ඔබ වැරදි නොකරන්නේ ඇයි ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔබ වැරදි නොකරන්නේ ඇයි ?

    ඔබ යහපත් ජිවිතයක් ගත කරන්නේ ඇයි ? අත් වැරදීම් ඇරුනම හොරකම් නොකරන්නේ ඇයි ? මිනි මරන්නේ නැත්තේ ඇයි ? බොරු කියන්නේ නැත්තේ ඇයි ?

    නැවත ඉපදීමක් නැතිනම් හෝ අපායක් නැති නම් ඔබ වැරදි කරනවද (අත් වැරදීම් හැර) ?

    කොටින්ම මම අහන්නේ ආගම් නැති ලෝකෙක ඔබ දැන් ඉන්නවට වඩා නරක පුද්ගලයෙක් වෙයි ද ?

    මිනිහෙක්ට යහපත්ව ඉන්න ඕනේ කියන හැගීම් එන්නේ ආගම තුලින් ද ?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ බුද්දමගම. උපතින් ආගමක් ගෙනාවේ නැ. දැන් අදහන්නෙත් නැ.
    නැවත ඉපදීම විස්වාස කරන්නේ නැ. ප්‍රමාණවත් සාක්ෂි නෑ නැවත ඉපදීම නිවන කියන දේවල් ඔප්පු කරන්න.

    මම විස්වාස කරන්නේ මිනිහෙක් හොදින් ඉන්න ඕනේ ආගමට බයේ නෙමෙයි. අපි ළමයින්ට කියන්න ඕනේ ආගමට බයේ වැරදි නොකර ඉන්න නෙමෙයි. වැරදි නොකර ඉන්න අනික් යට ඇනයක් නොවී ඉන්න.

    ළමයින්ට ආගම් උගන්වන්න සංකල්පයක් විදියට. නැතුව පරම සත්‍ය කියලා නෙමෙයි. නොදන්නා ප්‍රශ්න වලට උත්තර නැති ප්‍රශ්න වලට උත්තර නෑ කියලා කියන්න. උදා : මැරුණම මොකද වෙන්නේ ඇහුවම. ආයේ ඉපදෙනවා කියලා දෙන්න එපා. කියන්න ඕනේ දන්නේ නෑ. නමුත් එක එක ආගම් වලට අනුව මේ මේ දේ වෙනවා. නමුත් අදහස් විතරයි කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙක අතරෙ ලොකු සම්බන්ධයක් නෑ. බොහෝ දුරට peer pressure. උඹ ප්‍රචන්ඩත්වය promote කරන වටපිටාවක හැදුනොත් ආගම මොකක් වුනත් අදාල නෑ උඹ ඒ සමාජෙට අනුගත වෙනව. පස්සෙ ආගමයි අනික් විශ්වාසයි පාවිච්චි කරල ඒ හැසිරීම සාධාරණී කරනය කරගන්නව
    උඹ ප්‍රචණ්ඩත්වය හෙලා දකින සමාජෙක ඉපදුනොත් ඒ විදිහට හැදෙනව, අර ආගමයි විශ්වාස සෙට් එකයි වෙන විදිහකට පාවිච්චි කරල ඒ හැසිරීම සාධාරණීකරනය කරගන්නව.
    ආගමට වඩා බලපාන වෙන විශ්වාස සමාජයේ තියෙනව.