ඔබටත් HIV/ AIDS බෝ වෙලාද​?

ඔබටත් HIV/ AIDS බෝ වෙලාද​?

අදත් ගණිකාවක් සමග යහන්ගත වෙන්න ගිහිල්ලා, කොන්ඩම් එක කඩාගෙන නහයෙන් අඩාගෙන ත්‍රෙඩ් දාන එකෙක් නිසාමයි මේක කොටන්න හිතුනේ.

මෝල කරවෙච්ච පලියට විනාඩි 5ක විතර "සිගිති ආතල්" එකක් ගන්න කියලා තම ජීවිතෙන්ම වන්දි ගෙවන්න ලෑස්තිවෙලා ඉන්න අපේම උන්ටයි මේක. ඇත්තටම "මට ඒඩ්ස්ද​?" කියලා භයවෙවී ඉන්න උන්ට තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ.

හොඳයි.. බලමුකෝ අපි මුලින්ම​… මොනවද තියෙන රෝග ලක්‍ෂණ කියලා ඒඩ්ස් රෝගීන්ට (මේ කියන්නේ මුල් අවස්තාවේදී):

signs-symptoms-1.jpg
signs-symptoms-2.jpg
signs-symptoms-3.jpg


ඔව්.. ඒඩ්ස් රෝගය ශරිරගත වෙලා සති 2-3ක් ඇතුලත ඇගට උණ ගතියක් ඇතිවෙනවා. ගොඩාක් අය මේක විස්තර කරන්නේ… "අම්මෝ… මේ වගේ අමාරු උණක් නම් කවදාවත් හැදිලා නැහ​! හරීම තෙහෙට්ටුයි… ඇගට කිසීම පණක් නැහ​!". මේ අවස්තාවට කියන්නෙ.. "Acute Rectro-Viral Syndrome (ARS)" නැතිනම් "ප්‍රාතමික එච්.අයි.වී ආසාදිත තත්ත්වය​" කියලයි!

ඉතින් මොන වගේ රෝග ලක්‍ෂණද තියෙන්නේ බහුලවම​?

(1) තදබල තෙහෙට්ටු ගතිය සමග උණ​;
(2) ග්‍රන්ති ඉදිමීම (කුද්දැටි ඉදිමීම​);
(3) උගුර රිදීම (සෙම් ගෙඩි වේදනාව වාගෙ);
(4) ශරීරයේ තැන් තැන් වල බිබිළි හටගැනීම (කුශ්ට වැනි);
(5) මස්පිඩු වේදනාව සමග හන්දිපත් රුදාව​;
(6) දැඩි හිසරදය​

මෙම රෝග ලක්‍ෂණ දවස් කිහිපයක සිට සති කිහිපයක් දක්වා පැවතිය හැකියි.

අවවාදයයි!
මෙම රෝග ලක්ශණ තිබුණ පලියට 'මට ඒඩ්ස්' යැයි අනුමාන කරගැනීම ඉතාම අණුවන ක්‍රියාවක්.

හැබයි තවත් එකක් කියන්න ඕනා. ඒඩ්ස් රෝගය ශරීරගත වුනත්… සමහර අයට මේ රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරත් තියෙන්න පුලුවන්. ඉතින් තමාට ඒඩ්ස් වැලැදී නැතයි සිතමින්, අනාරක්ශිත අන්දමින් ලින්ගිකව එකතුවීමෙන්, නිරෝගී අයටත් රෝගය බෝවෙන්න පුලුවන්.

ඉතින් මොකක් ද කරන්නේ තමුන්ට ඒඩ්ස් වැලැදිලද/ නැද්ද කියලා හොයාගන්න​?

හොඳම දේ තමයි, තමන් අනාරක්ශිත ලින්ගික ඇසුරක යෙදුනු වහාමත්, අනෙක් පුද්ගලයා රෝග කාරකයෙක් වීමේ ප්‍රවණතාව ඉතා වැඩිනම් (උදා: ගණිකාවක්), එච්.අයි.වී ඇන්ටිබොඩීස් ටෙස්ට් එකක් කරගන්න එක​.

දැනට ලන්කාවේ ඕනැම මහ රෝහලකින් මෙම පරීක්ශණය නොමිලේම කරගත හැකියි. ඉස්පිරිතාලෙට යන්න භය වෙන්න එපා. ඩොකෙක්ට මේ ගැන කියන්න පැකිලෙන්නත් එපා! මොකද ඒ අයට ඔයාව තවත් ලෙඩෙක් විතරයි. ඉන් එහා ඔයා ගැන වපර ඇහෙන් බලන්න ඒ අය යන්නේ නැහ​.


හරි.. දැන් ඉතින් ඒ එච්.අයි.වී ලෙඩේ මුල් හරියෙනේ? අපි දැන් බලමු රෝගය උත්සන්න අවස්තාවට ආපුවහම… රෝගියෙක්ගෙන් පෙන්නුම් කරන ලක්‍ෂණ මොනවද කියලා.

(1) සීග්‍ර බර අඩුවීම​;
(2) නිතර නිතර හටගන්නා උණ තත්ත්වය සහ රාත්‍රියේදී නින්දේදී දැඩි ලෙස දහඩිය දැමීම​;
(3) ඉතා වේදනාකාරී ශරීරයේ තෙහෙට්ටුව​;
(4) කිහිළි, ඉකිළි, සහ බෙල්ලේ කුද්දැටි දැඩි ලෙස ඉදිමීම​;
(5) සතියක් පමණ පවතින බඩ එළිය යැම​;
(6) මුඛයේ, ගුද මාර්ගය විවුර්තවන ස්තානයේ සහ ලින්ගික අවයව වල ඇතිවන බිසල ගෙඩි;
(7) නියුමෝනියාව​;
(8) රත්, දුඹුරු, රෝස​, හෝ දම් පැහැති ලප කැලැල් මුඛයේ සහ නාසයේ;
(9) මතකය කෙමෙන් ගිලිහී යාම​, මානසික ආතතිය (ඩිප්‍රෙශන්) සහ වෙනත් මානසික රෝගයන්.

ඉතින් මේ රෝග ලක්‍ෂණ තිබ්බ පලියටම අපි හිතන්න ඕනද "ඔක්කෝම ඉවරයි.. මට ඒඩ්ස්" කියලා?
නැහ එලකිරියේ යාලුවනේ… අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලගම තියෙන මහ රෝහලට හරි, උඹ යන ඩොකාට හරී කියලා ටෙස්ට් ටිකක් කරගන්න ඕනා ලෙඩේ ඇත්තටම හැදිලද කියලා දැන ගන්න​.

"මට ඒඩ්ස්.. මම ජීවිතේ නැතිකරගන්නවා!"
හ්ම්ම්.. අපි හිතමුකෝ ඔයාට ඒඩ්ස් බෝවෙලා කියලා. ඒත් ඔයා ජීවිතෙන් පළිගන්න ඕනද​?
නැහ නේද​?

දැනට ඒඩ්ස් සදහා හොඳ 'ඇන්ටි වයිරල්' බෙහෙත් නිපදවලා තියෙනවා. මේවායෙන් ගොඩාක් රෝගීන් සහනයක් ලබනවා. ඒත් ඉතින් සාමාන්‍ය උණ රෝගයක් වැලැදීමෙන් වුවත් ඔයා මිය යන්න පුලුවන්. මොකද ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩකර්න්නේ නැති නිසා (සුදු රුධිරාණු බොහෝමයක් මිය ගිහින් නිසා).

අනික තමයි ඔයාගේ මානසික තත්ත්වය​. ඒක වැටෙන්න දෙන්න එපා! හොද මානසික ඩොකෙක් හම්බවෙලා මේ ගැන හිත හදාගන්න උත්සාහ කරන්න​.

ගොඩාක්ම වටින දේ තමයි අපිට ලෙඩේ තියෙනවා කියලා කොන් ගැහෙන්නේ නැතිව​, සමාජය වෙනුවෙන් සේවයක් කරන්න අදිටන් කරගන්න එක​. ඒඩ්ස් රෝගීන් වෙනුවෙන් කැප වෙන්න දැන් ඔයාට ගොඩාක් පුලුවන්. ලන්කාවේ මේ අය ඉන්න හැන්ගිලා.. මුලු ගැන්විලා… ඔයාට පුලුවන් ඒ අය වෙනුවෙන් කතා කරන්න​. තවත් අසරණ මැරෙන්න වැටිලා ඉන්න රෝගීන් සියල්ලන්ටම උදවු කරන්න​.

ඉතින් යාලුවනේ.. මේ ටික කොටන්න ගොඩාක් වෙහෙසක් ගත්තා. මම කොහොන්වත් කොපි කලේ නැහ​. වෙබ් සයිට් ගණනාවක් කියවලා තේරුම් ගත්ත දේ තමයි ඔයාලට කියලා දුන්නේ.

ඉතින් මේකෙන් යමක් ඉගෙන ගත්තැයි කියල මම හිතනවා. ඉතින් යාලුවනේ.. මේක හිතේ තියාගන්න එහෙනම්:

ඒඩ්ස් මාරාන්තිකයි! සුව කල නොහැක​! - නමුත් වැලැක්විය හැක!
ඔබේ ලින්ගික ඇසුර එක් පුද්ගලයෙකුට පමණක් සීමා කරන්න​!!!


මීට​
ලන්කා

COPYRIGHT WARNING!
ELAKIRI.COM EXCLUSIVE (2014) ALL RIGHTS RESERVED!
PROHIBITED TO PUBLISH ON FACEBOOK OR ANY OTHER WEB FORUMS OR SITES.
 
Last edited:
macham kellonge sensitive zones gena noolak daanawa kiwwa neda ??
eka damma da ??

මචන්.. ඒක දාන්න හිතන් හිටියේ බන්.. වැඩ ටිකක් වැඩි වුන නිසා රිසච් කරන්න බැරි වුනා. අනිවා හෙට අනිද්දාම දානවා.
තැන්ක්ස් මචන් රෙප් වලට සහ මතක් කරදුන්නට​!
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මචන්.. ඒක දාන්න හිතන් හිටියේ බන්.. වැඩ ටිකක් වැඩි වුන නිසා රිසච් කරන්න බැරි වුනා. අනිවා හෙට අනිද්දාම දානවා.
තැන්ක්ස් මචන් රෙප් වලට සහ මතක් කරදුන්නට​!

research ?? :rofl::P
ela ela daapan api wage podi unta sahena watinawa :love:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    maath iskole yana kale baya wela hitiya ban AIDS kiyala.
    ayiyo salli mathak wena kota polowa palan yanna lajjai.