එළකිරි භූත කොටුව.........

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මට නම් හොල්මන් පේන්නේ නැහැ. හැබැයි මාගෙ යාළුවාටනම් පෙනිලා තියෙනවා මාත් එක්ක යනකොට.
    මේක උනේ 2011 වසරේ. මමයි මගෙ යාළුවායි ගියා තවත් එකෙක් බලන්න ටිකක් රෑ වෙලා. එහෙ ගියාම මිනිහා හංගන් හිටපු බෝතලයක් තිබිලා කාටවත් ගෙදර සැක නැති වෙන්න ඒකත් ගහලා කාලා එන්න පිටත් උනා.
    අපේ ගෙවල් වලට එන්න 5km විතර තියෙනවා. එනකොට තමයි දන්නේ හෙල්මට් එක මගෙ යාළුවා දාගෙන නැහැ කියලා. අනිවාරයෙන් පොලිසියෙන් කරවනැල්ල හන්දියේ රෑ ඉන්න නිසා අපි කැලේ පාරකින් යන්න ගත්තා.
    ඔය පාරේ ලයිට් නැහැ. වෙළ අයිනෙන් ගිහිල්ලා රබර් කැලයක් මැද්දට තමයි වැටෙන්නේ. තැනින් තැන ගෙවල් තියෙන්නේ. අන්තිමට තියෙන ගෙදර ලොකු බැම්මක් ගහලා ඉඩම මැද තමයි ගෙදර තියෙන්නේ.හැබැයි බැම්ම වටේට ලයිට් දාලා තියෙනවා. එළියට තියෙනවා.
    අපි එතන නැවතිලා ඒ බැම්මට හුජ්ජ කරා. තුන් මං හන්දියක් තමයි එතන සෙට් වෙන්නේ...
    මගෙ යාළුවා කිව්වා. වරෙන් වරෙන් ගෙදර අයිති කාරයා ද කොහෙද එනවා කියලා. හඳ එළිය තිබුණත් මට නම් කවුරුවත් දකින්න ලැබුනේ නැහැ.
    පිස්සුද බන් කියලා මම බයික් එක ගාවට ගියා. නැවතුනා බන් මිනිහා අපි දිහා බලාගෙන ඉන්නේ යමන් කියලා අරු මට කියනවා. නමුුත් මට කිසිම දෙයක් පේන්නේ නැහැ.
    අරු මම ගාවට ඇවිල්ලා උබට අතන ගෙදරට හැරෙන තැන මිනිහෙක් හිටගෙන ඉන්නවා සුදු සරමක් ඇදන් පෙන්නේ නැද්ද ඇහුවා. එතන පාර තිබුණත් මට මොනවත් පේන්නේ නැහැ.
    පස්සේ මගෙ යාළුවා බයික් එකට නැග්ගා. වරෙන් වරෙන් අපේ පැත්තට එනවා කියලා කිව්වා. මම පිටි පස්ස හැරිලා බලාගෙන හිටියත් මොකවත් දැක්කේ නැහැ. මට හොල්මන් සීන් එක ඒ වෙලාවේ අමතක වෙලා හිටියේ.
    මීටර් 100 විතර යනකොට අරු මට කිව්වා උබට කුණු ගදක් එනවද කියලා. මම කිව්වා නැහැ තේරෙන්නේ නැහැ කියලා. එතකොට තමයි මට මතක් උනේ හොල්මන් සීන් එකක් වත්ද කියලා.
    පහුවදා මිනිහට හොඳටම උණ. බය උන සීන් එකට තෙල් වගයක් ගෙනත් නුලක් දැම්මා. පස්සේ අඩු වෙලා හරි ගියා. මම ඇහුවා කොයි වගේ එකෙක්ද දැක්කේ කියලා.
    මිනිහා කියපු විදිහට ඉදකා තිබුණලු ඔතන බන්දු කට්ටඩි කියලා මිනිහෙක්. උගෙ අවතාරය කියනවා මගෙ යාළුවා දැකලා තියෙන්නේ....
     
    • Wow
    Reactions: sahan50

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මේක මම අහපු කතාවක් සත්‍ය අසත්‍ය බව ගැන වගකීමක් ගන්න නම් මට බැ.....
    හද්ද පිටිසර ගමක හිටියා ජේන් නෝනා කියලා වැන්දඹුවක්.... අවුරුදු 22 විතර කොලු නාම්බෙකුත් ඉන්නවා මේ ගෑනිට. කුඹුරු වැඩ වලට කුලියට යාම තමා දෙන්නගෙ ආදායම් මාර්ගය වුනේ.ජේන් නොනා කාගෙත් හිත දිනා ගත්ත යහපත් කාන්තාවක් වුනා. ඇල කන්ඩියට යාබදව අටව ගත්ත ගේ පොඩ්ඩ ඇරුනම දේපලකට කියලා තිබුනෙ ජේන් නෝනගෙ පරම්පරාවෙන් හම්බුන කලුවර ලී පෙට්ටගමක් විතරයි. මේ පෙට්ටගම දවසට දෙතුන් වතාවක් අතපත ගෑම මැයගෙ දින චරියාවෙ කොටසක් වුනා. ඒකෙ අහවල් දෙයක් තියනවද කියන්න කිසිවෙකු නොදැන සිටියා. එය මවගෙන් දුවට ලැබුන දායාදයක් වන අතර ජේන් නෝනට දියනියක් නොසිටිය බැවින් ජේන් නෝනා එ පිලිබද නිරන්තරයෙන් තනිවම ලතැවුනා.
    ජේන් නෝනගෙ පුතාට කවුරුත් කිවෙ හිච්චියා කියලා. හිච්චියාගෙ හොදම යාලුවා ජෝතියා. දෙදෙනාම කිරියි පැනි වගේ යසට කැපුනා. ගමේ හොද නම දිනා ගත්ත ගජ නාම්බො දෙන්නෙක්. පොදු වැඩ කටයුතු වලට රෑ දවල් නොබලා උදවු උනා.
    දිනක් උදෑසන ජෙන් නොනා අසනීප තත්වයෙන් පෙලුන හෙයින් හිච්චියා පමනක් ගොයම් කයියක් සදහා පිටත් වුනා. නොසිතූ අයුරින් හවස එනවිට හිච්චියා සදහටම තනි කර ජේන් නොනා ජීවිතෙන් සමු අරන් තිබුනා. මිනියක් තබා ගැනිමට තරම් ඉඩක් ඒ පැල්⁣ කොටේ නොතිබුන නිසා හිච්චියාගෙ ලොකු මාම විසින් එම කාර්යය තම කර පිටට ගත්තෙ හිච්චියාව ගෙදර බින්න බස්සව ගැනීමෙ අදහසක්ද හිත් කොනක තබාගෙනයි. මල ගෙදර වැඩකටයුතු අඩුවක් නැතුව කෙරීගෙ ගිය අතර එහි වැඩි බරක් ජෝතියා ඉතා කැමැත්තෙන් දැරීමට වග බලා ගත්තා.
    මධ්‍යම රාත්‍රිය ගෙවී අඩ හෝරාවක් පමන ගත වන විට මුලු ගමම මූකලං අදුරෙ ගිලුන අතර ඝන මීදුමක් අදුරෙ තනි මැකුවා. ගමම නිදි සුව විදින මොහොතේ එයට බාදා කිරිමට ඉද හිට කිරලෙකුගෙ මූසල කෑරිල්ලට අමතරව බල්ලෙකුගෙ උඩු බිරුමක් එකතු වුනා. එකවරම මල ගෙය දෙසින් මහගාලගෝට්ටියක සෙයියාවක් ඇසුනෙ ගමම නින්දෙන් ඇහැ⁣රවමිං. හද්දා තිත්ත කුනුහර්ප වපුරමින් ජෝතියා පාර දිගෙ දිව ආවේ සරමද අත ඇතිවයි. හනිකට පාරට පැනගත් අහල පහල ගම්වැසියෙක් ජෝතියාව නවත්තා ගැනීමට උත්සහ කලද එය අපහසු කරුනක් වුනා.
    "උදේට එන්නම් මාමා"
    යැයි කෑ මොර දුන් ජෝතියා තම දිවිල්ල මදකුදු අඩු නොකලා.
    පසුදා මල ගමට එකතු වු පිරිස අතර මෙවැනි කුසු කුසුවක් ඇති වුනා.
    "උබලට ඇහුනෑ ඊයෙ ගොරිය"
    "අනේද කියන්නෙ ජෝතියයි හිච්චියයි ගහ මරා ගන්නවා ඇහිලයි මාත් ඇහැරුනෙ"
    "මොනා වුනත් හිච්චියා කර දෙ වැරදි. මේ තරම් මල ගෙදරට නැහුන ජෝතියට ගහල පන්නන්නෙ අහවල් වරදක්⁣ කොරාටද"
    "මාමා ⁣මේ මගුලක් කියවනවා මායි ඌයි මරා ගන්නවද මේ කපේට"
    කියමිං ජෝතියා කතාවට එකතු වුනා.
    "අහපංකො මාමා. ඊයෙ රාත්ති⁣රියෙ මම තමා මිනිය ගාව පාලු කැපුවෙ. හැම එකාම වැටුන වැටුන තැං වල බුදි. පහන තෙල් ඉවර වෙන කොට මම ගිහින් තෙල් දමා දමා නිදි කිර කිරා මිනිය ගෑව රෑම තැප්පා. වෙලාවක් නිනව්වක් නැ හැබැයි මට යන්තමට ඇහැ පිය වෙලා තියනවා. එක පාරම මහ හීතලක් ඇගට අල්ලනවා දැනිලා මම ඇහැරුනා. පහනත් නිමිලා. සාලෙ මහ මූකලං කලුවරේ ගිලිලා. පහන පත්තු කරන්න යන්ට හැදුවා හැදුවා මගෙ කකුල් දෙක මට වලංගු නැතුව ගියා. කිව්වට විස්වාස කරපං මාමා එක පාරම පිච්චර් එකක් පෙන්නවා වගේ සූදූ පාට ගෑනු රූපයක් සාලෙ දිගේ ඇදිලා ආවා.. හරියටම බිම නිදන් හිටිය එකාලගෙ ඇගට උඩිං... එක කෙලීංම මගෙ ඉස්සරහින් කාමරේට ඇදුනා. මායි හිච්චියයි ඊයෙ හවස ජේන් නැන්දගෙ පෙට්ටගම මෙහෙට්ට ගෙනාව. අර ගෑනු රූපෙ කෙලින්ම ගිහින් අර පෙට්ටගම උඩ වාඩි වෙලා මයෙ පැත්ත බැලුවමයි ගෑනිව මම අදුර ගත්තෙ. හත්ඉලව්වයි ඒ වෙන කවුරුත් නෙමෙ ජේන් නැන්දා. කොන්ඩෙත් කඩා දාලා ඇස් දිහා දැක්කම මගේ ඇගෙ හිරි ගඩු පිපුනා මාමා. උන්දෑ පෙට්ටගම උඩ ඉදන් දත් විලිස්සලා හිනා උනා.
    "මොන උලව්වකටද බොල පෙට්ටගම මෙහෙ ගෙනාවෙ"
    කියලා මගේ කන අස්සෙ දෝංකාර දෙනවා වගෙ ඇහුනා.
    මගේ යටි පතුලෙ ඉදං ඉස් මුදනට යනකං හීතල වෙලා ගියා. ඔලුව බමන්නාක් වගේ දැනුනා එහෙම්ම සරමත් ගලවලා කුනුහර්ප කිය කිය ගෙදරම දිව්වා මම. මම අහලා තියනවා හෙලුවැල්ලෙන් කුනුහර්ප කියනකොට හොල්මන් එන් නැති වග.ඔන්න ඕකයි වුනේ"
    කියා ජෝතියා තම කතාව අවසන් කරන විට ගම්මු තක්බීරි වි මූන දෙසම බලා සිටියා.
    කොහොමෙන් කොහොම හරි මල ගෙයි වැඩ අවසන් වුනා. හිච්චියා ලොකු මාමාගෙ කෙලි එක්ක එහෙම බින්න බැහැ ගත්තා. නමුත් දිනෙන් දින ගෙයි කලකිරියාව නරක් වුනා. මිනිස්සු පවා ලොකු මාමාලගෙ ගෙදර යන එන එක අඩු උනා.
    දිනක් රාත්තිරියෙ බූරු ඇද මත වැතිර හුන් ලොකුමාමා එක්වරම අවදි වූයේ යමෙකු වැලපෙන හඩ ඇසීමෙනුයි.... තමා අසලින්ම ඇසුනු වැලපුම නිසා ඔහු වියවුල් වී සිටියා. එකවරම දුටු දසුනෙන් ඇස් අදහාගත නො⁣හැකි වු ලොකුමාමා මරලතෝනි තියන්නට පටං ගත්තා. ඔහු දුටුවේ සුදු සාරියක් හැද කොන්ඩෙ කඩා දමා ගත් තම නැගනිය ජේන් නෝනා තම පෙට්ටගම බදා වැලපෙන ආකාරයයි. "මගේ...මගේ...මගේ..." යැයි ඇයි පුන පුනා වැලපෙන්නට වුනා.
    එසැනින් සිහිසුන් වු ලොකු මාමා අනතුරුව දින කිහිපයක් නන්දොඩවමින් සිට බලි තොවිල නටා යලි පියවි සිහියට එලැඹුනා. යතා තත්වයට පත් වු විගස කරන ලද්දෙ පෙට්ටගම නැවත ජේන් නෝනා විසූ පැලට ගොස් දැමීමයි.
    කෙමෙන් කෙමෙන් නිවසට තිබු කරදර අඩුව ගිය අතර පෙට්ටගම සමගම ⁣ජේන් නෝනාගෙ ගෙපැල වල් බිහිවී මිනිස් වාසයෙන් තොරව ගියා. කවදාකවත් එය ඇර බලා නොතිබුන හිච්චියා, ජේන් නෝනා වුවද කිසි දිනක එව විවෘත කල බවක් ඔහුට මතක තිබුනේ නැ . ලොකු මාමාද එහි කුමක් තිබුනේදැයි නොදැන සිට්ය අතර තම මව මරානාසන්න මොහොතේ එය තම නැගනියට බාර දුන් බව පමනක් දැන සිටියා. කල් යත්ම ජේන් නෝනාගෙ මතකය ගම්මුන්ගෙන් ඈත් වුනා. ජේන් නොනා සේම ඇගේ පැල් කොටය සහ පෙට්ටගමද කාලයාගෙ ඇවෑමෙන් පොලවට පස්ව ගියා.
    -නිමි-
     
    • Wow
    Reactions: sahan50

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    "අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ඒ තරමටම අකිල වෘත්ති⁣⁣යෙන් ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. අකිල විසින් නුගේ⁣ගොඩ ප්‍රදේශයේ ස්ටූඩියෝවක්ද පවත්වාගෙන ගියා. අකිලගේ සහායකයා ලෙස කටයුතු කලේ ඔහුගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වු චමීර විසිනුයි.
    දිනය, 2015 අගෝස්තු 31 වැනිදා , වෙලාව ,රාත්‍රි 10.45 යි. අකිල හා චමීර ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ විවාහ උත්සවයක් ඡායාරූප ගත කිරීමට ගොස් මෝටර් රථයෙන් නැවත ආපසු එමින් සිටියා. දෙදෙනාම තරමක් මධුවිත පානය කර සිටි බැවින් මහා මාර්ගයේ ගමන් නොකොට, තරමක් ජනශූන්‍ය කැලෑබද කෙටි මාර්ගයක ගමන් කලා. එදින තද වැසි දිනයක්. අකිල තරමක් වේගයෙන් වාහනය ධාවනය කලා. තද වැස්ස නිසාත්, තම මිතුරා තරමක් බීමත්ව සිටීම නිසාත් වාහනය වේගයෙන් ධාවනය කිරීම පිලිබඳ චමීර තරමක් බිය විය.
    "අකිල..හෙමින් පලයං බං...."
    චමීරට එය කියා නිම කිරීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ධාරානිපාත වර්ෂාව නිසා ඈතින් තරුණියක් පාර මාරු වෙමින් සිටි අකිලට හරි හැටි පෙනුණේ නෑ. අකිලගේ වාහන⁣යේ අධි බලැති ලාම්පු එලිය මුහුණට වැදීම නිසා දෑස් නිලංකාර වී ඇයට පාර මාරු වීමට අපහසු වීමෙන් පාර මැද නතර වුනා. නමුත් තමා වෙත වේග⁣යෙන් පැමිණෙන වාහන⁣යේ වේගය අඩු වන බවක්නම් ඇය දුටුවේ නෑ.
    "මචං මචං කෙල්ලෙක්....ඉක්මනට බ්‍රේක් කරපං!!"
    අකිල ක්ෂණිකව තිරිංග යෙදුවද ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. අහිංසක තරුණිය ද යටකරමින් වේගයෙන් ගමන්ගත් වාහනය මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් නතර උනා. අකිලත් චමීරත් දෙදෙනාම සිදු වූ දෙය සිතාගත නොහැකිව මඳ වේලාවකට කම්පනය පත් වූවා. ක්ෂණිකව පියවි සිහියට පත් ඔවුන් දෙදෙනාම කඩිනමින් වාහනයෙන් බැස තරුණිය වැටී සිටි තැනට දිව ගියා. ඇය බොහෝ අසීරුවෙන් හුස්ම ගනිමින් පණ අදිමින් සිටියා. හිස බොහෝ සෙයින් තුවාල වී රුධිරය ගලමින් තිබූ අතර දකුණු කකුලට බරපතළ ලෙස හානි වී තිබුනා. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇයව රෝහලට ගෙනයාමට හෝ උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් එතනින් පලා යාමටයි. අහිංසක යුවතියගේ පන ගැහෙද්දී ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්ව යාමට සැරසුනා. තරුණිය ඉතා දුබල ලෙස තම අත දිගු කොට "අනේ මාව බේරගන්න" යැයි සිහින් කෙඳිරිලි හඬින් ආයාචනා කලද, එය නෑසුන ලෙස, වාහනය පන ගන්වා ගත් ඔවුන් දෙදෙනා අඳුරේම පලා ගියා..
    ----------------------------------------------------------------
    පසුදා උදෑසන මියගොස් සිටි තරුණියගේ මල සිරුර ප්‍රදේශ වාසීන් විසින් සොයාගෙන තිබුනා. ඇය නමින් කුමුදිනී සඳලතා නම් 21 හැවිරිදි තරුණියක්. ඇය ඇඟලුම් සේවිකාවක ලෙස සේවය කල තැනැත්තියක්. පොලීසිය විසින් විවිධ මානයන් ඔස්සේ කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ සිදු කලද වැරදි කරුවන් පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූයේ නෑ. එබැවින් මේ සිදුවීම තවත් එක් අභිරහසක් ලෙස පොලිස් පොතට එක් වුනා..

    දින සති මාස ලෙස කෙමෙන් කෙමෙන් කාලය වසරක් පමණ ගෙවී ගියා. අකිලත් චමීරත් දෙදෙනා සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් දිවි ගෙවමින් සිටියා.
    දිනක් චමීර තම පරිගණකයෙන් සමූහ ජායාරූපයක් සකස් කරමින් සිටින විට එක්වරම ඡායාරූප⁣යේ සිටි පිරිස අතර අමුතු ඡායාවක් ඇති බව දැක පුදුමයට පත් වුනා. පෙනුමෙන් එය එක් කකුලක් නොමැති කාන්තා රූපය ආකාරයට අපැහැදිලිව සටහන්ව තිබුනා. චමීර මේ බව අකිලටද පෙන්වූ විට ඔහුද පුදුමයට පත් වුනා. ඡායාරූපය ගන්නා අවස්ථාවේ වෙනත් අයෙක් එතන නොසිටි බව ඔහුට හොඳින් මතක තිබුනා. නමුත් පසුව, එය ඡායාරූපය ගැනීමේදී ඇතිවුණු දෝෂයක් ලෙස සලකා එම ඡායාව නොපෙනෙන පරිදි සකස් කරන ලෙස අකිල චමීරට උපදෙස් දුන්නා.....

    එක්තරා සති අන්තයේ දිනෙක අකිල තම නිවසේ සිට ඡායාරූප පෙලක් පරීක්ෂා කරමින් සිටියා. එක්වරම එක් පින්තූරයක කුමක් හෝ අත්භූත යමක් ඇති බව ඔහුට වැටහුණා. නැවත පින්තූර පෙල පරීක්ෂා කරන විට, කාන්තාවන් දෙදෙනෙකු අතර පහලින් පැහැදිලි ලෙස සටහන්ව තිබූ කාන්තා පාදයක රූපයක් දක්නට ලැබුනා. නමුත් පින්තූරයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිටුපසින් කිසි⁣වක් සිටින බවට සලකුණක් තිබුනේ නෑ. මේ දුටු දෙයින් ඔහුගේ සිත කැලඹිමට පත් වුනා. තවත් ඡායාරූප පරික්ෂා කරන විට ඔහුට තවත් ඡායාරූපයක තමන් දෙස බලා සිටින, පාදයක් නැති අත්භූත කාන්තා රුවක් සටහන්ව ඇති අයුරු ඔහුට දක්නට ලැබුනා. එක් වරම ඔහුගේ හිස තුල අකුණක් කෙටුවාක් මෙන් මීට වසරකට පමණ පෙර තම වාහනයට යට වී මියගිය තරුණිය පිලිබඳ මතකයට ආවා. ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙමී⁣ ගොස් කටෙහිද කෙල සිඳී ගියා. කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට ඇතිවුණා........
    ---------------------------------------------------------------
    අකිලත් ,චමීරත් ප්‍රියසම්භාෂණයට සහභාගි වී නැවත එනවිට පාන්දර 2 පසුවී තිබුනා. අකිල චමීරව නිවසට ඇරලවා තම නිවෙස බලා යමින් සිටියා. වැඩි දුරක් යාමට මත්තෙන් අකිලට දුරකථන ඇමතුමක් ලැබුනා. ඇමතුම ආවේ චමීරගෙනුයි.
    "ඇයි මචං හදිස්සියෙම?"
    නමුත් අනෙක් පසින් ලැබුනේ ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල පිලිතුරකි.
    "අකිල...අකිල,,මාව බේරගනින්!!...අරකි මාව මරන්න එනවා...."
    "මචං...ඇයි මේ?..කවුද උඹව මරන්න එන්නෙ?"
    "අර කෙල්ල...එදා අපි අතින්........................."
    ඒ සමගම දුරකථනය විසන්ධි වුනා. අවසානයට අකිලට ඇසුනේ මේ වචන පෙල පමනයි. කඩිනමින් වාහනය හරවා ගත් අකිල චමීරගේ නිවෙස බලා වාහනය ධාවනය කලා. නමුත් ඔහු එහි යන විටත් ප්‍රමාද වැඩියි. ඔහු දුටු දෙයින් ඔහුගේ දෙපා අප්‍රාණික වී මුළු ඇඟම හිරි වැටී ගියා. ඔහු⁣ට දක්නට ලැබුනේ ගෙල සම්පූර්ණයෙන් පිටුපසට අඹරා මරා දමා තිබු තම මිතුරාගේ නිසල සිරුරයි.
    -------------------------------------------------------------
    තම මිතුරාගේ මරනයෙන් පසු අකිල කාලය ගත කලේ බොහෝ කම්පනයෙන් සහ බියෙනි. කාලයක් තිස්සේ සිදුවූ අත්භූත ක්‍රියාවන් හා සම්බන්ධව ගත් කල, චමීරව මරා දැමුවේ අන් කිසිවෙක් නොව, එදා තමන් අතින් මියගිය තරුණියගේ අවතාරය බව ඔහුට පසක් විය. එමෙන්ම මේ අඳුරු ආත්මයේ මීලඟ ඉලක්කය තමන් බවත් ඔහුට තේරුම් ගියා.
    ඇඳේ දිගා වී කල්පනාවේ ගිලි සිටි අකිලට එකවරම තමා අසලින් ශබ්දයක් ඇසුනා. කුමක්දැයි කියා හිස ඔසවා බැලූ අකිල තමා දුටු දර්ශනයෙන් මුළු සිරුරම භීතියෙන් හිරිවැටී ගියා. කුමක්ද ඔහු දුටුවේ?......කළු කෙස් වැටිය මුහුණ වැසෙන සේ දමා ගත් තරුණියක් අකිල සිටි ඇඳ දෙසට බිම දිගේ බඩගාගෙන එමින් සිටියා. ඇගේ හිස බරපතළ ලෙස තුවාල වී තිබු අතර දකුනු කකුලේ දණහිසෙන් පහල කොටස තිබුනේ නෑ. තිබුනේ රුධිරය වෑහෙන මස් ⁣වැදැල්ලක් පමණි. එම තුවාල වලින් ගැලූ රුධිරය කාමරයේ ගෙබිම පුරාම ගලා ගියා. අකිල ඇඳෙන් නැගිට දුවන්න උත්සාහ කලද ඔහු⁣ගේ අත පය සෙලවීමටවත් නොහැකි වන සේ අප්‍රාණික වී තිබුනා. වෙරයොදා කෑගැසීමට උත්සාහ කලද හඬ පිටවූයේ නෑ. කෙමෙන් කෙමෙන් ඇය තමා වෙත ලං වන බවත් මුළු කාමරයම මූසල අඳුරකින් වෙලී යන්නාක් මෙන් ඔහුට පෙනුනා. කෙසේ හෝ ඔහු වෙර යොදා කෑගැසීමට උත්සහ කරනවාත් සමගම ඔහු පියවි සිහියට පැමිණියා, තමා මෙතෙක් වෙලා දුටුවේ භයානක සිහිනයක් බව ඔහුට තේරුම් ගියා. කෙසේ නමුත් කෙදිනක හෝ තමාටද අත් වන්නේ චමීරට අත් වූ භයානක ඉරනම බව අකිලට හොඳහැටි පැහැදිලි උනා. එමෙන්ම මේ භයානක ආත්මයෙන් තමාට මියෙනතුරුම ගැලවීමක් නොමැති බවද ඔහුට පසක් වුනා. මේ අඳුරු ආත්මය තමා වටා සැරිසරන බව ඔහුට හැඟි ගියා. තම කැමරාව අතට ගත් අකිල කාමරයේ ඡායාරූප කිහිපයක් ගත්තා. නමුත් තරුණියගේ අවතාරය එම ඡායාරූප වල සටහන්ව තිබුනේ නෑ. උත්සාහය ව්‍යර්ථ වු නිසා කෝපයට පත් අකිල කැමරාව ඇඳ මතට විසිකර දැමුවා. එක්වරම අහම්බෙන් මෙන් කැමරාවේ shutter එක අකිල දෙසට ක්‍රියාත්මක වුනා. දැඩි චකිතයෙන් යුතුව කැමරාව අතට ගෙන බැලු අකිලට දක්නට ලැබුනේ සිහිනෙන්වත් විශ්වාස කල නොහැකි අන්දමේ භයානක දසුනක්. ඔහුට දක්නට ලැබුනේ මියගිය තරුණියගේ අවතාරය වියරු සිනා නගමින් තම දෙවුර මත නැග සිටින ආකාරයයි.

    පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

    ~නිමි~​
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කතාවක් ලියන්නම්... හොල්මන්ම නැ මේකෙ... පොඩි සිද්දියක් විතරයි .
    ම⁣ට අවුරුදු 18 විතර වෙද්දිත් මම හොද වෘත්තීය මට්ටමේ බේබද්දෙක්...හැබැයි ප්‍රසිද්ධියේ බොන්න බැරි සීන් එකක් අපෙ සෙට් එකේ හැමොටම තිබ්බා. ( ගෙදරින් දැන ගත්තොත් කොටනවනෙ ඒකයි) ඉතිං අපි ගොඩක් දවස් වලට වැව් වල වෙල් වල තමා සෙට් උනේ....
    අපේ සෙට් එකේ හිටියා හොල්මන් ඉන්නවා කියලා පම්පොරි ගහන පොරක්. උන්ගෙ පරන ගෙයක් තියනවා පාලු ⁣වැවෙ වාන් ඇල පැත්තට වෙන්න. ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා තමා මු කියව්වෙ. ඉතිං අපිට ඕක හොද ඔත්තුවක් උනා... හොල්මන් බලන්න නෙමේ සැප⁣ට අඩියක් ගහන්න ඒක පට්ට ප්ලේස් එක නිසා.අපි හරියටම A/L වලට මාස 3කට කලින් ගෙදරට බෝලෙ බස්සලා ගෙදරින් පැන්නා.
    apple vodka 2කුයි cock එකයි... බයිට් වලට හාල් පොල් මුං ඇ⁣ට... හුටා නැනෙ ඒවා නෙමේ.... වඩේ ටිකකුයි කඩල අනම් මනම් අරන් ආවා. ගෙයි අයිතිය තියනා එකා උපාසකයා උ බොන්නැ. එ් හින්දා උ ආවෙ නැ. අපිට කිව්වා "මචන් යතුර දොරෙ උලුවස්ස උඩ තියනවා, හොල්මන් ලයින් එක නිසා කවුරුත් යන්නැ එහෙට"කියලා.
    අපි 9.30 - 10 වෙද්දි පොට් එකට බැස්සා. ගියාම හැමොගෙම ආතල් කුඩු. කැලැ වෙලා මුලු වත්තම. පට්ට මූසසල පාටයි. බලු බල්ලෙක් ගිහින්නැ අවුරුදු ගානකට. අපි එකෙක් වත් නොකිව්වට අරු අර ඉන්නවා කියපු හොල්මන් එහෙන් මෙහෙන් අපේ හිත් වල හොල්මන් කරන්න ගත්තා. පට්ට ගදයි මචන් මුලු වත්තම. එකෙක් නම් කිව්වෙ එම්බාම් සුවදයි කියලා.... (මම ඕවා දන්නෑ මට මතක් වුනේම apple vodka එකේ සුවද)
    කොහොම හරි ඉතිං එකෙක් ගිහිං යතුර ගන්න අත දැම්ම විතරයි මුගෙ මූණ හතරැස් වුනා. බඩු පැකට් මචන්..... යතුර එතන නැ. දැන් ඉතිං අරුගෙ අම්මා ඉවරයි.... අපි හමන්නනව උට. සෙට් එකේ 8 විතර හිටියා මචන් අපි සේරම චෙක් කරත් යතුර එතන නැ. අරැට msg කරාම උ කියනවා එතනමයි තිබ්බෙ..... අපි අතින් අැතුලට වැටෙන්න ඇතිලු.. මුගෙ බයිලා ඇතැරලා අපි එලියෙ ඉදන්ම බොන්න පටං ගත්තා.
    එක බොතයක් ඉවර වෙලත් අපේ එවුන් මීක් කියන්නැ. වෙනදට නම් ඒ වෙද්දි රට අල්ලන්න ටෝක. ඒ පරිසරේ තිබ්බ මුසල කමට අපේ සෙට් එක ටිකක් අවුල් වෙලා හිටියෙ කියලා මට දැනුනා. එක පාරම මුලු ඇගම හිරි වට්ටගෙන පුසො දෙන්නෙක් කෙල ගන්න සද්දයක් ඇහුනා . ඒ සද්දෙ නිකම් මහ අමන සද්දයක්.... අපේ එවුන්ට නැගිට්ටුනා ඉබේටම.
    දැං එක එකා කුටු කුටු ගානවා යන් යන් ඇති බිව්වා කියලා. එහෙන් මෙහෙන් සද්ද වැඩි වෙලා පින්නකුත් ගියා. මොනව වුනත් බොතලේ දාලා යන්න දුකට කට්ටිය ඇබරි ඇබරි හිටියා. ටිකකින් අපේ එකෙන් බයික් එක ස්ටාර්ට් කරන් යන්න ගියා. මුගෙ ආච්චිට හාල් ගරන්ඩ මේ රෑ ගිය එකා අදුරන්නත් බැ. එ් එක්කම තව එකෙක් නැගිලා කැ ගැහුවා "ආන් අරකා දොර ඇරලා ඇතුලට ත් ගියා"කියලා. අපිත් දඩ බඩ ගාලා නැගිටලා ගෙට යන්න හදද්දි ඒත් දොර ලොක්. මම පැනපු ගමන් අරකගෙ කන හරහට ඇතෑරියා පාරක්. මම ඇහුවා මොකාද බොල ඇතුලට ගියේ මේ හැම එකාම ඉන්නෙ කියලා. ඒ කියද්දි මීටර් වුනේ හැමෝම මෙතන ඉන්නව නම් බයික් එකේ ගියෙ මොකාද කියලා. එකෙක් දෙන්නෙක් අවසිහෙන් දොඩවන්නත් ගත්තා.
    මගෙ ඇගෙත් හිරි ගඩු පිපිලා තිබ්බෙ . කොහොම හරි එවෙලෙම සෙනිකව කට්ටිය අඩගහන් ගෙදර ආවා.
    අර මගෙන් ගුටි කාපු එකා අදටත් දිවුරනවා කවුදො දොර ඇරන් ඇතුලට ගියා දැක්ක කියලා. ඒක බොරුවක් නොවන්නෙ උ පහුවදා ඉදලා සතියක්ම හිටියෙ hospital එකේ..... උන ගැනිලා. හැබැයි මාත් දිවුරනවා අපි හැමෝම බලන් ඉද්දි අපේ එකෙක් බයික් එක ස්ටාර්ට් කරන් යනවා හොදටම දැක්කා කියලා.
    කොහෙම උනත් හොදම දේ තමා අර ගේ අයිතිකාර කොල්ලා කිව්ව විදියට නම් වෙනද වගේම යතුරත් දොර උඩ තිබ්බිලා ගත්තලු උ පහුවදා ඇවිත්....
    එදායින් පස්සෙ තාමත් අපි බිව්වෙ නම් නැ..... වැරදුනා. අපි ගෙවල් වල නම් බීවෙ නැ.
    ඔච්චරයි බං හොල්මන් හිටියෙ ඒ සිද්දියේ.....
    කතාව බොරිං වුනාට ඇත්ත කතාවක්.​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

    ~නිමි~​

    එතකොට කවුද කතාව ලේඛකයාට කියල තියෙන්නෙ?
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43

    ethakota bike eka ude thibbada?
    :confused:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කතාවක් ලියන්නම්... හොල්මන්ම නැ මේකෙ... පොඩි සිද්දියක් විතරයි .
    ............................................
    ..................................
    ඔච්චරයි බං හොල්මන් හිටියෙ ඒ සිද්දියේ.....
    කතාව බොරිං වුනාට ඇත්ත කතාවක්.​
    :shocked:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ඒ තරමටම අකිල වෘත්ති⁣⁣යෙන් ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. අකිල විසින් නුගේ⁣ගොඩ ප්‍රදේශයේ ස්ටූඩියෝවක්ද පවත්වාගෙන ගියා. අකිලගේ සහායකයා ලෙස කටයුතු කලේ ඔහුගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වු චමීර විසිනුයි.
    දිනය, 2015 අගෝස්තු 31 වැනිදා , වෙලාව ,රාත්‍රි 10.45 යි. අකිල හා චමීර ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ විවාහ උත්සවයක් ඡායාරූප ගත කිරීමට ගොස් මෝටර් රථයෙන් නැවත ආපසු එමින් සිටියා. දෙදෙනාම තරමක් මධුවිත පානය කර සිටි බැවින් මහා මාර්ගයේ ගමන් නොකොට, තරමක් ජනශූන්‍ය කැලෑබද කෙටි මාර්ගයක ගමන් කලා. එදින තද වැසි දිනයක්. අකිල තරමක් වේගයෙන් වාහනය ධාවනය කලා. තද වැස්ස නිසාත්, තම මිතුරා තරමක් බීමත්ව සිටීම නිසාත් වාහනය වේගයෙන් ධාවනය කිරීම පිලිබඳ චමීර තරමක් බිය විය.
    "අකිල..හෙමින් පලයං බං...."
    චමීරට එය කියා නිම කිරීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ධාරානිපාත වර්ෂාව නිසා ඈතින් තරුණියක් පාර මාරු වෙමින් සිටි අකිලට හරි හැටි පෙනුණේ නෑ. අකිලගේ වාහන⁣යේ අධි බලැති ලාම්පු එලිය මුහුණට වැදීම නිසා දෑස් නිලංකාර වී ඇයට පාර මාරු වීමට අපහසු වීමෙන් පාර මැද නතර වුනා. නමුත් තමා වෙත වේග⁣යෙන් පැමිණෙන වාහන⁣යේ වේගය අඩු වන බවක්නම් ඇය දුටුවේ නෑ.
    "මචං මචං කෙල්ලෙක්....ඉක්මනට බ්‍රේක් කරපං!!"
    අකිල ක්ෂණිකව තිරිංග යෙදුවද ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. අහිංසක තරුණිය ද යටකරමින් වේගයෙන් ගමන්ගත් වාහනය මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් නතර උනා. අකිලත් චමීරත් දෙදෙනාම සිදු වූ දෙය සිතාගත නොහැකිව මඳ වේලාවකට කම්පනය පත් වූවා. ක්ෂණිකව පියවි සිහියට පත් ඔවුන් දෙදෙනාම කඩිනමින් වාහනයෙන් බැස තරුණිය වැටී සිටි තැනට දිව ගියා. ඇය බොහෝ අසීරුවෙන් හුස්ම ගනිමින් පණ අදිමින් සිටියා. හිස බොහෝ සෙයින් තුවාල වී රුධිරය ගලමින් තිබූ අතර දකුණු කකුලට බරපතළ ලෙස හානි වී තිබුනා. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇයව රෝහලට ගෙනයාමට හෝ උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් එතනින් පලා යාමටයි. අහිංසක යුවතියගේ පන ගැහෙද්දී ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්ව යාමට සැරසුනා. තරුණිය ඉතා දුබල ලෙස තම අත දිගු කොට "අනේ මාව බේරගන්න" යැයි සිහින් කෙඳිරිලි හඬින් ආයාචනා කලද, එය නෑසුන ලෙස, වාහනය පන ගන්වා ගත් ඔවුන් දෙදෙනා අඳුරේම පලා ගියා..
    ----------------------------------------------------------------
    පසුදා උදෑසන මියගොස් සිටි තරුණියගේ මල සිරුර ප්‍රදේශ වාසීන් විසින් සොයාගෙන තිබුනා. ඇය නමින් කුමුදිනී සඳලතා නම් 21 හැවිරිදි තරුණියක්. ඇය ඇඟලුම් සේවිකාවක ලෙස සේවය කල තැනැත්තියක්. පොලීසිය විසින් විවිධ මානයන් ඔස්සේ කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ සිදු කලද වැරදි කරුවන් පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූයේ නෑ. එබැවින් මේ සිදුවීම තවත් එක් අභිරහසක් ලෙස පොලිස් පොතට එක් වුනා..
    ----------------------------------------------------------------
    දින සති මාස ලෙස කෙමෙන් කෙමෙන් කාලය වසරක් පමණ ගෙවී ගියා. අකිලත් චමීරත් දෙදෙනා සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් දිවි ගෙවමින් සිටියා.
    දිනක් චමීර තම පරිගණකයෙන් සමූහ ජායාරූපයක් සකස් කරමින් සිටින විට එක්වරම ඡායාරූප⁣යේ සිටි පිරිස අතර අමුතු ඡායාවක් ඇති බව දැක පුදුමයට පත් වුනා. පෙනුමෙන් එය එක් කකුලක් නොමැති කාන්තා රූපය ආකාරයට අපැහැදිලිව සටහන්ව තිබුනා. චමීර මේ බව අකිලටද පෙන්වූ විට ඔහුද පුදුමයට පත් වුනා. ඡායාරූපය ගන්නා අවස්ථාවේ වෙනත් අයෙක් එතන නොසිටි බව ඔහුට හොඳින් මතක තිබුනා. නමුත් පසුව, එය ඡායාරූපය ගැනීමේදී ඇතිවුණු දෝෂයක් ලෙස සලකා එම ඡායාව නොපෙනෙන පරිදි සකස් කරන ලෙස අකිල චමීරට උපදෙස් දුන්නා.....
    ----------------------------------------------------------------
    එක්තරා සති අන්තයේ දිනෙක අකිල තම නිවසේ සිට ඡායාරූප පෙලක් පරීක්ෂා කරමින් සිටියා. එක්වරම එක් පින්තූරයක කුමක් හෝ අත්භූත යමක් ඇති බව ඔහුට වැටහුණා. නැවත පින්තූර පෙල පරීක්ෂා කරන විට, කාන්තාවන් දෙදෙනෙකු අතර පහලින් පැහැදිලි ලෙස සටහන්ව තිබූ කාන්තා පාදයක රූපයක් දක්නට ලැබුනා. නමුත් පින්තූරයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිටුපසින් කිසි⁣වක් සිටින බවට සලකුණක් තිබුනේ නෑ. මේ දුටු දෙයින් ඔහුගේ සිත කැලඹිමට පත් වුනා. තවත් ඡායාරූප පරික්ෂා කරන විට ඔහුට තවත් ඡායාරූපයක තමන් දෙස බලා සිටින, පාදයක් නැති අත්භූත කාන්තා රුවක් සටහන්ව ඇති අයුරු ඔහුට දක්නට ලැබුනා. එක් වරම ඔහුගේ හිස තුල අකුණක් කෙටුවාක් මෙන් මීට වසරකට පමණ පෙර තම වාහනයට යට වී මියගිය තරුණිය පිලිබඳ මතකයට ආවා. ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙමී⁣ ගොස් කටෙහිද කෙල සිඳී ගියා. කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට ඇතිවුණා........
    ---------------------------------------------------------------
    අකිලත් ,චමීරත් ප්‍රියසම්භාෂණයට සහභාගි වී නැවත එනවිට පාන්දර 2 පසුවී තිබුනා. අකිල චමීරව නිවසට ඇරලවා තම නිවෙස බලා යමින් සිටියා. වැඩි දුරක් යාමට මත්තෙන් අකිලට දුරකථන ඇමතුමක් ලැබුනා. ඇමතුම ආවේ චමීරගෙනුයි.
    "ඇයි මචං හදිස්සියෙම?"
    නමුත් අනෙක් පසින් ලැබුනේ ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල පිලිතුරකි.
    "අකිල...අකිල,,මාව බේරගනින්!!...අරකි මාව මරන්න එනවා...."
    "මචං...ඇයි මේ?..කවුද උඹව මරන්න එන්නෙ?"
    "අර කෙල්ල...එදා අපි අතින්........................."
    ඒ සමගම දුරකථනය විසන්ධි වුනා. අවසානයට අකිලට ඇසුනේ මේ වචන පෙල පමනයි. කඩිනමින් වාහනය හරවා ගත් අකිල චමීරගේ නිවෙස බලා වාහනය ධාවනය කලා. නමුත් ඔහු එහි යන විටත් ප්‍රමාද වැඩියි. ඔහු දුටු දෙයින් ඔහුගේ දෙපා අප්‍රාණික වී මුළු ඇඟම හිරි වැටී ගියා. ඔහු⁣ට දක්නට ලැබුනේ ගෙල සම්පූර්ණයෙන් පිටුපසට අඹරා මරා දමා තිබු තම මිතුරාගේ නිසල සිරුරයි.
    -------------------------------------------------------------
    තම මිතුරාගේ මරනයෙන් පසු අකිල කාලය ගත කලේ බොහෝ කම්පනයෙන් සහ බියෙනි. කාලයක් තිස්සේ සිදුවූ අත්භූත ක්‍රියාවන් හා සම්බන්ධව ගත් කල, චමීරව මරා දැමුවේ අන් කිසිවෙක් නොව, එදා තමන් අතින් මියගිය තරුණියගේ අවතාරය බව ඔහුට පසක් විය. එමෙන්ම මේ අඳුරු ආත්මයේ මීලඟ ඉලක්කය තමන් බවත් ඔහුට තේරුම් ගියා.
    ඇඳේ දිගා වී කල්පනාවේ ගිලි සිටි අකිලට එකවරම තමා අසලින් ශබ්දයක් ඇසුනා. කුමක්දැයි කියා හිස ඔසවා බැලූ අකිල තමා දුටු දර්ශනයෙන් මුළු සිරුරම භීතියෙන් හිරිවැටී ගියා. කුමක්ද ඔහු දුටුවේ?......කළු කෙස් වැටිය මුහුණ වැසෙන සේ දමා ගත් තරුණියක් අකිල සිටි ඇඳ දෙසට බිම දිගේ බඩගාගෙන එමින් සිටියා. ඇගේ හිස බරපතළ ලෙස තුවාල වී තිබු අතර දකුනු කකුලේ දණහිසෙන් පහල කොටස තිබුනේ නෑ. තිබුනේ රුධිරය වෑහෙන මස් ⁣වැදැල්ලක් පමණි. එම තුවාල වලින් ගැලූ රුධිරය කාමරයේ ගෙබිම පුරාම ගලා ගියා. අකිල ඇඳෙන් නැගිට දුවන්න උත්සාහ කලද ඔහු⁣ගේ අත පය සෙලවීමටවත් නොහැකි වන සේ අප්‍රාණික වී තිබුනා. වෙරයොදා කෑගැසීමට උත්සාහ කලද හඬ පිටවූයේ නෑ. කෙමෙන් කෙමෙන් ඇය තමා වෙත ලං වන බවත් මුළු කාමරයම මූසල අඳුරකින් වෙලී යන්නාක් මෙන් ඔහුට පෙනුනා. කෙසේ හෝ ඔහු වෙර යොදා කෑගැසීමට උත්සහ කරනවාත් සමගම ඔහු පියවි සිහියට පැමිණියා, තමා මෙතෙක් වෙලා දුටුවේ භයානක සිහිනයක් බව ඔහුට තේරුම් ගියා. කෙසේ නමුත් කෙදිනක හෝ තමාටද අත් වන්නේ චමීරට අත් වූ භයානක ඉරනම බව අකිලට හොඳහැටි පැහැදිලි උනා. එමෙන්ම මේ භයානක ආත්මයෙන් තමාට මියෙනතුරුම ගැලවීමක් නොමැති බවද ඔහුට පසක් වුනා. මේ අඳුරු ආත්මය තමා වටා සැරිසරන බව ඔහුට හැඟි ගියා. තම කැමරාව අතට ගත් අකිල කාමරයේ ඡායාරූප කිහිපයක් ගත්තා. නමුත් තරුණියගේ අවතාරය එම ඡායාරූප වල සටහන්ව තිබුනේ නෑ. උත්සාහය ව්‍යර්ථ වු නිසා කෝපයට පත් අකිල කැමරාව ඇඳ මතට විසිකර දැමුවා. එක්වරම අහම්බෙන් මෙන් කැමරාවේ shutter එක අකිල දෙසට ක්‍රියාත්මක වුනා. දැඩි චකිතයෙන් යුතුව කැමරාව අතට ගෙන බැලු අකිලට දක්නට ලැබුනේ සිහිනෙන්වත් විශ්වාස කල නොහැකි අන්දමේ භයානක දසුනක්. ඔහුට දක්නට ලැබුනේ මියගිය තරුණියගේ අවතාරය වියරු සිනා නගමින් තම දෙවුර මත නැග සිටින ආකාරයයි.
    ----------------------------------------------------------------
    පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

    ~නිමි~​

    Me ara film eka ne ban :angry::angry: Shutter
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    "අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ... පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

    ~නිමි~​

    කතාවක් ලියන්නම්... හොල්මන්ම නැ මේකෙ... පොඩි සිද්දියක් විතරයි ...... කතාව බොරිං වුනාට ඇත්ත කතාවක්.​

    අඩේ පට්ට මචං. එල කිරි. තවත් ලියමු. :):)

    +REP

    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    18422513_122606014971525_3486306587196784146_o.jpg