ඒකායන නිවන් මාර්ගය

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඒකායන නිවන් මාර්ගය

    ආර්ය අෂ්ථාංගික මාර්ග ප්රතිපදාව

    නොබෝ දිනකින් නිවන් අවබෝධ කරගැනීමට ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාල ඒකායන මාර්ගය.


    මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන විට විඤ්ඤාණ ස්කන්ධය නිරෝධ කිරීමෙන් සිත නිවනට සම්ප්රප්ත වේ.


    මෙය ලෝකෝත්තර මාර්ගයක් බැවින් ලෞකික ජීවිතයක් ගත කරමින් පෘථග්ජන පුද්ගලයෙකු ලෙස මෙම මාර්ගයේ යා නොහැක.


    බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයකු වී ධර්මානුකූලව මෙම ලෝකෝත්තර මාර්ගයේ යන සංඝ අට පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන සාක්ෂාත් කරගනී


    සංසාර ගමන නවතා උඩුගං බලා යන මෙම ගමනේදී ප්‍රථම වතාවට නිවන් දකින ආර්යා

    1. සක්කාය දිට්ඨිය
    2. විචිකිච්ඡාව
    3. සීලබ්බතපරාමාස
    වලින් සදහටම නිදහස් වී බුද්ධ, ධම්ම, සංඝ සහ මාර්ගයේ නොසැලෙන අචල භක්තියට/ ශ්‍රද්ධාවට පත්වන්නේය.


    181959_124805284257662_122535447817979_180829_1040931_n.jpg

    181418_124612870943570_122535447817979_179536_2042211_n.jpg

    167277_124612930943564_122535447817979_179537_1805527_n.jpg

    179198_124612977610226_122535447817979_179538_1750086_n.jpg

    181874_124613014276889_122535447817979_179539_791812_n.jpg

    169083_124613060943551_122535447817979_179540_7534946_n.jpg

    178999_124613127610211_122535447817979_179541_3561110_n.jpg

    169086_124613200943537_122535447817979_179542_6125374_n.jpg

    180461_124613237610200_122535447817979_179543_3322930_n.jpg



    181499_124574190947438_122535447817979_179448_4119617_n.jpg

    photo.php
    168596_124574110947446_122535447817979_179444_8331588_n.jpg

    179670_124574080947449_122535447817979_179443_7449668_n.jpg

    181328_124574154280775_122535447817979_179446_2233325_n.jpg

    166827_124574004280790_122535447817979_179439_8190099_n.jpg


    168137_124573940947463_122535447817979_179438_4263618_n.jpg
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    තෑන්ක්ස් කියල මදි, නිවැරදි බුදු දහම අවබෝධකරගන්න ඔක්කොම කියවන්න. කියවලා තමාගේ ණුවනින් අවබෝධකරගෙන එගොඩ වෙන්න. තමන් එගොඩ උනාට පස්සේ අනිත් අයවත් එගොඩ කරවන්න බලන්න. පාරමී පිරුණු ඇත්තන් මේ භවයෙදිම නිවන් දකිත්වා!
     
    • Like
    Reactions: Djram

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    mathpan walata abbahi wunu umbala me aathme nivan dakinne naha

    අංගුලිමාලත් නිවන් දැකපු එකේ මත්පැන් බොන මිනිහටත් ඒක අතහැරල නිවන් යන්න මාර්ගයට එන්න පුළුවන්.
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අංගුලිමාලත් නිවන් දැකපු එකේ මත්පැන් බොන මිනිහටත් ඒක අතහැරල නිවන් යන්න මාර්ගයට එන්න පුළුවන්.

    ehema wenawanam apatath santhosai. :yes::yes::yes::yes: habai putho mathpan walin eliyata enathaakkaal umbalata niwan dakinna nam hambawena ekak naha.
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    හ්ම්ම්... ඒක තම තමන් අධිෂ්ඨාන කරගන්න ඕනේ නිවන් යන්න ඕනේනම්. ඔනකම තියේනම් දවසක් ඇති විදර්ශනා වඩල නිවන් යන්න.
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    "නත්ථි ඣානං අපඤ්ඤස්ස නත්ථි පඤ්ඤා අඣායතො
    යම්හි ඣානඤච පඤ්ඤාච සචෙ නිබ්බාන සන්තිකෙ"

    සම්මුති ධර්මයේ පරමාර්ථය ඇත්තේ ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලයි. එයට පිවිසෙන අයට ප්‍රඥාව වැඩේ. එයට නොපිවිසෙන අයට ඥාණයත්, ප්‍රඥාවත් නැත. ඒ අයට සම්මුති සුරංගනා කතා මිසක් පරමාර්ථ ධර්මයක් නැත. මේ ඉහත ගාථාවේ තෙරුමයි. :yes:
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අත්ත = මම

    සම්මත පෘථග්ජන ජීවිතයක් ගෙවන පුද්ගලයෙකු තුල අභිනන්දනය කරන මම තුන් ආකාරයකින් එකට එකතු වී නිර්මාණය වී ඇත.
    1. ඕලාරිකෝ අත්ත පටිලාභෝ
    2. මනෝමයෝ අත්ත පටිලාභෝ
    3. අරූපෝ අත්ත පටිලභෝ

    වෙනත් අයුරකින් කියතොත්.
    1. අතීත මම
    2. වර්තමාන මම
    3. අනාගත මම

    තවත් අයුරකින් දැක්වුවහොත්
    1. ජාති
    2. ජරා
    3. මරණ

    නැතහොත්
    1. පුබ්බන්තය
    2. පුබ්බන්ත - අපරන්ත
    3. අපරත්තය

    එනම්:-
    1. ඇස, කන, නාසය, දිව, කය ලැබීම
    2. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැනීම
    3. විඤ්ඤාණගත රූප, වේදනා, සඤ්ඥා, සංඛාර


    181690_125281434210047_122535447817979_183387_3325261_n.jpg



    සබ්බේ පෘථග්ජනා උන්මත්ථකා... :yes:
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සැබෑ අර්ථය : අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේ&#

    අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා
    පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

    අසේවනා ච බාලානං - පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.

    පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.

    "පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්‍රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    බමුණා වුණත්...

    බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
    සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
    හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
    දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
    දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ
    වැදි බණ මැදින් මුනි බණ ‍තෝරා අසනූ
    වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ

    කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ

    රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
    මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ

    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි.

    'ජගදුපකෘතිරෙව බුද්ධපූජා,
    තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා'

    "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි. ලෝකනාථයන් වහන්ස, ලෝකයාට වරදක් කිරීම නුඹවහන්සේට කරන පීඩාවකි."