එළකිරි මහ මැතිවරණය 2015 - MEGA THREAD

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    එළකිරි මහ මැතිවරණය 2015 - MEGA THREAD

    මහ මැතිවරණ ප්‍රතිපල මැකෝ නිකුත් කල සැනින් ඔබවෙත ගෙන එන්න අපි සූදානම්...

    එක්වන්න රැය පහන් කරන්න​... එලකිරි සමගින්...


    2015-General-Election-Newsfirst-415x260.jpg


    wcms_376189.jpg
    351960-269286-mahinda-rajapaksa-getty.jpg
    DM_20150530_A001-13.png
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 709ක ඡන්ද පෙට්ටි මේ වනවිට ගාල්ල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතී. තැපැල් ඡන්ද ගණන් කිරිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 17 දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කැරිණි. ගාල්ලේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 89කි.

    ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 65-70ත් අතර ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශකැර ඇති බවයි. ගාල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරිමට හැකිවෙතැයි ද තේරීම්භාර නිලධාරීවරයා කීවේය.


    IMG_7061.jpg


    IMG_7063.jpg


    IMG_7065.jpg


    Source: Lankadeepa Online
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙ 25ම දොට්ට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 25 දෙනාම නෙරපා හැර අලුතෙන් 25 දෙනකු පත් කළ බව ජනපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

    නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දිමු ජයරත්න ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ද සිටින බව දැනගන්නට ඇත.

    මේ අතර හිටපු ජනාධිපති සහ කුරුණැගල එජනිස අපේක්ශක මහින්ද රාජපක්ශ මහතා හෙට හවස විශේෂ ප්‍රකාශයක කිරීමට නියමිත බවත් ආරන්චි වේ.


    ලන්කාදීප ඔන්ලයින්
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    තව පැය කිහිපයකට පසු සියල්ල ප්‍රති ව්‍යුහ&#3484

    මෙවර මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින, එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන 7.00 ට, කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කරන ලදී.

    එහිදී මාධ්‍ය ඇමැතූ රණවක මහතා “මීලඟ පැය කිහිපයකින් පසු අපේ රට අලුත් රටක් ලෙස ඉදිරියට යනවා. සියළු දෙනා එක්සත් වෙනවා. සියළු පක්ෂ සංවිධාන ප්‍රති ව්‍යුහගත වෙනවා ප්‍රති සැලසුම්ගත වෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතිව අපි ඉදිරියට යනවා “ යි පැවසීය.


    Champika_voted1.jpg
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    රනිල් මෛත්‍රී ඡන්දය දමති..!

    එක්සත් ජාතික පක්ෂ නායක, ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද උදෑසන කොළඹ විශ්ව විද්‍යාලයේ දී ඔවුන්ගේ ඡන්දය යහපාලනය වෙනුවෙන් භාවිතා කළහ. ඔවුන් ඡන්දය දැමීමට පැමිණි අවස්ථාව සහ අගමැතිවරයා ඡන්දය භාවිතා කළ අවස්ථාව සේයාරූ වල දැක්වේ. සේයාරූ අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය විසිනි.

    Ranil_Voting_2.jpg


    Ranil_Voting.jpg
     
    • Like
    Reactions: Dinushasankalpa