ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry::sorry::sorry:

    බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී දනා මේ
    වෙලිලා බැඳි ප්‍රේමේ විනාසේ උනාවේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අක්ක මහා වෙස බැල්මක් දැම්ම... කොහොමත් මම දන්නා දෙයක් තමයි අක්කට ඕන දේවල් මස්සිනාගෙන් ලැබෙන්නේ නැහැ කියල....
    මම පිහිය පැත්තකට දැම්ම...
    අක්ක මට ඇඳුම් අරගෙන දුන්න...
    මම ඒවා අරගෙන තැන්ක්ස් කරල එන්න හදද්දී ගේට්ටුව ළඟ සුරනි...
    එය මාව දැක්කේ නැහැ... මම ගේ වටෙන් ගිහින් යන්න බලද්දී මල්ලි එනවා අනිත් පැත්තෙන්...
    ඒ පාර අක්ක ගිහින් මල්ලිට මොකක්ද කිව්වා... මල්ලි ආපහු ආව පැත්තටම ගියා....
    මට මාර සතුටුයි....
    ඒ සතුටට යන ගමන අක්කව අල්ලාගෙන ලිප් කිස් එකකුත් දීල දිවුව....
    කොහොම හරි මම වැලිගමට ආව....
    එද්දී ලොඩ්ස්ටාර් ඒකෙන ලියුමක් ඇවිල්ල....
    සේවය හැර ගියා සේ සලකන ලදී...
    මම පස්සෙන්දම ගියා ඔෆිස් එකට....
    මට ගෙදර යන්නම වැඩ සිද්ද වෙලා...
    නෝ පේ ගිහිල්ල....
    අන්තිමට මම අස් උනා...
    මෙච්චර කාලයක් ජිවත් උන, කාටවත් හිඟමන් නොයදපු මම අසරණ උනා..
    ගෙදර මිනිස්සු කිව්වේ ඔයාට තිබුන නැන්දම්මා නවත්තගන්නේ නැතිව ඉන්න කියල...
    අහල පහල , නෑදෑයෝ වගේම මල්ලිටත් අම්මල කියල තිබුනේ මම නන්දනී නවත්ත ගත්ත කියල...
    දවසක් දෙකක් ගත වෙද්දී මිනිස්සු එක එක හින්ට් ගහන්න පටන් ගත්ත...
    ලිඳට වැටුන එකා ලිං කටෙන්මනේ ගොඩ එන්න ඕන.....
    ඒ නිසා අයිත් මම සුරනි හොයාගෙන එහෙ ගියා...
    එයාල මාව ඉහළින් පිළිගත්තා....
    එදා ඉඳල මට ජොබ් හෙවුව.....
    ජොබ් එකක් ලැබෙනකන් අපිට කන්න බොන්න දෙන්න කියල, සුරනිගේ මගුල් මාලේ එයාගේ අම්ම ගලවන් ගිහින් 35,000 ක් අරගෙන ආව.....
    සල්ලි ගේනවා විතරයි දැක්කේ....
    දිගටම පාටි...
    මස්සිනාගේ ණය, මාමලාගේ ණය සේරම කියන්න ගත්තේ සල්ලි දැක්කම....
    සල්ලි ඉවර උනාම මට බනින්න ගත්ත....
    රස්සාවක් කරන්නේ නැතිව කකා බිබී ඉන්නවා කියල....
    ඒ අනුව තමයි හේලීස් එකේ ස්ටෝස් එකේ ජොබ් එකක් හම්බ උනේ... ස්ටාෆ් එකේ...

    -------->
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිනිස්සුන්ගේ හිතක් පපුවක් නැද්ද බන්??

    අපිට සතෙකුටවත් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද??
     
    • Like
    Reactions: psycho95

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මුලින් හම්බ උනේ රුපියල් 10,000 ඒ වෙද්දී 2007 අවුරුද්දේ.... මම බැන්දේ 26න්.... ඒ සල්ලි ඉතුරු කරගත්ත අපි දෙන්න....
    එත් මට හොරාට එයාගේ අම්ම සල්ලි හොරෙන් ගන්නවලු...
    එහෙම ඉඳල සුරනිට බබා ලැබෙන්න හොස්පිටල් එක්ක ගිහින්....
    මම කලබල වෙයි කියල කියල නැත්තේ....
    මම ගෙදර එනකොට 7 පහු වෙනවා....
    ඒ වෙද්දී සුරනිගේ බර කිලෝ 110ක් .... එයාගේ ප්‍රමානේ හිතාගන්නකෝ..
    යන්න බසුත් නැහැ.... මම පයින්ම ගියා රාගම හොස්පිටල් එකට... එහෙ යද්දී ලේබ රූම් අරගෙන....
    මට යන්න දුන්නේ නැහැ ඇතුලට...
    මම ආපහු එන්න ආව...
    මහා රෑ 11 ත් පහු වෙලා...
    පස්සෙන්ද මම වැඩට ගියා... දවල් නන්දනී කෝල් කළා...
    "ඔන්න දැන් ඉස්සර වගේ බෑ.... දැන් පුතෙක්ගේ තාත්ත කෙනෙක්" කියල...
    එදා ඔෆිස් එකේ හැමෝම මට විශ් කළා...
    එක මහත්තයෙක් මට එයාගේ කාර් එක දුන්න ගිහින් බලල එන්න කියල එයාගේ ඩ්‍රයිවර් එක්කම....
    කොල්ල මගේ දිහා ඇස් කරකවල බැලුව...
    සීසර් කරලා අරගෙන තියෙන්නේ.....
    පස්සෙන්දම එයාල ගෙදර එක්කන් ආව....
    තව දෙයක් කියන්න අමතක උනා...
    එයාල කතෝලික... මම බුද්ධාගමේ...
    ඒ නිසා දරුවා බවුතිස්ම කරන්න එයාලට ඕන උනා..
    මම විරුද්ද උනත්, එයාල දරුවා බවුතිස්ම කළා...
    එදත් පාටි....
    දරුවා වෙනුවෙන් ගොඩක් සල්ලි හම්බ උනා.....
    සුරනි ඒවා එයාගේ තාත්තට දුන්න බෝතල් ගෙන්න...
    කොල්ල සුදුම සුදුයි...
    ඇස් දෙක නම මගේම තමයි....

    දරුවට මාස 6 වෙද්දී අපි වැලිගම ආවා..... අවුරුද්දට.... මගේ කොල්ල දියවුනේ නැතිව විතරයි... අම්මල ඉඹිනවා, තාත්තගේ ඇඟේ චු කරලා අපිට හිනා....
    අම්ම එයාගේ සල්ලි වලින් පංචායුධයක් අරගෙන දැම්ම බෙල්ලට...
    වැලිගම ආවට සුරනිගේ හිත තියෙන්නේ එයාගේ ගමට....
    අවුරුද්දෙන් පස්සේ අපි අයිත් ගමට ආවා...
    ඒ වෙද්දී මගේ මල්ලි ආමි එකේ ජොබ් එක කලේ...

    මට ඔෆිස් ඒකෙන් ගෙදර ප්‍රශ්න නිසා OT ඇක්ටිව් කරලා දුන්න... ඒ වෙද්දී මම 30,000 කට කිට්ටු වැටුපක් ගත්ත....
    ගෙදරට සේරම බඩු ඕන ඒවා ලියන්නේ සුරනි...
    දෙන්නම ගිහින් ගේනවා...
    එයට කඩේට යන්නත් ත්‍රිවිල් ඕන උනා...
    එන්න එන්නම මහත් උනා....

    ------>
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මිනිස්සුන්ගේ හිතක් පපුවක් නැද්ද බන්??

    අපිට සතෙකුටවත් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද??
    :sorry::no: බෑ බං
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දෙන්නට කන්න කියල හාල් කිලෝ 40 ක් ගේනවා....
    ඊට අමතරව ඕන දේවල් සේරම ගේනවා මාසෙට ඇතිවෙන්න....
    මම ඉතිරි කරන්න කියල එයට රුපියල් 10,000ක් දෙනවා...
    දරුවට පොතක් ඇරලා කොමර්ෂල් එකේ මාසෙට 1000ක් දැම්ම...
    එයට එක ගන්න පුළුවන් අවුරුදු 18 සම්පුර්ණ උනාම....
    කොච්චර හාල් ගෙනාවත් සති දෙකෙන් කිලෝ 40 ඉවරයි....
    පස්සේ දැනගත්තේ ගෙදර සේරම කන්නේ මම ගෙන එවලු....
    අක්කල මගේ ඒවා කාල, ඉවර උනාම එයාලගේ ඒවා කාටවත් නොදී කනවලු....
    සුරනි උදේට නැගිට්ටේ 7 විතර වෙලා...
    මම බස් 2කින් යන්න ඕන....
    ඒ මදිවට 7.30 වෙද්දී ඉන්නත් ඕන..
    නැත්නම් කපනවා...
    ඉතින් 7 ට නැගිටලා 7.30 ට යන්න බැහැනේ...
    ගොඩක් දවස් වලට 7.20 ට විතර උයන්න පටන් ගන්නේ....
    ඒ නිසා මම උදේට තේ එකවත් නොබී වැඩට යන්න පටන් ගත්ත...
    තේ එකවත් ලැබුනේ නැහැ...
    සේරම දේවල් සන්තෝෂෙන් කලේ හවසට පොඩ්ඩාගේ මුහුණ බලන්න එන්න ඕන නිසා....
    මම උදේට කෑවේ වැඩේ එකක්....
    දවල්ට ගොඩක් වෙලාවට කන්නේ රුපියල් 2 චොකලට් 5ක් විතරය්...
    මම නොදන්නවා උනාට අපේ ස්ටාෆ් එකේ එවුන් මාව නෝට් කරලා, ටික දවසක්...
    එකට හේතුවක් තිබුන...
    මාව ප්‍රොමෝට් කළා, ෆිනිෂ් ගුඩ් සෙක්ෂන් එකේ කන්ටේනර් ලෝඩින් වලට...
    ලෝඩින් චෙක් කරන්නේ මම.....
    ඉඩක් ලැබුන වෙලාවට IT සෙක්ෂන් එකෙත් වැඩ බැලුව නිසා ගොඩක් දෙනෙක්ට දරුවොන්ට පොත් වලට කවර දාන්න ස්ටිකර් එහෙම මම නිකන් බැහැ නොකිය කරලා දුන්න...
    ඒ නිසා මම ඒ කම්පැනි එකේ ජනප්‍රිය උන..
    උදවුවක් ඉල්ලපු කාටවත් දැන් බැහැ කිවුවේ නැහැ...
    ඒ අතරේ මම එක්සේකටිව් ස්ටාෆ් එකට දැම්ම....
    එත් OT හම්බ උනා...
    හැමදාම උදේ 7.20 වෙනකොට මම ඔෆිස් එකේ....
    සේරම කට්ටිය මම දන්නේ නැති උනාට දැනගෙන ඉඳල මම විඳින දුක...

    ----->
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට උදේට වගේම දවල්ටත් කන්න නැහැ...
    තේ හදන අන්කල් දවසක් මට කතා කළා...
    "මම දැක්ක මහත්තය උදෙන්ම එනවා, තේ බොන්න වත් වෙලාවක් නැතිව ඇතිනේ "කියල මට දුකට දුක හිනාවක් ගියා...
    මගේ ඇහේ තිබුන කඳුල එයා දකින්න ඇති...
    "මටත් ඉන්නවා මහත්තය වගේම පුතෙක්... මට තේරෙනවා මහත්තයව"
    කියල හැමදාම උණු උණුවේ කිරි වීදුරුවක් හදල දෙනවා මට....
    වන සිවු පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
    එදා ඉඳල මට තේ එක ලැබෙනවා.....
    උදේ තේ හම්බ වෙන වෙලාවට, එතන ඉන්න කට්ටිය් මට බොන්න අමතර තේ එකක් දෙනවා...
    මම නිතර අපේ අම්මලට කෝල් කරනවා... මට කෝල් ඉන්ටනෙට් අන්ලිමිටඩ්.... එත් අම්මලට කියන්නේ හොඳින් ඉන්නව කියල....
    ඔෆිස් එකේ අනිත් කට්ටියට හොරෙන් වැඩ කරන කට්ටියටත් කොල් අරගෙන දෙනවා....
    එක දවසක් උදේ කන්න කඩේට ගියා...
    කඩේ වහල...
    මම හෙමින් හෙමින් ඔෆිස් එකට ආවා....
    එදා උදේට මට කන්න නැහැ....
    දවල් ආවා....
    එත් කඩේ වහල....
    මට දවල්ටත් කන්න නැහැ....
    ඒ වෙලාව පහු වෙනකන් මම ගේම් එකක් ගහගෙන ඉන්නවා....
    එත් එදා එක පාරටම ස්ටෝස් එකේ දොර අරගෙන ආවා සුපවයිසර් සුදත්...
    "උඹ කෑවද"
    "මම කෑවා බං"
    "කියපන් මොනවද කෑවේ"
    "පස්සේ කනවා බං.. බඩගිනි නැහැ"
    "කැරි වැඩ කරන්න එපා යකෝ... මම දවස් කිහිපයක් බලන් හිටියේ තොගේ සෙල්ලම... වරෙන් යන්න..අපි කන එකක් වත් දිරවන්නේ නැහැනේ තෝ බඩගින්නේ හිටියම"
    "වරෙන් මල්ලි මම උඹටත් එක්ක කෑම ගෙනාවා"
    මට ඇඩුන.......
    පහලට යද්දී අනිත් එවුන් බනින්න පටන් ගත්තා... ගෑනි ගැන අපි දන්නවා බං... තෝ වගේ හොඳ එකෙක් ලබන්න එකී පින් කරලා නැහැ... එත් උඹ වගේ යාලුවෙක් ලබන්න අපි පින් කරලා තියෙනවා කියල උන් කියාගෙන ගියා....
    එදා ඉඳල මට එක්කෙනා ගානේ කෑම අරගෙන එනවා... සල්ලි ගන්නෙත් නැහැ....
    අපේ ස්ටාෆ් එකේ තව ලංසි කෙල්ලෙක් හිටිය... එකි අමුතුම ඩයල් එකක්..
    ------>
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇඳුම් අඳින්නේ පපුව හරියට අනුන්ගේ එකක් වගේ..
    සේරම එළියේ...
    අපේ ටේබල් එකේ ඉන්නේ 6 දෙනයි... ඒ මදිවට මෙකි ඉන්නේ මගේ ඉස්සරහින්... මම එය I කියල හඳුන්වන්නම්....
    ගෙදර ගෑනි පිස්සු නටන නිසා උනත් මෙයාගේ ඒවා දකිද්දී මම අවිස්සුනේ නැහැ...
    එත් ආශාව තිබුන...
    ටිකෙන් ටික මම එයා එක්ක කතා කරන්න පටන් ගත්ත..
    හෙන ගෙම්බර් කෙල්ලෙක්...
    බැඳලා...
    මිනිහ කළුම කලුයි.... රෑට හොයාගන්නේ හිනා වෙනකොට තමයි කෙල්ල, මිනිහ ඉන්නේ කොහෙද කියල...
    ඉතින් මම ඇහුව I ඔයාලගේ ගෙදර කන්නාඩියක් නැත්ද කියල...
    පපුව පෙන්න ඇන්දම ඔයාගේ මහත්තය දකින්න ඕන දේවල් සේරම දකින්නේ පිට මිනිස්සුනේ... දැක්කේ නැද්ද මිනිස්සුන්ගේ කටවල් වලින් කෙලත් පෙරෙනවා කියල....
    පස්සේ මම එයට අවවාද කරලා එයාව ගොඩ ගත්ත....
    එය කාලෙත් එක්ක ඇඟ වැහෙන්න අඳින්න පටන් ගත්ත...
    එයාගේ බ්‍රා එකේ පටියක් එලියට ආවත් අනිත් අයට නොපෙනෙන්නේ එක එයාට පෙන්නුවා...
    ඒ කෙල්ල මට ආදරේ කළා එයගේ අය්ය ට වගේ...
    කාටත් හිතාගන්න බැරි උන එයාගේ වෙනස....
    ඉතින් I දවසක් දවල් මට කන වෙලාවේ කෝල් කළා... U පොඩ්ඩක් එනවා ලන්ච් රූම් එකට කියල...
    මම ගිය..
    එයා තඩි බත් එකක් අරගෙන ඇවිල්ල...
    1/2 ක් කාල, ඉතුරු ටික මට තියල....
    ඒ විදියට මගේ ජිවිතේ ගෙවුනේ...
    එත් මම ගෙදරට කිසි අඩුවක් කලේ නැහැ...
    මගේ අම්ම තාත්තගේ දුකට සැපට සල්ලි ටිකක් යවන්න සුරනි මට ඉඩ දුන්නේ නැහැ.....
    චයිනිස් ෆෝන් ආවා අලුත ඒ වෙද්දී ...
    මමත් ගත්ත එකක්...
    ගමකට සද්දේ...
    එක දවසක් රෑ මම බලද්දී සුරනිගේ මල්ලි මගේ ෆෝන් ඒකෙන් මල් කඩනවා....
    මේක පුරුද්දක් උනා...
    මම සල්ලි දානව, අරු ලස්සනට මල කඩනවා....
    එක දවසක් මම මිටින් එකක ඉන්නකොට කෝල් එකක් ආවා...
    කෙල්ලෙක්ගෙන්...

    ----->
     
    Status
    Not open for further replies.