ඒයි, ඕයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    කොටු පනිනවා - ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලින්ගනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදීම මෙසේ හඳුන්වනවා.

    පදිනවා -බොහෝ විට පිරිමියෙකු විසින් කාන්තාවක් සංසර්ගයේ යොදා ගැනීම මෙසේ හඳුන්වයි.

    පෙට්ටි කඩාගෙන - සිංහල ජන සමාජය තුල ස්ත්‍රියකගේ පිරිසිදු බාවය බැලීමට කන්‍යාබාවය යොදා ගන්නවා.නමුත් කන්‍යාබාවය අහිමි වීම මේ ආකාරයින් ව්‍යවහාර කරනවා.

    ස්පෙයා වීල් එක - පුරුෂයෙකු තම බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ආශ්‍රයකරන්නේද එම ස්ත්‍රිය මෙනමින් හඳුන්වනවා.

    ලයින් දානවා/ටෝක් කරනවා - තරුණයෙක් තරුණියක් සමග සබඳතාවක් පටන් ගැනීමට උත්සාහ
    කිරීම මෙසේ හඳුන්වනවා.

    සෙට් කරගෙන - තරුණයෙකු විසින් තරුණියක සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.

    දැලේ දාගන්නවා - තරුණියක් විසින් තරුණියෙකු සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.

    දපනේ වැටිලා - කාන්තාවකගේ ඇසුරක් ලබමින් සිටින පුරුෂයින්ට මෙසේ පවසයි.

    චීත්තෙ - කාන්තාවන් සමගම නිතර වෙසෙන පිරිමින් මෙසේ හඳුන්වයි.

    නයිටියා - කාන්තාවන් සේ හැසිරෙන නැතහොත් ඕපාදුප කියමින් යන පිරිමින් මෙසේ අමතයි.

    පත්තරේ /රෝයිටරේ - ගමේ ඕපාදුප බෙදාහරින කාන්තාව හෝ පිරිමියා මෙසේ හඳුන්වයි.

    මකබාස -වැඩක් හරියට නොකරන බාස්වරු

    බොක්ක/ෆිට් එක / - ඉතා සමීපතම මිතුරන් ඇමතීමට යොදා ගනියි.

    කාඩයා -පිළිවෙලකට නොසිටින නැතහොත් රස්තියාදුකාර පිරිමි ළමුන්ට මෙසේ අමතයි.

    ඇඹලයා/පැණියා - කාන්තාවන්ට ලොල් වූ පිරිමි පුද්ගලයින් මෙසේ හඳුන්වයි.

    වලත්තයා/අවලමා - බොහෝ විට කාන්තාවන් හට අසැබි වදන් පවසන පුද්ගලයින් මෙසේ හඳුන්වයි.

    ගොනා/බඞ්ඩ/බඩුව - ඇතැම් විට රැකියාව සඳහා හෝ එසේ නොමැතිව බොහෝ පිරිමින් සමග ඇසුර පවත්වන කාන්තාවන් මෙසේ හඳුන්වයි.

    මළ ඇණය/වාතය - කාට හෝ කරදරයක්වන පුද්ගලයා

    බෙබ්බේ - බේබද්දා.එනම් නිතරම සුරා පානය නිසා මත වී සිටින පුද්ගලයා

    රට කෝලම - අසාමාන්‍ය ලෙස ඇඳුම් ආයිත්තම් පළඳින කාන්තාව

    කොන්දා - කොන්දොස්තර

    ඒයි -බිරිඳ ස්වාමියා හඳුන්වන/අමතන පදයකි

    ඕයි - ස්වාමියා බිරිඳ හඳුන්වන/අමතන පදයකි
    :lol:

    කොන්ත නෝනා - ආඩම්බරකාර නැතහොත් ගෙදරදොර වැඩපල නොකරන ස්ත්‍රිය

    ඇහිරෑවෝ - පුංචි ළමුන් නමුත් අයාලේ හැදෙන නැතහොත් මවු පියන් විසින් නොතකන ළමුන් මෙසේ හඳුන්වයි.කුඩා ළමුන් හැඳින්වීමට “ඇච්චෝ” යන පදය භාවිත කරනවා.

    ගේම් කාරයා - පුද්ගලයින් රවටන පුද්ගලයා නැතහොත් කරදරයට පත් කිරීමට උගුල් අටවන තැනැත්තා.

    අණ්ඩයා - කියන දේ නොඅසන පිරිමි ළමයා

    පොන්සියා - නපුංසක පුද්ගලයින් හැඳින්වීමට


    ඉස්සුව තමයි ඉස්සිල්ලක් :shocked:
    http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    දෙන්න යනවා - ඕනෑම අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් අනවශ්‍ය ලෙස ඉදිරිපත් වීම හෝ කැපී පෙනෙන්නට උත්සාහ දරමින් කටයුතු කිරීමේදී මෙසේ පවසයි.

    ගොට්ට අල්ලනවා - ආයතනයක හෝ සේවා ස්ථානයක ඉහලින් සිටින නිලධාරින් වෙත බොහෝ පක්ෂපාතී කමක් දක්වමින් ඉතා ලැදියාවෙන් කියන කියන කටයුත්ත ඉටි කිරීමේදී මෙසේ පවසයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    හොක්කේ ගහගන්නවා - ළමුන් වඩාගනීමයි.නැතහොත් තුරුල් කරගෙන සිටීමද ඇතැමුන් මෙසේ පවසනවා.

    චින් චුරු බත් උයනවා - කුඩා ළමුන් එකතු වී සෙල්ලම් ගෙවල් සාදාගෙන වැලි බත් නොව සහල් පොල් ආදිය යොදාගනිමින් ආහාර පිසීම මෙසේ හඳුන්වයි.

    රෝන්දේ ගහනවා - රස්තියාදු වෙනවා

    රොද බෙදනවා - ගැහැණු ළමුන් කොණ්ඩය දෙකට බෙදීම මෙසේ හඳුන්වයි.
     
    • Like
    Reactions: Amila llll

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සමහර ඒවා අද දන්නේ.
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    කොටනවා - මෙම වචනය සඳහා අර්ථ ගණනාවක්ම ඇත.කොටනවා යන්නෙන් මන්නයෙන් කෙටීම නැතහොත් කැපීම යන්න අර්ථ ගැන්වෙයි.
    එමෙන්ම,හෙමින් ගමන් කිරීම යන්න හඳුන්වනවා.
    උදා:-බස් එක කොටනවා

    බොලේ බස්සනවා /ලණුව අඹරනවා - බොරු කියා පුද්ගලයෙකු මුලාවේ දැමීම හෝ. තමන්ට අවැසි කාර්යක් කෙසේ හෝ කර ගැනීමට අවශ්යව විට පුද්ගලයෙකු ඒ සඳහා නම්ම ගැනීමට කරන හෝ කියන දේ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මල් කඩනවා - පෙම්වතුන් දුරකථන මගින් කතා කිරීම.

    මල් - මත්ද්‍රව්‍ය

    වටේ යනවා - යම් කිසි කාරණයක් එක එල්ලේ නොකිය වටින් ගොඩින් කතා කිරීම මෙසේ පවසයි

    හින්ට් ගහනවා - ඇනුම් පද කියනවා

    මරිසි දානවා - බොරු පුරාජේරු පවසනවා

    ඇලට් එකේ ඉන්නවා - කිසියම් කටයුත්තක් සම්බන්ධව වැඩි අවධානයකින් සිටීම මෙසේ හඳුන්වනවා.

    ඇලට් එකක් දානවා - නිදා ගැනීම .

    අඩියක් ගහනවා - මත් පැන් පානය කිරීම.

    කරටි කැඩෙන්න ගහනවා - අධික ලෙස මත් පැන් පානය කිරීම.

    කින්ඩි දානවා - ලජ්ජාවට පත් කරනවා.

    චොර / චාටර් - වදගත්කමක් නොමැති වැඩ . තමාට නොගැලපෙන ක්රිො යා.

    කෝප්ප හෝදනවා - අනුන් ගැන කතා කරමින් කාලය කාලය ගත කිරීම.

    කඩයක් දානවා - පුද්ගලයින් දෙදෙනක් හෝ කිහිප දෙනෙකු එක් වී කතා කරමින් සිටීම. “කදයක්” ලෙසත් මෙහි ඇතැම් පිරිස් එය හඳුන්වනවා. “කදෛ” යන්නෙන් දමිළ භාෂාවෙන් හැඳින්වෙන්නේ කතාව යන්නයි.ඒ අනුව “කදෛ” යන්නෙන් බිඳී ආ වචනයක් ලෙස “කදයක් දානවා” හෝ “කඩයක් දානවා” යන්න අර්ථවත් වෙයි.

    කණමත - නිදිමත
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    විශ්මය දනවන පද

    සන්තානම් මෑණියනේ
    ඔහ් ජුසේ
    ඔහ් ජොසේ
    දෙවි ස්වාමි දරුවනේ
    ජෝපමාලම් අම්මේ
    ජෝපමාලම් මෑණියනේ
    ඔහ් ජේසු
    ඔහ් සන්තෝ
    මෙම සියලුම පද ක්‍රිස්තියානි ජනතාව විසින් භාවිත කරන වචන වෙයි.ඇතැම් කාන්තාවන් කිඹුහුමක් යාමේදී පවා ඔහ් ජුසේ,ඔහ් ජේසු ආදී පද භාවිත කරන්නේ නිරායාසයෙනි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නයිටියා - ubtama galapena name 1ka

    28a57w8.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    හෙන ගහපං
    මක බෑවියන්
    හැඳි ගෑවියන්
    අකුලෝලා පල
    කෙලවියන්
    තොලොංචිවියන්
    පුද්ගල විරසක වීම්වලදී මෙවැන් වදන් භාවිත වෙයි- “තොලොංචිවියන්” යන පදය දමිළ භාෂාවෙන් බිඳී ආ පදයකි- දමිළ භාෂාවෙහි “තොලොංචි” යන්නෙන් අර්ථවත් වන්නේ අතුරුදහන් වීම යන්නයි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Online elakiri Dictionary

    :lol::lol::lol::rofl:

    උඹෙ රෙප් කපනව කියල අඬ අඬ හිටිය දවසෙ රෙප් දුන්නට පස්සෙ ආයි දෙන්න රෙප් නෑ බොල...:confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    :lol::lol::lol::rofl:

    උඹෙ රෙප් කපනව කියල අඬ අඬ හිටිය දවසෙ රෙප් දුන්නට පස්සෙ ආයි දෙන්න රෙප් නෑ බොල...:confused:

    ආයෙත් දෙන්ඩ බැරි සීන් එක, ඇඩ්මින්ට කියල වෙනස් කර ගමුද ? :P