ඊයේ ස්වර්ණවාහිනියේ අනුර කුමාර ඇවිත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ විස්තර කළා. විශේෂ ප්‍රාගුන්‍ය තුලින් රටේ ආර්ථිකය දියුණු කරන්න උන්ගේ plans ගැන කිව්වා. පට්ට අවබෝධයක් බන් ඌට තියෙන්නේ ලංකාවේ සහ ලෝකයේ ආර්ථික ක්‍රම පිළිබඳව. මට මාර දුක හිතුනා මචන් මේ වගේ මිනිස්සු ප්‍රතික්ෂේප වෙලා හොරු, නළු නිලියෝ, දේශපාලකයෝන්ගේ පුත්තු පාර්ලිමේන්තු යන එක ගැන.
මතකද ජීවන්ගේ දුව? කළු ගඟ පටන් ගන්නේ සමනල කන්දෙන් කියන එකවත් දන්නේ නෑ. පබා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.
දැන් කියනවා JVP ප්‍රායෝගික නැතිලු. ප්‍රායෝගික විදියට කරන්න පුළුවන් පබා, සමන්මලී, ගීතා කුමාරසිංහ, මර්වින් සිල්වා, රෝහිත අබේගුනවර්දන, සජින් වාස්, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ අයටලු.![]()
මමත් බැලුව බන් .. එත් කරුමේ කියන්නේ රටේ අවාසනාවද , ජවිපෙ අවාසනාවද මන්ද මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති එකනේ වැඩේ .
අර කියන්න වගේ මිනිස්සු බලන්නේ මුලික වුවමනා ටික තෘප්තිමත් කරගන්න විතරයි අපේ රටේ . දේශාභිමානි හැඟීමක් මිනිහෙක්ට ඇති වෙන්නෙත් එක්කෝ මැච් එකක් බලනකොට නැත්තන් බෝම්බයක් නිසා මිනිහෙක් මැරෙනකොට විතරයි





