ඔබත් සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.

hpalpola

Well-known member
  • ඔබ සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.

    බොහෝ අවස්ථාවලදී සෝවාන් සකෘදාගාමී ආදී මග ඵල ලැබූවන් ඒ බව ප්‍රකට නොකරන්නේ යැයි කථාවක් බෞද්ධයන් අතර තිබේ. මහණුන් ද එසේ දේශනා කරයි. නමුත් සූත්‍ර පිටකයට අනුව මෙය සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන ඉගැන්වීමක් නොවේ. ඊට හොඳම නිදසුන වන්නේ අංගුත්තර නිකායේ පඤ්ඤක නිපාතයේ ඇති
    ගිහි සූත්‍රය යි.

    මේ සූත්‍රය බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට ඇසෙන පරිදි ය. අපි හොඳින් දන්නා පරිදි සිටුතුමා බුදුරජාණන්වහන්සේ වෙහෙසට පත්වේ යැයි කියා ප්‍රශ්න නොවිමසූ අයෙකි. මෙනිසා ඔහුගේ හිතසුව පිණිස බුදුරජාණන්වහන්සේ විසින් ම ධර්ම දේශනා සිදු කර ඇත. මෙය ද එවැන්නකි.

    මෙහිදී බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ ගිහි උපාසකයකුට තමන් සෝවාන් යැයි ප්‍රකට කළ හැකි අවස්ථා ඇති බවයි. ඒ අවස්ථා මොනවාද යන්න සූත්‍රයේදී විස්තර කර ඇත.

    ඒ සඳහා මූලික අවශ්‍යතා කීපයකි. එකක් වන්නේ පංචශීලයෙහි ස්ථිරවීමයි. අනෙකක් වන්නේ බුද්ධරත්නය ගැන අචල වූ ශ්‍රද්ධාව ඇති කර ගැනීමයි. ධර්ම රත්නයෙහි අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීම තවත් අවශ්‍යතාවකි. එසේම සංඝ රත්නය ගැනද අචල ශ්‍රද්ධාව ඇති කර ගත යුතු වේ. එසේම ආර්යකාන්ත වූ ශීලයෙන් යුක්ත විය යුතු වේ. මේ අංග වලින් යුක්ත වූවෙකුට මෙසේ ප්‍රකට කළ හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. කෙසේද යත්,

    ශාරීපුත්‍රයෙනි, මේ පඤ්චශික්ෂාපදයෙහි සංවෘතකර්මාන්ත ඇති, මෙ ආභිචෛතසික දෘෂ්ටධර්මසුඛවිහාරයන් සතර කැමති සෙයින් ලබන නිදුකින් ලබන විපුල කොට ලබන හෙළපිලී හදනා යම් මැ ගිහියකු දනිවූ ද? හේ කැමැති වන්නේ නම්, ක්ෂීණනිරය ඇතියෙම් වෙමි, ක්ෂිණ තිරශ්චීනයොනි ඇතියෙම් වෙමි, ක්ෂීණ ප්‍රෙතවිෂය ඇතියෙම් වෙමි, ක්ෂීණාපායදුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි, සොවන් වෙමි, විනිපාත ධර්ම නැතියෙම් නියතයෙම් සම්බොධිපරායන වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ යි.

    ලෙසිනි.

    අද යම් යම් අයවලුන් සෝවාන් පමණක් නොව අර්හත්භාවය ද පුදුම වෙහෙසක් දරා ප්‍රකට කිරීමට උත්සාහ දරයි. ඔවුන් ඔවුන්ට මේ ගුණ ඇත්තේද යන්න තමුන්ගෙන්ම විමසිය යුතු ය. කවරෙකුගෙන් ලබා ගත් සෝවාන් සහතිකයක් හෝ වේවා ඊට ප්‍රමාණවත් නොවේ. එසේ නම් ඒ බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ඇත. ගිහි සූත්‍රය සැලකිල්ලට ගත් විට නිරන්තර භාවනාව සෝවාන් ඵලය සඳහා අත්‍යවශ්‍ය බවක් නොපෙනේ. සෝවාන් ඵලයට පත් වූ බවට ධර්මයේ සඳහන් බොහෝ පිරිසක් ඒ සඳහා නිරන්තරයෙන් භාවනා කර ඇති බවක් පෙනී යන්නේ ද නැත. එසේම ඒ සඳහා දින ගණනක හෝ පැය ගණනක වැඩ මුළුවලට සහභාගීවීමක් ද අවශ්‍ය නැත.

    නමුත් සිහි තබා ගන්න. ඔබ මේ සඳහන් ගුණ නොමැතිව ‘මම සෝවාන් යැයි‘ කියා අප රවටා වාසි ගැනීමට තැත් කරන්නේ නම් අනේ අපිට වඩා පව් සිදුවන්නේ ඔබට ය. අප රවටා වැඳුම් ගත්තත් ඔබ ඉපැදෙන්නේ නරකයේ ය. ඒ බව ද සටහන් කළ යුතු ය.

    ඔබ සෝවාන් නම් එය ප්‍රකට කිරීමේ වරදක් ද නැත. මන්දයත්, ඔබ නිසා බොහෝ පෘථග්ජනයන් පිරිසක් අපාගාමී විය හැකි නිසාවෙනි. ඒ ඔබට අපහාස කිරීම නිසාවෙන් ය. එසේම ඔබ නිසා බොහෝ පින් කර ගැනීමට ද අපට හැකියාව ලැබේ. සාමාන්‍ය ගිහියකුට දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයේ ප්‍රතිඵල වැඩි බව ධර්මයේ සඳහන් වේ.

    ඉතින් දැනුත් ඔබට ඔබ සෝවාන් කියා හිතෙනවා නම් අනේ අපිට කියන්න. එයින් ප්‍රයෝජනයක් වෙන්නේ අපට ය.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "තමා පාළ කරන්නේය" කියන එකේ තේරුම මොකක්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    වේළුද්වාරෙය්‍ය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 1. වෙළුද්වාර වර්ගය

    ගැහැවියෙනි, අරීසවු තෙමේ යම් කලෙක මේ සත් දහමින් යුතු වූයේ වේ ද කැමති විය යුතු මේ සිවු කරුණෙන් යුතු වූයේ වේ ද හෙතෙමේ කැමතිවන්නේ මම ක්ෂය වූ නිරය ඇත්තෙම් ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙම් ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙම් ක්ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ යි.

    පඨමවෙරභය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » නවක නිපාතය » 3. සත්‌තාවාස වර්ගය

    ගෘහපතිය, යම් කලෙක අරීසවුහුගේ පස් චිත්තොත්‍රාස භය ද අකුසල වෛරයෝ ද සන්හුන් වෙත් ද, සතර සොතාපත්ති මාර්‍ගාඞ්ගයන්ගෙන් සමන්වාගත වේ ද, හේ කැමැති වනුයේ තෙමේ ම “ක්ෂය කළ නිරා ඇතියෙම් වෙමි, පහවූ තිරිසන් අත්බව් ඇතියෙම් වෙමි, ක්ෂය කළ ප්‍රෙතවිෂය ඇතියෙම් වෙමි, ක්ෂය කළ අවා දුගති විනිපා ඇතියෙම් වෙමි. (සුවයෙන්) නොහෙනසුලුයෙම් නියතයෙම් සම්බොධිපරායන වූයෙම් සොවන් වෙමි යී තමා පවසන්නේ ය.”
    ------ Post added on Jun 16, 2022 at 11:47 PM

    පුද්ගලයන් මාර්ගඵල කියන අවස්ථා පහක් ගැන පිටකයේ දැක්කා. පිස්සුවෙන්, ආඩම්බර කමෙන්, ලාබ ප්‍රයොජන තකා.. ආදී වශයෙන්....

    මාර්ගඵල චෙක් කරන විදියක් ගැනත් සූත්‍රයක් තියෙන බව අහලා තියෙනවා.

    හැබැයි අද කාලෙ හාමුදුරු නමකට ඕන උත්තක් කියන්න පුලුවන්, හුකන බයිලා බණ, දේශපාලන කථා, සිංදු...

    හැබැයි වැරදිලා වත් තමන් මාර්ගඵලයක් ලබලා කියන්න වෙන්නෙ නැහැ. දූපතේ එවුන් පොලු අරන් පස්සෙන් පන්නන්නෙ..

    ------ Post added on Jun 16, 2022 at 11:53 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,587
    75,476
    113
    ඔබ සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.

    බොහෝ අවස්ථාවලදී සෝවාන් සකෘදාගාමී ආදී මග ඵල ලැබූවන් ඒ බව ප්‍රකට නොකරන්නේ යැයි කථාවක් බෞද්ධයන් අතර තිබේ. මහණුන් ද එසේ දේශනා කරයි. නමුත් සූත්‍ර පිටකයට අනුව මෙය සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන ඉගැන්වීමක් නොවේ. ඊට හොඳම නිදසුන වන්නේ අංගුත්තර නිකායේ පඤ්ඤක නිපාතයේ ඇති ගිහි සූත්‍රය යි.

    මේ සූත්‍රය බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට ඇසෙන පරිදි ය. අපි හොඳින් දන්නා පරිදි සිටුතුමා බුදුරජාණන්වහන්සේ වෙහෙසට පත්වේ යැයි කියා ප්‍රශ්න නොවිමසූ අයෙකි. මෙනිසා ඔහුගේ හිතසුව පිණිස බුදුරජාණන්වහන්සේ විසින් ම ධර්ම දේශනා සිදු කර ඇත. මෙය ද එවැන්නකි.

    මෙහිදී බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ ගිහි උපාසකයකුට තමන් සෝවාන් යැයි ප්‍රකට කළ හැකි අවස්ථා ඇති බවයි. ඒ අවස්ථා මොනවාද යන්න සූත්‍රයේදී විස්තර කර ඇත.

    ඒ සඳහා මූලික අවශ්‍යතා කීපයකි. එකක් වන්නේ පංචශීලයෙහි ස්ථිරවීමයි. අනෙකක් වන්නේ බුද්ධරත්නය ගැන අචල වූ ශ්‍රද්ධාව ඇති කර ගැනීමයි. ධර්ම රත්නයෙහි අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීම තවත් අවශ්‍යතාවකි. එසේම සංඝ රත්නය ගැනද අචල ශ්‍රද්ධාව ඇති කර ගත යුතු වේ. එසේම ආර්යකාන්ත වූ ශීලයෙන් යුක්ත විය යුතු වේ. මේ අංග වලින් යුක්ත වූවෙකුට මෙසේ ප්‍රකට කළ හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. කෙසේද යත්,

    ලෙසිනි.

    අද යම් යම් අයවලුන් සෝවාන් පමණක් නොව අර්හත්භාවය ද පුදුම වෙහෙසක් දරා ප්‍රකට කිරීමට උත්සාහ දරයි. ඔවුන් ඔවුන්ට මේ ගුණ ඇත්තේද යන්න තමුන්ගෙන්ම විමසිය යුතු ය. කවරෙකුගෙන් ලබා ගත් සෝවාන් සහතිකයක් හෝ වේවා ඊට ප්‍රමාණවත් නොවේ. එසේ නම් ඒ බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ඇත. ගිහි සූත්‍රය සැලකිල්ලට ගත් විට නිරන්තර භාවනාව සෝවාන් ඵලය සඳහා අත්‍යවශ්‍ය බවක් නොපෙනේ. සෝවාන් ඵලයට පත් වූ බවට ධර්මයේ සඳහන් බොහෝ පිරිසක් ඒ සඳහා නිරන්තරයෙන් භාවනා කර ඇති බවක් පෙනී යන්නේ ද නැත. එසේම ඒ සඳහා දින ගණනක හෝ පැය ගණනක වැඩ මුළුවලට සහභාගීවීමක් ද අවශ්‍ය නැත.

    නමුත් සිහි තබා ගන්න. ඔබ මේ සඳහන් ගුණ නොමැතිව ‘මම සෝවාන් යැයි‘ කියා අප රවටා වාසි ගැනීමට තැත් කරන්නේ නම් අනේ අපිට වඩා පව් සිදුවන්නේ ඔබට ය. අප රවටා වැඳුම් ගත්තත් ඔබ ඉපැදෙන්නේ නරකයේ ය. ඒ බව ද සටහන් කළ යුතු ය.

    ඔබ සෝවාන් නම් එය ප්‍රකට කිරීමේ වරදක් ද නැත. මන්දයත්, ඔබ නිසා බොහෝ පෘථග්ජනයන් පිරිසක් අපාගාමී විය හැකි නිසාවෙනි. ඒ ඔබට අපහාස කිරීම නිසාවෙන් ය. එසේම ඔබ නිසා බොහෝ පින් කර ගැනීමට ද අපට හැකියාව ලැබේ. සාමාන්‍ය ගිහියකුට දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයේ ප්‍රතිඵල වැඩි බව ධර්මයේ සඳහන් වේ.

    ඉතින් දැනුත් ඔබට ඔබ සෝවාන් කියා හිතෙනවා නම් අනේ අපිට කියන්න. එයින් ප්‍රයෝජනයක් වෙන්නේ අපට ය.
    Sowahan kese wetathath langadima yakka puththu okkoma tika sohonata yana scene ekak tiyenne kanna bonna natuwa :ROFLMAO: :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් දැනුත් ඔබට ඔබ සෝවාන් කියා හිතෙනවා නම් අනේ අපිට කියන්න. එයින් ප්‍රයෝජනයක් වෙන්නේ අපට ය
    මාත් කාලයක් එහෙම හිතන් හිටියා පොඩි කාලේ.. දැන් තේරෙනව එහෙම නෑ කියලා..2,3,5 සිල් පද නම් කැඩෙන්නේ ම නෑ 1,4 තමා ඉඳහිට dismiss වෙන්නෙ 🥲..

    mehe unta kela une owa ahala thamai...
    ලංකාවට වුණ දේට බුද්ධාගම සම්බන්ධ වෙන්නෙ කොහොමද කියපන් බලන්න..
    ------ Post added on Jun 19, 2022 at 5:57 PM
     
    • Like
    Reactions: ChamodhK

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් අපි කවුරුවත් ආයේ උපදින්නේ නෑ. හිට්ලර්, උඹ, බල්ලෝ, බළල්ලු මේ කවුරුත් සෝවාන් නෙවේ, කෙළින්ම රහත්! :ROFLMAO:

    ඛුද්‌දකවත්‌ථු විභඞ්ගය

    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 2 » 17. ඛුද්‌දකවත්‌ථුවිභඞ්ගය

    1017. එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඔපපාතිකසත්ත්වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මාත් කාලයක් එහෙම හිතන් හිටියා පොඩි කාලේ.. දැන් තේරෙනව එහෙම නෑ කියලා..2,3,5 සිල් පද නම් කැඩෙන්නේ ම නෑ 1,4 තමා ඉඳහිට dismiss වෙන්නෙ 🥲..

    ලංකාවට වුණ දේට බුද්ධාගම සම්බන්ධ වෙන්නෙ කොහොමද කියපන් බලන්න..
    ------ Post added on Jun 19, 2022 at 5:57 PM
    lankawata sidda wechcha 1 deyak kiyapanko agamen..ethakota ubata therei melo wadakata nathi deyak passe gihin minissunge olu pus wechcha nisa thama mehema une kiyala