ඒයි, ඕයි 2

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.

    1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී.

    2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලාගැනීමට භාවිතා කරයි.

    3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.

    4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි.

    5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත.

    6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍යයම ඒ ඒ නගර සඳහා
    ප්‍රවාහනයට භාවිතා විය.

    7. බොහොට්ටු / බෝට්ටු – යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රගමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී.


    ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ.
    ජාකොල්ලෝ(කෙලවල්ලන්),කිරිබන්ඩා(සූඩයන්),තල්අතුකාරයා(තලපතා),හොඩකාරයා (කොප්පරා),වට්ටිකාරයා (මඩුවා),මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා), සුරුට්ටුව/මදින්නා(මෝරා)



    හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම
    මයක්කම=දැල් එළීම
    පන්න කරනවා=මසුන් මැරීම
    රස්සාවට යනවා=මුහුදු යෑම
    මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්
    කොවුලා=මසුන් මරන්නා
    හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු
    මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු
    කෝඩියා=නවකයා
    ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය
    ගොඩකරය=ගොඩබිම
    වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම
    රුවල් තරුව=තරු හතක පොකුර
    බඩසුද්දා=මෝරා
    ඇවුළුම් බිලිය=බිලී කටුව


    ඉස්සුව තමයි ඉස්සිල්ලක් :shocked:
    http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    හිරේ යනවා - විවාහ වීම

    උරමාලේ - විවාහ කරගත් මනමාලි./ බිරිඳ

    බඩවෙලා - දරුවෙක් පිළිසිඳ ගැනීම

    සරම ඇඳලා - දරුවෙක් කුස පිළිසිඳගෙන ඇත්නම් සරම ඇඳලා යනුවෙන් පවසනවා.මින් පැවසෙන්නේ පුරුෂයෙකු සමග සංවාසයේ යෙදී ඇති බව යන්න මෙහි යටි අර්ථයයි.

    දොළදුක් කාරී - දොළදුක සහිත කාන්තාව

    තුන් කුළුඳුල් - මව සහ පියා තම තමන්ගේ පවුල්වල වැඩිමලුන්වන අතර ඔවුන්ගේ මුල්ම දරුවා

    තැම්බුම් හොදි - දරුවා බිහි වී දින කිහිපයක් යන තෙක්ම මවට ලබා දෙන අහාරයකි.එය සැදීමට ගොරකා, කරපිංචා, සුදුළුණු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදිය යොදා ගනියි.

    රන්කිරි කට ගානවා - මෙහිදී අලුත උපන් දරුවට ප්‍රථම වරට කිරි ලබා දීම සිදු වෙයි. එය බොහෝ විට නැකතකට අනුව කිරි මවක් කිසින් සිදු කරන්නකි.දොවාගත් මවු කිරි රත්තරන් කැබැල්ලක ගලවා එය බිලින්දගේ කටේ තබයි.

    බාලගිරි දෝෂය - දරුවන් අඩන්නේ මෙම දෝෂය නිසා යයි විශ්වාසයක් පවතී.මේ නිසා කුඩා දරුවෙකු නිවසට ගෙන පසු ගෙයි උළුවස්සේ අඟුරු කැබැල්ලකින් “බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” යනුවෙන් ලියනු ලබයි.මෙය දකින බාලගිරි නම් යක්ෂය හැමදාමත් ඇවිත් යලි හැරී යන බව පැවසෙයි.
     
    Last edited:
    • Like
    Reactions: sriwikkrama

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    වැඩිවියට පැමිණීම

    ගෙට වෙනවා/ජම්බු ගහෙන් වැටෙනවා/කොටහළු වෙනවා/දැනමුතු වෙනවා/ලොකු ළමයෙක් වෙනවා/ඉසට ටසරක කෙනෙක් වෙනවා.
    යන පද සියල්ලෙන්ම හැඳින්වෙනවා.

    නමුත් කැවුම් කන්නේ කවද්ද” යනුවෙන් වැඩිහිටි කාන්තාවෝ දැරියන්ගෙන් අසනවා.ඉන් අර්ථවත් වන්නේද වැඩිවියට පැමිණෙන්නේ කවදද යන්නයි.

    ගෙට කරනවා - වැඩිවියට පත් වූ පසු ඒ ළමයා නිවසේ කාමරයකට කර පිරිමින්ට නොපෙනෙන සේ තැබීම මෙලෙස හඳුන්වනවා.

    දින මුර බැලීම - දියණිය නෑවීම සඳහා නැකත් යොදා ගැනීම.

    තනිකන්දෝසය - වැඩි වියට පත් වූ දැරිවියන් වෙත් කළු කුමාරයා බැල්ම හෙලන බව කියවෙනවා.එබැවින් ඔවුන් තනි කිරීමට හොඳ නැත.එසේ කිරීමෙන් ඇතිවන තත්වය තනිකන්දෝෂය ලෙස හඳුන්වනවා.

    රෙදි නැන්දා - වැඩි වියට පත් දියණියගේ රෙදි පෙරෙදි සේදීමටත් ඇයට දැනමුතුකම් දීමටත් පැමිණෙන පිටස්තර කාන්තාව.අතීතයේදී රදා කුලයට අයත් කාන්තාවන් මෙය සිදු කර ඇති අතර.අගේ සේවය වෙනුවෙන් දැරිවිය පැළඳ සිට රන් ආබරණ ගලවා දීම සිදු කර තිබෙනවා.

    නාවනවා - නැකත් සහිත දිනයට දියණිය ගෙයින් පිටතට ගෙනත් මව විසින් නාවනවා.නැතහොත් රෙදි නැන්දා විසින් නාවනු ලබනවා.මේ සඳහා යොදා ගන්නා ජලය සඳහා බෙහෙත් එකතු කරනවා.

    කිළි - කොටහළු වීම නිසා ඇතිවන අපිරිසිඳු බව

    එළි බහිනවා - ගෙට වී සිටි දියණිය නෑවීමෙන් පසු එළියට බැසීම නැතහොත් සමාජයට මුහුණ දීම.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    2.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,964
    10,115
    113
    bump :) You must spread some Reputation around before giving it to AnuradhaRa again.