මුල ඉදලා කියවාගෙන ආවා... ඒ නිසා අදහසක් දාන්න හිතුනා ඔන්න් එකෙක්වත් මල පැනල වලියට එන්න එපා....
පළමු කාරණය ඩීමන්කෝඩ්ට...
මචෝ මම උඹ කියනදේ වැරදි වෙන්න පුළුවන්.. ඒත් මේ ලංකාවෙ ඉන්න උන්ට අපි කියන්න ගියොත් එන්නෙ කරේ නගින්න... අනික තමා බස් එකක් ගනිමු මම කතාකලාට සහායට බල්ලෙක්වත් එන්නෙ නෑ... වාසනාව එකෙක්හරි ආවොත්.. ඔය 177 බස්වල එහෙම නිකම් බැනල බලපන්... තබේකට ගනන් ගන්නෙ නෑ උන්.. අපි දිගටම බැන්නොත් බහින්න කියනවා... දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් උනොත් ගොඩ... ඒ නිසා මේ වැඩේ වැරදි නමුත් අපේ තරහ නිවාගන්න හොද ක්‍රමයක් මචං උඹ කියන්නෙ... ඒ නිසා මම එතනදි උඹත් එක්ක එකගයි.. අනික උඹ දෙන හැම පොයින්ට් එකක්ම ක්‍රිෙය්ටිව් ඒව දෙන්නෙ අනුන් හදන්න නෙමෙයි අපේ හිත සනසගන්න ඕන නිසා බව තේරෙනවා මචං...
දෙවැන්න ඩීමන් කෝඩ් එක්ක රණ්ඩු කරණ දෙදෙනාට...
ඔන්න හැමෝම ඔබවගේ වෙනවනම් ලෝකය කොච්චර ලස්සනද කියල හිතෙනව සහෝ... දැන් බලන්න ඔබලා බනිද්දිත් ඩීමන් එයාගෙ වැඩේ ඔබලට බනින ගමන් කරනවා... ඔන්න ඕක තමයි අපේ රටට වෙලා තියෙන්නේ.. මේක ඩීමන්ගෙ වැරැද්දක් නෙමෙයි ඔහු ඒ තත්වෙට පත්වෙලා තියෙන්නෙත් මේ රටේ හැටියට... ඩීමන්ට අසාධාරණයක් ඌ නිසා ඒ තත්වෙට පත් වෙලා... නමුත් මම එකම සිතින් ප්‍රාර්ථනාකරන්නෙ ඔබ දෙදෙනා විදියට හැමෝම හිතනවානම් ඩීමන්කෝඩ්ල බිහිවෙන එකක් නෑ කියන එකයි..
අවසන් කාරණය තමා...
ඩීමන්කෝඩ් සහෝ එක්කො ඔයාගෙ වැඩේ කරගෙන යන්න, නැත්නම් බැනගන්න... මොකද මචන් අන්තිමට පේනදේ තමා වක්‍රාකාරව උඹ වෙනඋන්ට කරපු වැඩේ අර දෙන්නා වක්‍රාකාරව උඹට කරනවා... උඹේ ගමන ඒ දෙන්න නිසා බාධා වෙනවා..
මම කියන්නෙ නෑ ඔබ කිසිවෙක් වැරදියි කියලා.. මම කියන්නෙ දෙපාර්ශවයේම තර්ක හරි...
ලංකාවේ දැන් තත්වය අනුව අපේ ඩීමන් සහෝ නිවැරදියි... නමුත් ඔහු හා රණ්ඩුවෙන දෙදෙනා පවසනදේ ගැන සැලකිල්ලක් දැක්වුවොතින් කියන්න තියෙන්නෙ හැමෝම ඔවුන් වගේනම් මේ රට කොච්චර හොදද කියල... හිතන්න ටොපි කොලය මද දුරක් ගිහින් ඩස්ට්පින් එකට දාන්න බැරි රටක අපි මොනව කතාකලත් වැඩක් වෙයිද ඩීමන් කියනව වගේ උන්ට දඩුවමක් දැනෙන්න නොදී....
(මේක මගේ අදහසක් පමණයි මචන්ලා... රණ්ඩුවට ආවා නෙමෙයි හොදේ...)