ඔබේ ආගම මොකක්ද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුද්ධ දර්ශනයේ තියෙන්නෙත් ඔය දේම තමයි.
    හැබැයි ඇයි අපට ආගම් ඕනෑ?
    ආගමක අරමුණ කෙනෙක් යහපත් මාර්ගයක ගමන් කරවීමයි.

    එතකොට ආගම් ගොඩක් තියෙන්නේ?
    මිනිස්සු එක එක විදිහයි. ජීවත් වෙන පරිසරයන් සහ බුද්ධි මට්ටම් වෙනස්. ඒ අය එකම විදිහකින් යහපතේ යෙදවීම කල නොහැකියි. ඒ නිසා වෙනස් ආගම් තිබීම හොඳයි.
    ඒ අතර කෙනෙක්ට ආගමක් එපා නං ඒකත් ඔහුට හොඳ නං හොඳයි.
    ඒත් එයා කියනවනම් ආගම් කොහොමටත් එපා කියලා ඒ කරන්නෙත් තමන්ගේ එක විතරයි හොඳ කියල කියා ගන්න එක. ඒක වැරදියි.

    පරලෝකේ?
    ඒ අදහස පැවතීමේ හේතුවක් තියනවා. පරලෝකේ ගැන බියක් ඇතිකර ගැනීමෙන් කෙනෙක් යහපත් වෙන්න පුළුවන්.
    තව කෙනෙකුට ඒක වැඩක් නෑ කියල හිතනවා නම් නොපිළිගෙන ඉන්නත් පුළුවන්.

    මම ඉන්න බටහිරත් නිරාගමික පිරිස් බහුලව මට හම්බෙනවා. නමුත් ඔවුන් අධ්‍යාත්මික දියුණුව ගැන හොඳින් අධ්‍යනය කරනවා. සහ දියුණු වීමට උත්සහ දරනවා.
    ඒ නිසා චීනේ කොමියුනිස්ට්කාරයෝ සහ ලංකාවේ ජෙපි නිරගමිකයෝ වගේ තමන් හිතන දේවල් විතරයි හරි කියල කියනවනම් අන්න ඌගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG and shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සමහර "හොඳ නරක සංකල්ප" එන්නෙ පරිණාමයෙන්. උදා: පැටවුන් රැකීම, පිරිසිදු වතුර පානය, ගූ ගොඩවල් නොකෑම, තමන්ගෙ වර්ගයාගේ දුර්වල උන් රැකීම...
    [
    "පැටවුන් රැකීම,ගූ ගොඩවල් නොකෑම,තමන්ගෙ වර්ගයාගේ දුර්වල උන් රැකීම" -මේ දේවල් හොද නරක නෙවෙයි බන්. ඒ සත්ව ස්වභාවය. ඔය තියරියට අනුව සමහර සත්තු "ශාක පමණක් අහාරයට ගැනීමත් යහපත්." සමහර සත්තු මාංශ භක්ෂක වුණාහම අයහපත් හෝ නරකයි. නිල මැස්සගේ ස්වභාවය අශුචි ගොඩවල් ආහාරයට ගන්න එක. බඹරගේ ස්වභාව‍ය ඊ‍ට වෙනස්. හැබැයි ඒක ඒ ඒ සත්වයාගේ ස්වභාවය මිසක් යහපත්කම හෝ අයහපත් කම පිළිබද තියෙන දැනීම නෙවෙයි. ඒ ස්වභාවයෙන් තොරව ඒ සත්වයන්ට පැවැත්මක් නෑ. මනුෂ්‍යයාගේ යහපත් අයහපත් භාවය සත්වයන් එක්ක මනින්න බෑ. උදාහරණයක් විදිහට වැලහින්න පැටවු ගැහුවට පස්සේ ආහාරයක් සොයාගැනීමට නොහැකි උනොත් වූ පැටියව මරන් කනවා. ආහාරයක් සොයා ගත්තොත් පැටියා බේරෙනවා. ගොඩක් සත්තුන්ගේ ස්වභාවයක් ඕක. හැබැයි වැලහින්න පැටවු රකින්නේ නැත්තේ නෑ.වෙන උවදුරක් ආවොත් පැටියා රකිනවා. ඔය දේවල් විශ්ලේශණය කරලා බැලුවොත් සත්තු අතර සදාචාරයක් නැති බව පේනවා.

    මනුෂ්‍යයා සම්බන්දව ඔතරම් ප්‍රාථමිකව හිතන්න බැහැ. උඹ මිනී මරනව ද? හොරකම් කරනවද? අනුන්ගේ ගෑනු පස්සෙන් යනවද? පාරට කුණු දාන්වද? ස්ත්‍රී දූෂණ කරනවද? මහලු දෙමාපියන් අත්හැර දමනවාද? අසරණයෙක්ට පිහිට වෙනවද? ඔන්න ඔය වගේ දේවල් සදාචාරාත්මකයි. ඔය දේවල් පරිණාමයෙන් ලැබෙනවාද? අත් දැකීමෙන් කොහොමද බන් ඕවා විනිශ්චය කරන්නේ? ඉතින් පරිණාමයෙන් හෝ අත්දැකීමෙන් මේවා ලැබෙනවා නම් සත්තුත් උසස්‍ ය.

    තවත් සමහර "හොඳ නරක" එන්නෙ අත්දැකීමෙන්. උදා: ගින්දර ඇල්ලීම

    අමිහිරි හෝ අනතුරුදායක අත්දැකීම් නැවත විදීමට තියෙන අකමැති බව හෝ ඒ දේවල් වලින් වැලැකී සිටීම වගේ දේවල් මේ මාතෘකාවට අදාළ නෑනේ බන්.

    ආගමෙන් දෙන්නෙ බහුබූත. උදා: බුර්කාව ඇඳීම, කොන කැපීම, ගස් ගල් වලට වැඳීම
    සෑම ආගමකමක් යහපත් නොවෙන්න පුළුවන්. හැබැයි බහුතරය තුළින් සමාජයට යහපතක් දෙයක් දෙනවා. ආගම් දිහා ඍණාත්මකව බලන කොට පේන්නේ ඍණාත්මක දේවල්ම තමයි. හැම ආගමකම තියේනවා දාර්ශනික කොටසක්. ඒ දාර්ශනික කොටසේ තමයි මානව සදාචාරය පිළිබද කියවෙන්නේ. කුරාණයෙත්, බයිබලයෙත්, හින්දු ආගමෙත් ඒ දාරශනික කොටස් තියෙනවා. බුද්ධියක් තියෙන මිනිස්සු මස් ටික කාලා කට්ට විසික්කරනවා වගේ ආගමෙන් දාර්ශනික හරය අරන් භක්තිම‍ය සහ දර්ශනය මරා දමන සංස්කෘතික කොටස විසික්කරලා දානවා. ඕක නොදන්න එකා මස් තියෙද්දි කට්ට කන්න ගිහින් හක්කේ ඇනගෙන වේදනාවෙන් කෑගහනවා. ඔබ කන්නේ කටුද මස් ද කියන එක ඔබේ තීරණයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ එකා ආගමක් ඇදහුවත් ඒකෙ හොඳ පැත්තට හිත යොමු කරල හොඳ වැඩ කරන්න ආගම උපකාර කරගන්නව, ආගමක් ඇදහුවේ නැතත් ඔය කියනව වගේ කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්නව. නරක එකා ආගමක් ඇදහුවත් ඒකෙත් කොහෙන්හරි කොනක් අල්ලගෙන උගේ නරක එලියට දාන්න ආගම උපකාර කරගන්නව එහෙම උන් තමා ඔය පිස්සු කෙලින්නෙ. ආගම නැතිවුනා කියල උන් හොඳ වෙන්නෙ නෑ උන් වෙන විදිහක් හොයාගන්නව පිස්සු කෙලින්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තියරියට අනුව සමහර සත්තු "ශාක පමණක් අහාරයට ගැනීමත් යහපත්."
    ඔය තියරියට අනුව ශාක භක්ෂක වෙන එක හොඳයි කියල කොහොමද තීරණය කරේ. මම කිව්වේ ඕනෙම සත්ව වර්ගයකට පරිනාමයෙන් / සහජව ලැබෙන හොඳ නරක පුරුදු / සිරිත් තියෙනව කියන එක. සතෙක් තමන්ගෙ පැටියව රකින්නෙ දෙවියන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි. එහෙම තමන්ගෙ පැටව් රකින්නෙ නැති සත්ව වර්ග වඳවෙලා ගිහින් දැන් ඉතුරු වෙලා ඉන්නෙ පැටව් රකින සත්වයින්.

    මනුෂ්‍යයා සම්බන්දව ඔතරම් ප්‍රාථමිකව හිතන්න බැහැ. උඹ මිනී මරනව ද? හොරකම් කරනවද? අනුන්ගේ ගෑනු පස්සෙන් යනවද? පාරට කුණු දාන්වද? ස්ත්‍රී දූෂණ කරනවද? මහලු දෙමාපියන් අත්හැර දමනවාද? අසරණයෙක්ට පිහිට වෙනවද? ඔන්න ඔය වගේ දේවල් සදාචාරාත්මකයි. ඔය දේවල් පරිණාමයෙන් ලැබෙනවාද?

    මම මිනී නොමරන්නෙ ආගමකින් උගන්නපු නිසා නෙවෙයිනෙ. ඔය ආගම් මොකුත් නොඅදහන මිනිස්සු මිනී මරන්නෙ නෑනෙ සාමාන්‍යයෙන්. ඇයි හිතන්නෙ ඕක ආගමක් නිසා සිද්ධවුන දෙයක් විදිහට?

    මිනිස්සු මිනී මරන/ස්ත්‍රී දූෂණ කරන/හොරකම් කරන ඒවා ආගම් ඇදහුවත් නැතත් කරනව අවස්ථාව අනුව / තමන්ගෙ මානසිකත්වය අනුව.

    අමිහිරි හෝ අනතුරුදායක අත්දැකීම් නැවත විදීමට තියෙන අකමැති බව හෝ ඒ දේවල් වලින් වැලැකී සිටීම වගේ දේවල් මේ මාතෘකාවට අදාළ නෑනේ බන්.
    ඒවත් හොඳ නරක තමයි. ගින්දර අල්ලන්න හොඳ නෑ අත පිච්චෙනව. අරක්කු බොන්න හොඳ නෑ අක්මාව ලෙඩවෙනව. මේව සාමාන්‍ය දැනීමෙන් එන හොඳ නරක.

    හැම ආගමකම තියේනවා දාර්ශනික කොටසක්. ඒ දාර්ශනික කොටසේ තමයි මානව සදාචාරය පිළිබද කියවෙන්නේ.
    අනුන්ට වදයක් නොවී හිටීම ආගමෙන් උගන්නන්න ඕනෙ නෑ. ඒව සංස්කෘතියෙන් ලැබෙන දේවල්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම බවුද්දයෙක්. .
    අනිත් ආගම් අදහන උන් සදාකල් නිරයේ කියලා දෙයක් බුදුදහමේ නෑ. . සදාකාලික කියලා කිසිදෙයක් බුදුදහමේ නෑ. .
    මිත්යා දුශ්ටියට වැටුනම පින් වලට වඩා පව් කරන්න පෙලබෙනවා. . ඒකයි නිරයට යන්න වෙන්නේ. .

    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    7. මවක් නැත.
    8. පියෙක් නැත.
    9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.

    මද්යස්තව බලමු ආගම් දෙස. .

    මම බයිබලයත් කියවලා තියෙනවා, කුරානේ යම් ප්‍රමානයකුත් කියවලා තියෙනවා. .
    දෙවියෙක් මිනිසාව දෙවියන්ට ඕන ඕන විදියට ඔහුගේ කැමැත්තට මිනිස්ලෝකේ පලමු වරට මවනවා කියනදේ විශ්වාස කරනවට වඩා පෙර බව වල කල පින් පව් අනුව මිනිස් ශරීරය සැකසෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්. . අන්ද, ගොලු, බිහිරි, අත්පා නැති, අංගවිකල ජීවින් තමන් කල පින් පව් අනුව එහෙම වුනා කියලා හිතුවෙකි. . දෙවියෙක් මවනවනම් ඔහොම ජීවීන් මවන්න ඒ දෙවියට මානසික ලෙඩක් තියෙන්න ඕනා. .

    සත්තුන්ව මැව්වේ ආහාරයට කියලා තියෙන නිසා සත්තු මරනවට වඩා සත්තු මැරුවොත් ඔබටත් ඒ විදියටම ඉදිරි බව වලදි විපාක විදින්න වෙනවා කිව්වම සත්තු මරන එකෙන් වැලකෙනවා ඒකෙන් සත්තුන්ට යහපතක් වෙනවා. .

    අන් ආගම් අදහන සියල්ලව මරන්න කියලා කියන ආගමට වඩා, තමන් අන් අයගේ ජීවිතයට තබා තමන්ගේ ජීවිතයට වත් විනාශ නොකරන්න කියනදේ පිලිගත්තැකි. .

    හොද කරන්න, කුසල් වඩන්න, පින් කරන්න හොද කලොත් අනාගත බවයන් හොදයි නරක කලොත් අනාගත බවයන් නරකයි කියන දේ පිලිගත්තැකි අනාගතේ එක්කෝ සදාකාලික සුගතියේ නැත්තන් සදාකාලික අපායේ කියනදේට වඩා. . කිසිවක් සදාකාලික නෑ මේ සසර ගමනෙන් එතෙර වන්න කියනදේ පිලිගත්තැකි. .

    හරියට බයිබලේ බැලුවොත් තියෙනවා ඔබ මා සරන යන්නෙක් නම් කොන කැපිය යුතුයි කියලා. . දෙවියන් මිනිස් කාන්තාවන් සමග සංසර්ගයේ යෙදිලා යෝදයන් උපදිනවා කියලා තියෙනවා. . ශරීරයේ කොටස් එසේ ඉවත් කර ආගමකට යනවට වඩා ස්වබාවිකව ලැබුන ශරීරයෙන් සිටින එක හොදයි කියලා හිතෙනවා. .

    සියල්ල දෙවියන්වහන්සේගේ කැමැත්තට සිදු වනවාට වඩා නයාම දර්ම වලට අනුව සිදුවනවා කියනදේ පිලිගත්තැකි. .

    තව කියනවනම් ඔහොම පොතක් ලියන්න කරුනු කිව්වැකි. .

    අන්තිමට කියන්න තියෙන්නේ මිනිසෙක් වෙච්ච මමත් කැමති සදාකාලිකව ස්වර්ගෙකට වෙලා සැපේ ඉන්න,මනුස්ස ලෝකෙත් කැමති කැමති සතෙක්ව මරන් කාලා ඉන්න, ගෑනු කීපයක් විවාහ කරගන්න. . ආගමේ නාමයෙන් මිනිස්සු මරන්න. . නමුත් ඔය සියල්ල අනිත්යයි කියනදේ හොදටම පේන්න තියෙද්දි කොහොමද නිත්යයි, සුකයි, ආත්මයි කියලා පිලිගන්නේ?

    බුදුදහමේ කියන්නේ සියල්ල අනිත්යයි, දුකයි, අනත්මයි. . ඔබේ ගැලවුම් කරුවා ඔබමයි. . සසර ගමන දුකයි නොපමාව කුසල් වඩා මේ සසරින් එතෙර වන්න කියලා. .

    "සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං"
    "සියලු පාපයන්ගෙන් මිදීම ද,
    කුසල් ක්‍රියාවන්හි යෙදීම ද,
    තම සිත පිරිසිදු කරගැනීම ද,
    මෙය සියලු බුදුවරුන්ගේ දේශනාවයි!"

    අවසන් බුද්ද වචනය. .

    "හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ"
    "මහණෙනි, මම දැන් ඔබ අමතමි.සියලු සංස්කාර නැසෙන සුලුය.නොපමාව කුසල් දහම්හි යෙදෙන්න"
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    ආගමෙන් මොන හොඳ නරක ඉගැන්නුවත් ඒක අහන පුද්ගලයාගේ මනස අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැමදාම පන්සල් යන උන් කුලියට මිනී මරනවා. පන්සල් යන්නැති උන් පාඩුවේ කරදර නොකර ඉන්නවා. එහෙම බලද්දී ආගම මොනවා කිව්වත් පුද්ගල මනස මත තමයි ඔක්කොම තියෙන්නේ.
    හැබැයි දුර්වල මනසක් තියන කෙනෙකුට ආගමක් ඕන. උදාහරණයක් තමයි, කෙනෙකුට හිංසාවක් කරන්න එපා කිව්වහම අහන්නේ නැති කෙනෙක්, දෙයියෝ කෝප වෙයි අපායට යයි කිව්වහම අහනවා.
    කොහොම උනත් යුරෝපයේ නම් සංක්‍රමණය වෙච්ච අය හන්දා ඉස්ලාම් ඉහල යද්දී අනික් කට්ටිය අතරේ ආගම අත අරින එක වේගවත් වෙලා.

    මම නම් දකින විදිහට ආගම නිසා කරන මිනී මැරීම් නම් වැඩි වෙනවා. ආගම හන්දා විශේෂයෙන් යහපත් වීමක් නම් පේන්න නෑ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අනුන්ට වදයක් නොවී හිටීම ආගමෙන් උගන්නන්න ඕනෙ නෑ. ඒව සංස්කෘතියෙන් ලැබෙන දේවල්.
    උත්තර දෙන්න දෙයක් නෑනේ. ඔයාම පිළි අරගෙනනේ. සංස්කෘතියක් තුළට ඔය යහපත් ආචාර විධි පද්ධතිය එන්නේ ඒ සංස්කෘතිය හා බැදුනු ආගමික විශ්වාස මගින් තමයි. ආගමික හෝ විස්වාශ වලින් තොර සංස්කෘතියක් නෑ. ඒකම තමයි මම පළවෙනි කමෙන්ට් එකේදිත් කිව්වේ. නිරාගමික පුද්ගලයන් හිතනවා ඔවුන්ට පවතින ආගමේ බලපෑමක් නෑ කියලා නමුත් දැනටමත් ඔවුන් සංස්කෘතික නාමයෙන් ආගමික බලපෑම තුළින් බිහිවිච්ච සදාචාරය මතමයි ඉන්නේ.

    අනෙක ඔයා ඔය කියන්නේ සදාචාරය පිළිබද නෙවෙයි.

    මේක මට හිතෙන දේ- ඉතින් යන්න පරලොවකුත් නැත්තම්, ලැබෙන විපාකෙකුත් නැත්තම් ඔයාට හිතෙන දේ ඇයි ඔයා නොකර ඉන්නේ නීතියට බයේද? බලය තියෙනවා නම් නීතිය අපේය. ඔය පාතාල කාරයෝ වගේ කොනක ඉදන් මරාගෙන යන්න තියෙන්නේ. නැති දේ හොරකම් කරමු. ප්‍රති විපාක නැති සදාචාරය බල්ලට ගියාවේ. ඇරත් ඔය සදාචාරය පිහෙමින් යන්නේ. අපි විතරක් මොකට රකිනවද? අල්ලපු ගෙදර ගෑනිටත් ඇනතැහැකි. ඒකිගේ මිනිහා මන්නෙන් කොටයිද දන්නේ නෑ.
    :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Oka agame withrak newe jvp untath tiyenawa. Un hithanawa unta chande denne mola karayo anik paksha walata vote karanne wahallu kiyala. Unta tissamaharame pradeshiya sabawa denna vote dipu minissunge eda tibba mole wassata diya unada Dan unta denne natte?? Nane Dan unta denne natte un fail nisa.. ☺☺

    Jvp un hithanawa unge pakshe beela light kanu happan yana ekaa awulak na anik pakshe bar permit tiyena eka awul kiyala ☺☺

    Oka haduwe jvp karayo unge pakshe ta vote denne hoda un anik paksha walata denne wahallu kiyala. Dan agam walata bannata okata baninna one kuhaka lapayata 😑😑
    Ara IQ wadi ekek hitiye elakiri eke. Anna uuth ehemai niwkw da mokakda uge nama hariyata ahu wenne na.

    හොඳ එකා ආගමක් ඇදහුවත් ඒකෙ හොඳ පැත්තට හිත යොමු කරල හොඳ වැඩ කරන්න ආගම උපකාර කරගන්නව, ආගමක් ඇදහුවේ නැතත් ඔය කියනව වගේ කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්නව. නරක එකා ආගමක් ඇදහුවත් ඒකෙත් කොහෙන්හරි කොනක් අල්ලගෙන උගේ නරක එලියට දාන්න ආගම උපකාර කරගන්නව එහෙම උන් තමා ඔය පිස්සු කෙලින්නෙ. ආගම නැතිවුනා කියල උන් හොඳ වෙන්නෙ නෑ උන් වෙන විදිහක් හොයාගන්නව පිස්සු කෙලින්න.
    Dan oya hoda eka naraka ekaa kiyala uba theruwe kohomada othanin?
     
    • Like
    Reactions: LazyLizard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උත්තර දෙන්න දෙයක් නෑනේ. ඔයාම පිළි අරගෙනනේ. සංස්කෘතියක් තුළට ඔය යහපත් ආචාර විධි පද්ධතිය එන්නේ ඒ සංස්කෘතිය හා බැදුනු ආගමික විශ්වාස මගින් තමයි. ආගමික හෝ විස්වාශ වලින් තොර සංස්කෘතියක් නෑ. ඒකම තමයි මම පළවෙනි කමෙන්ට් එකේදිත් කිව්වේ. නිරාගමික පුද්ගලයන් හිතනවා ඔවුන්ට පවතින ආගමේ බලපෑමක් නෑ කියලා නමුත් දැනටමත් ඔවුන් සංස්කෘතික නාමයෙන් ආගමික බලපෑම තුළින් බිහිවිච්ච සදාචාරය මතමයි ඉන්නේ.

    අනෙක ඔයා ඔය කියන්නේ සදාචාරය පිළිබද නෙවෙයි.

    මේක මට හිතෙන දේ- ඉතින් යන්න පරලොවකුත් නැත්තම්, ලැබෙන විපාකෙකුත් නැත්තම් ඔයාට හිතෙන දේ ඇයි ඔයා නොකර ඉන්නේ නීතියට බයේද? බලය තියෙනවා නම් නීතිය අපේය. ඔය පාතාල කාරයෝ වගේ කොනක ඉදන් මරාගෙන යන්න තියෙන්නේ. නැති දේ හොරකම් කරමු. ප්‍රති විපාක නැති සදාචාරය බල්ලට ගියාවේ. ඇරත් ඔය සදාචාරය පිහෙමින් යන්නේ. අපි විතරක් මොකට රකිනවද? අල්ලපු ගෙදර ගෑනිටත් ඇනතැහැකි. ඒකිගේ මිනිහා මන්නෙන් කොටයිද දන්නේ නෑ.
    :rolleyes:

    මට අල්ල්පු ගෙදර ගෑනිට කොටන්න අවශ්‍යතාවයක් නෑ මට ගෑනියෙක් ඉන්නවනෙ. මම මිනී මරන්න, දකින දකින ගෑනුන්ට ගහන්න ආසාවල් ආගමක් නිසා යටපත් කරගෙන නෑ. එහෙම හැඟීම් මට නෑ.

    සමහර විට ඔයා එහෙම වෙන්න ඇති. කොහොමද හිත හදාගෙන ඉන්නෙ? ගෑනු දැක්කම බුදුබන මතක් කරගන්නවද? මිනිහෙක් මරන්න හිතුන ගමන් අපාය මතක් වෙනවද?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    දැනට නං හොඳ ගොඩේ වගේ තමා ඉන්නෙ අනාගතේ මොන පිස්සුවක් කෙලියිද කියල නං දන්නේ නෑ :baffled:
    Naha. Mama ahuwe uba wisin thawa kenek thoranawa aru hoda ekaa.. mu Honda ekaa. Kiyala.. mama hadahas kare eka. Oya gena nemei (oyage kalin post eke).
    Ehema hoya wen karala thorapu minum danda gena mama ahuwe.
    Oya kohomada maninne?
     
    • Like
    Reactions: LazyLizard

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට අල්ල්පු ගෙදර ගෑනිට කොටන්න අවශ්‍යතාවයක් නෑ මට ගෑනියෙක් ඉන්නවනෙ. මම මිනී මරන්න, දකින දකින ගෑනුන්ට ගහන්න ආසාවල් ආගමක් නිසා යටපත් කරගෙන නෑ. එහෙම හැඟීම් මට නෑ.

    සමහර විට ඔයා එහෙම වෙන්න ඇති. කොහොමද හිත හදාගෙන ඉන්නෙ? ගෑනු දැක්කම බුදුබන මතක් කරගන්නවද? මිනිහෙක් මරන්න හිතුන ගමන් අපාය මතක් වෙනවද?
    ලොල්.. මම හෝ ඔබ එසේ ද කියන එක නෙවෙයි කාරණාව. නිරාගමික පුද්ගලයාට වරදින් වළකින්න හේතුවක් නොමැති කමයි කාරණාව. ඔබ ඔබේ බිරිදගෙන් සෑහීමට පත් වෙනවා කියන්නේ හැගීම් ඇතිවෙන්නේ නෑ කියන එක නෙවෙයිනේ. ඕනිම මනුෂ්‍යෙකුට මනුෂ්‍යඝාතනයක් වුණත් කරන්න පුළුවන් තරමේ කේන්තියක් එන්න පුළුවන්, එතකොට නොකර ඉන්නත් හේතුවක් තියෙන්න එපැයි. හැගීම් නෑ කියන්නේ අමු බොරුවක් නේ. එහෙනම් ඉතින් ගස් ගල් වෙන්න ඕනි. :lol:
    අපිත් ඔ‍ය බොරුව කිව්වා අපි teenagers ලා කාලේ. දවසක් සර් පංතියේ උගන්වන කොට කොල්ලෝ සෙට් එකෙන් ඇහුවා "අර ගේට්ටුවෙන් ලස්සන කෙල්ලෙක් එනවා දැක්කම උඹලට මොකක් හරි හැගීමක් ඇතිවෙනව ද කියලා" අපිත් ඉතින් ඒ කාලේ උබ වගේ බොරු සුචරිත් වාදියෝ තමයි. අපි කිව්වා "නෑ" කියලා. සර් කිව්වා "එහෙනම් හෙටම ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන් කියලා". මිනිස්සුන්ට හැගීම් දැනීම් ඇතිවෙනවා ඒ දේවල් වල මෙලොව පරලොව විපාක දකින එකා ඒ දේවල් වලින් වලකිනවා. ආගමක් දර්ශනයක් නැති එකාට විපාක ගැන තැකීමක් නෑ සත්තු වගේ තමයි.
    නමුත් ඒක නෙවෙයි ලොකුම හාස්‍යය "නිරාගමිකයි නමුත් සදාචාරාත්මකයි" කියන වුන් ඉන්නෙත් ආගමක් තුළින්ම බිහි වුණ ආචාර විධි පද්ධතියක් තුළ වීමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Naha. Mama ahuwe uba wisin thawa kenek thoranawa aru hoda ekaa.. mu Honda ekaa. Kiyala.. mama hadahas kare eka. Oya gena nemei (oyage kalin post eke).
    Ehema hoya wen karala thorapu minum danda gena mama ahuwe.
    Oya kohomada maninne?
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා පිටරටක සෙට් එකක් මිනීමරපු අවස්ථාවක් උදාහරණෙට අරන් ඒක නරක දෙයක් විදිහට හඳුන්වල ඒක ආගම ඇදහීම හින්ද උනා කියලනේ දාල තියෙන්නේ. ඒ අය නරක ගොඩට දාල අනික් අය හොඳ ගොඩට දාල තමා මමත් උත්තරේ දුන්නෙ ඒ සිද්දියට අදාලව.

    එහෙම නැතුව පොදුවේ ලෝකේ සිද්ද වෙන ජාති ඉරක් ගහල මේවා හොඳ දේවල් මේවා නරක දේවල් මේවා පව් මේවා පිං කියල බෙදන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවා ඔක්කොම නිකං සිද්ධි විතරයි අපි තමා ඒවා දිහා බලල ඒවට ලේබල් ගහන්නේ. මමත් ඒ අවස්ථාව අනුව බලල මට හිතෙන විදිහට තමා මේක හොඳයි මේක නරකයි කියල කියන්නෙ ස්ථිරව හොඳ නරක මනින්න මිනුමක් නෑ ඔක්කොම සාපේක්ෂයි.
     
    • Like
    Reactions: FALL3N

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල්.. මම හෝ ඔබ එසේ ද කියන එක නෙවෙයි කාරණාව. නිරාගමික පුද්ගලයාට වරදින් වළකින්න හේතුවක් නොමැති කමයි කාරණාව. ඔබ ඔබේ බිරිදගෙන් සෑහීමට පත් වෙනවා කියන්නේ හැගීම් ඇතිවෙන්නේ නෑ කියන එක නෙවෙයිනේ. ඕනිම මනුෂ්‍යෙකුට මනුෂ්‍යඝාතනයක් වුණත් කරන්න පුළුවන් තරමේ කේන්තියක් එන්න පුළුවන්, එතකොට නොකර ඉන්නත් හේතුවක් තියෙන්න එපැයි. හැගීම් නෑ කියන්නේ අමු බොරුවක් නේ. එහෙනම් ඉතින් ගස් ගල් වෙන්න ඕනි. :lol:
    අපිත් ඔ‍ය බොරුව කිව්වා අපි teenagers ලා කාලේ. දවසක් සර් පංතියේ උගන්වන කොට කොල්ලෝ සෙට් එකෙන් ඇහුවා "අර ගේට්ටුවෙන් ලස්සන කෙල්ලෙක් එනවා දැක්කම උඹලට මොකක් හරි හැගීමක් ඇතිවෙනව ද කියලා" අපිත් ඉතින් ඒ කාලේ උබ වගේ බොරු සුචරිත් වාදියෝ තමයි. අපි කිව්වා "නෑ" කියලා. සර් කිව්වා "එහෙනම් හෙටම ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන් කියලා". මිනිස්සුන්ට හැගීම් දැනීම් ඇතිවෙනවා ඒ දේවල් වල මෙලොව පරලොව විපාක දකින එකා ඒ දේවල් වලින් වලකිනවා. ආගමක් දර්ශනයක් නැති එකාට විපාක ගැන තැකීමක් නෑ සත්තු වගේ තමයි.
    නමුත් ඒක නෙවෙයි ලොකුම හාස්‍යය "නිරාගමිකයි නමුත් සදාචාරාත්මකයි" කියන වුන් ඉන්නෙත් ආගමක් තුළින්ම බිහි වුණ ආචාර විධි පද්ධතියක් තුළ වීමයි.
    එතකොට තමුන් බොරු සුචරිතවාදියෙක් නෙවෙයි ඇත්තටම හිතේ මිනීමරු ආශාවල්, කුපාඩි ලිංගික හැඟීම් පිරිල ඉන්නව, ඒත් අපායෙ යන නිසා වැරදි කරන්නෙ නෑ. ඒකනෙ කියන්නෙ?

    අපායක් නෑ කියල දැනගත්තොත් ඔය දේවල් කරනවද?
     
    • Haha
    Reactions: shadow134

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා පිටරටක සෙට් එකක් මිනීමරපු අවස්ථාවක් උදාහරණෙට අරන් ඒක නරක දෙයක් විදිහට හඳුන්වල ඒක ආගම ඇදහීම හින්ද උනා කියලනේ දාල තියෙන්නේ. ඒ අය නරක ගොඩට දාල අනික් අය හොඳ ගොඩට දාල තමා මමත් උත්තරේ දුන්නෙ ඒ සිද්දියට අදාලව.

    එහෙම නැතුව පොදුවේ ලෝකේ සිද්ද වෙන ජාති ඉරක් ගහල මේවා හොඳ දේවල් මේවා නරක දේවල් මේවා පව් මේවා පිං කියල බෙදන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවා ඔක්කොම නිකං සිද්ධි විතරයි අපි තමා ඒවා දිහා බලල ඒවට ලේබල් ගහන්නේ. මමත් ඒ අවස්ථාව අනුව බලල මට හිතෙන විදිහට තමා මේක හොඳයි මේක නරකයි කියල කියන්නෙ ස්ථිරව හොඳ නරක මනින්න මිනුමක් නෑ ඔක්කොම සාපේක්ෂයි.
    eka aththa.
    isthirawa hoda naraka maninna minumak naha.
    anik eka eka agamen agama wenas wenawa.
    agam nathiwa thamanta danena widihata honda naraka wen karaganna puluwan
     
    • Like
    Reactions: LazyLizard

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එතකොට තමුන් බොරු සුචරිතවාදියෙක් නෙවෙයි ඇත්තටම හිතේ මිනීමරු ආශාවල්, කුපාඩි ලිංගික හැඟීම් පිරිල ඉන්නව, ඒත් අපායෙ යන නිසා වැරදි කරන්නෙ නෑ. ඒකනෙ කියන්නෙ?

    අපායක් නෑ කියල දැනගත්තොත් ඔය දේවල් කරනවද?
    නිතරම හිතේ ඔය දේවල් තියෙන්නේ මානසික ව්‍යාධීන් තියෙන පුද්ගලයන්ට. අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ගේ හිත්වලට ඒ ඒ අවස්ථාවට හැගීම් එනවා. ලිංගික ආශාවක් ඇතිවෙනවා කියන්නේ කුපාඩි කම නෙවෙයි. අධික කෝපයකදී ඇතිවෙන ඝාතන මානසිකත්වය කියන්නේ මිනිමැරීමට තියෙන ආශාවත් නෙවෙයි. ඒ ඒ අවස්තාවෙදි ඇති වෙන හැගීම් පමණයි ඉතින් අඩු වැඩි වශයෙන් හැගීම් ඇතිවෙන්නේ නැත්තම් ඒකා මනුෂ්‍යෙක් වෙන්න බෑ. අපායට බයේ පව් කරන්නැද්ද කියලා බෞද්ධයෙකුගෙන් කෙනෙක් අහනවා නම් අසන්නාට බෞද්ධ දර්ශණය පිළිබද අවබෝධයක් නෑ. මොකද බෞද්ධ දර්ශනය තුළ ඔය කාරනාව ඊට වඩා ලෞකික සහ සම්පරායික වශයෙන් සදහ්න් වෙනවා.

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

    ඔය කාරණා නෙවෙයි නේ ප්‍රධාන. ඔයාගේ සදාචාරත්මක බව ඔයාට ලැබුනේ කොහෙන්ද? මට නම් එය ලැබුනේ බෞද්ධ දර්ශනයෙන්.
     
    • Like
    Reactions: NRTG

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :D

    උඹේ මොලේ පරිමානෙට උඹේ අවබෝදේ
    same thing applies to me.

    මගේ තියරිය ඕනෑම දේකින් හොඳ දේ අරගැනීම

    මුස්ලිම් ද බෞද්ද ද හින්දු ද අදාල නැ
    ඔය හැම එකේම ගතයුත්තක් තියෙනවා

    කොටින්ම මේ මුළු ලෝකයම දැනුම් සම්බහ්රයක්,ආගම් කියන්නේ තවත් එක දෙයක් එහෙම දනුමක් ගන්න පුළුවන්
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    words-no-religion-on-embroidered-260nw-421396894.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කාරණා නෙවෙයි නේ ප්‍රධාන. ඔයාගේ සදාචාරත්මක බව ඔයාට ලැබුනේ කොහෙන්ද? මට නම් එය ලැබුනේ බෞද්ධ දර්ශනයෙන්.
    මම මිනී නොමරන්නෙ හාමුදුරුවො කියපු නිසාවත්, ගුරුවරු කියපු නිසාවත්, දෙමව්පියෝ කියපු නිසාවත් නෙවෙයි. මට අවශ්‍යතාවයක් නැති නිසා. අවශ්‍යතාවයක් ආවොත් සමහර විට රටේ නීතිය ගැන හිතල නොකර ඉන්නත් ඉඩතියෙනව නැත්නම් මරන්නත් ඉඩ තියෙනව.

    ස්ත්‍රී දූෂණය කරන්නෙ නැත්තෙ සංසර්ගය දෙන්නගෙම කැමැත්තෙන් කරන දෙයක් කියල හිතන නිසා.

    හොරකම් කරන්නෙ නැත්තෙ හම්බ කරන් කන නිසා. සුනාමි සල්ලි වගේ ගාණක් නම් අවස්ථාව ලැබුනොත් හොරකම් කරන්න ඉඩ තියෙනවා.

    බොරු කියන්නෙ නැත්තෙ අවශ්‍යතාවයක් නැති නිසා. අවශ්‍ය උනොත් කියන්නත් පුලුවන්.

    සරල නැද්ද මේ ජීවිතය? නොපෙනෙන දෙවියන්වත් නොදන්න ඊලඟ ආත්මයක්/භවයක් ගැන හිතන්නෙ නෑ.

    බොහොමයක් නිරාගමිකයො මෙහෙමයි.