අක්ක මහා වෙස බැල්මක් දැම්ම... කොහොමත් මම දන්නා දෙයක් තමයි අක්කට ඕන දේවල් මස්සිනාගෙන් ලැබෙන්නේ නැහැ කියල....
මම පිහිය පැත්තකට දැම්ම...
අක්ක මට ඇඳුම් අරගෙන දුන්න...
මම ඒවා අරගෙන තැන්ක්ස් කරල එන්න හදද්දී ගේට්ටුව ළඟ සුරනි...
එය මාව දැක්කේ නැහැ... මම ගේ වටෙන් ගිහින් යන්න බලද්දී මල්ලි එනවා අනිත් පැත්තෙන්...
ඒ පාර අක්ක ගිහින් මල්ලිට මොකක්ද කිව්වා... මල්ලි ආපහු ආව පැත්තටම ගියා....
මට මාර සතුටුයි....
ඒ සතුටට යන ගමන අක්කව අල්ලාගෙන ලිප් කිස් එකකුත් දීල දිවුව....
කොහොම හරි මම වැලිගමට ආව....
එද්දී ලොඩ්ස්ටාර් ඒකෙන ලියුමක් ඇවිල්ල....
සේවය හැර ගියා සේ සලකන ලදී...
මම පස්සෙන්දම ගියා ඔෆිස් එකට....
මට ගෙදර යන්නම වැඩ සිද්ද වෙලා...
නෝ පේ ගිහිල්ල....
අන්තිමට මම අස් උනා...
මෙච්චර කාලයක් ජිවත් උන, කාටවත් හිඟමන් නොයදපු මම අසරණ උනා..
ගෙදර මිනිස්සු කිව්වේ ඔයාට තිබුන නැන්දම්මා නවත්තගන්නේ නැතිව ඉන්න කියල...
අහල පහල , නෑදෑයෝ වගේම මල්ලිටත් අම්මල කියල තිබුනේ මම නන්දනී නවත්ත ගත්ත කියල...
දවසක් දෙකක් ගත වෙද්දී මිනිස්සු එක එක හින්ට් ගහන්න පටන් ගත්ත...
ලිඳට වැටුන එකා ලිං කටෙන්මනේ ගොඩ එන්න ඕන.....
ඒ නිසා අයිත් මම සුරනි හොයාගෙන එහෙ ගියා...
එයාල මාව ඉහළින් පිළිගත්තා....
එදා ඉඳල මට ජොබ් හෙවුව.....
ජොබ් එකක් ලැබෙනකන් අපිට කන්න බොන්න දෙන්න කියල, සුරනිගේ මගුල් මාලේ එයාගේ අම්ම ගලවන් ගිහින් 35,000 ක් අරගෙන ආව.....
සල්ලි ගේනවා විතරයි දැක්කේ....
දිගටම පාටි...
මස්සිනාගේ ණය, මාමලාගේ ණය සේරම කියන්න ගත්තේ සල්ලි දැක්කම....
සල්ලි ඉවර උනාම මට බනින්න ගත්ත....
රස්සාවක් කරන්නේ නැතිව කකා බිබී ඉන්නවා කියල....
ඒ අනුව තමයි හේලීස් එකේ ස්ටෝස් එකේ ජොබ් එකක් හම්බ උනේ... ස්ටාෆ් එකේ...
-------->