මේකනං කතාවක් නෙවෙයි නිකන් සීන් එකක්
අපේ යාලුවෙක් ඉන්නව ටිකක් ලොකු ජොබ්ස් එකක් කරල ෆන් එකේ ජීවත්වෙන, පොර අවුරුදු දෙක තුනකට කලින් ගෙයක් ගත්ත, අරගෙන ටික දවසක් යනකොට හැමදාම රෑට අංකල් කෙනෙක් හොල්මංකරනවලු, බෙල්ල මිරිකන්න හදනව, එහෙන් උගෙ බල්ලො ලෙඩ වෙනව, සමහර බල්ලො නිකන් යකෙක් දැක්ක වගේ බයවෙලා දුවනව වගේ සීන් ගොඩයි, මූටත් ඉතින් හෙන අප්සට්, අපේ උන්ට කිව්ව මේ සිණ් එක, අපේ 6x4 බුවාල කිව්ව අපෝ ඕව බොරු බන් තොට පිස්සු වරෙන් යන්න කියල, ඔය ගිය එකෙක්ගෙ බෙල්ල මිරිකන්න අර අංකල් බුවා ඇවිල්ල බාත් රූම් එකේදි

අරූගෙ කෑගැහිල්ල සද්දෙට අනිත් එකාත් මාරුවෙලා

පස්සෙ කට්ටඩි සෙට් එකක් ගෙනල්ල බැලුව ඒත් උන්ටත් මුකුත් කරගන්න බැරි වුනා, උනුත් බයේ මාරුවුනා, කොහොමහරි අපේ අලුත් ගෙයක් හදල ඒකට බහිරව පූජා/ලක්ශ්මි පූජාවක් කරන්න ඉන්දියාවෙන් වැල්ලවත්ත් කෝවිලට ආපු පූසාරි වරු කට්ටයකට ඔය සීන් එක මම කිව්ව, කිව්ව කියන්නෙ ට්‍රාන්ස්ලේට් කරන එකාට කිව්වහම පොර පුසාරි ලොක්කට සීන් එක කිව්ව, පස්සෙ අරූත් ෆ්‍රී වුනහම පූසාරි සෙට් එකයි අපියි ගියා අර ගෙදරට, මම ඉතින් කෝකටත් තෛලය කියල වාහනේට වෙලා පාරෙ හිටිය

පැය දෙකතුනකට පස්සෙ කට්ටිය ඔන්න ආව, පස්සෙ මම අරූගෙන් සීන් එක ඇහුවහම් කියනව පූසාරි ලොක්ක කිව්වලු ඒ ගෙදර හදන්න කලින් තිබ්බ ගෙදර අයිති අංකල් බුවා ඉඩමට තියෙන තන්හාවට ඕකෙ රිංගන් ඉන්නවලු, ඒ මදිවට පොරගෙ මැරිච්ච බලු තඩියත් ඒක අස්සෙලු, පොරට මොකක්ද යන්තරයක් දාල කරල ඇවිල්ල, දැන් ඌට අංකල්ගෙන් එහෙම කරදරයක් නැහැලු, බල්ලොත් සැපෙන්ලු, ඒත් අපි නං යන්නෙ නෑ පැත්ත පලාතෙ

මොකද අපිට යන්තර දාල නෑනෙ