එළකිරි භූත කොටුව.........

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    Ghost Ar GIF by Superfan Studio
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    පොඩි සීන් එකක් තියෙනවා....
    ඒත් මේක දැන් වල්වැදිලා ගිහින් නිසා දාලා වැඩක් නැති වෙයි වගේ.... කෝ මේකේ අයිති පුද්ගලයා හොයගන්න විදියක් තියෙනවද?
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    දාපන් යකෝ ... මේක කොහෙද වල් වැදිලා?
     
    • Like
    Reactions: Fake profile

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පොඩි සීන් එකක් තියෙනවා....
    ඒත් මේක දැන් වල්වැදිලා ගිහින් නිසා දාලා වැඩක් නැති වෙයි වගේ.... කෝ මේකේ අයිති පුද්ගලයා හොයගන්න විදියක් තියෙනවද?
    පොඩි සීන් එක කියන්න ලැජ්ජයි වගේනං මට pm එකක් දාන්න. මම සීන් එක ලොකු කරල, හැඳි ගෑවිලා යන්න ලියල දෙන්නං....
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    පොඩි සීන් එක කියන්න ලැජ්ජයි වගේනං මට pm එකක් දාන්න. මම සීන් එක ලොකු කරල, හැඳි ගෑවිලා යන්න ලියල දෙන්නං....
    හපෝ මේ ත්‍රෙඩ් එක බලන එක නැවැත්තුවා.
    මේක බලලා අනවශ්‍ය ලෙඩක් වැටෙන්නේ තව ටිකෙන්.
     
    • Haha
    Reactions: PHBhagya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මෙතරම් කල් භූත කොටුවේ කතා කියෙව්වට මං අද තමයි පලවෙනි පාරට කතාවක් දාන්නේ.. ..මේක වෙලා තියෙන්නේ අපි දන්න නංගි කෙනෙක්ගේ යාලුවෙක්ට..අක්කා කෙනෙක්ට ...ඊයේ රෑ පවර් කට් එක වෙලාවේ මේ ගැන අපි කතා වෙනකොට තමා මතක් උනේ භූත කොටුවට දාන්න ඕනේ කියලා..

    මේක වෙලා තියෙන්නේ ගම්පහ ට එහා තියෙන උප දුම්රිය ස්ථානයක...(දාරලුව /හොරපේ වගේ පොඩි ස්ටේෂන් එකක... දැන් හරියටම මතක නෑ මොකක්ද ස්ටේෂන් එක කියලා )..ඔය හරියේ රේල් පාර දෙපැත්තම මානා පඳුරු වලින් වැහිලා තියෙන්නේ...

    ඔය කතාව කියපු අක්කා ගෙදර යනකොට තමා මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ...එයාට ගෙදර යන්න ප්‍රධාන පාරෙන් හැරිලා රේල් පාර හරහා යන්න ඕනෙලු..රේල් CROSSING එක තියෙන්නෙත් ස්ටේෂන් එක ලගලු...ඉතින් එදා එයා එනකොට crossing එක ලගට කෝච්චියක් ස්ටේෂන් එකේ ඉදලා අද්දන්න හදනවලු..කෝච්චිය එන නිසා එයා නවත්තගෙන ඉදලා රේල් පාර ළග..කෝච්චිය හෙමින් අද්දනකොට කෙනෙක් කෝච්චියෙන් බහින්න ගිහින් රේල් පාරට වැටෙනවා එයා දැකලා..එතකොට ප්ලැට් ෆෝම් එකේ කවුරුවත් ඉදලත් නෑ...කෝච්චිය ගියාමත් වැටුන කෙනා ඉන්නවලු රේල් පාරේම..මෙයා ගිහින් ප්ලැට් ෆෝම් එක දිගේ වැටුන කෙනා ළගට ....ගෑණු ළමයෙක් ...පණ තියෙනවලු..ඇගේ කිසිම තුවාලයක් නෑලු..

    ඒ අක්කා අහලා නැගිටින්න පුලුවන්ද කියලා ,,පුළුවන් කියලා නැගිට්ටලු..ප්ලැට් ෆෝම් එක අයිනට ආවම ඒ අක්කා අත දුන්නලු ප්ලැට් ෆෝම් එක උඩට නගින්න..අක්කාගේ අත අල්ලාගෙන උඩට නැග්ගලු...ඊට පස්සේ එයා අල්ලාගෙන ඇවිත් ස්ටේෂන් එකේ තියෙන දිග පුටුවේ වාඩි කෙරෙව්වලු...ඉස්පිරිතාලේ එක්කන් යන්නද ඇහුවම ඕනේ නෑ කිව්වලු..අක්කා අහලා මොකද උනේ කියලා...කෝච්චියේ එනකොට නින්ද ගිහින් ..ඇහැරිලා තියෙන්නේ බහින්න ඕනේ ස්ටේෂන් එකේදී..ඒ ගමන කෝච්චිය අද්දනකොට ම බැස්සලු..ඒ උනාට ලැප් එකේ පටිය කෝච්චියේ දොරේ හිරවෙලා ...එයාව වැටිලා රේල් පාරට...එතකොට ඒ ළමයට කෝල් එකක් ආවලු...ෆෝන් එකේ වැටුනලු “අම්මා” කියලා.. මෙයා ආන්ස්වර් කරලා නෑ..ඒ ගමන අර අක්කා කියලා answer කරන්න කියලා...ඕනේ නෑ කිව්වලු...දැන් මේ කතාව අම්මට කිව්වොත් එයා භයවෙයි , ගෙදර ගිහිල්ලම කියනවා කියලා...තනියම යන්න පුලුවන්ද කියලා ඇහුවම පුළුවන් කිවලු..දෙන්නත් එක්කම ස්ටේෂන් එකෙන් එළියට ආවලු.. අර අක්කා පාරේ ගිය ත්‍රී විල් එකක් නවත්තලා ඒ ගෑණු ළමයව නග්ගලා ..ත්‍රී විල් එකේ ඩ්‍රයිවර් ටත් සිද්දිය කියලා , ගේ ළගින් ම බස්සන්න කීවලු...ඊට පස්සේ ඒ අක්කත් ගෙදර ආවලු ...

    ඊට දවස් දෙකකට විතර පස්සේ අර අක්කා ස්ටේෂන් එකට ආපු වෙලාවක SM ගෙන් අහලා මෙහෙම ළමයෙක් වැටිලා හිටියා රේල් පාරේ..ඒ ළමයා ආවද කියලා ආයෙත් ට්‍රේන් එකට ..එතකොට SM කියලා එහෙම ළමයෙක් වැටුනා..හැබැයි එයා ආයේ එන්නේ නෑ.. ඒ ළමයා මැරුණා කියලා.. එතකොට තමයි අර අක්කට හීන් දාඩිය දාලා තියෙන්නේ ...

    ඊළගට එයා හස්බන්ඩ් ටත් කතාව කියලා ත්‍රී විල් පාක් වල හොයලා අර ත්‍රී විල් එක හොයාගෙන ...ඩ්‍රයිවර් කියලා එයත් එක්ක ගියා කියලා ...බහින්න ඕන තැනත් කිව්වලු ...ඉතින් එයත් ඒ කියපු පාරේ ගියාලු ...යනකොට සොහොන් පිට්ටනියක් තිබුනලු ..ඒක පහුවෙලා ටිකක් දුර ගිහින් කිව්වලු එයාව බස්සන්න .ඒ ටික තනියම යන්නම්, නැත්නම් ත්‍රී විල් එකේ එනකොට අම්මා කලබල වෙයි කියලා ..ඒ පාර ඩ්‍රයිවර් නවත්තලා ත්‍රී විල් එක ..එයා බැහැලා ඉස්සරහට ගියාලු...ඩ්‍රයිවර් ත්‍රී විල් එකේ ලයිට් ඒකත් ඒ යන පැත්තට අල්ලාගෙන හිටියලු ..ඒ කියන්නේ හරවාගෙන එන්නේ නැතුව ඉදලා ඒ ළමයා යනකන් ..ටික දුරක් ගියාම නොපෙනී ගියාලු ..ඒ ගමන එයා හරවාගෙන ඇවිත් ...

    ඒ ගමන ඒ අක්කයි හස්බන්ඩයි ත්‍රී විල් ඩ්‍රයිවර් ගෙන් පාර අහගෙන ගෙවල් හොයාගෙන ගිහින්..සොහොන් පිට්ටනියත් පහුකරගෙන ටික දුරක් ගිහින් ...කොහොමහරි ගේ හොයාගෙන...

    SM කිව්වත් වගේම ඒ ළමයා කෝච්චියෙන් වැටිලා මැරිලා..ඒ වැටිලා තියෙන්නේ අර කිවා වගේම ලැප් එකේ පටිය ට්‍රේන් එකේ දොරේ පැටලිලා...ට්‍රේන් එක අද්දනකොට bag පටිය දොරේ පැටලිලා නිසා ඒ ළමයාව රේල් පාරට වැටිලා ... ඒ අම්මා කියලා සිද්දිය වෙලා ටික වෙලාවකින් ඒ අම්මා කෝල් එකක් දුන්නලු ..ඒකට answer කරලා නෑ මේ ළමයා..හත් දවසේ දානේ දවස තමා අර අක්කා ආයෙත් ඒ සිද්ධිය දැකලා තියෙන්නේ..

    එයාට පුදුම අර හොල්මන අතින් ඇදලා ප්ලැට් ෆෝම් ගනිපු එකට..ඒ වගේම එදා ඒ ළමයා වැටෙනවා දැකලා තියෙන්නෙත් එයා විතරයි නේ...

    ඔන්න ඕකයි ඉතින් කතාව...බොරු කියලා අහක දාන්නත් බෑ එක පාරම..ඒකයි මේකේ දාන්න හිතුවේ.. .
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම නම් සිරාවටම හොල්මන් අවතාර සීන් විශ්වාස කරන්නේ නෑ මචන්ස්.නමුත් මට පොඩි සීන් එකක් උනායින් පස්සේ පොඩ්ඩක් ඒ හිතන එක වෙනස් වුනා.ඒක තමයි මේ ලියන්නේ.
    මම අදටත් හිතන්නේ මේ නම් හොල්මන් නෙමේ මගේ හිත තමයි කියලා.අනික අපි කැමතිම සින්දුවක් අහලා අහලා පස්සේ පාළු ටයිම් එකක මතක් කරනකොට කරනකොට ඒක ඇහෙනවා වගේ වෙන්නේ අපේ මොළෙන් ඒවා rendering කරන නිසානේ.ඉතින් මම මේ ගැන හිතන්නේත් ඒකමයි.ඒ නිසා බයනම් වෙන්න එපා මේක කියෝලා.
    මේක උනේ ලංකාවේ ඉන්න කාලේ අවුරුද්ද කියනවානම් හරියටම 2010 වගේ.මම ඉන්නේ සපුගස්කන්දට කිට්ටුව.අහලා ඇති නේද බටලන්ද කියලා පැත්තක් එහෙම ආන්න ඒ හරියට ලඟ.මම අම්බානක පොත්පත් කියෝන එකෙක්.. අනික "එලියකන්ද වධකාගාරය" වගේ පොත් "ගිනිඅවි ගිනිකෙලි1-2-3-4" පොත් එක හුස්මට කියෝලා දාපු එකෙක්.ඉතින් ඔව්වා ඔලුවේ තියෙනවා කොයි වෙලෙත්.අනික බටලන්ද ගැන ඇහුනු කතා සෙට් එකත් ඒ වගේමයි.අනික හොල්මන් කතාපොත් එහෙමත් ලෙසටම කියෝලා ඒවයෙත් හොරර් ෆිල්ම්ස් බලලා කරවුණු එකෙක්.හිතාගනින් ඉතින් මම පොඩ්ඩක් පසුබිම කිව්වේ.

    මේක වෙන්නේ පෝයට කලින් දවසක් හද එලිය පට්ට විදිහට තිබ්බ දවසක.මම ඔෆිස් ඇරිලා එනවා.. එන්නේ කොටුවෙන් 143 බස් එකේ ඇවිත් පරණ පාරේ වැලිවිට හංදියෙන් බැහැලා ඇතුලත් ඇවිදන් ගිහින්.. තියෙනවා ගඟ හරස් කරපු පාලමක් ඒකේ එගොඩ වෙන්නේ.මේක දන්න අය දන්නවා ඉස්සර භීෂණය කාලේ එක්තරා පක්ෂයක් කැරැල්ලක් මර්ධනයෙදි සෑහෙන්න ප්‍රයෝජන ගත්ත පාලමක්.කොල්ලො ඇස් ගැටගහලා බටලන්දෙන් අරන් ඇවිත් මේකට නග්ගලා මේකේ පාලම කැඩුණු තැනක් තියෙනවා එතනදි තියනවා ඔලුවටම කෙලින්ම කැළණි ගඟට වැටෙන්න.ඉතින් කවුරුත් රෑ වෙනකොට මේකේ නෑ තනියම නම් යන්නේ එන්නේ 7pm වගේ පහු වෙනකොට.
    hYJUbHz.png

    කැළණි ගඟ ලංකාවෙම පලළම ගඟ නිසා හිතාගනිල්ලා පාලමේ පලළත්..
    ඉතින් මම නම් වැඩිය ඔව්ව විශ්වාසයක් නැති නිසා ආවා එදත් වැලිවිට පාලමෙන්ම මාරුවෙන්න..එතකොට මට බියගම පාර ලඟයි.එතනින් පොඩ්ඩක් ගියාම අපේ බස් පාර.මම හෙඩ්සෙට් එකත් ගහන් වැඩ ඇරිලා එන්නේ.. සිංහල මික්ස් රැපක් වගේ අහගෙන.
    පොර වගේ වෙනදා පුරුද්දට පඩි ටික නැඟලා පාලම මේ පැත්තෙන් නැඟ්ගාම දැක්කේ බලු බල්ලෙක් නෑ පාලම උඩ.අනික ගෙවලුත් ලයිට් නිවන් ගොඩක් ඒවයේ.. මිනිස් පුළුටක් එනකොට දැක්කෙත් නෑ.. උඩට නැග්ගම දැක්කේත් නෑ..අනික පහුවදා පෝය නිසා හද එලිය වැටිලා පාලම මැද හරිය අග නම් කරුවල වගේ වදුල වගේ ගස් හෙවණ නිසා.මම පොඩ්ඩක් ගැස්සුණා කොච්චර පොර මානසිකත්වෙන් උන්නත්.ඉතින් පඩි නැග්ගනම් යන්නත් එපැයි කියලා අඩිය ඉක්මන් කලා.

    පියවර හයක් හතක් යනකොට මගේ හෙඩ්සෙට් එකේ සද්දෙත් එක්ක මික්ස් වෙලා ඇහෙනවා පිටිපස්සේන් තව කොල්ලෝ දෙන්නෙක් කයියක් ගහනවා වගේ සද්දයක්.මට මාර හිතට හයියක් ආවා මොකද පොඩ්ඩක් දෙගිඩියාවෙන් වගේනේ උන්නේ මම විතරක් නිසා පාලමේ.කොයි එකටත් අඳුරන උන් දෙන්නෙක්ද බලන්නත් එක්ක හැරුණා පිටිපස්සට බෙල්ල පොඩ්ඩක් හරෝලා.
    මචන් ඇඟම සීතල උනා මචන්ස්ලා කවුරුත් නෑ සද්දෙ ඇහුනට.මම ඩිම් උනා.ඒ ගැම්මටම ගියා ඉස්සරහට දෙපැත්තෙම ඉතින් පැන්නත් ගඟ නිසා..අනික මම පාලම මැද වගේ.පට්ට දුරක් තියෙනවා අනිත් කොනට.අනික දිව්වත් එහා කොනේ ආයිමත් පඩි කලබලේ බැස්සොත් බිම තමයි..ඒ නිසා මම හෙඩ්සෙට් එක ගැලෙව්වා.මට දැන් හොදට ඇහෙනවා මගෙත් එක්කම ලඟ පිටිපස්සෙන් කොල්ලො දෙන්නෙක් කතාකර කර එනවා..
    හරියටම අර පාලම කැඩුණු තැන ලංවෙනකොට මාව ඉස්සර කලා ඒ දෙන්නම.ඒක දැනුනේ අඩිසද්දෙයි, අර කවුරු හරි ලඟින් යනකොට වදිනවා වගේ දැනෙන හුලං පාරෙනුයි..මට කිසිම දෙයක් පෙනුනේ නම් නෑ මොකද මොනව උනත් මම මීටරෙන් උන්නේ.කරන්න දෙයක් නෑ දන්න ගාථා ටිකත් මටම ඇහෙන්න කියා ගත්තා පඩිටික රූන් ගාලා බැස්සා ගෙදර ගිහින් ශේප් එකේ විස්තරේ කිව්වා.ආයිත් ඉතින් ඒ පාරේ නම් රෑ වෙලා ආවෙ නෑ ඒ පාරෙන් දවාලක හවසක මිසක්.
    එතන පහලම ගෙදර කලින් උන්නු කට්ටියකුත් රෑට ලමයි වතුරට වැටෙන සද්ද ඇහෙනවා කියලා ගෙවල් දාලා ගිය කතාවකුත් මම දැන ගත්තා ඕක අපේ තව කට්ටියක් ඉන්න තැන කියන්න ගිය වෙලාවක.
    හැබැයි ඒ හොල්මන් නෙමේ මචන් අනිවාර්යෙන්ම මම ඒ විකාර ඔලුවේ තියන් ඉන්න නිසා ඇහුණු එකක්ම වෙන්න ඕන.මොකද මොලේට පුළුවන් ඇහැට නොපෙනුනත් දේවල් මවල දෙන්න,කනට අස්සවන්න..ඒ වගේ නිසා..
    අනික මම පොඩි කාලේ 88-89 කාලේ තාත්තා අපිව අරන් ගිහින් දවසක් පෙන්නුවා පිටවල් වලට ඉස්ත්‍රික්ක කරලා මරලා දාලා උන්නු කොල්ලොන්ව ඒ පාලම යට.ගඟේ පා කරලා යැව්ව කොල්ලොන්ව.ඒව ඔලුවෙත් තිබ්බ නිසා වෙන්න පුළුවනි..
    එලකිරියේ මේ ලඟ තව අය ඉන්නවා නම් කතා දායි මේ පාලමේ ඒවා..ඒ තරමට මේ පාලමේ කතා තියෙනවලු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මෙතරම් කල් භූත කොටුවේ කතා කියෙව්වට මං අද තමයි පලවෙනි පාරට කතාවක් දාන්නේ.. ..මේක වෙලා තියෙන්නේ අපි දන්න නංගි කෙනෙක්ගේ යාලුවෙක්ට..අක්කා කෙනෙක්ට ...ඊයේ රෑ පවර් කට් එක වෙලාවේ මේ ගැන අපි කතා වෙනකොට තමා මතක් උනේ භූත කොටුවට දාන්න ඕනේ කියලා..

    මේක වෙලා තියෙන්නේ ගම්පහ ට එහා තියෙන උප දුම්රිය ස්ථානයක...(දාරලුව /හොරපේ වගේ පොඩි ස්ටේෂන් එකක... දැන් හරියටම මතක නෑ මොකක්ද ස්ටේෂන් එක කියලා )..ඔය හරියේ රේල් පාර දෙපැත්තම මානා පඳුරු වලින් වැහිලා තියෙන්නේ...

    ඔය කතාව කියපු අක්කා ගෙදර යනකොට තමා මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ...එයාට ගෙදර යන්න ප්‍රධාන පාරෙන් හැරිලා රේල් පාර හරහා යන්න ඕනෙලු..රේල් CROSSING එක තියෙන්නෙත් ස්ටේෂන් එක ලගලු...ඉතින් එදා එයා එනකොට crossing එක ලගට කෝච්චියක් ස්ටේෂන් එකේ ඉදලා අද්දන්න හදනවලු..කෝච්චිය එන නිසා එයා නවත්තගෙන ඉදලා රේල් පාර ළග..කෝච්චිය හෙමින් අද්දනකොට කෙනෙක් කෝච්චියෙන් බහින්න ගිහින් රේල් පාරට වැටෙනවා එයා දැකලා..එතකොට ප්ලැට් ෆෝම් එකේ කවුරුවත් ඉදලත් නෑ...කෝච්චිය ගියාමත් වැටුන කෙනා ඉන්නවලු රේල් පාරේම..මෙයා ගිහින් ප්ලැට් ෆෝම් එක දිගේ වැටුන කෙනා ළගට ....ගෑණු ළමයෙක් ...පණ තියෙනවලු..ඇගේ කිසිම තුවාලයක් නෑලු..

    ඒ අක්කා අහලා නැගිටින්න පුලුවන්ද කියලා ,,පුළුවන් කියලා නැගිට්ටලු..ප්ලැට් ෆෝම් එක අයිනට ආවම ඒ අක්කා අත දුන්නලු ප්ලැට් ෆෝම් එක උඩට නගින්න..අක්කාගේ අත අල්ලාගෙන උඩට නැග්ගලු...ඊට පස්සේ එයා අල්ලාගෙන ඇවිත් ස්ටේෂන් එකේ තියෙන දිග පුටුවේ වාඩි කෙරෙව්වලු...ඉස්පිරිතාලේ එක්කන් යන්නද ඇහුවම ඕනේ නෑ කිව්වලු..අක්කා අහලා මොකද උනේ කියලා...කෝච්චියේ එනකොට නින්ද ගිහින් ..ඇහැරිලා තියෙන්නේ බහින්න ඕනේ ස්ටේෂන් එකේදී..ඒ ගමන කෝච්චිය අද්දනකොට ම බැස්සලු..ඒ උනාට ලැප් එකේ පටිය කෝච්චියේ දොරේ හිරවෙලා ...එයාව වැටිලා රේල් පාරට...එතකොට ඒ ළමයට කෝල් එකක් ආවලු...ෆෝන් එකේ වැටුනලු “අම්මා” කියලා.. මෙයා ආන්ස්වර් කරලා නෑ..ඒ ගමන අර අක්කා කියලා answer කරන්න කියලා...ඕනේ නෑ කිව්වලු...දැන් මේ කතාව අම්මට කිව්වොත් එයා භයවෙයි , ගෙදර ගිහිල්ලම කියනවා කියලා...තනියම යන්න පුලුවන්ද කියලා ඇහුවම පුළුවන් කිවලු..දෙන්නත් එක්කම ස්ටේෂන් එකෙන් එළියට ආවලු.. අර අක්කා පාරේ ගිය ත්‍රී විල් එකක් නවත්තලා ඒ ගෑණු ළමයව නග්ගලා ..ත්‍රී විල් එකේ ඩ්‍රයිවර් ටත් සිද්දිය කියලා , ගේ ළගින් ම බස්සන්න කීවලු...ඊට පස්සේ ඒ අක්කත් ගෙදර ආවලු ...

    ඊට දවස් දෙකකට විතර පස්සේ අර අක්කා ස්ටේෂන් එකට ආපු වෙලාවක SM ගෙන් අහලා මෙහෙම ළමයෙක් වැටිලා හිටියා රේල් පාරේ..ඒ ළමයා ආවද කියලා ආයෙත් ට්‍රේන් එකට ..එතකොට SM කියලා එහෙම ළමයෙක් වැටුනා..හැබැයි එයා ආයේ එන්නේ නෑ.. ඒ ළමයා මැරුණා කියලා.. එතකොට තමයි අර අක්කට හීන් දාඩිය දාලා තියෙන්නේ ...

    ඊළගට එයා හස්බන්ඩ් ටත් කතාව කියලා ත්‍රී විල් පාක් වල හොයලා අර ත්‍රී විල් එක හොයාගෙන ...ඩ්‍රයිවර් කියලා එයත් එක්ක ගියා කියලා ...බහින්න ඕන තැනත් කිව්වලු ...ඉතින් එයත් ඒ කියපු පාරේ ගියාලු ...යනකොට සොහොන් පිට්ටනියක් තිබුනලු ..ඒක පහුවෙලා ටිකක් දුර ගිහින් කිව්වලු එයාව බස්සන්න .ඒ ටික තනියම යන්නම්, නැත්නම් ත්‍රී විල් එකේ එනකොට අම්මා කලබල වෙයි කියලා ..ඒ පාර ඩ්‍රයිවර් නවත්තලා ත්‍රී විල් එක ..එයා බැහැලා ඉස්සරහට ගියාලු...ඩ්‍රයිවර් ත්‍රී විල් එකේ ලයිට් ඒකත් ඒ යන පැත්තට අල්ලාගෙන හිටියලු ..ඒ කියන්නේ හරවාගෙන එන්නේ නැතුව ඉදලා ඒ ළමයා යනකන් ..ටික දුරක් ගියාම නොපෙනී ගියාලු ..ඒ ගමන එයා හරවාගෙන ඇවිත් ...

    ඒ ගමන ඒ අක්කයි හස්බන්ඩයි ත්‍රී විල් ඩ්‍රයිවර් ගෙන් පාර අහගෙන ගෙවල් හොයාගෙන ගිහින්..සොහොන් පිට්ටනියත් පහුකරගෙන ටික දුරක් ගිහින් ...කොහොමහරි ගේ හොයාගෙන...

    SM කිව්වත් වගේම ඒ ළමයා කෝච්චියෙන් වැටිලා මැරිලා..ඒ වැටිලා තියෙන්නේ අර කිවා වගේම ලැප් එකේ පටිය ට්‍රේන් එකේ දොරේ පැටලිලා...ට්‍රේන් එක අද්දනකොට bag පටිය දොරේ පැටලිලා නිසා ඒ ළමයාව රේල් පාරට වැටිලා ... ඒ අම්මා කියලා සිද්දිය වෙලා ටික වෙලාවකින් ඒ අම්මා කෝල් එකක් දුන්නලු ..ඒකට answer කරලා නෑ මේ ළමයා..හත් දවසේ දානේ දවස තමා අර අක්කා ආයෙත් ඒ සිද්ධිය දැකලා තියෙන්නේ..

    එයාට පුදුම අර හොල්මන අතින් ඇදලා ප්ලැට් ෆෝම් ගනිපු එකට..ඒ වගේම එදා ඒ ළමයා වැටෙනවා දැකලා තියෙන්නෙත් එයා විතරයි නේ...

    ඔන්න ඕකයි ඉතින් කතාව...බොරු කියලා අහක දාන්නත් බෑ එක පාරම..ඒකයි මේකේ දාන්න හිතුවේ.. .
    ගම්පහින් උඩහ පැත්තට තියෙන්නෙ දාරලුව, පහල පැත්තට තියෙන්නෙ යාගොඩ. දෙකේම එකම විදිහට ක්‍රොසින්එක ස්ටේශන් එක ලඟින්මයි තියෙන්නෙ.

    ඔය ස්ටේශන් දෙකම වෙළත් එක්ක තියෙන පාලුවට ගිය ස්ටේශන් දෙකක්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :yes: :yes: :yes:
    Heendeniya-Pattigoda th mara paalu station ekak,
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    :yes: :yes: :yes:
    Heendeniya-Pattigoda th mara paalu station ekak,
    හප්පේ ඔවු.... අර වෙළ මැද, කණු උඩ ෆ්ලැට්ෆෝම් තියෙන එක නේද...
    ඒකෙ දවල් වෙලාවටත් බලු බල්ලෙක් නෑ....

    මතක විදිහට ඔය හරියෙ, දැනට අවු 15කට විතර කලින් ගෑනු ළමයෙක්ව දූශනය කරල පොල් ලෙලි වලක ගිල්ලෝල මැරුව....
    ඉස්සර ඇඟිලි සලකුණ වැඩසටහනේ ඔය සීන් එක ගියා...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හප්පේ ඔවු.... අර වෙළ මැද, කණු උඩ ෆ්ලැට්ෆෝම් තියෙන එක නේද...
    ඒකෙ දවල් වෙලාවටත් බලු බල්ලෙක් නෑ....

    මතක විදිහට ඔය හරියෙ, දැනට අවු 15කට විතර කලින් ගෑනු ළමයෙක්ව දූශනය කරල පොල් ලෙලි වලක ගිල්ලෝල මැරුව....
    ඉස්සර ඇඟිලි සලකුණ වැඩසටහනේ ඔය සීන් එක ගියා...
    ow, ehema seen ekak math ahala thiyanawa.
     
    • Like
    Reactions: PHBhagya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ගම්පහින් උඩහ පැත්තට තියෙන්නෙ දාරලුව, පහල පැත්තට තියෙන්නෙ යාගොඩ. දෙකේම එකම විදිහට ක්‍රොසින්එක ස්ටේශන් එක ලඟින්මයි තියෙන්නෙ.

    ඔය ස්ටේශන් දෙකම වෙළත් එක්ක තියෙන පාලුවට ගිය ස්ටේශන් දෙකක්...
    ඇත්ත නැත්ත දන්නේ නෑ මචං ....මං ඔය පැත්තේ ට්‍රේන් එකෙන් වැඩිය ගිහින් නෑ...මතක නෑ ඒ නිසා ස්ටේෂන් ගැන ...
     
    • Like
    Reactions: PHBhagya