමාද උනා. මාරුකරලා බැලුව දැන් මුකුත් ප්‍රස්නයක් නැහැ. මෙන්න වාහනේ යනවා බබා වගේ. ඔන්න මචන්ලා හැකි උපරිම වේගෙන් කොල්ලෝ සෙට් එකත් එක්කම කෙලින්ම ගෙදර. ආව නෙවෙයි ඉගිල්ලුනා කීවොත් නිවැරදියි. ඇවිත් ගෙදර වාහනේ නවත්තල ගෙදරට ගොඩවෙනකොටම තාත්ත කෝල් කරලා අම්මට කිව මගේ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියපු එයාගේ අයිය නැති උනා කියල. (මැරෙනකම්ම මාව අහල තිබුනලු). දැන් ඉතින් මොනවා කරන්නද මම අම්මවත් එන්න පිටත් උනා තාත්තගේ මහ ගෙදරට (මගේ ගෙදර ඉඳන් විනාඩි 10 විතර දුර). ඒ කියන්නේ මගේ ආච්චි ඉන්න ගෙදරට කොල්ලෝ සෙට් එකත් එක්කම තමයි අවේ..(උන්ට හෙන ෆන් ඉතින් දැන් නොමිලේ ෆන් එකක් ගන්නනේ තියෙන්නේ මළගෙදර ඉවරවෙනකම්ම) මේක කියවන අයට මම නැවත කියනවා මේ ලියන්නේ 100% ක් සත්‍ය සිදුවීමක් කියල. මම මගේ ආච්චි ගේ ගෙදරට එනකොට මගේ ආච්චි (4 පෝයටම සිල් ගන්න ඉතාමත්ම හොඳ සෞක්‍ය මට්ටමක හිටපු කෙනෙක් මගේ ආච්චි. වයස ඒ වෙද්දී 80 ක් විතර වෙන්න ඇති. එත් ඇස් කන්නාඩි නැතුව පත්තරේ බලන මට්ටමේ හිටිය.) ඉස්සරහ ඉස්තෝප්පුවේ පඩිය උඩ අඬ අඬ ඉන්නවා. එයාගේ ලොකු පුතා තමයි දැන් මොහොතකට කලින් නැති උනේ. ආච්චි මාව දැක්ක ගමන් නැගිටලා ඇවිත් මගේ ලඟට ආවා ඒ එනකොටම ආච්චිට සිහි නැතුව ගියා. මම පැනල ආච්චිව වැටෙන්න නොදී අල්ලගත්ත. ඒ එක්කම ආච්චිව උස්සල අපි ඇඳෙන් තිබ්බ. ආච්චිලගේ ගෙදර ළඟ ඉන්නවා අපේ ඥාති වෙන නර්ස් කෙනෙක්. එයත් මේ වෙලාවේ මෙහෙට ඇවිත් උන්න . මලගේදරක් උනා හින්ද විනාඩිය දෙක යනකොට අහල පහල උදවිය එනවනේ ඉතින්. මේ කියන නර්ස් අක්ක ආච්චිගේ තත්වේ බලල මට කීව මල්ලි ආච්චිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න එයාගෙත් තත්වේ ඒ තරම් හොඳ නැහැ කියල. ඒ වෙද්දී ආච්චිට සිහිය එමින් තිබුනේ. කොරේ පිටට මරේ කීවලු. දැන් ඉතින් මක් කරන්නද අපි ඉක්මනින් ගමේ ඉස්පිරිතාලෙට ආච්චිව ඇතුල් කරා. ඉතින් ඩොක්ටර් බලල මට කතාකරල කීව ටිකක් බලමු කියල. එත් ඩොක්ටර් මොකක් නමුත් වසන් කරන ගතියක් තිබුන. කොහොමහරි පැය බාගයක් විතර යද්දී ආච්චිට සිහිය ආවා. එත් එයාගේ පුතා නැති උනා බව එයාට මතක නැහැ. ටික වෙලාවක් යද්දී නැති උනා ඥාතියාගේ මරණේ මෝචරි දාල මගේ තාත්ත ඇතුළු කට්ටිය ආව මේ ඉස්පිරිතාලෙට ආච්චිව බලන්න. ආච්චි තාත්ත දැක්කම ඇහුව අයියට මොකද පුතේ කියල. ඒ කියන්නේ ඒ වෙද්දී ආච්චිට පරණ මතකේ තිබුනේ නැහැ කියල එකයි. දැන් එකෙක් මැරිලා ඉද්දි අපිට මෙතන තවත් බලන් ඉන්න බැරි තැන මම ගිහින් ඩොක්ටර් ගෙන් ඇහුව දුර තියෙන ශික්ෂණ රෝහලට ආච්චිව අරන් යන්නද කියල. ඊට අස්සේ ඩොක්ටර් මට පැත්තකට කතා කරලා කිව්වා මේ ලෙඩාගේ හදවත වැඩකරන්නේ නැහැ එත් ලෙඩා කතා කරනවා. එයටත් මේක මහා පුදුමයක් . ඔයාලට ඕනෙනම් ලෙඩ මහා ඉස්පිරිතාලෙට අරන් යන්න එත් වැඩක් වෙන්නේ නැහැ කියල. දැන් ඉතින් මොකද කරන්න දෙයියනේ. දැන් මම විතරයි මේ කතාව දන්නේ. මේ අතරේ මගේ තාත්තගේ මල්ලි (මගේ බාප්පා) ටිකක් දුර ඉන්නේ (ආච්චිගේ දරුවන්ගෙන් එයා විතරයි දැන් මෙතන නැත්තේ). එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. එයාල මට කතා කරලා කීව එයාල මග එනවා ඉක්මනින් ආච්චිව අරන් යන්න කියල ශික්ෂණ රෝහලට. කට කියන්නද මචන්ලා දැන් මේක. එකෙක් මැරිලා. තව එකෙක් හොඳට කතාකරනවා. එත් අවසිහියෙන් වගේ. දොස්තර කියනවා එයාගේ පපුව නැවතිලා කියල. කියවන උදවියට න්හිතගන්න පුලුවන්ද දැන් මම ඉන්න තත්ත්වේ. කරන්නදෙයක් නැහැ කැමැත්තෙන් ටිකට් කපන අරන් යනවා කියල මම අත්සන් කරලා ආච්චිව දාගත්ත වාහනේට. අද වගේ මතකයි. වේ 11 පහු ඇති වෙලාව . අයෙත් විදුලි වේගයෙන් 40 km එහා තියෙන ශික්ෂණ රෝහලට. බොක්කේ යාලුවෙක් තමයි සේලයින් එක උස්සගෙන අතින් අල්ලන් උන්නේ. අද උ ලංකාවේ ලොකු ටයිල් කොම්පැනියක ලොක්කෙක්. කොහොමහරි අපි හැකි ඉක්මනින් ආච්චිව ශික්ෂණ රෝහලට ඇතුල් කරා. එකේ ඉන්න දොස්තරලා ඔක්කොම වගේ ඇවිත් මේ අරුම පුදුම ලෙඩා බැලුව. හදවත නැවතිලා. එත් ලෙඩා කතා කරනවා. මේ අතරේ ආච්චිගේ බාල පුතත් ආව මෙතනට. එයා ඇවිත් පැය බාගයක් ගියේ නැහැ ආච්චි බඩ රිදෙනවා කීව. ඒ වෙද්දී බාප්පා දැනගත්ත එයත් යන්න කියල හදන්නේ. බාප්පා රතනසූත්රේ කියන්න ගත්ත. විනාඩි 2 ක් වගේ යද්දී ආච්චි නැති උනා. එක ගෙදර මරණ දෙකයි. එකම දවසේ. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ මෙහෙම තමයි. ආච්චි කොයි වෙලෙත් කීව කතාවක් තමයි එයාගේ දරුවෙකුගේ මරණයක් බලන්න එයා ජීවත් වෙන්නේ නැහැ කියන එක. එක එහෙමම සිඉද උනා. එයාගේ දරුවාගේ මරණේ එයාට බලන්න උනේ නැහැ. අපේ පැතිවල කෙනෙක් මරුනහම මරණ නැකතක් කියල එකක් හදනවා. එකට අනුව තමයි මරණේ වැඩ කටයුතු කරන්නේ නැකත් වලට. ලොකු අප්පච්චිගේ මරුන වෙලාව දුන්න ගමන් නැකත් හදන කෙනා කීව ගෙදර කට්ටියට පරෙස්සම් වෙන්න කියල. ගෙදර තව එක්කෙනෙක් මරෙනවමයි කියල. පෙට්ටියේ ගම බිත්තරයක් තියන්නත් කිව්වා. එත් ඉතින් අපි මොකට පරෙස්සම් වෙන්නද ඒ වෙද්දී දෙවැනි කෙනත් මැරිලා ඉවරයි. මම අදටත් විස්වාස කරනවා වාහනේ රෝද මාරුකරපු වෙලාවේ වාහනේ ගල් උනේ මගේ ආරක්ෂාවට කියල. මොකක් නමුත් නොපෙනෙන බලවෙගේකින් මාව පැය දෙකක් එතන හිර කරලා තියාගත්තා. එක තමයි අත්බූත සිදුවීම් පලවෙනි එක මේ කතාවේ. අනික තමා හදවත වැඩ කරන්නේ නැතුව එයාගේ බාල පුතා දකිනකම් ආච්චි මැරෙන්නේ නැතුව හිටපු එක. මේ දෙකම මෙහෙම උනේ අයි කියන්න අදටත් මට උත්තර නැහැ. වගකීමෙන් නැවතත් කියනවා මේ සිදුවීම 100% සත්‍ය සිදුවීමක්. මරණ දෙකම එක ගෙදර එක ළඟ තියල එකම චිතකයක දෙන්නම ආදාහනය කරලා අපි අවසන් කටයුතු කරා. කොල්ලෝ සෙට් එක තෝරන් ගහල ගොඩක් මහන්සි වෙලා ලොකු දායකත්වයක් සැපයුවා මගේ ලඟින්ම ඉඳල. මේ සිදුවීම කොටද්දී ඒ දවසේ දැනුන හිත අමාරුව අයෙත් දැනෙන්න ගත්ත. ඒ දවසට ගිය වගේ. මේක කියවන හිතවතුන්ගෙන් ඉල්ලසිටිනවා මගේ මියගිය ඥාතීන් දෙදෙනාට අපහස කරලනම් කමෙන්ට් දන්නා එපා කියල. බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ.
බූත කොටුවට ජයවේව.![]()


උඹ හිනායනව කියන්නේ මගේ අන්තිම අත්දැකීම කියවල වෙන්න ඇති........ ඇත්තටම ඒක කියවල මටත් හිනා
........ මතකතියාගනින්.....මේ ත්‍රෙඩ් එක බය වෙන්න විතරක් දාපු එකක් නෙමෙයි....... මට මේකෙන් උඹලට පනිවිඩයකුත් යවන්න ඕන
........ මම මේ දාන සමහර අත්දැකීම්, මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ වැරදුන තැන්.....
ඉතින් මේව කියවල ඔය වැරදි කරන් නැතිව ඉන්න බලන්න
...... දැනට ප්‍රශ්ණ තියෙන උන් මේව කියවල තමුන්ට වැරදුන තැන් කල්පණා කරල බලල ප්‍රශ්ණ නැතිකරගන්න
............
මට එන පි.එම්. බැලුවහම මිනිස්සුන්ට ප්‍රසිද්දියේ කියාගන්න බැරි මාර ප්‍රශ්ණ තියෙන්නේ...... ඉතින් මේව කියවල ජීවිත පාඩම් ඉගෙනගෙන පුලුවන් තරම් මේ අද්බූත ප්‍රශ්ණ දාගන්නැතිව සතුටින් ජීවත් වෙන්න බලන්න......
සැර අත්දැකීමක් ඊලඟට දාන්නම්....... දැනට මේ යන විදියට යං.......
අනික් දේ......
භූත කොටුව කියවන අවුරුදු 25 ට අඩු උන් මේක කියවන්නේ උඹලගේ වචනෙන්ම කියනවනම් "ආතල් එකට"........ උන්ට මේකෙයි රුපියල් 50ක් දීල බලන හොරර් ෆිල්ම් එකෙයි වනසක් තේරෙන් නෑ...... මොකෝ ජීවිතේ හැම දුකක්ම උඹලට පෙන්නන් නැතිව කරගහන් යන්නේ උඹලගේ දෙමාපියන් නිසා...... ඒත් බැඳල පවුල් බර දැනෙනකොට....... උඹල උඹලගේ අම්මගෙ තාත්තගේ රෝල් එක කරගෙන යනකොට....... මේ ත්‍රෙඩ් එක කියවන්නේ කියාගන්න බැරි දාහක් ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න හරි, ඉස්සරහට වරද්ද නොගන්න හරියි........ ඕකයි මේ ත්‍රෙඩ් එකේ මට පේන යතාර්තය.......
රියැලිටි එක සැර වැඩිදත් මන්දා.....ඒත් ඉතින් ඕක තමයි ඇත්ත......
රොබොට් අයියා........

මම එළකිරි එක්ක සම්බන්ද වෙන්න හේතු වෙච්ච එකම කාරනාව තමයි රොබට් අයියගේ එළකිරි භූත කොටුව...,ඒකට රොබට් අයියට මම ගොඩක් ස්තුත්යි කරනවා....,
මගේ සියා හොඳ කට්ඨඩියෙක්...මම දන්නා තරමින්... මගේ පරම්පරාවේ හැම කෙනෙක්ම වගේ යන්තර... මන්තර.. ගුරුකම්.. වගේ දේවල් වලට තදින්ම බැඳුනු අය....
ඒ අතුරින්... මගේ සීයා... ගොඩක් හොඳ ගිහි පිරිත් දේශකයෙක්...., ඒ හැමදෙත් එක්කම මම ගොඩක් තදින් මේ අත්භූත
දේවල් විශ්වාස කරනවා... තදීන්ම මේ දේවල් වලට ඇලිල ඉන්නවා.... මොකද මම ලංකාවේ ඉන්නකන්ම මට දැනුනේ කට්ට කුමන්ජල් සුවඳ...
දැක්කේ, මගේ සීයා මතුරන්ව..
හැබැයි මගේ අවාසනාවකට....
මට සීයාගෙන් අපේ පරම්පරාවෙන් පැවතගෙන එන මන්තර සාස්තරය ඉගෙන ගන්න බැරි වුනා...
![]()
හැබැයි, මගේ හිතේ තියෙනවා ලොකු හයියක්
, මට මේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි කියල... හැබැයි අදටත් මට කිසිම මග පෙන්වීමක් නැහැ... හැබැයි... මගේ සීයා කියල තියෙනවා, මම මේ යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න උවමන අවම සුදුසු කම ලබල තියෙනවා කියලා...
'' එක තමයි.. සිහිනෙන් ඌරන් රැලක් මගේ පස්සෙන් පන්නගෙන ඒම...''
ඉතින් මම හිතුව මම සොයාගත්තා දේවල් එක්ක.. මටත් ඔයාල කාට හරි මේ අත්භූත දේවල් සම්භන්දව මගපෙන්වීමක් කරන්න පුළුවන් වෙයි කියල....
මට වෙච්ච එකම භූත සීන් එක මම දැම්මා..., ඒ හැර මට දැනට නම් වෙන අත්දැකීම් නැහැ...,මම මේ ඉන්න රටත් එක්ක මට ඒ සම්භන්ධව අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි කියලත් මම හිතන්නේ නැහැ...,
මොනවා උනත් මේ රටේ හොල්මනකට නම් මාව සෙට් වෙන්න එපා කියල තමයි මම ප්‍රාර්ථනා කරන්නේ... මොකද මම කියන ගථා එකට තේරෙයිද නැද්ද කියන එකේ සැකයක් මට තියෙන නිසා...,
![]()
කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට, සිතල රටක තනිවෙලා ඉන්න මට මේ වගේ ත්‍රෙඩ් එකක් ගොඩක් වටිනවා මගේ ඉලක්කයට යන්න...( යන්තර.. මන්තර ඉගෙන ගන්න ) ඉතින් මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට.. මම දැනට හොයා ගත්ත මන්ත්‍ර සහ නොයෙකුත් අනිත් දේ අප අතර බෙදා ගන්න....
ඉතින් එකට මම මුලින්ම රොබට් අයියගෙන් සහ අනෙකුත් මේ ත්‍රෙඩ් එකට ආදරය කරන සහෝදරයන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා....,
එත් එක්කම මම ඔයාලගෙන්න ඉල්ලන එකම දේ තමයි.... ඔයාල දන්නා ඕනෑම මන්තරයක්, කෙමක්... හෝ වෙන ඕනෑම ගුප්ත දෙයක්... මේ ත්‍රෙඩ් එකේ පල කරන්න... මොකද ඒ දේවල් වලට ඇලුම් කරන අය ගොඩක් ඒ දේවල් වලින් පෝෂණය වෙන්න කැමැත්තක් දක්වන නිසා....
Dමමත් ඇතුළුව..)
ඉතින් මේ කතාව හොල්මන් කතාවක් නොවුනට... කවුරුත් මාත් එක්ක කේන්ති ගන්න එපා... හොඳේ...![]()
ඇසට නොපෙනෙන ලෝකයක් ගැන ඉහලින්ම විශ්වාස කරන කෙනෙක් විදිහට මගේ ගොම්බත්තයා
කියපු දේ තමයි මේ ප්‍රියන්කර කියන භෞතික ශරීරය ඇතුලේ තියෙන මොළ ගෙඩියට
සිග්නල් එකක් දීලා
මේ කරේ..... (මම මේ දේ මේ විදිහටම කිව්වේ ඔබ යමක් තේරුම් ගනීවි කියල.., ඔව්, හිතන්න දෙයක් නැහැ මචන්.... උඹට තේරුම ගන්න තමයි මම මේ දේ මේ විදිහටම කිව්වේ..!!!
)

මමයි මං අඳුරන අක්කිල සෙට් එකයි ඒ උඹල හිටපු තනටම සයිඩ් එකෙන් හිටියේ
උඹ අහපු කතා සේරම මමත් ඇහුව
අපිනං බය උනේ නෑ
පූවො හොල්මන් වලට බය නෑ කියල උඹ දන්නේ නැද්ද යකෝව්
දන්නෙම නෑ
එහා වත්තේ පාක් එකේ දෙන්නත් එක්ක මොනාද කරේ
මං බලාගෙන හිටියේ ඔක්කොම![]()




මචන් මෙහෙමයි........ අමනුශ්‍යයෙක්ට අපි කියන දේ නිවැරදිව ග්‍රහණයකරගන්න විවිද ක්‍රමවේද තියෙනව.............. හිතපන් මම උඹේ හතුරෙක්......... ඉතින් මට උඹට ගේමක් දෙන්න ඕන කියල.....
මම ගිහින් ගුරුන්නාන්සේට වෙන්න ඕන දේ කිවුවම ඌ මගෙන් උඹේ මුලු නම, කොන්ඩගස් ටිකක්, ඇඳපු ඇඳුමක කෑල්ලක් ආදී වූ විවිධ දේවලින් එකක් හරි කීපයක් හරි ඉල්ලනව...... ඒත් උඹ අහල තියෙනවද ගේම දෙන්න ඕන එකාගෙ එඩ්රස් එකත් ඉල්ලනව
?????
එහෙම එඩ්රස් ඉල්ලන්නෙ චන්ඩියෙක්ට ඕඩරේ දුන්නොත් විතරනෙ.......
(අදාල කෙනාව අමනුශ්‍යයින් ටක්කෙටම හොයාගන්න විදිය ඔවුන් භාවිතාකරන ක්‍රමවේද අනුව ගැඹුරින් තේරුම්කරල දෙන්න පුලුවන් වුනත්, මම වැඩිය කතාව දික්ගස්සන්නැතිව පොඩි පැහැදිලිකිරීමක් පමණක් කරන්නම්..........)
ඉහත කියපු විදියට, මම උඹට ගේමක් දෙන්න කට්ටඩියට කිව්වහම, කට්ටඩියගේ භූතයො ටික මගේ මනසට ඇතුලුවෙලා මනස කියවල හිතේ තියෙන එකා හරියට තිතට ගලපල ගන්නව....... උන් මගේ හිතේ උඹ ගැන මට අමතක සිද්දි පවා ලබාගෙන තමයි ටක්කෙටම උඹගැන විස්ස්තරේ එකතුකරගන්නෙ...........
මම ඔය භූතයො හිතට වැදිල හිතේ තියෙන දේ ගන්නව කියන එක ඉතා සරලව ඔප්පු කරන්න පොඩි දෙයක් කියන්නම්...........
මේ ත්‍රෙඩ් එක බලන මොකෙක් හරි එකෙක් නුවර පලාතෙ ඉන්නවනම් අතේ රුපියල් 50ක් 100ක් තියාගෙන (ඊට වඩා එක සතයක් හන්ගගෙනවත් ගෙනියන්න එපා--බුවා ඔක්කෝම උඹටත් නොදැනි සුද්දකරනව...... ඉතිරුවෙන්න බස් ගාස්තුව විතරයි
........ පරිස්සමෙන් හොඳේ) නුවර ක්වීන්ස් හෝටලයට පාරෙන් එහාපැත්තෙ (ශ්‍රී දළදා වීදියෙම නුවර වැව පැත්තෙ, වැව පටන්ගන්න මුල්ලෙම---- හරියරම ශ්‍රී වික්‍රම රාජසින්හ මාවතයි ශ්‍රී දළදා වීදියයි හම්බවෙන තැන නුවර වැවු බැම්මෙ දළදා මාලිගාව පැත්තට වෙන්න
) හිඟන මිනිස්සු, සාත්තරකාරයො, එක්කම සාත්තර කියන සුදු නැශනල් එකක් ඇඳපු, කලු මහත ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි දෙකක් දාපු, ගොඩක් දුරට "දයා අල්විස්" ට සමාන මනුස්සයෙක් ඉන්නව........ පුලුවන්නම් හම්බවෙයල්ල
.......
ඌ උඹලට 10ට අඩු ඉලක්කමක් හංගගෙන අතේ ලියන්න කියල, මූ ඒ ඉලක්කම අපේ අනික් අතේ ලියනව......... මම කට්ටකමට බෑග් එක අස්සෙ අතදාගෙන 13 කියල ලිව්ව........ මූ ඇහුව...... මහත්තය ඉස්කෝලෙ කීයට යනකම් ගියාද කියල...... විලිලැජ්ජාවෙ බෑ..... මූ කියපි 13න 10ට වඩා වැඩියි මහත්තයො කියල.......
ඕකෙ සීන් එක....... අරූට සේවය කරන අමනුශ්‍යය අපේ හිතට එබිකම්කරල ඕන දේ ඒ මිනිහට අදහස් විදියට ලබාදෙනව.........
මම කියපු දේ ටිකක් අවුල් සහගත වුනාට ටිකක් හරි අදහසක් ආව යැයි සිතමි......
රොබොට් අයියා.......
[/SIZE]