මෙතරම් කල් භූත කොටුවේ කතා කියෙව්වට මං අද තමයි පලවෙනි පාරට කතාවක් දාන්නේ.. ..මේක වෙලා තියෙන්නේ අපි දන්න නංගි කෙනෙක්ගේ යාලුවෙක්ට..අක්කා කෙනෙක්ට ...ඊයේ රෑ පවර් කට් එක වෙලාවේ මේ ගැන අපි කතා වෙනකොට තමා මතක් උනේ භූත කොටුවට දාන්න ඕනේ කියලා..
මේක වෙලා තියෙන්නේ ගම්පහ ට එහා තියෙන උප දුම්රිය ස්ථානයක...(දාරලුව /හොරපේ වගේ පොඩි ස්ටේෂන් එකක... දැන් හරියටම මතක නෑ මොකක්ද ස්ටේෂන් එක කියලා )..ඔය හරියේ රේල් පාර දෙපැත්තම මානා පඳුරු වලින් වැහිලා තියෙන්නේ...
ඔය කතාව කියපු අක්කා ගෙදර යනකොට තමා මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ...එයාට ගෙදර යන්න ප්‍රධාන පාරෙන් හැරිලා රේල් පාර හරහා යන්න ඕනෙලු..රේල් CROSSING එක තියෙන්නෙත් ස්ටේෂන් එක ලගලු...ඉතින් එදා එයා එනකොට crossing එක ලගට කෝච්චියක් ස්ටේෂන් එකේ ඉදලා අද්දන්න හදනවලු..කෝච්චිය එන නිසා එයා නවත්තගෙන ඉදලා රේල් පාර ළග..කෝච්චිය හෙමින් අද්දනකොට කෙනෙක් කෝච්චියෙන් බහින්න ගිහින් රේල් පාරට වැටෙනවා එයා දැකලා..එතකොට ප්ලැට් ෆෝම් එකේ කවුරුවත් ඉදලත් නෑ...කෝච්චිය ගියාමත් වැටුන කෙනා ඉන්නවලු රේල් පාරේම..මෙයා ගිහින් ප්ලැට් ෆෝම් එක දිගේ වැටුන කෙනා ළගට ....ගෑණු ළමයෙක් ...පණ තියෙනවලු..ඇගේ කිසිම තුවාලයක් නෑලු..
ඒ අක්කා අහලා නැගිටින්න පුලුවන්ද කියලා ,,පුළුවන් කියලා නැගිට්ටලු..ප්ලැට් ෆෝම් එක අයිනට ආවම ඒ අක්කා අත දුන්නලු ප්ලැට් ෆෝම් එක උඩට නගින්න..අක්කාගේ අත අල්ලාගෙන උඩට නැග්ගලු...ඊට පස්සේ එයා අල්ලාගෙන ඇවිත් ස්ටේෂන් එකේ තියෙන දිග පුටුවේ වාඩි කෙරෙව්වලු...ඉස්පිරිතාලේ එක්කන් යන්නද ඇහුවම ඕනේ නෑ කිව්වලු..අක්කා අහලා මොකද උනේ කියලා...කෝච්චියේ එනකොට නින්ද ගිහින් ..ඇහැරිලා තියෙන්නේ බහින්න ඕනේ ස්ටේෂන් එකේදී..ඒ ගමන කෝච්චිය අද්දනකොට ම බැස්සලු..ඒ උනාට ලැප් එකේ පටිය කෝච්චියේ දොරේ හිරවෙලා ...එයාව වැටිලා රේල් පාරට...එතකොට ඒ ළමයට කෝල් එකක් ආවලු...ෆෝන් එකේ වැටුනලු “අම්මා” කියලා.. මෙයා ආන්ස්වර් කරලා නෑ..ඒ ගමන අර අක්කා කියලා answer කරන්න කියලා...ඕනේ නෑ කිව්වලු...දැන් මේ කතාව අම්මට කිව්වොත් එයා භයවෙයි , ගෙදර ගිහිල්ලම කියනවා කියලා...තනියම යන්න පුලුවන්ද කියලා ඇහුවම පුළුවන් කිවලු..දෙන්නත් එක්කම ස්ටේෂන් එකෙන් එළියට ආවලු.. අර අක්කා පාරේ ගිය ත්‍රී විල් එකක් නවත්තලා ඒ ගෑණු ළමයව නග්ගලා ..ත්‍රී විල් එකේ ඩ්‍රයිවර් ටත් සිද්දිය කියලා , ගේ ළගින් ම බස්සන්න කීවලු...ඊට පස්සේ ඒ අක්කත් ගෙදර ආවලු ...
ඊට දවස් දෙකකට විතර පස්සේ අර අක්කා ස්ටේෂන් එකට ආපු වෙලාවක SM ගෙන් අහලා මෙහෙම ළමයෙක් වැටිලා හිටියා රේල් පාරේ..ඒ ළමයා ආවද කියලා ආයෙත් ට්‍රේන් එකට ..එතකොට SM කියලා එහෙම ළමයෙක් වැටුනා..හැබැයි එයා ආයේ එන්නේ නෑ.. ඒ ළමයා මැරුණා කියලා.. එතකොට තමයි අර අක්කට හීන් දාඩිය දාලා තියෙන්නේ ...
ඊළගට එයා හස්බන්ඩ් ටත් කතාව කියලා ත්‍රී විල් පාක් වල හොයලා අර ත්‍රී විල් එක හොයාගෙන ...ඩ්‍රයිවර් කියලා එයත් එක්ක ගියා කියලා ...බහින්න ඕන තැනත් කිව්වලු ...ඉතින් එයත් ඒ කියපු පාරේ ගියාලු ...යනකොට සොහොන් පිට්ටනියක් තිබුනලු ..ඒක පහුවෙලා ටිකක් දුර ගිහින් කිව්වලු එයාව බස්සන්න .ඒ ටික තනියම යන්නම්, නැත්නම් ත්‍රී විල් එකේ එනකොට අම්මා කලබල වෙයි කියලා ..ඒ පාර ඩ්‍රයිවර් නවත්තලා ත්‍රී විල් එක ..එයා බැහැලා ඉස්සරහට ගියාලු...ඩ්‍රයිවර් ත්‍රී විල් එකේ ලයිට් ඒකත් ඒ යන පැත්තට අල්ලාගෙන හිටියලු ..ඒ කියන්නේ හරවාගෙන එන්නේ නැතුව ඉදලා ඒ ළමයා යනකන් ..ටික දුරක් ගියාම නොපෙනී ගියාලු ..ඒ ගමන එයා හරවාගෙන ඇවිත් ...
ඒ ගමන ඒ අක්කයි හස්බන්ඩයි ත්‍රී විල් ඩ්‍රයිවර් ගෙන් පාර අහගෙන ගෙවල් හොයාගෙන ගිහින්..සොහොන් පිට්ටනියත් පහුකරගෙන ටික දුරක් ගිහින් ...කොහොමහරි ගේ හොයාගෙන...
SM කිව්වත් වගේම ඒ ළමයා කෝච්චියෙන් වැටිලා මැරිලා..ඒ වැටිලා තියෙන්නේ අර කිවා වගේම ලැප් එකේ පටිය ට්‍රේන් එකේ දොරේ පැටලිලා...ට්‍රේන් එක අද්දනකොට bag පටිය දොරේ පැටලිලා නිසා ඒ ළමයාව රේල් පාරට වැටිලා ... ඒ අම්මා කියලා සිද්දිය වෙලා ටික වෙලාවකින් ඒ අම්මා කෝල් එකක් දුන්නලු ..ඒකට answer කරලා නෑ මේ ළමයා..හත් දවසේ දානේ දවස තමා අර අක්කා ආයෙත් ඒ සිද්ධිය දැකලා තියෙන්නේ..
එයාට පුදුම අර හොල්මන අතින් ඇදලා ප්ලැට් ෆෝම් ගනිපු එකට..ඒ වගේම එදා ඒ ළමයා වැටෙනවා දැකලා තියෙන්නෙත් එයා විතරයි නේ...
ඔන්න ඕකයි ඉතින් කතාව...බොරු කියලා අහක දාන්නත් බෑ එක පාරම..ඒකයි මේකේ දාන්න හිතුවේ.. .