එළකිරි භූත කොටුව.........

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අමනුශ්‍ය බලවේග කියන දේවල් ලොවෙත් ඇත්ත. තියෙනවා. ඒවායෙන් අපේ මිනිස්සු වැඩ ගන්නවා. අතීතයේ පවා එහෙම උනා. පුරාණ යුධ සටන් වලදී සහ අංගම්පොර සටන් වලදී. වලගම්බාරජතුමා කියන්නේ අමනුශ්‍ය බලවේග වලින් සුපිරියටම වැඩගත්තු පොරක්. ඒවා 100%ක් ඇත්ත. ඒත් මෑත කාලයේ මාධ්‍ය වලින් වාර්ථා කරන සිද්ධි වල නම් ලුණු ඇඹුල් සෑහෙන්න තියෙනවා. ඒවා ඇරලා ගන්න ඕනේ. මෙ කථාව කොටම්දෝ.. නොකොටම්දෝ.. කියලා හිතලා ලියලා දැම්මේ ඒකයි..

:rofl::rofl:
පිං දීලා යවන්න කලින් ඒ මැරිච්ච දෙන්නාව ඇස් දෙකෙන් දැක්කද? :shocked:
 

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43

    මේ බණ අහල පින් අතේ වැඩ කරපල්ලා. මළාට පස්‌සේ ජීවත්වෙලා ඉන්න උන්ගේ පස්සේ වැටිලා උන්ට පවු දිදී පින් ඉල්ලන්නැතිව, හැමවිටම පින් පුරවගනිල්ලා....

    රොබොට් අයියා:frown:


     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft

    මේ බණ අහල පින් අතේ වැඩ කරපල්ලා. මළාට පස්‌සේ ජීවත්වෙලා ඉන්න උන්ගේ පස්සේ වැටිලා උන්ට පවු දිදී පින් ඉල්ලන්නැතිව, හැමවිටම පින් පුරවගනිල්ලා....

    රොබොට් අයියා:frown:



    :love:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ බණ අහල පින් අතේ වැඩ කරපල්ලා. මළාට පස්‌සේ ජීවත්වෙලා ඉන්න උන්ගේ පස්සේ වැටිලා උන්ට පවු දිදී පින් ඉල්ලන්නැතිව, හැමවිටම පින් පුරවගනිල්ලා....

    රොබොට් අයියා:frown:



    hamme robot aiya :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113

    මේ බණ අහල පින් අතේ වැඩ කරපල්ලා. මළාට පස්‌සේ ජීවත්වෙලා ඉන්න උන්ගේ පස්සේ වැටිලා උන්ට පවු දිදී පින් ඉල්ලන්නැතිව, හැමවිටම පින් පුරවගනිල්ලා....

    රොබොට් අයියා:frown:



    ඇයි බං දැන් අවාරෙට පොල් වැටෙනව වගේ මේකට ඔලුව දාල යන්නෙ? :( තව paranomal කතා ටිකක් දාපංකෝ. :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේක මම ජීවිතේට වැඩියෙන්ම බය වෙච්චි සීන් එක.
    අපේ ගමේ ඉස්සර ගෙදර සල්ලි දීල ගත්ත පරණ වලව්වක්. 1994 දී අලුත් ගේ හදනකම් අපි උන්නෙ ඒකෙ. ඒ ගෙදර එච්චර පලදුන්න ගෙදරක් නොවෙයි. හැමදාම මොනව හරි කරදර තිබ්බ.
    ගෙදර හිටිය ඉස්සර හිටිය අප්පො යන්තර මන්තර ගුරුකම් කල, බලගතු උපතක් ලබපු මනුස්සයෙක්. කොච්චර බලගතුද කියනව නම් බදින මැනිකෙල අවුරුද්දකින් පස්සෙ මැරිල තියෙනව. පලවෙනි මැණිකෙ ලමයි නොලබාම මැරිල තියෙනව. දෙවෙනි මැණිකෙ දුව ලැබුනට පස්සෙ මැරිල. ඒ දුවගෙන් තමා අපේ තාත්තා ගෙදර අරගත්තෙ. අප්පො අලින්ට වෙදකම් කරල තියෙනව. අලිවෙදපොත්, අප්පොගෙ පලවෙනි මගුලෙ මගුල් පොටෝ එක, නැකත් පත්තරේ එහෙම දුව ගෙදරින් යත්දි දාලයි ගිහින් තිබුනෙ. අපේ තාත්තා ඒව එක්කාසු කරල අරන් තිබ්බ ෆයිල් එකක දාල. දැනට ඒ ෆයිල් එක මා ගාවයි තියෙන්නෙ. මේ ගමේ පුරාවුර්තයක් තිබ්බ අප්පො කකුලෙ බලගත් සුරයක් දාල තිබ්බ (කකුල පලල දාලයි කියල කියන්නෙ ) ඒ නිසා ආදාහනේදි කකුල පිච්චුනේ නෑ කියල. අපි ඕවගෙ ඇත්ත නැත්ත දැනන් උන්නෙ නෑ. නමුත් අපි අප්පො ආදාහනෙ කරපු තැන දැනන් හිටිය. එතන වෙන කෙනෙක් වලලන්න යත්දි දර සෑයෙ අගුරු හමු උනා පස්සෙ කාලෙක.
    අප්පො දැව්වම පස්සෙ අළු මුටිටියක දාල වත්තෙ තිබ්බ සියඹලා ගහ යට වැලළුවයි කියලයි කියන්නෙ.

    ඔය කියන සියඹලා ගහ පස්සෙ කාලෙක (1997 විතර ) මැරුණ. මැරුනයින් පස්සෙ ඔය හරියේ තේ හිටවන්න කියල අපේ තාත්ත සියඹලා ගහෙ මුල අයින් කෙරෙව්ව.
    සියඹලා ගහේ මුල් අයින් කරල වල සුද්ද කරද්දි මොනවද හම්බ උනේ? මිනී අලු කලයක්. අප්පොගෙ අළු. කලේ බිදිල තිබ්බට අලුගොඩ එහෙම්ම තිබ. පොඩ්ඩක් තෙමිල අකු හේදිල ඇටකටු වගයක් තිබ්බ. එතන තිබු ඇට වලින් ගොඩක් මිනිස් කකුල අස්ථි. මම ඒ ලෙවෙල් කරන් කාලෙනෙ. ඉතින් ඔව්වා අඩුන ගන්න පුලුවන්.

    අපේ තාත්තා මිනී අළු ටිකට කල දේ මම දන්නෙ නෑ අද වෙනකම්. අම්ම කිව්වෙ නම් ඒ වලටම දාල යට කල කියල.

    ඊට පස්සෙ තමයි පටන් ගත්තෙ සන්තෑසිය. දවසක් මම මිදුලෙ ඉදන් පත්තරයක් කියව කියව ඉද්දි අපේ ලිද පාරෙ (වත්තෙ පිරිසිදු ලිදක් තිබ්බ. ගමේ මිනිස්සු ඒ කාලෙ වත්ර ගන්න එනව ) කවුදෝ උස මහත මනුස්සයෙක් එනව පේනව. මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ටිකකින් පේනව මේ මනුස්සය අතේ වතුර භාජනයක් නෑ. මිනිහ මාව දැක්කම මූණේ හිනවක් වත් නෑ. මට හොදට දැකල පුරුදුයි වගේ. සාමන්යයෙන් වත්ර ගන්න එන මිනිස්සු ඔක්කොම අපිව දන්නව. අඩු ගානෙ වචනයක් වත්නොකිය යන්නෙ නෑ. මට නිකන් සැකයක් ඇති උන. ඉතින් මම තාත්තට කතා කලා. ඒ දවස් වල පොඩි අරියාදුවක් තිබ්බ අපේ තරහ කාරයෙක් ඉඩම උඩින් පාරක් ඉල්ලල. ඒ කවුරු හරි වෙන්නත් පුලුවන් නිසයි තාත්තට කතා කලේ. තාත්ත ඇවිත් පාරට බහිද්දි මිනිහ නෑ. ඒ ඩින්ගට නොපෙනී යන්න බෑ. මීටර් 200ක් විතර පේනව පාර. මම ටිකක් කල්පනා කලා මනුස්සය කවුද කියල. මතක් උනේම නෑ. එදා රෑ නිදා ගන්න ගිහින් රෑ අවදි වෙලා පොඩි පම්ප් එකක් දාන්න මම එලියට බැස්ස. ඒක සාමාන්යයි. ගෙදර බාත් රූම්, කරන්ට් මුකුත් නෑ. චිමිනි ලාම්පුව අතින් අරන් තමයි එලියට යන්නෙ.

    දොර අරිද්දි මෙන්න දොර ඉස්සරහ ඉන්නව මන්ස්සයෙක්! අර දවල් දැක්ක මිනිහමයි. මම බයවෙච්ච පාරට "බුදු අම්මේ" කියල කෑ ගැහුව.ලාම්පුව බිම. කුඩේ කුඩු. ඒ ක්ශනයකින් මතක් උනා ඒ මූණ. මැරිච්ච අප්පො! ගෙදර ෆයිල් එකේ තිබ්බ පින්තූරෙ. ඒ මූණමයි.
    එදා කොච්චර බය උනත් මට කතා කර ගන්න පුළුවන් උනා. අපි එලිවෙනකම් ඇහැරිල. තාත්තගෙ හොද යාලුවෙක් උන්නා ඒ දවස් වල රන්නෙ. ගුරුකම් වලට ගොඩක් ප්රසිද්දයි. ඒ දවස් වල රටේම දන්න නමක්. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ගියා ඒ අන්කල්ව හම්බ වෙන්න. එදා රෑ 10.00 ට වගේ ඒ අන්කල් ආවා තාත්තට් එක්කම කාර් එකේ. ගෝලයො දෙන්නෙකුත් දාගෙන. (එදා එතුමා ඒ කල ක්රියාව අදපවා මා ඉමහත් අගය කරමි. එතරම් ප්රසිද්ද කෙනෙක් තමන්ගේ මෝටර් රතයෙන් සියලු වැඩ අමතක කර පැමිණීම මට එදා අදහාගත් නොහැකි විය ) අන්කලුයි ගෝලයොයි අපිට නිදියන්න කියල එලිවෙනකම් වත්ත පුරා මැතිරුව. අන්කල් නම් කිව්වේ අප්පොගෙ අළු කලේ ගොඩ ගත්ත එකයි හේතුව කියල. ඉතින් අපේ ගෙදර තොවිලයකුයි, තුන් වේල් පිරිතකුයි සන්විදානය උනා. ඒ මුලු කාලේම තාත්තගේ යාළුව අපිත් එක්ක උන්න.
    ඒ අන්කල් කිව්ව අප්පොගෙ ආත්මෙ එලවන්න එයාට හැකියාවක් නෑ කියල. කරදර කරන එක නවත්වන්න පුලුවන් කියල කිව්ව. ඒ ආත්මේ ඉන්නෙ ගේ ඉස්සරහ තියෙන දැවැන්ත කොස් ගහේ කියලත් කිව්ව. අප්පොගේ ෆොටෝ එක ඒ අන්කල් පිරිත් පැන් ඉහල පිච්චුව. ඉතුරු ටික ගෙදරින් පිට කරන්න කිව්ව. ඒ ටික මම ගන්නකම් තිබ්බෙ පන්සලේ ලොකු හාමුදුරුවො ලග. කොහොම හරි එදායින් පස්සෙ මුකුත් උනේ නෑ. හැබැයි තාත්ත ලෙඩින් වැටුන.

    තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.

    ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.
    :confused:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක වුනේ මීට අවුරුදු 2කට විතර කලින්.
    අපේ ගෙදරට තාර පාරේ ඉඳන් එන්න ඕන මීටර් 20ක් විතර බොරළු පාරක.ගෙවල් පාර තාර පාරට සෙට් වෙන තැන තියෙනවා පරණ ගෙයක් එක්ක ලොකු ඉඩමක්.ඒ ගේ අයිති සීය මැරුණා මම මේ කියන සිද්දිය වෙන්න මාසෙකට විතර කලින්.ඒ ඉඩමේ ඒ සීයගෙ ළමයි තව ගෙවල් එහෙම හදන් ඉන්නවා.
    ඔන්න දැන් කතාව පටන් ගන්නවා
    අපේ මස්සිනාට රට යන්න තිබ්බ ඔෆිස් එකේ වැඩකට
    ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර නිසා වාහනේ ආවේ රෑ එකට විතර ගෙදරට
    අපේ ගෙදරට එන පාර එක පාරට හොයා ගන්න අමාරු වුන වාහනේ driver ට රෑ වෙලා නිසා
    ඌ පාර ගාවට ඇවීත් මස්සිනාට call කරා ලඟට ඇවිල්ල ඉන්නේ පාර හොයාගන්න බැරුව කියල
    කොහොම හරි අපේ ගෙදරින් මම විතරයි ඒ වෙලාවේ free හිටියේ
    ඉතින් අම්ම කිව්වා පාරට ගිහින් වාහනේ එක්කන් එන්න කියල
    මම පාර ගාවට ගිහින් driver ට අත වනල වාහනේ පාරට reverse එකෙන් දා ගන්න කියල ආව
    මම එද්දී මට ඇහුන පුතේ පුතේ කියනවා අර මැරුණු සීයාගේ කට හඬින්.
    මට නිදිමත නිසාද දන්නේ නැහැ කොහොම හරි මට ඕක ඒ වෙලාව් එච්චර ගානක් වුනේ නැහැ.
    ඔය සිද්දිය ඔහොමම මටත් අමතක වෙලා තිබ්බේ
    දවසක් හවස මම අම්ම එක්ක කතා කර කර ඉද්දි අම්ම කිව්වා අර සීයාගේ වත්තේ හොල්මන් තියෙනවා කියල
    මම ඇහුව කොහොම එහෙම කියන්නේ කියල
    ඒ වත්තේ පහල තියෙනවා ලිඳක්.කුඹුරු වැඩ කරන මිනිස්සු එහෙම හවසට නානවා ඒ ලිඳෙන්
    දවසක් හවස කොල්ලෙක් ඒ ලිඳෙන් නාන්න ඇවිල්ල බාල්දිය ලිඳට දානකොට කවුරු හරි ඉඳන් වතුර කලත්තනවලු
    කොල්ල එක එච්චර ගණන් අරන් නැහැ .හැබැයි කීප සැරයක්ම ඒ වැඩේ වෙලා.ඒ පාර කොල්ල බලල ලිඳ වටේ ඉන්නවද කියල කවුරු හරි
    කොල්ල දැක්කලු එක පාරට කළු මිනිහෙක් මේ කොල්ල බලද්දිම ලිඳ ගාව ඉඳන් හෙන වේගෙන් පොල් ගහකට නගිනවා ඒ කිට්ටුව තිබ්බ
    මූ ඒක දැකල බය වෙලා දුව ගෙන ඇවිල්ල ඒ සීයාගේ ළමයෙක්ගේ ගෙදරට ඒ ලිඳ කිට්ටුවම තිබ්බ.කොහොම හරි තෙල් මතුරලා එහෙම ඒ කොල්ලට දීල.
    අම්ම ඔය සිද්දිය කිව්වම මමත් කිව්වා මට ඇහුන කියල ඒ සීය පුතේ පුතේ කියල කතා කරනවා කියල එදා රෑ වාහනේට පාර පෙන්නන්න ගියපු වෙලේ.
    අම්ම ඇහුව ඇයි ඕක කලින් නොකිව්වේ කියල.මම කිව්වා මට අමතක වෙලා තිබ්බේ කියල.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මේ බණ අහල පින් අතේ වැඩ කරපල්ලා. මළාට පස්‌සේ ජීවත්වෙලා ඉන්න උන්ගේ පස්සේ වැටිලා උන්ට පවු දිදී පින් ඉල්ලන්නැතිව, හැමවිටම පින් පුරවගනිල්ලා....

    රොබොට් අයියා:frown:


    කතාවක් දාපන්කො..
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඇයි බං දැන් අවාරෙට පොල් වැටෙනව වගේ මේකට ඔලුව දාල යන්නෙ? :( තව paranomal කතා ටිකක් දාපංකෝ. :yes:

    මගාරිනවා නෙවෙයි මචන්, ඇත්තටම මේකට වෙන්කරන්න වෙලාවක් නෑ. ගොඩක් වැඩ, දැන් ළමයි දෙන්නයි. වගකීම් වැඩියි. ගොඩක් වෙලාවට දකිනවා ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා.:yes:
    හොදමදේ මේවා පස්සේ නොයා යථාර්තය දැනගෙන ඉදිරිය සැලසුම්කර ගැනීමයි:yes:


    රොබොට් අයියා:frown:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113

    මගාරිනවා නෙවෙයි මචන්, ඇත්තටම මේකට වෙන්කරන්න වෙලාවක් නෑ. ගොඩක් වැඩ, දැන් ළමයි දෙන්නයි. වගකීම් වැඩියි. ගොඩක් වෙලාවට දකිනවා ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා.:yes:
    හොදමදේ මේවා පස්සේ නොයා යථාර්තය දැනගෙන ඉදිරිය සැලසුම්කර ගැනීමයි:yes:


    රොබොට් අයියා:frown:

    එකත් ඇත්ත තමා බං. හොල්මං ගැන හොයනවට වඩා ළමයි ගෑණි වටිනවා. :yes: ඒත මචං උඹ මේක පටන් ගත්ත කාලෙ වගේ මේකෙ අයිතිකාරය විදියට ඇවිත් යන එක හරි අපට වටිනවා රොබට් අයියේ. :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා :shocked: :shocked:
    ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ :shocked: :shocked:
    අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල :no: :no:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඉස්සර FM එකක් ගියා බං මොකක් හරි. ඔය වගේ එකක් නම මතක නැහැ. හාමුදුරුවොනමක් කරේ.:nerd:

    Tharu FM wala giye. mata mathakai podi kale api ahuwa.. Dan a channel eka na. Ra 8.00pm walata giye
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා :shocked: :shocked:
    ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ :shocked: :shocked:
    අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල :no: :no:

    gedara kawuruth hitiye nathi nisa u hondata gasala nidaganna athi. photo ekak gahuwa kiyala mathaka nathuwa athi :(:(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා :shocked: :shocked:
    ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ :shocked: :shocked:
    අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල :no: :no:

    Yaaluwantamay wenne:eek: