එළකිරි භූත කොටුව.........

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම්‍ ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත් අතුරු මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වන ලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්‍රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්‍යමාන ක්‍රියාකාරකම්‍ වලින්ද බහුල පෙදෙසක් ලෙස එය ගම්‍වාසීන් අතර ප්‍රකටය. ඔවුන්ගේ මතය අනුව හවස හයෙන් පසු එහි දිය නෑම හෝ ගැවසීම එතරම්‍ යෝග්‍ය නොවේ. මන්ද ගම්‍වාසීන් බහුතරක් ඒ අවට බොහෝ අද්භුත සිදුවීම්‍ වලට මුහුණ දීමට සිදුව ඇති නිසායි.

    මෙම සිදුවීමට මුහුණ දෙන්නේද එම ග්‍රාමයේම වෙසෙනා තරුණයන් දෙපලකි. දිනක් ඔවුන් සිය යතුරු පැදියෙන් දිය නෑමට සවස හයට පමණ ඇල්ලට ගොස් ඇත. යතුරු පැදිය මාර්ගයේ නවතා කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට යන විට එක්වරම ඔවුන්ට ඇසෙන්නේ කිසියම්‍ පුද්ගලයෙක් උගුර පාදනා හඬකි. ඔවුන්ද එක්වරම ගැස්සී වට පිට බලන්නේ එම හඬ ඔවුන් අසලින්ම ඇහෙනා නිසාය. එහෙත් හතර වටෙන් වටවු ඝන කැලෑව සහ ඇල්ලෙන් ගලාහැලෙන ජල පහරේ ශඛ්‍දය හැරෙන්නට පේන තෙක් මානයක බලු බල්ලෙක්වත් නොමැත. හිත තරමක් ගැස්සී ගියත් එය එතරම්‍ ගණන් නොගෙන ඔවුන් ඇල්ල පේන මානයටම ලඟාවේ. ඔවුන් දිය නෑමට පටන් ගන්නා විටත් හතර අතෙන් ඇඳිරිය වැටීමට පටන් ගෙන තිබුණි. එහෙත් ඔවුන්ට මෙම පෙදෙස එතරම්‍ නුහුරු පෙදෙසක් නොවන නිසා ඔවුන් කිසිදු චකිතයකින් තොරව ආගිය තොරතුරැ කතා බහ කරමින් දිය ස්නානයේ නිරත වෙයි. එක්වරම නැවත ඔවුන්ට ඇසෙන්නේ දරැවකුගේ සිනහා හඬකි. නැවතත් ඔවුන්ගේ සිතට බියක් ඇතුළු වන්නේ වටපිටාවේ කිසිවෙකු නොමැති නිසාත්, මෙම ස්ථානය පිලිබඳ ගම්‍වාසීන් අතර තිබු බියජනක කටකතා ඔවුන් අසා තිබු නිසාත්ය.

    හනි හනිකට ගොඩට පැමිණෙන ඔවුන් ඇඳුම්‍ පැලඳගෙන නිවස කරා යෑමට සුදානම්‍ වෙයි. එක්වරම ඔවුන්ට ඇසෙන්නේ ජලයට යම්‍ බර දෙයක් වැටෙනා හඬකි. පිටුපස හැරී බලන ඔවුන් දකින්නේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. ඇල්ලේ ගලක් මත කුඩා දරුවෙකු සිටගෙන සිටී. නමුත් පුදුමය එය නොවේ. එම දරුවාගේ බියජනක පෙනුමයි. සිරුරේ සම තැනින් තැන පැලී ඒවායින් රුධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන අතර කුණු වී ගිය දෑස් වලින් පණුවන් එලියට පැමිණෙන අතර එම දරුවා එම පණුවන් සිය දෑතින් මුඛයට දමා ගනිමින් චර චර ගාමින් හපයි. ඉන්පසු මහ හයියෙන් වියරැ සිනහා හඬක් නංවමින් වතුරට පැන නොපෙනී ගොස් ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් බියට පත්වු තරුණයන් දෙදෙනා මර හඬ නංවමින් පිස්සුවෙන් මෙන් අඩි පාර දිගේ යතුරු පැදිය දෙසට දුවගෙන ගොස් ඇත. එසේ දුවගෙන යන අතර ඔවුන්ට ඇසෙන්නේ තමා පසුපසින් දිවඑන තවත් යමෙකුගේ අඩි හඬකි. පසුපස බලන ඔවුන් දකින්නේ තවත් පුද්ගලයෙක් තමන් පසුපස දිවඑන අන්දමයි. පුදුමන එය නොවේ. ටික දුරක් දිවඑන එම පුද්ගලයා එක්වරම බිම දණ ගසා තම දෑත පොලවට තබාගෙන සුනඛයෙකු මෙන් මහත් වේගයෙන් පඳුරු අතරින් රිංගා නොපෙනී ගොස් ඇත. බිය දෙගුණ තෙගුණ වන තරුණයන් යතුරු පැදියට ගොඩවී මහත් වේගයෙන් ගම්‍මානය දෙසට පදවාගෙන යයි.

    නිවෙසට පැමිණියද ඔවුන්ගේ බිය පහව නොයන අතර ඔවුන්ගේ තත්වය යම්‍ තාක් දුරට සමනය වන්නේ ගම්‍වාසීන් විසින් ඔවුන් පන්සලට රැගෙන ගොස් තෙල් මතුරා හාමුදුරුවන් විසින් පිරිත් නුල් බැඳීමෙන් පසුවයි. අදටත් ඔවුන් එම සිදුවීම මතක් කරන්නේ මහත් බියකිනි. ඉන්පසු කිසිදාක ඇඳිරි වැටීමෙන් පසු ගමන් බිමන් නොයන බව ඔවුන් පවසයි.

    ඔය සිද්ධිය සිදුවීමට අවුරැද්දකට පමණ පෙර කුඩා දරුවෙකු සහ එම දරැවාගේ පියා කිසියම්‍ පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ඇල්ල ලඟ රක්ෂිතයට ගෙනවිත් දමා ඇත. හැම දෙයක්ම ආරම්‍භ වන්නේ ඉන් අනතුරැවයි. කිසිදාක සැනසීමක් නොලද ඔවුන්ගේ ආත්ම අදටත් ඒ අවට සැරිසරන බව ගම්‍වාසීන්ගේ මතයයි.

    මෙම කතාව කියවන ඔබත් මෙවැනි ස්ථාන වලට විනෝද වීමට යනවා ඇති. එහෙත් අප නොදන්නා එවැනි තැන්වල රහස් බොහෝමයක් සැඟවී තිබෙන්නට පුළුවන්. එම නිසා තමාගේ පරිස්සම තමා විසින්ම සලසා ගැනීම වැදගත්. මන්ද යම්‍ දෙයක් සිදුවීමට පෙර වලක්වා ගැනීම අප කාගේත් සෞඛ්‍යයට හිතකර බැවිනි.


    agh0Fml.jpg
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    මමත් හොල්මන් අවතාර කියන දේවල් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ සිදුවීමෙන් පස්සෙ ඒ ගැන විශ්වාස කරන්න උනා.
    මම මේක ලියන්න හිතුවෙ මගේ මල්ලී කෙනෙක්ගෙ ඉල්ලීම නිසා.

    මීට කලින් කිහිප වරක් පොඩි පොඩි අත්දැකීම් තිබුනත් ඒ කිසිම දෙයක් මම ගනන් ගත්ත කෙනෙක් නෙවෙයි මොකද හොල්මන් අවතාර කියන් දේ ගැන මගේ තිබුනු අවිශ්වාසය නිසා.

    හරි මම දැන් කතාවට යන්නම්, මේක උනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉදන්, මට හදිසියේම ගෙවල් මාරු කරන්න උනා.
    මගේ පවුලෙ මමයි මගේ වයිෆ්, දුව සහ පුතා තමයි ඉන්නෙ දුවට අවුරුදු 6යි. පුතාට අවුරුද්දයි.
    ඉතින් මම හොයල හොයල කොහොම හරි අන්තිමේ බ්‍රෝකර් කෙනෙක් මාර්ගයෙන් ගෙයක් හොයාගත්ත. ගමක් ඇතුලෙ නොවුනත් නිස්කලංක තැනක්. තැන දැක්කගමන් වයිෆ් කැමතිවුනා.
    මේ ගේ ගැන කියනවනම් තට්ටු දෙකේ ගෙයක් යට තට්ටුව අංගසම්පූර්ණ උනත් උඩතට්ටුවේ වහලේ ගහල තිබුනට වැඩ ඉවර කරල තිබුනෙ නෑ. උඩතට්ටුවේ පරාල වගයක් ලී දඩු වගයක් ගොඩ ගහල තිබුන. උඩින් තරප්පුවට බහින ‍තැන දොරක් දාල තිබුන. මේ දොර නිතර වහල තමයි තිබුනෙ.

    මේ විස්තර කිවුවෙ ඔයාලට පොඩි අදහසක් ගන්න ගේ ගැන. හැබැයි මම ප්‍රදේශය නොකිය ඉන්නම් ගෙවල් අයිති කෙනාට හරි නැති නිසා.
    ඔන්න පෙබරවාරි මාසෙ 25 වෙනිද අපි බඩු ඔක්කොම අරන් ගිහින් ගෙදර දැම්ම. හැබැයි එදා රෑ මම වයිෆ් ට කිවුව අද මම තනියම ඉන්නම් ඔයා අම්මලාගෙ ගෙදර ඉන්න කියල. මොකද නොදන්න තැනක් නිසා දරුවො එක්කන් එන්න කලින් මට දැනගන්න ඕන උනා මේ ගෙදර මොකුත් ප්‍රශ්න තියනවද කියල. හැබැයි එදා කිසි ප්‍රශ්නයක් උනේ නෑ මම බඩු අස්කරල තිබුනෙ නැති නිසා සාලෙ මැද මෙට්ටයක් දාගෙන නිදාගත්තා. හැබැයි මට අද හිතෙනව මට හොදට නින්ද ගියේ එදා හොද සිහියෙන් හිටිය නැති නිසා වෙන්න ඇති කියල. බඩු පටවන්න ආව යාලුවො එක්ක ටිකක් සෙට් වෙලා තමයි මම නිදාගත්තෙ. මේ බඩු අදින්න ආපු මගේ එක යාලුවෙක් මගෙන් එදා ඇහුව උඹට වෙන තැනක් නැතුවද මෙතන හොයාගත්තෙ කියල. ඒත් මම ඌට බැන්න කොච්චර අමාරුවෙන්ද මේකත් හොයාගත්තෙ කියල. ඒත් ඌ කියනව මෙතන මට හරි අමුත්තක් දැනෙනව කියල.
    ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ ඊලග දවසෙ දරුවො දෙන්න එක්ක වයිෆ් එක්කන් ආව. ඇවිත් බඩු අස්කරල අපි හිටිය කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් එදා හවස වයිෆ් මට කියනව. මාර වැඩක් උනානේ හවස 6.30 විතර කාමරේ බබාට කිරි දිදී ඉන්දෙද්දි ඇදේ කොනේ ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නව දැක්ක, එක පාර නැති උනා, ඒත් බයක් හිතුනෙ නෑ කියල. ඒවෙලාවෙ මට යාලුව කියපු දේත් මතක් උනා ඒත් වයිෆ් බයවෙයි කියල මම කිවුව ඕක ඔයාගෙ හිතේ තිබුනු දෙයක් වෙන්න ඇති මටත් ඉස්සර ඔහොම වෙලා තියනව ඕව ගනන් ගන්න එපා කියල.
    ඒත් මට අමුත්තක් තේරුන පුතා ගියපු දවසෙ ඉදන් කාමරේ නිදි කරාම අපි කවුරු හරි කාමරේ ඉන්නව නම් හොදට නිදියනව. අපි කාමරෙන් එලියට ආව ගමන් කෑගහගෙන් නැගෙටිනව. ඉතින් අපි පොඩි අය අඩන්කොට පිරිත් දාන නිසා පෝන් එකෙන් පිරිත් දාන්න ගත්ත පිරිත් දැම්මම දරුව හොදට නිදා ගන්නව. ඒත් හැමදාම රෑ 2.00 ට විතර නැගිටල කෑ ගගහ අඩනව ඇදේ නැගිටල බිත්තියෙ එකම තැනක් පෙන්න පෙන්න කෑගහනව. මේක දිගටම උනා.
    ඒ වගේම හැමදාම උඩ තට්ටුවෙන් එක එක සද්ද ඇහෙනව, හරියට අර ස්ලැබ් එකක් උඩ බරට අඩිය තියල කවුරු හරි ඇවිදිනව වගේ. මම රෑ 12 ටත් ටෝච් එකත් අරන් උඩට ගිහින් බලනව කිසිම දෙයක් නෑ. උඩ තට්ටුවේ ලයිට් මොකුත් තිබුනෙ නෑ. ඔහොම දවසක් මම ගිහින් බලල අර මම මුලින් කියපු දොරත් වහගෙන පහලට ආව. අපි හිතුවෙ සතෙක් වෙන්න ඇති කියල. ඒත් පහුවදා බලද්දී අර දොර ඇරල දාල ඒක හුලගට ඇරෙන දොරකුත් නෙවෙයි. මට හොදට මතකයි මම ඒක වහල අගුල දැම්ම කියල. ඒත් මම වයිෆ්ට ඒගැන කිඋවෙ නෑ බය වෙයි කියල.
    මේ දේවල් ඇරෙන්න අපිට මේ වෙනකන් කිසි කරදරයක් වෙලා නෑ හැබැයි සල්ලි වලින් නම් කිසිම ඉතිරියක් කරන්න බෑ කීයක් තිබුනත් වියදම් වෙනව. ඔහොම ඉන්නකොට මට ටිකක් සැකයක් ඇතිවෙලා තිබුනෙ. දවසක් මම හවස 7.00ට විතර කඩේට යන්න ඕන උනා. දුව සාලෙ ඉදන් TV බල බල හිටියෙ වයිෆ් කාමරේ පුතා නිදිකරනව. මම දුවට කිවුව පුතේ මම කඩේට යනව දොර ඇතුලෙන් ලොක් එක දාන්න තාත්ත ආවම කතාකරන්නම් එතකන් දොර අරින්න එපා. අම්මට මල්ලි නිදිකරවන ගමන් සමහරවිට නින්ද යයි කියල. දොර ඇතුලෙන් ලොක් කරනකන් ඉදල මම ගියා.
    මම එන්න පැයක් විතර පරක්කු උනා. මම ඇවිත් කතාකරාම වයිෆ් ඇවිත් දොර ඇරියා. ඒත් කට්ටියම බය වෙලා වගේ, මම ඇහුව ඇයි කියල, වයිෆ් මට පැත්තකට කතාකරල කියනව දුව කාමරේට ඇවිත් කිවුව කියල "අම්මේ කවුද ආන්ටි කෙනෙක් ඇවිත් සාලෙ ඉන්නව, දැන් බලද්දී එයානෑ ගිහිල්ල කියල" ඒක කිව්වම වයිෆ්ට මීට ඉස්සෙල්ලා එයා දැකපු කෙනා මතක් වෙලා. අනික දොර ලොක් කරල තියෙද්දි කොහොමද කවුරුත් ගෙට එන්නෙ.
    ඒත් මම දුවගෙන් ඇහුව පුතේ මොන වගේ ආන්ටි කෙනෙක්ද ආවෙ කියල. දරුව කියනව තාත්තෙ කොන්ඩෙ කර්ලි ආන්ටි කෙනෙක් කොන්ඩෙ දෙපැත්තට කඩාදාගෙන හිටියෙ මාත් එක්ක හිනහත් උනා කියල.
    දරුව හොල්මන් කියල දෙයක් දන්නෙනෑ. එයා අඩුම තරමෙ හොල්මන් චිත්‍රපටයක් වත් බලලනෑ.
    මම දුවට කිවුව ආ පුතේ ඒ අර ඉස්සරහ ගෙදර ආන්ටි දවලුත් ඇවිත් ගියා අපි කවුරුත් නැති නිසා යන්න ඇති කියල. ඒත් දරුවට ගානක් නෑ දොර වහල තියෙද්දි කාටවත් එන්න බෑ කියල.
    හරි මම කතාවට එන්නම්, දුව එදා දැකපු දේ නිසා අපේ හිතෙත් දැන් සැකය වැඩි උනා. ඒත් මට නම් කිසිම භයක් තිබුනෙ නෑ.
    මම අර කියපු දේ නිසා මගේ දුව හිතන් හිටියෙ එදා ආවෙ ඉස්සරහ ගෙදර ආන්ටි කියල. මොකද අපි අලුත නිසා අහල පහල කවුරුවත් ආශ්‍රය කරල තිබුනෙත් නෑ
    ඒත් දුව කියපු හැඩ රුවයි වයිෆ් දැකපු කෙනාගෙ හැඩ රුවයි එක වගේ කියල වයිෆ් කියපු නිසා අපේ හිතේ සැකය තවත් වැඩි උනා.
    තව දෙයක් කියන්න බැරි උනා මේ වෙද්දී කොරෝනා කේස් එකත් ඇවිත් අපි lockdown වෙලා ගෙදරට කොටු වෙන්න උනා.
    ඒවගේම නිතරම media වල කිවුවනේ රතන සූත්‍රය ගෙවල් වල දාන්න කියල ඉතින් අපිත් හැමදාම දැම්ම. මේ දවස්වල කිසි ප්‍රශ්නයක් උනේ නෑ.
    ඔහොම ටික දවසක් ගියා කොරෝන දවස්වල මම හැමදාම නිදියනකොට රෑ 1 , 2 පහු වෙනව. මම tv එකේ යන ඔක්කොම වැඩසටහන් බලනව. කරන්න දේකුත් නැති නිසා, වයිෆ් පොඩි දෙන්න එක්ක නිදියන්න යනව. මම සාලෙට වෙලා tv බල බල ඉන්නව. දවසක් රෑ 12.30ට විතර ඇති මම tv දාගෙන සෝෆා එකේ හාන්සි වෙලා හිටියෙ මට ටිකකින් ඇස් පියවුනා. සාලෙ ලයිට් එකත් දාල තිබුනෙ. මට අමුත්තක් දැනිල මම ඇස් ඇරල බලුව, මම හාන්සි විලා ඉන්න විදියටම මගේ කකුල් දෙක අතරින් මට පේනව සෝෆා එක ලග බිම කොන්ඩයක් වගේ. මම එකපාර ටිකක් ඔලුව උස්සල බැලුව. මම දැකපුදේ මතක් වෙනකොට තාමත් ඇගේ මයිල් කෙලින් වෙනව.
    ගෑනු කෙනෙක් මට පිටුපාල මගේ කකුල් දෙකපැත්තෙන් සෝෆා එක ලග බිම ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නව වැලමිටි දෙක දනහිස් දෙක උඩින් තියාගෙන බෙල්ල ඉස්සරහට නවාගෙන වගේ. මම හොද වචන දෙකකුත් කියාගෙන පුටුවෙන් පැන්න බිමට පැනල බලද්දී කවුරුත් නෑ. ඒත් මම මූණ දැක්කෙනෑ. ඒත් කොන්ඩෙ එහෙම අර දරුව කියපු කෙනාගෙ වගෙයි. වයසක කෙනෙක් නෙවෙයි කලු කොන්ඩයක් තමයි තිබුනෙ. ඒක තමයි දුව ආන්ටි කියන්න ඇත්තෙ.
    ඉතින් ඒ වෙලාවෙ ටිකක් බය හිතුනත් ඒක එහෙමම නැති උනා. මම ටිකක් එහෙමම ඉදක කාමරේට ගිහින් නිදා ගත්ත.
    ඒත් මම වයිෆ්ට කිවුවෙ නෑ කිසි දෙයක් මොකද මම කිවුවනම් එයාල දැක්ක දේවලුත් ඇත්ත වෙලා බය වෙන නිසා.
    ඔහිම ටික දවසක් ගියා සද්ද වලින් අඩුවක් තිබුනෙත්නෑ.
    දැන් මම දන්නව මේ ගෙදර අමනුෂ්‍යයෙක් ඉන්නව කියල. මට දැන් එකපාරම අයින් වෙන්න විදියක් නෑ.
    මේ ගේ හොයා ගත්තෙත් අමාරුවෙන්. අනික හිතට සෙට් වෙන තැනක් වෙන්නත් ඕනනේ. මට කියන්න බැරි උනානේ මේ ගේ අලුත් උනාට පිටිපස්සෙන් බිත්ති වල වේයො නගිනව. කුස්සියෙ වහලෙත් වේයො ගහල තිබුන. මම ගෙවල් අයිති ගෑනු කෙනාට කිවුව බෙහෙත් ගහල දෙන්න කියල. ඒපාර බෙහෙත් ගහන්න කෙනෙක් එවල තිබුන ඒ මනුස්සය බලල කිවුව ලිද ගෙට ලග වැඩි නිසා බෙහෙත් ගැහුවොත් මාස ගානක් ලිද වහන්න වෙනව කියල. ගෙවල් අයිති කෙනා කියනව අපිට පිටින් වතුර බවුසර් ගෙනත් ගහගන්න කියල. මම කිවුව ඒක කරන්න බෑ කියල.
    මම ආපහු ගෙයක් හොයන්න පටන් ගත්ත. සතියක් වගේ යනකොට මට හොද ගෙයක් හම්බඋනා. මම ලිදේ පිටින් දාල ගෙදරින් යනව කියල අයිති කෙනාට කිවුව. එයත් කැමති උනා.
    මම අර කිසිම දෙයක් එයාට කිවුවෙ නෑ. මම හිතුව මේ දේවල් එයා දැනගෙන අපිට බොරු කියල ගේ දුන්න කියල.
    හොදම හරිය තමයි මම වයිෆ්ට මම දැකපු දේවල් කියල තිබුනෙ නැති නිසා වයිෆ් කියනව රෙන්ට් එකට ගියාට කමක් නෑ සතියකින් හොද නැකතක් තියනව එදාට යමු කියල.
    මම ඒපාර තමයි කිවුවෙ සතියක් ඉන්න බෑ අර ගෑනි මේක ඇතුලෙ ඉන්නව මමත් දැක්ක කියල. ඒපාර වයිෆ් බය උනා. එදාම අපි බඩු අස්කරා යන්න.
    බඩු අස්කරන්න උදවවට වයිෆ් ගෙ මල්ලී ඇවිත් තිබුන අපි බඩු අස්කරන ගමන් සාලෙ වාඩිවෙලා දවල්ට කෑම කකා හිටිය. මම මල්ලිට මේ විස්තර කියල තිබුනෙ එකපාරම අපි දෙන්නගෙ ඉස්සරහ තිබුන දුවගෙ ලී අශ්වය දෙපැත්තට පැද්දුන. ගෙට හුලන් පාරක් වත් ආවෙනෑ. මල්ලිට මම කියපුව එතකොට තමයි විශ්වාස උනේ. එදාම අපි අනිත් ගෙදරට ආව.
    ඇවිත් ගෙදර යතුර දෙන්න යන දවසෙ වයිෆ් කිවුව ගෙදර අයිති ගෑනු කෙනාගෙන් මේ විස්තරේ අහන්න කියල. මම අහන්නෙ නැතුව ඉන්න හදල ආයෙම ඇහුව. අපි එන්න කලින් මේ ගෙදර හිටපු අය ගියාම මේ ගේ කොච්චර කල් වහල තිබුනද කියල. එයා කිවුව මාස තුනක් විතර කියල. මම ඇහුව එයාල මොකුත් ප්‍රශ්නයක් වෙලාද මෙහෙන් ගියේ කියල. ඒපාර මෙයා මට කියනව. නෑ හැබැයි මේ ලගදි එයාල හම්බ උනාම කිවුව "අපි ඒගෙදරින් ගියේ නැත්තටම නැති වෙලා කියල." මම ඒපාර වෙච්ච හැම දෙයක්ම කිවුව එයාට.
    මේ මනුස්සය අඩන්න ගත්ත අඩ අඩ මට කියනව මම මේ ගෙදරට මිලියන 10ක් විතර වියදම් කරල තියනව. ඒත් මට මේක complete කරගන්න තාම බැරි උනා කියල. මෙයා මට තව කතාවක් කිවුව මේ ඉඩම වෙන්දේසි කරපු ඉඩමක් මේක කට්ටි කරල විකුනපු දවසෙම විකුනපු කෙනා paralyzed උනා කියල.
    ඔක තමයි මගේ කතාව.
    අපිත් බේරුනේ නූලෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ කිසිම දෙයක් ගනන්ගන්නෙ නැතුව එකපාර අතාරින්න එපා.....

    https://www.facebook.com/groups/holmankatha/
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අන්දිරිස් අයියා නොම්මර එකේ 'එම්බාම් බාස්' කෙනෙකි. ජීවත් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකට ආසන්නවය. එකල මළ මිනියක එම්බාම් කටයුතු සිදුවුණේ අන්දිරිස් අයියා වැන්නවුන් අතින් වූ අතර මල් ශාලාවකින් සිදුවූයේ මිනී පෙට්ටියක් හා මල්වඩම් මිලදී ගැනීම පමණකි. ඒ අනුව එම්බාම් කටයුත්තේ අති දක්‍ෂයකු වූ අන්දිරිස් අයියා මිනියක් එම්බාම් කිරීම සඳහා රුපියල් හැත්තෑපහක පමණ මුදලක් අය කළේය. සමහරු ඊට අමතරව ගමන් පහසුවද සැලැසුවේය. සිහින් පිහි තුඩක් සහිත කුඩා පිහියක් වක් ඉදිකටුවක් හා ට්වයින් වර්ගයේ නූල් පන්දුවක් ඇතුළු තවත් ආම්පන්න කිහිපයක් සහිත ආම්පන්න මල්ලක් අන්දිරිස් අයියාගේ නිවෙසින් පිටත පොල් අතු මඩුවේ තැනෙක එල්ලෙමින් තිබුණේය.

    අන්දිරිස් අයියාගේ හිතවතකුගේ නිවෙසේ මළගමක් සිදු විය. එහි එම්බාම් කටයුතු සඳහා හිතවතා අන්දිරිස් සොයා ආවේය. මළගම තිබුණේ කොළඹින් සැතපුම් හැට හැත්තෑවකට එහාය. මඟහැරීමට නොහැකි තැන අන්දිරිස් හිතවතා සමඟ එම කටයුත්ත සඳහා පිටව ගියේය. පැය ගණනක ගමනින් පසුව මළ ගෙදරට ළඟා වූ අන්දිරිස්ට මිනිය එම්බාම් කටයුත්ත කිරීමට සිදුවූයේ ලාම්පු එළියක ආධාරයෙනි. කටයුත්ත හමාර කර අවසන් වන විට මධ්‍යම රාත්‍රියද ළඟා වී තිබිණි. නිවෙසේ උදවියගේ පෙරැත්තයද නොතකා ඔහු එවෙලේම යළි පිටත්වීම ආරම්භ කිරීමට තීරණය කළේ පසුදින උදෑසන තවත් එවැනිම කටයුත්තකට ගමේ මල් ශාලාවකට දී තිබූ පොරොන්දුව නිසාය. කෙසේ හෝ ඔහු නුවර දුම්රියපොළින් කොළඹ කොටුව බලා ධාවනය වීමට තිබූ රාත්‍රි දුම්රියට ගොඩ වූයේය. හිස් දුම්රිය පෙට්ටියක අසුනේ කෙළවරකට බර දුන් අන්දිරිස් පන්මල්ලේ මුල්ලක පාවිච්චියෙන් ඉතිරිව තිබූ සීල් අරක්කු කොටයද කට හලාගෙන 'ෆෝ ඒසස්' සිගරට්ටුවක්ද දල්වාගෙන කටේ රුවා ගත්තේය. ඒ සමඟම නහයට හුරු සුවඳක් ඔහුගේ නාස් පුඩු හරහා හමා ගියේය. ඒ වෙනකක් නොව ෆෝමලින් සුවඳය. ඔහු වහා මල්ලට අතදමා හෝ මලින් බෝතලයේ මූඩිය පරීක්‍ෂාකර බැලුවේ බුරුල් වී හෝ තද කිරීමට අමතකවීමත් සිදුවී ඇත්දැයි සැකහැර ගැනීමටය. එසේ වී නොතිබුණේය. තවත් මගියකු ඒ වන විට එම මැදිරියට ගොඩවී එහා කෙළවරේ අසුන් ගැනීම අන්දිරිස්ගේ සිතට මහත් සවියක් ගෙන දුන්නේ තනිකම මඟහැර ගිය නිසාය. අන්දිරිස් ඔහු හා කුලුපග වන්නට කොතෙක් උත්සාහ ගත්තද අමුත්තා නිසොල්මන්ව සිටීම අන්දිරිස්ගේ සිතට තරමක කෝපයක්ද එක්කළේය. බැරිම තැන කෙටි නින්දක වැටුණද ඔහු හදිසියෙන්ම තිගැස්සී ඇහැරෙන විට තමන් බැස ගත යුතු දුම්රිය ස්ථානයද ළඟාවී සිටියේය. අවසන් වතාවට හෝ අමුත්තා තමන්ට ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතූ අන්දිරිස් මල්ලද අතැතිව. 'මං බැහැගන්නයි යන්නේ.....' යැයි කීවේය.

    'හා....' කියන්නාක් මෙන් අමුත්තා හිස දෙපසට වැනුවා මිස මුවින් නො‍දොඩාම සිටියේය.

    දුම්රියපොළෙන් බැසගත් අන්දිරිස් මොහොතක් නතර වූයේ ඇදීයන දුම්රිය කවුළුව තුළින් අමුත්තාගේ මුහුණ දැක ගන්නටය. දුම්රියපොළේ මලානික බල්බ් එළිය මතින් දුටු අමුත්තාගේ රුවින් අන්දිරිස් තක්කු මුක්කුවී ගියේය. මේ වෙනකකු නොව තමන් මීට පැය කිහිපයකට පෙර තම අතින්ම එම්බාම් කළ මිය ගිය පුද්ගලයාය. යකෙකුටවත් බියවී නැති අන්දිරිස් ඒ ගැන සිතුවේ තමන් අතින් එම්බාම් වූ මළකඳ තමන්ගේ තනියට තමන් ආරක්‍ෂා කිරීමට මෙසේ තමන් සමඟ එන්නට ඇතැයි කියාය. ඒ අනුව ඔහු පවසන්නේ අමනුස්සයන් වුවත් මනුෂ්‍යයා වෙත කාරුණික වන අවස්ථා ගැන විශ්වාස තැබිය යුතු බවය. එහෙත් අන්දිරිස්ට වැරැදුණ තැන්ද නැතිවා නොවේ. මෙවර ඔහුට එම්බාම් කිරීම සඳහා භාර වුණේ තමන්ගේම මස්සිනා කෙනකුගේ දේහයකි. අන්දිරිස් වැඩේ භාරගත්තේ බොහෝ දෙනාගේ පෙරැත්තය නිසා මිස කිසිදු කැමැත්තකින් නොවේ. මන්දයත් පවුලේ ප්‍රශ්නයක් නිසා අන්දිරිස් හා මිය ගිය පුද්ගලයා අතර වසර කිහිපයක සිටම තිබුණේ දරුණු නොහොඳ නෝක්කාඩුවකි. අන්දිරිස්ගේ එම්බාම් රාජකාරි දිවියේ තවත් අපූරු අත්දැකීමක් තිබුණේය. බොහෝ මිනී කපන්නට ඔහුට සිදුවූවේ රාත්‍රි කාලයේදීය. වෙනදාට වඩා තරමක් වැඩියෙන් සප්පායම් වී වැඩේට බැස්සේ රාජකාරිය දේවකාරිය වූ නමුත් පුද්ගලයා පිළිබඳ තිබූ අප්‍රසන්න සිතිවිල්ල නිසාය. සිහින් තුඩු පිහිය මිනිස් උදරයට කිට්ටු කරන විටම අන්දිරිස්ට දැනුණේ තම සුරත කිටි කිටියේ තදකර අල්ලාගත් අයුරකි. අමු තිත්ත කුණුහරුප දෙකක් ඇද බා අන්දිරිස් අත ගසාද දැමුවේය.

    'මොකද බං..... මළ මිනියක් එක්කත් ගෝරිද?' තමන්ගේ තනියට පොල්අතු මඩුවේ පිටතින් රැකවලේ සිටි ගුණසිරි ඔළොක්කුවට මෙන් සිනාසෙන ගමන් ඇසුවේය.

    'මේකා මට කපන්න නොදී මගේ අත මිරිකා ගත්තා. ගලෝලා දාන්න හිතෙනවා අත් දෙක...'

    ගුණසිරිගේ ඇඟේ මයිල් කෙළින්වී ගියේය. ඔහු කටේ පිරුණු කෙළ ගුළිය 'ගුඩුස්' ගා ගිල ගත්තේ ඇස්ගෙඩිද දොට්ට පනින තරමටම ලොකු කරගෙනය. එහෙත් අන්දිරිස්ට වැඩේ කරගෙන යෑම ලෙහෙසි වුණේ නැත. කළු බලු තඩියෙක් විටෙක අන්දිරිස්ටත් විටෙක ගුණසිරිටත් අඩන්තේට්ටම් කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් පළපුරුදුකාරයකු වූ අන්දිරිස් යන්තර මන්තරද යම් තරමින් දැන සිටීම මස්සිනාගේ හොල්මන් වැඩවලටත් ලෙහෙසි වූයේ නැත. එවර මස්සිනා අන්දිරිස්ව බය කරන්නට තවත් අපූරු උපක්‍රමයක් යෙදුවේය. එනම් මළ මිනියේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති බවට පත්කර ගත්තේය. ඒ මුහුණ දකින කිසිම කෙනකු සිහි මූර්ඡා වී මිස නවතින්නේ නැත. රත්පැහැ ගැන්වී දොට්ට පනින්නට දඟලන ඇස්, කන ගාවට දිගැරුණු තොල්පට අතරින් විළිස්සීගත් දත් අමුම යක්‍ෂයකු හැඩ ගත්තේය. තමන් බියගන්වා පන්නා දැමීමට ගන්නා උත්සාහය ගැන දත් අන්දිරිස් අසල තිබූ සුදු අමු රෙදි කැබැල්ලකින් මිනියේ විකෘති මුහුණ වසා දැමුවේ තම රාජකාරිය අහවරක් කර දමන්නටය. කටයුත්ත නිමා කළ මිනිය පෙට්ටියේ සතපා නිවෙසේ සාලසේ තැන්පත් විය. එම්බාම් කටයුත්තේ නමක් දිනා සිටි අන්දිරිස්ට මෙවර මියගිය තරහකාර මස්සිනාගෙන් ලෙහෙසියෙන් ගැලවෙන්නට බැරි විය. මිනිය වටා පිරිස් රොක්වන සෑම අවස්ථාවකදීම අමුතු අමුතු තාලයට මුහුණ විකෘති කර ගත්තේය. එයින් එම්බාම්කරුගේ අදක්‍ෂ බව ප්‍රදර්ශනය කළේය. එබැවින් තැන තැන සුටු සුටු ගා කතා වුණේ,

    'අන්දිරිස් මළ මිනියෙනුත් පළි අරන්....'
    'අන්දිරිස්ට මොකද වුණේ..?...'
    'මේ පාර එම්බාම් එක එච්චර හරි නැහැ.....' යනුවෙනි.

    අන්දිරිස් සිතූ පරිද්දෙන්ම තම තරහකාර මස්සිනාගේ මිනිය එම්බාම් කිරීම තුළින් තම චරිතයට පලුද්දක් මිස යහපතක් සිදු වුණේ නැත. ඒ අනුව මේ මස්සිනා අන්දිරිස් සමඟ තිබූ කෝන්තරය තම මළකුණ මගින්ද පිරිමසා ගන්නට ගත් උත්සාහය මෙමගින් පැහැදිලි වේ. හත් දවසේ බණ ගෙදරටවත් නොගොස් අන්දිරිස් සිටියේ එදින රැයේ නින්දත් නොනින්දත් අතරය. මළ මිනිය සමඟ වුවද ඔහුට ඇති වූයේ කලකිරීමකි. අප්‍රියකි. හිටි හැටියේ දඩ බඩාස්..... ශබ්දයට අන්දිරිස් බූරු ඇඳේ ඉද්දගැසුවාක් මෙන් කෙළින් වූවේය. ශබ්දය නැඟුණේ නිවෙස පිටපස පොල් අතු මඩුව දෙසිනි. පොල්කට්ටකට ඉටිපන්දම් කැබැල්ලක් දල්වා අලවා ගත් අන්දිරිස් මඩුව දෙස විපරම්කර බැලුවේය. යම් ඡායාවක් ඒ මේ අත වැනෙමින් සිටියාය.

    'අනුමානයක් නෑ.... මේකා කෙළලා අරිනවා මගේ බෙල්ලට......' ඒ මස්සිනාගේ අවතාරේ විය යුතු බව හොඳින් හඳුනාගත් අන්දිරිස් අයියට ගෙට පැන 'තෝ ඕන කුදයක් කර ගනිං' කියා ‍දොර වසා දැමුවාය. පසුදින ඔහු දුටුවේ මඩුවේ මුල්ලක එල්ලා තිබූ තම එම්බාම් අඩුම කුඩුම සහිත මල්ල පොළොවේ ගසා දමා තිබූ අයුරක්ය. කුමන බලවේගයකින් හෝ පිහිතුඩ ඇඹරීගොස් තිබුණේය.


    hnLdaVo.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඔය හොල්මන් පේනනේ හොල්මන් ෆිල්ම් බලලා තියෙන, අඩුගානේ හොල්මන් කතාවක් වත් අහලා තියෙන උන්ට විතරයි.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    විශාල වත්තකින් යුත් නිවසේ කලකින් එළිපෙහෙළි නොකරපු ප්‍රදේශයක් ගස්කොළන් කපා එළිපෙහෙලි කිරීමට සහෝදර සහෝදරියෝ සියල්ලෝම එකතු වුවෝය. ඒ සඳහා මුලිකත්වය ගනු ලැබුවේ ඇයයි. එසේ එළිපෙහෙළි කරමින් වත්තේ මායිම ලඟටම ගිය ඇය දුටු දෙයින් ඉමහත් භීතියට පත් වුවාය...තහඩුවක කෙටු වීරුපී මුහුණක් නිවස දෙස බලා සිටියි...ඉමහත් භීතියෙන් කෑ ගැසු ඇය සිය සහෝදර සහෝදරියන්ටත් එය පෙන්නුවාය. සියල්ලෝගේම විවිධ වු අදහස් හා යෝජනා චෝදනා මත එම ගැටලුව නිවසේ ගෘහ මුලිකයා වු තාත්තා වෙත යොමු වුයේය. සමච්චල් සිනාවක් පෙන්නු ඔහු එම තහඩු කැබැල්ල ඉවත දැමුවේ කාගේ හෝ විහිලුවක් වෙන්න ඇතැයි කියමිනි. නමුත් සිතේ ඇති වුයේ වෙනත් දෙයකි.



    කාතොලික පවුලක් වු ඔවුන් ප්‍රසිද්ධ නගරයක ජිවත් වුහ. සියල්ලෝම සමඟියෙන් කාලය ගෙවුහ. ඇය කුඩා කළ සිටම ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට ද දස්කම් දැක්වුවාය. ගෙදර සාමාජික සාමාජිකාවන්ගෙන් බාලයා වු ඇය කාගේ කාගේත් ආදරය ද දිනා ගත්තාය. ඉගෙනීම අවසන් කර ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක ඉහළ පෙළේ රැකියාවක් ද ලබා ගැනීමට ඇය තරම් වාසනාවන්ත වුවාය.



    නමුත් අවාසනාව කෙමෙන් කෙමෙන් ඇය වෙත ලං විය. යම්කිසි අසනීප තත්ත්වයකින් දිගින් දිගටම ඇය පෙළෙන්නට වුවාය. එම අසනීප තත්ත්වය සිය අම්මාටත් තිබුණි. නමුත් ඇයට බෙහෙත් කළ දොස්තර එම අසනීපය සුව කලේය. නමුත් එම දොස්තරට දුවගේ අසනීපය සුව කරන්නට ම බැරි වුණි. දිගින් දිගට ම උත්සහ කළත් එය අසාර්ථක විය..බැරිම තැන දොස්තරගේ පිළිතුර වුයේ මීට වඩා දෙයක් නම් ඔහුට කළ නොහැකි බවයි. අවසානයේ සිය ජිවිතය බෙහෙත් මතින් ගෙවුණි. රැකියාවේ ඉහළට යාමට තිබු අවස්ථා මඟ හැරුණි. මාසිකව කෙතරම් මුදලක් වැටුප් ලෙස ගත්තද මාසේ අවසන් භාගය හතර වටින් ණය වෙමින් ගෙවන්නට සිදුවිය. රැකියාවේ ප්‍රශ්න ඇතිවිය. සිය රූපය දවසින් දවස වැහෑරෙන්නට විය. නිවසින් පිටවු ඇය අවසානයේ කොළඹ යම්කිසි ප්‍රදේශයක නැවතී වෙනත් රැකියාවකට යොමු වුවාය. නිවැසියන්ට මෙන්ම යහලුවන්ට ද මෙය ඉමහත් ගැටලුවක් වුවත් කරන්නට යමක් නොවිය. කෙටි නිවාඩුවකට නිවසට පැමිණි ඇය. සිය සහෝදර සහෝදරියන් සමඟින් වත්ත එළි පෙහෙළි කිරීමට ගියහ.



    තාත්තාගේ සිතේ ඇති වු දෙය විසඳාලන්නට ඔහු කාටත් හොරා ඉවත දැමු තහඩුවත් හංඟා ගෙන සිය මිතුරෙකු හමු වී විස්තරය කීවේය. කතෝලිකයන් වු ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි විශ්වාසයක් හෝ දැනීමක්වත් නොවිය. අවසානයේ මිතුරා සමඟින් එය සොයා ගැනීමට යම් අයෙකු හමුවුහ. ඇතුල් වු සැනින් තාත්තා දෙස බැලු එම තැනැත්තා ගත් කටට ම කීවේ “කොඩිවිනයක් කරලා.. ගෘහ මුලිකයට කරලා තියෙන්නේ එත් වැදිලා තියෙන්නේ ගෙදර ඉන්න දුර්වල කෙනාට” තව දුරටත් ඒ ගැන කතා කලද එම තැනැත්තා පැවසුවේ එය බලගතු දෙයක් බවත් එයට එරෙහිව දෙයක් තමාට කළ නොහැකි බවත්ය.



    අපේක්ෂා භංගත්වයත් සිදුවු දේයත් සිතා ගැනීමට නොහැකි වු තාත්තා සහ මිතුරා දන්න කියන සැම තැනකින් ම උදව් උපකාර පැතුහ. වියදම් කළහ. නමුත් පිළිතුර එසේමය. දියණිගේ ජිවිතය ඇස් පනා පිටම මියැදෙමින් සිටි. ඒ අතර තුර කොළඹ සිටි යහලුවෙකු සිය මිතුරි බැලීමට ගමට පැමිණියාය..මිතුරිය දුටු ඇයගේ ඇස් වලට පැමිණි කඳුලු සිමෙන්ති පොළොව මත වැටි සිඳි ගියේය.



    දැඩි ලෙස දුකින් නිවසට පැමිණි ඇය සිය නිවැසියන්ට සියලු දේ පැවසුවාය. ඔවුනුත් ඒ ගැන දුක් වුහ. දින කිහිපයකින් පසු එම මිතුරියගේ නැගණිය සිය පෙම්වතා සමඟින් කතා කරමින් සිටියදී සිය සහෝදරිය පැවසු විස්තරය කීවාය..



    කාලය සෙමෙන් සෙමෙන් යන විට පෙම්වතා සිය මිතුරන් සමඟ පොඩියට සප්පයාම් වෙමින් බෝතලක් හිස් කරමින් ඉන්නා ගමන් සිය පෙම්වතිය පැවසු දේ සිය මිතුරන්ට පැවසුවේය.

    ඔන්න දැන් අපේ යාලුවා එනවා කරළියට අඩෝ හුත්තෝ ගුරුකමක් යකෝ...හදහනක් වත් නැති තොපි දන්නවද ඕවා..තාම කැපුවේ නැත්ද...මෙච්චර කල් පකක් කළා ද යකෝ...හිටපන් මං දන්න යාලුවෙක්ගේ ගමේ හාමුදුරුවෝ නමක් ඉන්නවා හාමුදුරුවන්ට කියලා බලමු. කලින් කියන්න එපැයි පකෝ...තොපිත් අනේ මන්දා...

    පහුවෙනිදා අඩෝ මචං මේ පොඩි සීන් එකක් තියෙනවා. මං අඳුරන කොල්ලේක්ගේ යාලුවෙක්ට ගුරුකමක් කරලලු. හාමුදුරුවොන්ට කියලා මොකක් හරි කර ගන්න බැරි වෙයිද...? අඩෝ බන් හාමුදුරුවෝ දැන් ඒ සීන් කරන්නැ බන්..එත් තරුණ ළමයෙක් නේ හිටපන් මං අදම අහලා හවස් වෙද්දී cl එකක් දෙන්නම්. එල බන්.

    හවස අඩෝ හාමුදුරුවෝ කැමති උනා...ඒ ළමයව එක්කන් එන්න පුලුවන් ද ඇහුවා ඉක්මනට බලලා කියපන් පුතා...



    මචං වැඩේ හරි යමන් ද උඹේ කෙල්ලගේ ගෙදර...හරි බන් හිටපන්...පෙම්වතියට ඇමතු පෙම්වතා යහලුවා පැවසු විස්තරය කීවේය. සතුටින් පිනා ගිය පෙම්වතිය ඇසුරු සැනින් දිව ගියේ සහෝදරිය ලඟය. විස්තරය කීවාය. එසැනින් ඇමතුම ගියේ සිය මිතුරියගේ නිවසටය..මිතුරියගේ තාත්තා සමඟින් කතා කර ගත් ඇය. ඉතාමත් ඉක්මනින් හාමුදුරුවන් වෙත යාමට වැඩ කටයුතු ලැස්ති කර ගත්තේය. සියල්ලෝම අවසානයේ නැවතුනේ ගමේ පන්සලක හාමුදුරු නමක් ඉදිරියේය..හාමුදුරුවන් විසින් සිය අසීමිත වු හැකියාවන් මඟින් සිදුවු දෙය සොයා ගත්හ.

    අවසාන සටනට දින වෙන්විය. තෙල් කෑම ජාති 40ක් කැවිලි ජාති 40ක් වැනි එකී මෙකී නොකී බඩු භාහිරාදිය ලහිලහියේ ලැස්ති විය. ඒ සියල්ලට ම කර දුන්නේ පෙම්වතාගේ යාලුවා වු අපේ ඒකාය...ගෙදර උන් ක්‍රිස්තියානි නිසා උන් හොයන්න කිව්ව සමහර ඒවා දන්නෙත් නැලු..අපේ එකයි යාලුවෝ සෙට් එකයි වැඩේට බැස්සේ ඒ නිසාලු.



    කොහොම හරි ඔන්න අපේ එකා වැඩේ කරලා බඩු ටිකත් ලෑස්ති කරන වාහෙන්ත් අරන් ගියාලු අර කෙල්ලගේ ගෙදර අයයි ඔක්කෝමත් එක්ක..



    හාමුදුරුවෝ ඔන්න විස්තරේ කිව්වලු...



    කම්බිලි කියලා යකෙක්ව බන්ධනය කරලාලු...අල ගෙඩියක ඒ යකාගේ ද කොහේද රූපේ කොටලා මඩේ වළ දාලා..අල ගෙඩිය නරක් වෙන්න නරක් වෙන්න අර කෙල්ල ශරිරයෙන් දුර්වල වෙලා එක එක කරදර විඳින්න වෙනවලු..කරලා තියෙන්නේ තවත් හාමුදුරු නමක් අල්ලගෙන ඒ තාත්තාගේ නංගි කෙනෙක් දේපළ ප්‍රශ්නේකට තාත්තට කරපු දෙයක් වුනත් වැඳිලා තියෙන්නේ දුවට..අන්තිමට හාමුදුරුවෝ අහලා මේක කපන්නම් හැබැයි අර හාමුදුරුවන්ට මුකුත් වෙන්නැලු එයා ලොකු ආරක්ෂාවක් කරන්ලු ඉන්නේ හැබැයි වැඩේ භාර දීපු නෝනට නම් බේරුමක් නැ කිව්වලු..ඉතින් අර තාත්තා කමක් නෑ කපන්න කිව්වලු. වැඩේ කරන් ඒ මිනිස්සු ගෙදර එද්දී ආරංචි උනාලු ඒ නංගි හදිසියේම අසනීප උනා..hospital ගෙනිච්චා කියලා..කොහොම හරි ඒ ගැණු කෙනා සතියක් විතර දරුණු ම විදිහට දුක් වින්දලු ඇඟේ තැනින් තැන හම ගැලවිලා යනවලු..ඒ ගෑනු කෙනාව උස්සලා bed sheet මාරු කරද්දි හම bed sheet එකේලු ගඳේ බැරිලු...කුණු වෙනවලු...එහෙම්ම දුක් විඳලා මැරිලලා ගිහිල්ලා...එකෙන් පස්සේ අර කෙල්ලට හොඳ වෙලා..අර ලෙඩෙත් හොඳ වෙලා..



    දැන් ඒ මිනිස්සු නිකන් සිවුරේ පාට රෙද්දත් දැක්කත් බය වෙනවලු...හාමුදුරුවෝ කෙනෙක් එහෙම ලඟින් ගියත් හරිම යටහත් පහත්ව ලු බලන්නේ..මොනා නැතත් උන් ටික අපේ යාලුවට පුදුම විදිහට සැලකුවලු..ඌනේ ගොඩදාලා දුන්නේ...අදටත් ඌට නත්තල් වලට එහෙම කතා කරලා party දාලා ඌට ඇඳුමුත් අරන් දෙනවලු. අපේ අලුත් අවුරුද්දටත් ඌට ඇඳුම් එහෙම අරන් ඌව බලන්න එනවලු..සල්ලි දෙනවලු හරිම ආදරෙන් උන්ගේම ළමයෙක් වගේලු බලන්නේ....අන්තිමට ඌට රට යන්නත් chance එක හදලා දීලා ඌව ඇමරිකා යන්න bank Details පවා පෙන්නුවේ උන්මලු..



    මේ අවුරුදු ගාණක් පරණ කතාවක් බන්...සමහර තැන් නම් මතකත් නැ හරියට...හාමුදුරුවෝ කොහේ ද කින්ද මන්ද කියලා අහන්නත් එපා මතක නම් නැ බොලව්...








     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    අදුන් බැලීම, අනවින කොඩි වින බන්දන කැපීම, හැර ගිය පෙම්වතා පෙම්වතිය වරු තුනෙන් !!

    Momo.jpg

    wp2220250.jpg
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මට පෙන්නේ රොබට් අයියා කරන්න ගියපු ගුරුකමක් වැරදිලා යක්ෂ ග්‍රහණයට අල්ල ගෙන වගේ....පෙන්නම නැ....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    XYyqBfr.jpg


    "සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය.

    සකලකලා වල්ලභ රජුට අනියම් බිසවකට දාව ඉතා රූමත් පුත් කුමරෙක් විය.මොහු ඉතාමත් නාහෙට නාහණ ගති ඇත්තෙකි.ඇතැම් විට රජුටද අවනත නොවන අවස්ථා විය.සුරූපි කාන්තාවන් දුටු විට ඔවුන්ගේ වයස ආදියවත් නොසලකා හිරිහැර කිරීමට මෙම කුමාරයා පුරුදුවී සිටියේය.හිරිමල් වයසේ ලදුන් මෙන්ම වයසින් මුහුකුරා ගිය කාන්තාවන්ටද කුමරුගෙන් අතවර කරදර විය.ගැබිනි කාන්තාවන් සමඟ සංසර්ගයේ යෙදීමට දැඩි ආශාවක් දැක්වූ මෙම කුමරු එවැනි කාන්තාවන් සෙයාගෙන ගොස් ඔවුන් තම ග්‍රහණයට නතු කර ගත්තේය.කුමරුගේ මෙම නොපනත් කම් නොඉවසූ රටවැසියන් කුමරුගේ ක්‍රියාකලාපය ගැන රජුට පැමිණිලි කලහ.තමාගේ අන්තඃපුර රාජ බිසවන්ට පවා කුමරුගෙන් කරදර සිදුවී ඇති බව දැනගත් රජු පුත් කුමරාට දැඩි දඩුවමක් ලබා දුන්නේය.

    දඩුවම් ලැබූ කුමරු පිය රජු සමඟ තදින් වෛර බැන්දේය.රජුගෙන් තම මවට සිදුවූ අඩු සැලකිල්ලක් පිළිබද කුමරු පෙර සිටම රජු සමඟ අමනාපයෙන් සිටියේය.දඩුවමෙන් පසු වෛරය තවත් වැඩි විය.රජු පිළිබදව තමා තුලවූ වෛරය පිටතට නොපෙන්වූ කුමරු රජු මැරීමට අවස්ථාවක් එනතුරු සිටියේය.උපක්‍රමශීලීව රජා මරාදමා රජකම ලබාගැනීමද ඔහුගේ අරමුණ විය.

    සකලකලා වල්ලභ රජු දියකෙලියට පොකුණට බැසීම වෙනුවට උඩක සිට දියට පැන ජල ක්‍රීඩා කිරීමට මහත් ආශාවක් දැක්වීය.රජැගේ මෙම පුරුද්ද ඔහු මැරීමට උපක්‍රමයක් ලෙස යොදාගැනීමට සිතු කුමරු කාටත් හොරෙන් නාන පොකුණෙ රජ්ජුරුවො දියට පනින තැන උල් කරපු ලී හිටෙව්වා. දියට පනින රජතුමා උල් ලීවල ඇනිලා මැරෙන විදිහටයි ලී හිටෙව්වේ.

    එදා දිය කෙළියට ඇවිත් සකල කලා වල්ලභ රජ්ජුරුවො දියට පනින්ට සූදානම් වුණා. ඒත් ජලය මත වසා ඉන්න මැස්සෙක් රජතුමා දුටුවා. මැස්සෙකුට ජලය මත වහන්ට පුළුවන්ද? රාජපුරුෂයෝ පොකුණ පරීක්ෂා කළා. රජු මරා දමන්ට පොකුණේ සිටුවා තිබූ ලී උල් හමුවුණා.

    වැඩේ වැරදුණු බව දැනගත් කුමාරයා මාලිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා කුණු දිය පර්වතයෙන් පැනල දිවි නසා ගත්තලු. මරණින් පසු ඔහු ‘කලු කුමාරයා’ බවට පත්වුණාලු.


    6TKcI1w.jpg


    රජවාසළට එන රෙදි නැන්දා(රජක ස්ත්‍රිය) ගජබා රජුගේ අනියම් බිරිදක් විය.රජුට දාව රෙදි නැන්දාට නීල නමින් පුත් කුමරෙකු විය.වැඩිවියට පත් නීල රෙදි නැන්දා සමඟ දිනපතාම රජ වාසලට පැමිණියේය.දිනක් තම මවවූ රෙදි නැන්ද සමඟ පැමිණි නීල රජුගේ යගදාව ගෙන බලා එය උඩු යටිකුරු කර තබන ලදී.පසුව එතැනට පුමිනි ගජබා රජ යගදාව ඉසිලූ හපනා කවුදැයි මැති ඇමතිවරුන්ගෙන් විමසා එය කලේ නීල බව දැන විශ්මයට පත්ව නීලව තමගේ හමුදාවේ සේනාධිපති ධූරයට පත් කලේය.(පසු කලෙක ගජබා රජු සොලී රට ආක්‍රමණය කර තම පියාගේ සමයේදී මෙරටින් ගෙන ගිය සිංහල සිර කරුවන් බේරා ගැනීමට සොලී රටට යාමට යගදාවෙන් ගසමින් මුහුද දෙබෑ කර පාර සාදා දුන් නීල මහා යෝදයා මොහුය)

    ස්ත්‍රීන් වසන ස්ත්‍රී පුරයට ගිය නීල කුමරුට මහත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය.නීලගේ දැවැන්ත සිරුරට වශීවූ ස්ත්‍රීන් ඔහුගේ සිරුරේ එල්ලී සිරුරේ දැවටී එක පොකුරට නීලව බදා ගත්තේය.ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලමින් සිදුකළ මෙම වියරු ක්‍රියාවෙන් කුමරු මහත් අපහසුතාවකට පත්විය.ස්ත්‍රීන් ඇගේ දැවටීම නිසා ඇතිවූ රාගී සිතුවිලි නිසාම තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහරදී බේරී යාමටද නීලට නොහැකි විය.ඇතැම් ස්ත්‍රීන් නීලගේ සිරුරේ කොටස් ටික ටික කඩාගෙන කෑ බවද සදහන්ය.අවසානයේ අධික මෛථූනය හේතුවෙන් නීල මිය ගියේය. ස්ත්‍රීන් කෙරේ ආශාව වෛරය මුසුව මියයාම නිසා නීල "නීල මදන කළු කුමාර" යක්‍ෂව උපන් බව සදහන්ය.


    යසින් කුමරු සොලී පුරේ යන්නට සැරසු න්
    ගොසින් මුහුද මැද සිටගෙන යගදා ගසමිමි න්
    රොසින් කිපී එමවිට මණිමේකළාන න්
    ගාසින් කුමරු ගොඩ බැසිකළ ස්ත්‍රී පූරටව න්

    එනුවර සිටි නාලියොහට පුරුස බයක් නැ තී
    අනුවන බස් කියා ලදුන් කාමෙට ලොබවෙ තී
    දෙනුවන මල් කැකුළු සේම පියයුරුනටව තී
    අනුවන ළඳලියෝ ඇවිත් කුමරු බදා ග ති

    බාළ තරුණ අඟනන් හට විදිනට බැරි වෙ තී
    රාළ කියා එකින්නෙකා පොර අල්ලාග තී
    දැළවරේ වටලාගෙන කුමරුන් ලෙවක තී
    කෝළහලෙන් කුමරු මැරී පණචුත විය තී

    මහා වංශයේ සඳහන් පරිදිත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක්‌ අනුව හා වැලිගම්පුර "රාජකුලවඩන" විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි බුවනෙකබාහු චක්‍රවර්ති මහෝත්තමයන් 6 වන වර්ෂයේදී රජවූ බවත් ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් පැමිණි කුමරකු රජුගේ අනුග්‍රහයෙන් මානවළු ප්‍රදේශයේ රජකම් කොට ඇත. බිසව දෙමළ මාලාවූ බවද තද කළු පාට නිසා කළු කුමාර නම්වූ බවද කියවේ. ඉතිහාසඥයෙක්‌ වන "කොඩ්රින්ටන්" මහතාගේ මතය අනුව මෙම රජු විසූ මානවලු පුරය උඩරොටේ, පල්ල රොටේ යන පරිවාරයෙන් යුතු ගම්දනව් ඇතුළුවූ බව කියවේ. ඔහු ජීවත්ව විසූ උස්‌ ගොඩනැඟිල්ල උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්‌ටුය. ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක්‌ මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක්‌ එනවිට ඔසවන බව කියා පිටව ගොස්‌ කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක්‌ කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේය. මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ. තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය "ආභරණ ඇල්ල" නමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්‍ෂණියන් වූ බවද ජන කතාවලින් කියවේ.

    මේ කුමරියන් සත් දෙනා කොණ්‌ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල නමින් හැඳින්වේ. මේ හැර කළු කුමාරයාට බිසෝවරු 32 ක්‌ සිටි බවටද සඳහන් වේ. මෙවන් බිසෝවරුන් ගණනාවක්‌ සිටියද මොහු යෞවනියන්, කාන්තාවන් පසුපස මෙලොවදීත් හඹා යන්නේ අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ යක්‍ෂයෙක්‌ නිසාය. මොහු ආත්මයෙන් ආත්මයට මේ පුරුද්ද ඇතිකරගෙන ඇත,


    nb2uvho.jpg


    ඉහතින් දැක්වූයේ කලු කුමාර යකාගේ විවිධාකාර ප්‍රභේද(අවතාර) ලෙස සලකන කුමාර,නීල මදන හා මාතාමුළු උපත් පිළිබද ජනප්‍රවාද කිහිපයකි.මීට අමතරව වට කළු කුමාර හා තොට කලු කුමාර ලෙස කලු කුමාර යකාගේ උප්පත්ති අවස්ථා විස්තර කර ඇත.

    කලු කුමාර යකා වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්‌ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස්‌ ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්‌, බිත්තර බැද කා යන විට වතක්‌ ගලවා වතක්‌ අඳින තැන් ආදිය වේ.

    මොහුගේ බැල්මක්‌ දිෂ්ටියක්‌ ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්‍ෂණයන් ඇතිවේ. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක්‌ දක්‌වයි. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්‌, ගිරයක්‌ අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය. මේ නිසා ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි. මෙම කාව්‍යයෙන් එය අපට මනාව වැටහේ.

    මල්වර වෙලා ඉස්‌ නානට යන ගමනේ
    මනකල් වෙලා හඬ තලමින් නානතුනේ
    මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ
    ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ

    එමෙන්ම කළු කුමාරයා ස්‌ත්‍රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැත. එනිසා ස්‌ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය.

    T8qyX2k.jpg

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    jUWxJEb.jpg



    කොරතොට පදිංචි නාලනී ටීචර් උගන්නන්නේ දෙමටගොඩ පැත්තේ ප්‍රාථමික පාසැලකය. බස් තුනක මාරු වෙවී ඇය ගෙදර එන විට අඩුම තරමේ හතර පහුවෙයි. ගෙදර එන විට ඇගේ හොඳ පණ ගොස්ය. ළඟපාත පාසැලකට මාරුවක් හදා ගැනීමට කොතරමි වලි කෑවත් තාමත් එය හරියන පාටක්වත් නැත.

    “අද අරහෙන් පණිවිඩයක් ආවා”

    මිසි නෝනා එය කීවේ මුණ මලවාගෙනයි.

    “කොහෙන්ද ?”
    “ මැණිකාගාරෙ කටිටියගෙන්”

    අම්මා කියන්නටත් කලින් මැණිකාගාරෙ කටිටියගේ උත්තරය මොකක්දැයි නාලනී ටීචර් අම්මාගේ මුණෙන් දත්තාය.
    “ අදහස අත්ඇර ගන්ඩලුද ?”

    “ එහෙම්මත් කියලා නෑ ඒ ළමයට වෙන තැනකින් කටයුත්තක් හරි ගිහිල්ලලු , ඒ ළමයා කැමති ඒ ගෑනු ළමයටලු.”

    මිසි නෝනා ඇත්ත උත්තරයේ සැර බාල කර කීවාය. නාලනී ටීචර්ට නමි දැන් ඕවා හොඳ හැටි පුරුදුය.

    “ ඕකට ඒගොල්ලො හා කිව්වත් මං බෑ කියන්නයි හිටියෙ , ඊක්කා ඒ යකාගෙ කළු, කළු දෑවක්නෙ... අර කුලසිරි මල්ලි ගෙනාපු යෝජනාව හින්දා මං කරබාගෙන හිටියෙ....”

    කුලසිරි යනු නාලනී ටීචර්ගේ බාලම නංගීගේ ස්වාමි පුරුෂයායි. මනමාලයා කළු වුවත් නාලනී ටීචර් නමි සුදුය. කොටින්ම සුදුමැලිය .හරියටම කියනවා නමි එය කහ ඟැරඩියෙකුගේ බඳු සුදකි. ඇගේ බාල නංගී කුලසිරි හා පැන ගියේ අක්කා දීග යන පාටක්වත් පේන්නට නොතිබු නිසාය. ඒ දවස් වල නංගී තමන්ට කලින් ඉස්සරවීම ගැන නාලනී ටීචර් බුකවාගෙන හිටියත් ගෙදරින් නංගීට තඹ දොයිත්තක්වත් නොදීම ගැන ඇය සෑහෙන්න කැමති විය.

    “ උඹ කෑවද ?”
    “ නාගෙන ඇවිත් කනවා . . .”

    නාලනී ටීචර් පිළිකන්නේ ළිඳ පහු කලාය. අහසේ ඈතින් තද දමි පාටට හුරු කළු පාට යෝධ වළාකුළු පොකුරක් නලියමින් තිබුණි.

    “ හැන්දෑ වෙලා , වැස්සකුත් එනවා . . . . ගෙදර ළිෙඳන් ඇදලා නා ගනින්”
    “ ඇද ඇද ඉන්ඩ බෑ පහළ වෙලේ ළිඳට යනවා”
    “ කරුවල වැටෙන්ඩ ඉස්සෙල්ලා වරෙන්”

    නාලනී ටීචර් ගිය පසු මිසි නෝනා වත්තේ සිට ඇහිදන් ආ හනසු, බූ මටුලු ටික කොහු ලණුවකින් පොඩි මිටියකට බැන්දාය. නාලනී ටීචර්ගැන හිතන විට මිසි නෝනාට ඉබේටම හීල්ලෙයි. ඈ දුවගේ කාමරයට ගොස් සර්ප හැවක් මෙන් ඇඳ උඩ ඔහේ විසිරී තිබු දාඩිය ගඳ සාරිය අකුලා යට සායත්, බොඩියත් ගෙන ඉස්කිරීමේ එල්ලුවාය.

    අහසේ කළුව බල බලා නාලනී ටීචර් අඩිය ඉක්මන් කලාය. ඈට මුත්‍රා බරක් දැනුනි. ඈ එය හිර කරගෙන දිව්වාය. මුත්‍රා බර ඉක්මනින්ම දරා සිටීමේ සීමාව ඉක්මවීය. ඈ වට පිට බැලුවාය. කවුරුවත් පේන තෙක්මානයක නැත. නාලනී ටීචර් වෙල අයිනේ දං අකුලක් අසල ඇනතියා ගත්තාය. හිටිගමන් කවුදෝ පාරේ වංගුවෙන් මතු විය. නාලනී ටීචර්ට නැගිට්ටුනි.

    මුත්‍රා දිය රෙද්ද පුරාය. ලැජ්ජාවට ඇගේ කනුත් රතු විය. කවුදෝ මිනිහෙක් බර අඩි තබමින් වේගයෙන් එයි. ඔහුගේ උස් කකුල් ඈතින් ඈතින් අඩි තියයි. නාලනී ටීචර් ලාවට පස්ස හැරී ඔහුව අඳුනා ගන්නට බැලුවාය. දෙතුන් විඩයක්ම හැරී බැලු පසු ඒ විල්සන් මුදලාලිගේ පොල් වත්තේ මුර කාරයා බව ඈ හඳුනා ගත්තාය. ඔහු දත් මදිමින් එයි. ටීචර් අඩිය ඉක්මන් කලාය. ඔහුගේ උස කකුල් ඔහුත් නාලනී ටීචත් අතර පරතරය අඩු කළේය.

    “මිසී නාන්ඩ වගේ ?

    “ ඔව්”

    ඔහු නාලනී ටීචර් හා සමාන්තර ගමනකය. නාලනී ටීචර් මුර කාරයාට ඉස්සරවී ඇති වීරියෙන් නොදුවා දිව්වාය. ඔහු කළු ය. කළුම කළු ය. කොටින්ම නාලනී ටීචර්ව බලන්නට ආ මනමාල මහත්තයාටත් වඩා කළුය. අලි තප්පදෝරුය. උසට සරිලන මහතින් යුතුය. පපුවේ මයිල් ගන සැරේට වැවී ඇත. දත් ටික කිරි සුදුය. ඔහු වගේ වගක් නැතිව බෝඹු කෝටුවක් දත් වල උලමින් බර අඩි තබයි. නාලනී ටීචර්ට ලැජ්ජාවක් සමඟ හීන් කිතියක්ද දැනී නොදැනුනි. ඈ හොරෙන් දිය රෙද්දේ පහළ ඇති මුත්‍රා පැල්ලම් දෙස බැලුවාය. දම්පාට වළාකුළු ඇයට ඉහළින් අහසේ විය.

    වෙලේ ළිඳ ගැට්ටටම පිරී ඇත. උතුරන වැඩිපුර වතුර පැත්තකින් වෙලට ගලයි. නාලනී ටීචර් ආසාවට හිනා වුනාය. ඈ පුංචි පනිට්ටුවෙන් වතුර ඔළුවට හලා ගත්තාය. වතුරේ හීතල ඇඟ කිලිපොලවන සුළු විය. හනි හනික වතුර පනිට්ටු හත අටක් නා ගත් ඈ වටපිට බැලුවාය. මුර කාරයා උණ පඳුර ළඟ ඇන තියාගෙන දත් මදී. ඔහුගේ ඇස් වෙලේ ඈතකට යොමුවී ඇත.

    ඇඟේ ලක්ස් කැටය උල උලා නාලනී ටීචර් පොල් මුඩ්ඩෙන් හොඳ හැටි ඇඟ ඇතිල්ලුවාය. මුර උන්නැහේ නාන්නට පටන් ගත්තේය. තඩි විසාල පනිට්ටුවකින් නෑ ඔහු එයට වතුර පුරවා ඔළුවට වත් කර ගත්තේ පුළුන් කොට්ටයක් උස්සනවාක් මෙන් ලෙහෙසියටයි.

    නාලනී ටීචර් සබන් ගා ඉවර වෙනවාත් සමඟම ඔහුත් සබන් ගාන්නට විය. කෙටි ඉණ කඩක් පමණක් ඇඳ සිටි ඔහුගේ රූප කාය නාලනී ටීචර් තුළ මොකක්දෝ අමුත්තක් ඇති කළේය. ඇඟේ සබන් පිටින්ම ඕ මවිතව බලා සිටියේ ඔහු දෙසමය. සබන් උලන විට ඔහුගේ පපුවේ සවිමත් මස් පිඬු නටයි. බාහු විශාලය , ශක්තිමත්ය. කළුවර ළඟ ළඟම එයි. වෙලේ කොක්කු එකා දෙන්නා අහසට ඉගිල්ලෙයි. තද දම් පාට වළාකුළු එක ගුලියට පෙරලෙයි. දං අකුල් උඩ බලා හිඳී. නාලනී ටීචර්ගේ ඇඟම හිරි වැටී ඇත. සීතල වතුර නිසාදෝ ඈට තමා කිටි කිටි ගා වෙව්ලනු දැනුනි.

    “මිසී නාලා ඉවරද ?”
    “නෑ”

    ඇඟේ සබන් පිටින් ඉන්නා තමන්ගෙන් මුර උන්නැහේ ඇසු ප්‍රශ්නයේ තේරුම නාලනී ටීචර් කල්පනා කලාය. ඉක්මනින් නා ගත යුතුය. එහෙත් ඔහුගේ සිරුරෙන් ඇස් ඉවතට ඇද ගන්නටම බැරිය. මොකක්දෝ අමුත්තක් සිදුවෙයි. අහසේ ලොකු විදුලියක් කෙටුවේය. මහ හඬින් ගෙරෙව්වේය. නාලනී ටීචර් එක පාරටම පැන මුර උන්නැහේ බදා ගත්තාය. ඒ සිරුරෙන් ගින්දරක් වැනි උණුසුමක් කාන්දු වෙනු ඇයට දැනුනි. ඒ ඉක්මනටම ඔහුව අතහැරිය ඇය පුදුමයෙන් ඒ ලොකු කළු ඇස් වලට එබුනාය. ඒ ඇස් සුවිශාලය, තෙත බරිතය,

    “මිසී මිසී?”
    “මිසී ට මොකද වුණේ ?”

    ඇස් ලොකු කර නැවතත් ඔහු දෙස බැලූ නාලනී ටීචර් සබන් පිටින්ම දුවන්නට වුවාය. ළිං පඩියේ දිය සෙවළට ඇය ලිස්සා නොවැටුනේ අනූනමයෙනි. ඇගේ කකුලක වැදී පුංචි පනිට්ටුව පෙරලුනි. පනිට්ටුව, පොල් මුඩ්ඩ, ලක්ස් කැටය ළිඳ ළඟය. මුර කාරයා කරන්නේ කුමක්දැයි නොදැන කට ඇරගෙනය. නාලනී ටීචර් දෙවට දිගේ පිම්මේය. දම් පාට වළාකුළු පුපුරා විසල් වැහි බිඳු බිමට වැටෙයි. වැහි වතුරට පොළොවෙන් සියුම් දුමාරයක් නගී. අමුතු නවමු පුසුඹකින් ද පරිසරය පිරී ඇත. දූවිලි තට්ටු හේදී ගිය මඟ දෙපස ගහ කොළ අමුතු කොළ පාටකින් දිලිසෙයි. මඩ පාට හීන් දිය පාරවල් දෙවට දිගේ නයි මෙන් බඩ ගායි. නාලනී ටීචර් මේ මොකවත්ම දුටුවේ නැත. ඈ අඩියට දෙකට ගෙදරය. පිළිකන්නේ පහළ පඩියේ වාඩි වූ ඈ සන්නියක් වැළඳි තැනැත්තියක් මෙන් වෙවුලයි. ඇගේ ඇඟ පුරා සබන්ය. කඩා පිටට හෙලා ඇති කෙස්සෙන් දිය බිංඳු වෑහෙයි. රෑ බතට කුස්සියේ පොල් ගාමින් සිටි මිසි නෝනා සද්දයට පිළිකන්නට දිව ආවාය. නාලනී ටීචර්ගේ ඇස් මදටියා ඇට මෙන් රතුම රතුය. මිසි නෝනාගේ ඇස් භීතිය නිසා එළියට පනින්නට ඔන්න මෙන්නය. ඈ නාලනී ටීචර්ගේ නලලට අත තියා බැලුවාය. ඇඟෙන් වතුර බිංඳු බේරුනත් නළල ගිනි කබලක් මෙන් උනුසුම්ය.

    “ මොකද මොකද ?”

    කලබලයට මිසි නෝනාගේ කටට වචන උනන්නේ නැත. නාලනී ටීචර් ඔහේ මිසි නෝනාගේ සුද බැඳුනු ඇස් දෙස බලා සිටියාය.

    “ ඇයි රත්තරනේ මේ සබන් පිටින් ?”

    නාලනී ටීචර් නයි පිඹින්නාක් මෙන් මහ හයියෙන් සුස්මයි. ඇගේ කෘෂ පපුව සිරුරට ඔරොත්තු නොදෙන තරම් වේගයෙන් ඉහල පහළ යයි.

    “ මොකක්ද වුනේ කියලා කට ඇරලා කියපන්කො රත්තරනේ ?”

    මිසි නෝනාගේ හඬ හැඟුම් බරය. සිංහල උළු වහළයෙන් වැටෙන වැහි වතුරෙන් මිසි නෝනා බාගෙට තෙමී ඇත.

    “ මං දැක්කා , මං දැක්කා , මං දැක්කා අම්මෙ”

    නාලනී ටීචර් උගුර යටින් එන ඇඟ කීරි ගස්සන හඬකින් මොර දෙයි.
    “ මොකාද ? මොකාද ?”
    “කළුම කළුයි, උසම උසයි, ඔව් උසම උසයි”
    “ඈං”
    “ඔව් පොල් ගහක් විතර, අනේ මට බයයි අම්මෙ”

    දැන්නමි මිසි නෝනාගේ ඇස් එළියේය. සුද බැඳුනු ඇගේ විසල් ඇස් විරූපීය.

    “කිරි අප්පේ කළු කුමාර දේවතාවුංනාන්සෙ”
    “මං උඹට කට කැඩෙනකං කී දවසක් කියලා තියනවද ගොම්මනේ තනියෙං වෙල් අස්සෙ යන්න එපා කියලා”

    මිසි නෝනාගේ හඬ හොඳටම හැඟුම් බරය. අනතුරුව ඈ අල්ලපු වත්තේ හාමිනාට බෙරිහන් දුන්නාය.

    “හාමිනෝ මෙහෙ වරේර්ං, බලහං වෙලා තියන නස්පැත්තියක්”

    නාලනී ටීචර් වැස්ස හලා ඉස්පාසු වන අහස දෙස ඔහේ හිස් බැල්මෙන් බලා සිටියාය.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    FXeNDXd.jpg

    lNLf03l.jpg

    RgIiqy3.jpg

    gCu9YZR.jpg

    GbjmZb5.jpg


    Dikkande Estate

    දික්කන්ද

    දික්කන්ද වලව්වේ පිහිටීම ගැන කතා කරොත් යක්කල නගරයේ සිට රදාවාන දෙසට යනවිට ඒ කියන්නේ කිරිදිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරගමත් අතර, එහෙමත් නැත්නම් යක්කල නගරය පසුකරගෙන සැතපුම් 6ක් පමණ පැමිණි පසු දික්කන්ද හංදියට පැමිණීමට පුළුවන් එතැන් සිට දික්කන්ද වලව්වට අයිති වතුයාය වතුරගමත් පිනවත්ත හංදිය දක්වා 1km පමණ විහිද යනවා, අක්කර 330 ක පමණ විශාල පොල්වත්තක් වන මෙය පිංවත්ත හංදිය තෙක්ම විහිද යන කොස්ගස් වැටියක්. මේ විදිහට අවට තියන වතු යාය මැද පිහිටා තිබෙන සුවිශාල දිකන්ද වලව්ව 231 බස් පාරට හෝ ඒ ආසන්න වෙනත් තැනකට පැහැදිලිව දැකගන්න අපහසුයි. නමුත් වතුරගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවන වෙල් යායවල් ළගදිනම් මේ වලව්ව මනාව දැකගන්න පුළුවන් එමෙන්ම මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යාන්තමින් මෙන් දැකගන්නනට පුළුවනි. හක්පිටිය ග්‍රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා,

    හක්පිටිය ග්‍රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා, මේ ගොඩනැගිල්ල වර්තමානයේදී ද ක්‍රියාකාරී මට්ටමක පවතින බවයි සදහන් වන්නේ. තවද අද වනවිට මෙම භුමියේ කුකුළු ගොවිපලක්ද පවත්වාගෙන යන බවට සදහනක් තියනවා.

    හක්පිටිය ග්‍රාමයේ ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන ආකාරයට 88,89 භීෂණ සාමය තුළ මෙම වලව්වේ ඉඩම හා ඒ ආශ්‍රිතව වදකාගාරයක් පවත්වාගෙන ගිය අතර ඉන් පසුව මෙම වලව්ව ආශ්‍රිතව ගුප්ත සිදුවීම් සිදුවීමට පටන්ගත් බවයි. නමුත් ඇතැමෙකුගේ මතය වනුයේ මෙම වලව්ව තුලකිසිදු අද්භූත බලවේගයක් හෝ වෙනත් කිසිදු ගුප්ත බවක් නොමැතිය යන්නයි. වලව්වේ පිහිටීමත් එහි ඉපැරණි බවත් එමෙන්ම එහි අදටත් ජීවත්වෙන ඔබේසේකර වරුන් තම පුද්ගලික ඉඩමට අනවසරයෙන් ඇතුල්වීමට කිසිවෙකුට ඉඩක් නොදීමත් යන කාරනා හේතුවෙන් ඇතැමුන් විසින් පතුරවන කට කතාවක ප්‍රතිපලයක් ලෙස මෙය භූත බංගලාවක් බවට පත්කර ඇතිබවයි.


    iDaWiGn.jpg
     
    • Like
    Reactions: hodakolla

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    මමත් හොල්මන් අවතාර කියන දේවල් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ සිදුවීමෙන් පස්සෙ ඒ ගැන විශ්වාස කරන්න උනා.
    මම මේක ලියන්න හිතුවෙ මගේ මල්ලී කෙනෙක්ගෙ ඉල්ලීම නිසා.

    https://www.facebook.com/groups/holmankatha/
    ape national cricketer kenek hitiye Sachithra Senanayake kiyala...minihatath me wageyma case ekak una. Ekedi e gedara aithi karayage hari idame aithikarayage hari duwa suicide karagena e ganu lamayage holmana.
     
    • Like
    Reactions: FalconX

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    දැන් උඹලා ඕවා පස්සේ ගියා ඇති. මම හිතනවා මේ ත්‍රෙඩ්එක නිසා මිනිස්සුන්ගේ හිත් දුෂ්‍ය වෙනවා කියලා. මේ කියපු දේවල් කිසි දෙයක් අඩුගානේ මගේ ළමයෙක්වත් දන්නේ නෑ. ඒ අය මේවා දැනගන්න ඕනෙත් නෑ. සතුටින් සැහැල්ලුවෙන් හිටියාම ඇති. උඹලත් ඉන්න ටිකේ සතුටින් සැහැල්ලුවෙන් හිටපල්ලා.

    අත්දැකීම හා පර්යේෂණ අනුව මට කියන්න තියෙන්නේ. කෙනෙක් මළ පසු ඒ කෙනා තව කෙනෙක්. ඒ කෙනා උඹලගේ තාත්තා වුනත්, අම්මා වුනත් මරණයෙන් පසු ඒ ආත්මයට ඒ ආදරණීය ගති ඒමේ හැකියාව සීමිතයි.
    උදාහරණයකට මුවෙ දෙනක් හා පැටියෙක් ගත්තොත් මුව දෙන හදිසියේ මැරී කොටි පැටියෙක් ලෙස ඉපදුනොත්, දවසක තමුන් වදාපු මුව පැටියා තමුන්ගේම ආහාරය වේවි.
    තම ආදරවන්තයෙක් ආදරයෙන් මියගොස් ආදරණීය අමනුෂ්‍යයෙක් ලෙස ළඟින් හිටියත් අමනුෂ්‍ය ස්වභාවය මත ජිවත්වෙන්නාගේ පරිසරය නොදැනීම අමනුෂ්‍ය පරිසරයක් බවට පත්වේවි.

    මේවා ඉතින් ධර්මයේම තියෙන කරුණු. මම හොයාගත්ත දේවල් නෙමෙයි. හැබැයි සොයාබැලීම් මගින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු.
    ඉතින් කිසි කෙනෙක් ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඉන්න ටිකේ පස් පවින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න. වැඩකරලා ඊ පී එෆ් එකතුකරනවා වගේ දන් පින් කුසල් කරලා පින් එකතුකරගන්න මරණින් පසු පලදෙන්නේ ඒ ඉතුරුම් තමයි.

    රොබොට් අයියා :frown:

    Robot aiye mechchara kal me thread eka adagena gihin dan mehema kathawak nikan awata giyata oya kiyanne na. Thread eke mula indala api hitiya. Puluwan nam ai ehema kiyanna hethu une kiyala kiyanna apith e gana danaganna kamathi.
     
    • Like
    Reactions: hodakolla