ඒ මමනේ ....!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න අපේ ජනාධිපතිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින ව බැහැ දකින්න.
    එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනෙ.ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනි නෑ නේ.ඉතින් ජනාධිපති තුමාට හරිම පුදුමයි ලු කොහොමද මෙහෙම වෙන්නේ කියල.
    ඉතින් රැජින එක්ක සතුටු සාමීචියේ දීගෙන ඉන්නකොට ජනාධිපතිතුමාට ඒ ගැන රැජිනගෙන් අහන්න හිතුනලු.

    ජනාධිපති තුමා : රැජිනියනි,ඔබතුමියගේ රටේ හැම වැඩක් ම බොහොම ක්‍රමානුකූලව සිදු වෙනවා.මොකක්ද මේකේ රහස..?

    රැජින : මේකනේ මිස්ට මහින්ද.මගේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු බොහොම බුද්ධිමත්.කෙලින් කතා කරන,ඒ විදිහට වැඩ කරන මිනිස්සු.ඒ නිසා තමා අපේ රට දියුණු වෙන්නේ.ඉන්නකෝ මම ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.

    මෙහෙම කියපු රැජින එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් ට කෝල් එකක් ගත්තලු.

    රැජින: මිස්ට කැමරන් මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.ඔයාගේ තාත්තට ළමයෙක් ඉන්නවා.එයා ඔයාගේ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවේ.එහෙනම් එයා කවුද..??

    කැමරන් : ඒ මමනේ රැජිනියනි.

    තත්පර පහක්වත් ගන්නේ නැතුව කැමරන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නලු.
    කොහොමහරි සංචාරය නිමා කරලා ලංකාවට ආව ජනාධිපතිතුමා ට එතුමාගේ ඇමතිවරුන් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා බලන්න හිතක් පහල වෙලා එතුමාව මුණ ගැහෙන්න ආව ජී.එල් පීරිස් මහත්තයාගෙන් අර ප්‍රශ්නේ ඇහුවලු.

    අනේ ඉතින් ඒ මහත්තයා අහස පොලොව ගැටගහන්න කල්පනා කරනවලු කරනවලු.ම්හු උත්තරයක් දී ගන්න බැරිලු.මල පැන්න ජනාධිපති තුමා "මොනාද ඔයි තමුසෙට මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි ද..?? හරි මම පැය 24 ක් කල් දෙන්නම්.උත්තරේ හොයාගෙන ඇවිත් මට කියන්න" කියල කිව්වලු.

    ජී.එල් මහත්තයා ගෙදර ආව ගමන් කෝල් එකක් ගත්තලු එස්.බී දිසානායක ඇමතිතුමා ට.එතුමගෙනුත් ප්‍රශ්නේ ඇහුවට එතුමා උත්තරේ දන්නෙත් නෑ ලු.උත්තරේ මොකක්ද කියා කියා කල්පනා කරනකොට එස්.බී මහත්තයා එක පාරටම කිව්වලු "අපේ චම්පික නම් මේකට උත්තරේ ෂුවර් එකටම දන්නවා ඇති.අපි මිනිහට කෝල් එකක් දීල බලමු" කියල.

    චමිපික මහත්තයාට කෝල් එකක් දීල ප්‍රශ්නේ කිව්වම එතුමත් කිව්වලු "ආ..ඒ මමනේ" කියල.
    ඔන්න ඉතින් අර දෙන්නට ෆුල් සැටිස්.දෙන්නම ගියාලු හවස ජනාධිපතිතුමා ව බැහැ දකින්න.

    ජනාධිපතිතුමා : ආ..දෙන්නම ආවද..? මොකද හොයාගත්තද මගේ ප්‍රශ්නෙට උත්තරේ..?

    ඩබල : එහෙමයි.උත්තරේ තමා චම්පික රණවක.

    ජනාධිපතිතුමා : (මල පැන) තමුසෙලාට ඇමතිකම් දුන්නටත් පාඩුයි ඕයි.මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තරේ දන්නේ නැති තමුසෙලා කොහොමද මම බාර දෙන වැඩ හරියට කරන්නේ..?

    ඩබල : (ඉතා අහිංසක ලීලාවෙන්) එහෙනම් හරි උත්තරේ මොකක්ද ජනාධිපති තුමනි..?

    ජනාධිපතිතුමා : උත්තරේ ඩේවිඩ් කැමරන් නේ ඕයි




    :D:rofl::D


    කොමෙන්ට් එකක් දාගෙන යමු..
    රිපොස්ට් නම් සොරිම තමයි ..:P

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mokakda ban :angry: dan meeka balal balalama eth wela...:baffled:... tho elakiri enne eka ekata mada gahanna witarada eka ekata.:oo:..tikak anith trd ehemath balapiya .meeka me dawas tike ke parak EK eke giyada... mee ka reeeeeeeeeeeeeeeeeee post ban :angry::angry:
    :rofl::rofl:
    ;)
     
    Last edited: