දෝව බස් රිය අනතුර සහ දත් ඈන්ද.
මෙම බස් රිය අනතුර සිදු වූයේ මාගේ මතකයේ හෑටියට 1968 - 1969 වකවාණුවේ බණ්ඩාරවෙල දෝවේදී ය. මෙම අනතුර මුළු ලංකාවේම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. මේ හා සම්බන්ධ සිද්ධි කිහිපයකුත් මම සඳහන් කරන්නේ හුදෙක් “සිංහ ලේ” සඳහා සටන් කරණ අය වළුන්ගේ සහ “බම්බුව තමයි” කියන්නන්ගේ දෑන ගෑනිම සඳහා මිස, පහර ගෑසීම සඳහා නොවන බව පමණක් සෑලකුව මෑනවි.
ඒ සිංහලයා සිංහලයාටම කෙලිය කාල වකවාණුවකි. ප්රධාන වශයෙන්ම ගත හොත් සිංහලයාගේ දේශපාලන පලි ගෑනීම් වලින් පිරී ඉතිරී සිංහලයාටම කෙලිය වකවාණුවකි. ආයතනය ලංකාවේ ප්රධාන ප්රවාහන පද්ධතිය වූ ලංගමයි. එහි සිටි සේවකයෝ අනන්ත අප්රමාණ බෑට කා විවිධ ඈත පලාත් වලට මාරු කර දෑමූ අවදියකි. මේ සිද්ධියට මුහුණ පෑවේ පානදුර ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.
පානදුර නගරයෙන් පිටත් වන මෙම බස් රථය හොරණ, කිරි ඈල්ල, රත්නපුර බලංගොඩ. හල්දුම්මුල්ල, බෙරගල, බණ්ඩාරවෙල, දෝව පාර බදුල්ල හරහා කෑට වත්ත දක්වා ගමන් කර රාත්රිය එහි පහන් කර පසුවදා කෑටවත්තෙන් ආපසු පානදුරය දක්වා ගමන් කිරීම මෙහි ගමන් මග විය.
මෙසේ සේවයට යොදවනු ලෑබුවේ කෑටවත්ත ප්රදේශයෙන් දඬුවම් මාරු වීම් ලබා පානදුර ඩිපෝවේ සේවය කළ රියෑදුරු මහතෙකුට සහ කොන්දොස්තර මහතෙකුට යටත් පිරිසෙයින් දින දෙකකට වතාවක් වත් ගෙදර ගොස් ඒමට අවස්තාවක් ලබා දීමට තරම් එම ඩිපෝවෙහි නිලධාරි මණ්ඩලය කාරුණික වූ හෙයිනි.
එම පවුල් වල අය මෙය කියවන්නේ නම් ඔබට යම් අපහසුවක් , කණගාටුවක් , අතීතය සිහිපත් වීමක් සිදු වන්නේ නම් ඒ ගෑන පළමුව සමාව අයදිමි.
මෙම ආයතන වල සේවය කල බොහෝ අය මෙලෙස දඬුවම් මාරුවීම් ලබා ආ අයවලුන් නිසා, මෙවන් ක්රම මගින් තම සහෝදර සේවකයින්ට සහන සෑලසීමට යුහුසුළු වුයේ, ඈත ගමන් වාර යෙදවීමෙන් තම ඩිපෝවට ලෑබෙන ආදායම ද ඉහල යන බෑවිණි.
එමෙන්ම මෙම බස් රථයෙහි ගමන් වාරය නිසා බොහෝ මගියන්ට ද ගමන් පහසුව මෙන්ම ප්රසාදය ද ඈති විය. "කෑටවත්ත බස් එක" යන සුරතල් නාමයෙන් හෑඳින්වූ මෙය බලා පොරොත්තුව සිටි මගියන් සංඛ්යාව දිනෙන් දින ඉහල යන්නට විය. ඩිපෝවෙහි වාර්තා ගත ආදායම ද ක්රමයෙන් ඉහල යන්නට විය. එබෑවින් ඉහල තෑන් වලින් ඈඟිලි ගෑසීම අඩු විය.
බණ්ඩාරවෙල, දෝව යන ප්රදේශය එකල භයානක නපුරු වංගු සහිත පාරක් වූ අතර, හිටි අඩියේම මීදුම පහත් වීම එහි භයානක කම දෙගුණ තෙගුණ කලේය. හොඳින් දන්නා රියෑදුරෝ ඉතා ප්රවේශමෙන් රිය පෑදවූවෝය. මෙම බස් රථයටද ෆොග් ලෑම්ප් එකක් සවි කිරීම සඳහා අවසරය ඉල්ලා ඉහල තෑන් වලට අයෑදුම් කළද, එම ඉල්ලීම් කුණු කූඩයට ගියේ ඉතා විගසිනි. හේතුව වූයේ පානදුර ඩිපෝවෙ බස් එකකට මොන බම්බුවකටද ෆොග් ලයිට් යන තර්කය නිසාය. බසය ගමන් කරන්නේ කොහාටද යන්න වත් සෙවීමට නිලදරුවන් ට වුවමනාවක් නොවීය.
සිද්ධිය වූ දිනයෙහිද සුපුරුදු පරිදි පානදුරයෙන් පිටත් වූ බසය කරදරයක් නොමෑතිව බණ්ඩාරවෙලට පෑමිණ සෙනග බස්සවා සහ නග්ගවා කෑට වත්ත බලා පිටත්විය.
මඳ අඳුරු දිනයක් බෑවින් මඳ වේගයකින් ගමන් කළ බසය නපුරු වංගුවකට එනවාත් සමගම එක්වරම ඝන මී දුමකින් පාර වෑසී ගියේ අඩි දෙකක් තරම් වත් ඉදිරිය නොපෙනී ගිය බෑවිණි. රියෑදුරු ක්ෂණිකව තිරිංග ක්රියාත්මක කලද, ප්රමාද වෑඩි විය. බසය කෙලින්ම වංගුවෙන් පහලට ගියේය. කොන්ඩිත්තම් හතරක් පහක් ගෑසූ කෑටවත්ත බසය අඩි තුන්සියයක පමණ ප්රපාතයකට පෙරෑලී සුණුවිසුණු වී ගියේ බසයෙහි වහලයද ගලවා පසෙකින් තබමිනි.
බසයෙහි ගමන් කල සියළු දෙනාම මියගියෝය. මෙය අප හද කම්පා කළ සිද්ධියක් විය. ඊ ලඟට විනය පරීක්ෂණ ආදිය ආරම්භ විය. සුමාන දෙක තුනකින් ඒවා අවසන් විය. එතෙක් බසයෙහි කෑබලි බණ්ඩාරවෙල ඩිපෝවෙහි ගොඩ ගසා තිබුණි. ඊ ලඟට රෙකර් එකකින් බසයද, ලොරියකින් වහලයද වේරහෑර මධ්යම වෑඩපොල වෙත ඕවර්හෝල් කිරීම සඳහා යෑවිණි.
මෙවන් ගර්භිත, අනතුරු වලට පත් බස් රථ කොටස් කිරීම සඳහා යොදවන්නේද, එවන් ම දඬුවම් මාරුවීම් ලබා වේරහෑර ට එන සේවකයින් ය.
මල් ශාලාවක සේවකයින්ටත් වඩා අසරණ ඔවුන්ට, මෙවන් බස් රථ වල ඈතුලේ තිබී වටිනා නිධාන නිතර සමු වන බව නොරහසකි. පළමුව හයි ප්රෙෂර් හොයිස්ට් එකකින් සෝදනු ලබන ගර්භිත කෑබළි එක් එක් ගොඩ වලට ගලවා වෙන් කරනු ඈත.
ඈතුලෙන් එන මිණී කුණු ගඳ ඉවසිය නොහෑකි තරම් ය. පණුවන් ගෑසූ මිනී මස් කුට්ටි, ඉරුණු ඈඳුම් කෑබලි, දුඹුරු පෑහෑයෙන් වේලුණු ලේ ආදිය මොවුන් ගේ ඉහත ආත්ම වල කරණු ලෑබූ අකුසල කර්ම සිහි කර දෙති. තොග පිටින් එකතු කර එහිම ඈති වෙන් කළ ලොරියකින් කනත්තකට ගෙන ගොස් වළලා එන කුණු වූ මිනී කොටස් ටික රහිත ලොරිය ආ පසු එය හොයිස්ට් එකකින් සේදීම නිතෑනින්ම සිදු වන්නකි.
ඉන්පසුව ක්රමයෙන් ඈළුමීනියම් තහඩු, චෑනල්, එල් බාර් ආදිය සම්පූර්ණයෙන්ම ගලවා ගොඩවල් වලට ගසණු ලෑබේ. ඊ ලඟට ෆ්ලෝ බෝඩ් වීල් හවුසින් ආදිය ගලවා චෑසිය දක්වා ඉවත් කර එන්ජිම, ගියර පෙට්ටිය, ඩිෆරන්සලය, ඩ්රයිව් ශාෆ්ට් එක, සස්පෙන්ශන් බාර් එක ඩීසල් ටෑන්කිය එන්ජිම ආදි සියල්ල ගලවා කෝටුමස් කර නෑවත සෑකසීමෙන් පසු පරීක්ෂණයට ලක් කල චෑසියට නෑවත සවි කිරීම ආරම්භ කරණු ලෑබේ.
ඉන් පසුව බසයෙහි බොඩිය ගොඩනෑගීම ආරම්භ කරණ අතර පාවිච්චි කළ හෑකි සෑම කොටසක් ම නෑවත පාවිච්චියට ගනු ඈත. මේ ඒ සඳහා යන පිරි වෑය අඩු කිරීමෙහි මුවාවෙනි.
සියල්ල සම්පූර්ණ කල පසුව මාසයක පමණ කාලයක් පරීක්ෂණ ධාවන වල යොදවන බසය වෙනත් ඩිපෝවකට පවරනු ලෑබේ.
මෙම බස් රථය ඕවර්හෝල් එකෙන් පසු ලෑබුණේ මහනුවර දකුණු ඩිපෝවටය. එහි සිටි දඬුවම් ලාභී රියෑදුරෙකුට සහ කොන්දොස්තර වරයෙකුට ඈත පිටිසර ගමක් කරා ගමන් වාර කීපයක් මහනුවර සිට ගමන් කරවීම් ඔවුනට නියමිත විය. මොවුන් එම බසයෙහි සේවය කලේ සුමානයකි. දිනක් රාත්රියෙහි අවසාන ගමන් වාරය සෙනග පටවාගෙන යන බසයේ වංගුවකදී රියෑදුරුගේ ඔඩොක්කුවට වෑටුනේ අරම පුදුම දෙයකි. "බුදු අම්මෝ" යයි මහ හඬින් විලාප දුන් ඔහු පුදුම ආයාසයකින් බසය නවත්වා ගෙන බසයේ අත් තිරිංග ඈද රියෑදුරු අසුනින් ඉවතට පෑන්නේය. ඈයි අයියා සර්පයෙක් ද, බසයේ සිටි මගීන් කිහිප දෙනෙක් මෙන්ම බසයේ කොන්දොස්තර තෑනද විමසන්නට වූහ.
නෑහෑ නෑහෑ මල්ලි, දත් ඈන්දක්.............!!!!!!!!!!!!!!!රියෑදුරු තෑන තවමත් ගෑහෙන්නේය. කෙනෙක් ඔහුට බොන්නට දිය බිඳක් දුන්නේය. ලඟ සිටි කිසි අයෙක් දත් බෑඳ සිටි අය නොවූහ. බසයෙහි සිටි මගීන් යුහුසුළුව විදුලි පන්දම් කිහිපයක් දල්වා ගෙන සෙවූහ. කිසිවක් නොමෑත.
ඒ එක්කම ඉදිරියෙන් ආ වෙනත් ලංගම බසයක් ඔවුන් ඉදිරියෙහි නතර විණ. ඈයි අයියෙ? බ්රේක් ඩවුන් එකක් ද? කොන්දොස්තර තෑන බසයෙන් එලියට ඔළුව දා අනෙක් රියෑදුරු ට සිද්දිය රහසින් කිව්වේය.
අප්පොච්චියේ මල්ලි , මේ බස් එක අර දෝවෙ පෙරෑළුනු එකනෙ. මේකෙ හිටිය ඔක්කොම මලා. දන්නෙ නෑතිවද බස් එක බාර ගත්තෙ? කියන විට රියෑදුරුගේ දෑසින් කඳුළු වෑටෙන්නට විය. එහි සිටි තවත් අයෙකුට කතා කල එම බසයෙහි රියෑදුරු බසය ගම්නාන්තය දක්වා පමණක් ගෙන යන ලෙස ඉල්ලා සිටීය.
ඔහුද ලංගම රියෑදුරෙකු විය. නීති විරෝධී වුවද ගමනාන්තය දක්වා ඔහු එම බස් රථය පදවා ගෙන ගියේය. ගමෙහි ගාල් කල බසය එහිම තිබියදී රියෑදුරු සහ කොන්දොස්තර ගෙවල් වලට ගියහ. පසුවදාම වෙනත් වාහන වල මාර්ගයෙන් ඩිපෝවට ආ ඔවුන් දෙදෙන පෑමිණිල්ලක් ඉදිරිපත් කරමින්, එම බස් රථයෙහි නෑවත සේවය කල නොහෑකි බවටත්, තමන්ව වෙනත් සේවාවකට යෙදවිය නොහෑකි නම් වෙනත් ඩිපෝවකට ස්ථාන මාරු ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් ද සිදු විය. රෙකර් එකක මාර්ගයෙන් නෑවත බසය මහනුවර දකුණ ඩිපෝවට ඈදගෙන එන ලදී.
සානුකම්පිතව ඉල්ලීම සලකා බෑලූ පාලනාධිකාරිය ඔවුනට ස්ථාන මාරු ලබාදීමට යුහුසුළු වූ අතර රියෑදුරු මහනුවර උතුර ඩිපෝවට මාරු කෙරිණ. මහනුවර දකුණ ඩිපෝවෙහි මෙම සිද්ධිය සීග්රයෙන් පෑතිර ගියේය. රියෑදුරන් සහ කොන්දොස්තර වරුන් අතර බසය කන්ඩෙම් වී ගියේය. මගියන් ගේ ජීවිත වලට වග කීම භාර ගෑනීමට අසතුටු වූ හෙයින් මෙම බසය ඉහල තෑන් වල අනු දෑනුම මත මහනුවර උතුරට පෑවරිණ. මහනුවර උතුරට මාරු වී ගිය රියෑදුරු මහතාට එහි වෑඩ භාර ගෙන කිහිප දිනකින් අළුත් බසයක් සේවාව සඳහා ලෑබිණ. බසය භාර ගෑනීමට ඩිපෝවට ගිය ඔහුට නිලධාරීන් ඉදිරියෙහි අඬන්නට සිදුවූයේ මහනුවර දකුණින් එපා කියා මෙහි ආ එම බසයම මහනුවර උතුරටත් පෑමිණ ඈති බව දෑකීමෙනි.
අනේ මහත්තයෝ මේ බස් එක හින්දයි මම දකුණෙන් උතුරට ආවෙ. මේකෙ වෑඩ කරන්ඩ බෑහෑ මහත්තයෝ. හොල්මන් බස් එකක් . මගෙ ඔඩොක්කුවට දත් ඈන්දක් වෑටුනෙ මේ බස් එක පදවාගෙන යද්දි.
එම බස් රථය සීග්රයෙන් සුමානයක් ඈතුලත කන්ඩෙම් වූයේ දෙවන වතාවටය. යම් ක්රමෝපායකින් එම බසය ඊ ලඟට කුරුණෑගල උතුරට තල්ලු වී ගියේය. බසය මෙහෙන් කුරුණෑගල උතුරට යන්නට ප්රථම ආරංචිය කුරුණෑගල උතුරු ඩිපෝවට ද ලෑබිණ. එහි කිසිවෙකුත් බසය භාර ගන්නට ඉදිරි පත් නොවූ බෑවින් මෙය නිලදරුවන්ට මහා ඉසරදයක් බවට පත් විය.
තමන් අකෑමති යම් රියෑදුරෙකු කොන්දොස්තර වරයෙකු සිටිත් නම් මෙහි සේවයට යොදවන්නට ඔවුන් යුහුසුලු වූයේ හිසරදයෙන් ගෑලවීමටය. අවසානයේ සේවය හෑර යන්නන් ගේ ද සංඛ්යාව ද වෑඩි වන්නට වූයෙන්, ඉහල අනුමෑතිය යටතේ බස් රථය ආපදා රථයක් බවට වෙනස් විය.
පානදුර - කෑටවත්ත බස් රිය. අවසානයි...............
Source :- FB