ඔබ වෙනුවෙන් SAITM සහතිකය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය.
    රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත.
    පෞද්ගලිකව මාගේ දෙමාපියන් ගෙවල් උකස්කර මට මුදල් සොයා දුනි.
    "උසස් පුහුණුවක්" ලබා දෙන්න යයි කියා රජයෙන් පිහිටවූ ගුවන් නියමු පාසල් ද නැත. අපට ඕනෑම රටකට ගොස් පුහුණුවී පැමිනිය හැකිය. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රීලංකාවට අයත් බලපත්‍රය නිසිලෙස තාක්ෂණික දැනුම් පරීක්ෂණ හා ගුවන් පරීක්ෂණ වලින් අනතුරුව ලබාගතයුතු වේ.
    ඔය සියලුදෙයින් පසු වලින් පසු රජයෙන් මෙන්න ගන්න එන්න කියා රැකියා ලබදෙන්නේද නැත. මා පෞද්ගලිකව වසර තුනක් පුරා උත්සාහ කර, රැකියාව ලබාගත්තෙමි, වසර දහය දොලහ තවමත් උත්සාහ කරන්නන් මා අදුනන්නෙමි.
    එහෙමයි කියා අපට ලිප්ටන් වටරවුමේ කලු පටි පැලද පිකටින් කරන්නට අයිතියක් ද නැත. මිලියන 10-15 වියදම් කරපු ගුවන් බලපත්‍රධාරීන් 250-300 අදටත් රැකියා විරහිතව ඇත, නමුත් එකෙක්වත් වටරවුම් වල නැත.
    කෙසේ හෝ..
    ඔබ හෙට යන ගුවන් ගමනේ නියමුවන් ගැන ඔබ මොනවා දන්නවාද? නම? ජාතිය? සුදුසුකම්? පලපුරුදුකම්? ඔබ මොනවත් නොදනී, නමුත් ගුවනේදී ඔබ කා බී MOVIE බලා නිදාගත්තාට ගුවන් නියමුවන්ගේ දක්ශතා නොවන්නට ඔබ මැරුණු තැන්වල ගසුත් පැලවී තිබෙන්නට තිබුනි.
    ගුවන් නියමුවන් ගේ වරදින් ඔවුන් ඇතුලුව මගීන් අඩුමතරමින් 150-200 මිය යා හැකිය. වෛද්‍යවරුන්ට වැරදුනොත් ඔහුට ගෙදර යාහැකිය.
    වෛද්‍ය වෘතියද අනෙකුත් වෘතීන් මෙන්ම වෘතියකි. ඊට පෙර ජන්මානුගත පින් බලයක් අවශ්‍ය නොවේ. නිවැරදි පුහුණුව තුලින් උත්සාහයෙන් නුවණින් ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඕණෑම වෘතිකයෙක් විය හැකිය.
    British airways ගුවන් යානයක කැප්ටන් wind shield එකෙන් එලියට විසිවුනේ, පෙර රාත්‍රියේ සවිකරපු එක වැරදි වර්ගයේ ඇනයක් නිසාවෙනි. එමනිසා ගරු වෛද්‍යවරුන් කියනා ලෙසට ඔවුන් විතරක් උතුම් නොවෙති. පාර අතුගාන මනුස්සයා සුලං හමන දිශාව සහ වේගය තකන්නේ නැත්නම් අපිකන්නේ බත් සමග වැලිය. එමනිසා සියලු රැකියා වැදගත්වේ.
    අපේ ලංකාවේ කතාව වෙනස්ය.
    රජයේ වියදමෙන් උගන්වා රජයෙන්ම රැකියා ලබාදී රජයෙන්ම පඩි ගෙවා අපි වෛද්‍යවරු බිහිකරයි.
    ඔවුන් වාහන පර්මිට් ඉල්ලා ලෙඩ්ඩු මරති, ඔවුන්ගේ ලමුන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා ලෙඩ්ඩු මරති,
    හැබැයි ලෙඩ්ඩු ගැන සිතා යැයි කියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසන්නට බලකරමින්ද ලෙඩ්ඩු මරති.
    පෞද්ගලිකව ප්‍රබාකරන්ගෙන් පසුව ලංකාවේ බිහිවූ සාමාන්‍ය ජනතාව බිල්ලට තබා ඉල්ලීම් කරන එකම සංවිධානය මේ වෛද්‍ය සංගමය යැයි මා සිතමි.
    ප.ලි. - රජයේ රෝහල් වලට මම වලට Conjuring 2 වලට වඩා බියවෙමි, දකුණු කකුලට වම් කකුල කපා ගන්නවත් ගෝස් බඩ ඇතුලේ ඉතිරි කර සැත්කම් කරගන්නවත් මම අකමැතිය.
    සුලුතරයක්වූ සැබෑ රජයේ/රජයේ නොවනඋතුම් වූ ජීවකයින් හට මෙය අපහාසයක් නොවන බවද සලකන්න.
    Copied: Harith Perera

    :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ............gxhgxhxhxh
    :rolleyes:

    රජයට සල්ලි නැතිනම් සල්ලි දීලා ඉගෙන ගත්තුදෙන්... රජයකට වගකීමක් තියෙන්න ඕනේ හොර ආයතන බිහිවෙනවනම් ඒවට අටහ නොදී ඉන්නත් හරිහමන් එන ආයෝජන වලට ඉඩ දෙන්න වගෙම ප්ලැට්ෆෝම් එකක් හදන්නත්...

    පුරවැසියන්ට අයිතියක් තියෙන්න ඕනේ අද ඉන්නවට වඩා අඩු ප්‍රමිතියකින් ලැබෙන වෛද්‍ය උපදෙසක් ලැබීමෙන් වළකින්න...

    කවුරු සල්ලි දීල ඉගෙනගත්ත කීයක් දුන්නත් මේ රටේ නීතිරීති පැත්තකට දාලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් හදපු රජයේ ආයතන පැත්තකට කරලා දේශපාලුවන්ගේ බලවතුන්ගේ උවමනාවට බලෙන් රෝපණය කරන්න පුරවැසියෝ විදියට අපි කැමති නෑ...

    මේ ළඟදි සයිටම් රංගනයෙන් තේරුනා ඔවුන් අපි හිතනවටත් වඩා භයානක ආයතනයක් කියලා... ඇමෙරිකාවේ අවි ආයුධ මත්ද්‍රව්‍ය සල්ලි දීලා ගන්න පුලුවන් ප්‍රාන්ත තිබ්බට මෙහෙ නෑනේ... එහේ ලභ ලබන ආයත්නත් නෙවෙයිනේ මෙඩිකල් කොලේජස්... ඔය කවුරු කොහොම ජාත්‍යන්තරේ මෙහෙමයි කිව්වත් රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන අමාරුව තේරෙන්නේ රටේ ජීවත් වෙන අයට... ප්‍රමිතිය ඉතුරු වෙලා තියෙන්නෙත් ක්ෂෙත්‍ර කීපයක විතරයි... ඒකටත් කෙලවන්න හදනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපේ අය කවදා මේක තේරුම් ගනීද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලා තෝරගත්තා කියල පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටමවත්, ඇනලිටිකල් මයින්ඩ් එකවත් තීරණය කරන්න බැහැ.

    හැබැයි අපිට තව කෙනෙකුගේ දක්ෂතා හෝ හැකියාවන් ඇසියුම් කරන්න බැරිනිසා එක්සෑම් / ටෙස්ට් කියලා දෙයක් තමා යූස් කරන්නේ තීරණයක් ගන්න....:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රජයට සල්ලි නැතිනම් සල්ලි දීලා ඉගෙන ගත්තුදෙන්... රජයකට වගකීමක් තියෙන්න ඕනේ හොර ආයතන බිහිවෙනවනම් ඒවට අටහ නොදී ඉන්නත් හරිහමන් එන ආයෝජන වලට ඉඩ දෙන්න වගෙම ප්ලැට්ෆෝම් එකක් හදන්නත්...

    පුරවැසියන්ට අයිතියක් තියෙන්න ඕනේ අද ඉන්නවට වඩා අඩු ප්‍රමිතියකින් ලැබෙන වෛද්‍ය උපදෙසක් ලැබීමෙන් වළකින්න...

    කවුරු සල්ලි දීල ඉගෙනගත්ත කීයක් දුන්නත් මේ රටේ නීතිරීති පැත්තකට දාලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් හදපු රජයේ ආයතන පැත්තකට කරලා දේශපාලුවන්ගේ බලවතුන්ගේ උවමනාවට බලෙන් රෝපණය කරන්න පුරවැසියෝ විදියට අපි කැමති නෑ...

    මේ ළඟදි සයිටම් රංගනයෙන් තේරුනා ඔවුන් අපි හිතනවටත් වඩා භයානක ආයතනයක් කියලා... ඇමෙරිකාවේ අවි ආයුධ මත්ද්‍රව්‍ය සල්ලි දීලා ගන්න පුලුවන් ප්‍රාන්ත තිබ්බට මෙහෙ නෑනේ... එහේ ලභ ලබන ආයත්නත් නෙවෙයිනේ මෙඩිකල් කොලේජස්... ඔය කවුරු කොහොම ජාත්‍යන්තරේ මෙහෙමයි කිව්වත් රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන අමාරුව තේරෙන්නේ රටේ ජීවත් වෙන අයට... ප්‍රමිතිය ඉතුරු වෙලා තියෙන්නෙත් ක්ෂෙත්‍ර කීපයක විතරයි... ඒකටත් කෙලවන්න හදනවා

    ලන්කාවේ වෛදය වුර්තියේ ප්රමිතියක් තියෙනවා කියන්නෙ කොයි සාධක පදනම් කරගෙනද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැබැයි අපිට තව කෙනෙකුගේ දක්ෂතා හෝ හැකියාවන් ඇසියුම් කරන්න බැරිනිසා එක්සෑම් / ටෙස්ට් කියලා දෙයක් තමා යූස් කරන්නේ තීරණයක් ගන්න....:rofl:

    ඉතින් ඒක තමයි. කලා කරපු ළමයින්ටත් මෙඩිසීන් කරන්න අවස්තාවක් දෙන්න කියල කියන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ඒක තමයි. කලා කරපු ළමයින්ටත් මෙඩිසීන් කරන්න අවස්තාවක් දෙන්න කියල කියන්නෙ.

    උඹ විහිලු කරනවද?

    එහෙමනම් ඉතින් ආයිත් අවුරුදු 02ක් උන්ට බයෝ ටිකයි කෙමිස්ට්‍රි ටිකයි උගන්වන්න වෙයි.හරියට ඕපන් යුනිවර්සිටි එකේ වගේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ විහිලු කරනවද?

    එහෙමනම් ඉතින් ආයිත් අවුරුදු 02ක් උන්ට බයෝ ටිකයි කෙමිස්ට්‍රි ටිකයි උගන්වන්න වෙයි.හරියට ඕපන් යුනිවර්සිටි එකේ වගේ

    බොරැ වැඩක්නෙ බන්.... බයෝ නන් කොහොමත් කැම්පස් එකෙත් කරන්න එපෑ. කෙමෙස්ට්රි නන් සබ්ජෙක්ට් එකට අදාල ටික විතරක් කලා නන් ඉවරනේ.... අනිත් ඒවා ගැඔුරට හදාරලා තේරැමක් තියෙනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරැ වැඩක්නෙ බන්.... බයෝ නන් කොහොමත් කැම්පස් එකෙත් කරන්න එපෑ. කෙමෙස්ට්රි නන් සබ්ජෙක්ට් එකට අදාල ටික විතරක් කලා නන් ඉවරනේ.... අනිත් ඒවා ගැඔුරට හදාරලා තේරැමක් තියෙනවද?

    කැම්පස් එකේදී උ.පේ වලට උගන්වපු කොටස් නැවතත් උගන්වන්නේ නෑනේ බන්.ඒකනිසා තමයි අදාල කොටස් ටික උගන්වලා ගන්න ඕනි කිවුවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලන්කාවේ වෛදය වුර්තියේ ප්රමිතියක් තියෙනවා කියන්නෙ කොයි සාධක පදනම් කරගෙනද?

    කිසිම ප්‍රමිතියක් නෑ.. සතුටුද?:rofl: ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ උඹම හොයාගනින්:nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඒක තමයි. කලා කරපු ළමයින්ටත් මෙඩිසීන් කරන්න අවස්තාවක් දෙන්න කියල කියන්නෙ.
    ඉතින් කලා තෝරගත්තේ මෙඩිසින් යන්න කැමැත්තක් තියෙන නිසාද ?ඒක තෝරගත්තේ මොන කෙන්ගෙඩියකටද එහෙනම්? පිස්සුනේ:rofl::baffled:
    හරි කමක් නෑ පරක්කුවෙලා හිතුන නම්,වැරදිලා හරි තෝරගත්තා නම් ආයේ කරන එකනේ තියෙන්නේ... :dull:

    ඉතින් මේ රටේ හුඟාක් අය මේ රටේ දොස්තර කෙනෙක් වෙන්න කැමත්තෙන් ඉන්නවා.. ඒ හැමෝම මෙඩිසින් කරන්න ලියන කොමන් විභාගේ තමා ඒලෙවල්.. තරඟෙන් හොඳම ටිකට අවස්තාව ලැබෙනවා...:yes::baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    16864423_1287784387970544_3444533134448835780_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරැ වැඩක්නෙ බන්.... බයෝ නන් කොහොමත් කැම්පස් එකෙත් කරන්න එපෑ. කෙමෙස්ට්රි නන් සබ්ජෙක්ට් එකට අදාල ටික විතරක් කලා නන් ඉවරනේ.... අනිත් ඒවා ගැඔුරට හදාරලා තේරැමක් තියෙනවද?
    :lol::lol::lol::lol::lol::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් කලා තෝරගත්තේ මෙඩිසින් යන්න කැමැත්තක් තියෙන නිසාද ?ඒක තෝරගත්තේ මොන කෙන්ගෙඩියකටද එහෙනම්? පිස්සුනේ:rofl::baffled:
    හරි කමක් නෑ පරක්කුවෙලා හිතුන නම්,වැරදිලා හරි තෝරගත්තා නම් ආයේ කරන එකනේ තියෙන්නේ... :dull:

    ඉතින් මේ රටේ හුඟාක් අය මේ රටේ දොස්තර කෙනෙක් වෙන්න කැමත්තෙන් ඉන්නවා.. ඒ හැමෝම මෙඩිසින් කරන්න ලියන කොමන් විභාගේ තමා ඒලෙවල්.. තරඟෙන් හොඳම ටිකට අවස්තාව ලැබෙනවා...:yes::baffled:

    හොදම ටිකට අවස්තාවක් ලැබුනට මදි. ලන්කාවේ අද දොස්තරලා හිගයක් තියෙන්නෙ. ඒ නිසා තව කන්ඩායමකට වැඩිදුර ඉගෙන ගන්න අවස්තාවක් ලබල දෙන්න ඕනි.

    අවුල තියෙන්නෙ දැන් හැදිල තියෙන ක්රමේ. ඒක වෙන්ස වෙන්න ඔින.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    කොහොමහරි කමක් නෑ doctor ලට ඕනි දේවල් දීපල්ලා මැරිලා හරි.. නැත්නම් උන් strike කරනවා.. දන්නවනේ උබලා..? උන් තමයි වැදගත් ම රස්සාව කරන්නේ..
    ඒ නිසා උන්ගේ ළමයි ටික ට හොද ඉස්කෝල එහෙම දීලා වැඳලා කරලා තියාගන්න ඕනි හරිද? සයිටම් කියල නෑ උන් ආවත් උන් අපිට ආදරෙත් නෑ.. ඔච්චරට ම හැමෝම campus එනවට ආස අයියලා අක්කල එක්ක මම කතා කරලා තියනවා.. කුහක කමේ සීමාවක් නෑ.. doctor කෙසේ වෙතත් management ඉගෙන ගන්න උන් කැමති නෑ private management කරන උන්ට.. උන්ගේ ජොබ් එකට කෙළවෙන නිසා.. කොයි එකත් ඔච්චර තමයි.. උන් කියන්නේ උන්ට ජොබ් දීල ඉතුරු උනාම ලු fail උන්ට දෙන්න ඕනි.. ඔන්න ඕකයි මචන් මානසිකත්වය.. තමන්ගේ බඩගොස්තරේ ට තමයි මැරෙන්න හදන්නේ.. අපිට ආදරේ නම් උන්ගේ ළමයට හොඳ ඉස්කෝල දුන්නේ නෑ කියල අපිට බෙහෙත් නොදී ඉන්නේ නැනේ? doctor කියන්නෙත් මිනිස්සුන්ගේ ජිවිත බේරන රස්සාවක්.. ගුරුවරයෙක් කියන්නෙත් ඒ වගේම මිනිස්සුන්ගේ ඇස් පාදන රස්සාවක්, කාලකන්නියෙක්ඒ මනුස්සයෙක් කරන රස්සාවක්. එත් ඒ මිනිස්සු ඔහොම මැරෙන්න හදනව ද බලපල්ලකො.. ඇයි මේ එක කණ්ඩායමක් රට ම පාලනය කරගෙන ඉන්නේ?

    සයිටම් දාන්න ඕනි කියල මම කියන්නේ නෑ. සයිටම් වහන්න කියල කියන්නෙත් නෑ.. එත් හොඳ තෝරාගැනීමේ පටිපාටියක් තියන private medical college ලංකාවේ ඇති වෙන්න ඕනි.. මොකද doctor කෙනෙක් වෙන්න පොඩි ලකුණු ගණන් මදි වෙන අය ඉන්නවා.. උන් පව්.. doctor නෙවෙයි අනිත් රස්සාවල් නිසාත් මිනිස්සුන්ගේ ජිවිත තීරණය වෙනවා.. bus driver උනත් වැදගත් මිනිහෙක්.. එක පිළිගන්න පුරුදු වෙයල්ලා..

    හොඳම සිද්දිය තමයි, doctor ලා ටිකයි campus එකේ උන් ටිකයි දැන් හිටපු ගමන් හොඳ වෙලා අපිට ආදරේ වෙලා, ලෙඩ්ඩුන්ට ආදරේ වෙලා.. අන්න එකයි මට හිනා යන්නේ.. මාස 6ක් නැද්ද කොහෙද අපිට 8 පාස් උන් කියල බැනල.. දැන් ආයෙම නංගියේ මල්ලියේ අක්කේ අයියේ වෙලා.. කන්න ඕනි උනාම කොයි ජරාවත් හොඳයි නේද?​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොදම ටිකට අවස්තාවක් ලැබුනට මදි. ලන්කාවේ අද දොස්තරලා හිගයක් තියෙන්නෙ. ඒ නිසා තව කන්ඩායමකට වැඩිදුර ඉගෙන ගන්න අවස්තාවක් ලබල දෙන්න ඕනි.

    අවුල තියෙන්නෙ දැන් හැදිල තියෙන ක්රමේ. ඒක වෙන්ස වෙන්න ඔින.
    හොඳම කට්ටියව වැඩියෙන් ගන්න කියමු? රජයයකට (එහෙම්මමනම් ) ගන්න බැරිප්‍රමාණයට සල්ලි ගෙවන්න කියමු? සල්ලි ගෙවන්න බැඒ අයට ලොන් ස්කීම් එකක් දාලා ජොබ් එකෙන් රිකව කරමු? ආයෝජකයන් ලාභ අපේක්ෂාවෙන් විතරමනම් හොයාගන්න පුලුවන්, ඒ ලාභය ළමයින්ගේ අයකිරීමේ ප්‍රතිශතයක් කරමු? ඇක්ට් 16 ඕනේත් නෑ ලංකාවේ යුනිවසිටියක් විදියට රන් වෙන්නේ..

    ලෝන් එක නොගෙවා රට යන්නත් බෑ... බුද්ධි ගලනයටත් විසඳුමක් රටේ ආර්ථිකයටත් හොඳයි.. කාටවත් ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් එන්නේත් නෑ... රට යන්නෙ නැතුව ඕවයෙ උගන්වයි සමහර ඩොක්කු... දැන් රටේ ඩොක්කු හිඟ රට යන හින්දා හුඟක්ම... හිඟේ තියෙන්නෙත් ඔය දුශ්කර පැතිවලට... :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමහරි කමක් නෑ doctor ලට ඕනි දේවල් දීපල්ලා මැරිලා හරි.. නැත්නම් උන් strike කරනවා.. දන්නවනේ උබලා..? උන් තමයි වැදගත් ම රස්සාව කරන්නේ..
    ඒ නිසා උන්ගේ ළමයි ටික ට හොද ඉස්කෝල එහෙම දීලා වැඳලා කරලා තියාගන්න ඕනි හරිද? සයිටම් කියල නෑ උන් ආවත් උන් අපිට ආදරෙත් නෑ.. ඔච්චරට ම හැමෝම campus එනවට ආස අයියලා අක්කල එක්ක මම කතා කරලා තියනවා.. කුහක කමේ සීමාවක් නෑ.. doctor කෙසේ වෙතත් management ඉගෙන ගන්න උන් කැමති නෑ private management කරන උන්ට.. උන්ගේ ජොබ් එකට කෙළවෙන නිසා.. කොයි එකත් ඔච්චර තමයි.. උන් කියන්නේ උන්ට ජොබ් දීල ඉතුරු උනාම ලු fail උන්ට දෙන්න ඕනි.. ඔන්න ඕකයි මචන් මානසිකත්වය.. තමන්ගේ බඩගොස්තරේ ට තමයි මැරෙන්න හදන්නේ.. අපිට ආදරේ නම් උන්ගේ ළමයට හොඳ ඉස්කෝල දුන්නේ නෑ කියල අපිට බෙහෙත් නොදී ඉන්නේ නැනේ? doctor කියන්නෙත් මිනිස්සුන්ගේ ජිවිත බේරන රස්සාවක්.. ගුරුවරයෙක් කියන්නෙත් ඒ වගේම මිනිස්සුන්ගේ ඇස් පාදන රස්සාවක්, කාලකන්නියෙක්ඒ මනුස්සයෙක් කරන රස්සාවක්. එත් ඒ මිනිස්සු ඔහොම මැරෙන්න හදනව ද බලපල්ලකො.. ඇයි මේ එක කණ්ඩායමක් රට ම පාලනය කරගෙන ඉන්නේ?

    සයිටම් දාන්න ඕනි කියල මම කියන්නේ නෑ. සයිටම් වහන්න කියල කියන්නෙත් නෑ.. එත් හොඳ තෝරාගැනීමේ පටිපාටියක් තියන private medical college ලංකාවේ ඇති වෙන්න ඕනි.. මොකද doctor කෙනෙක් වෙන්න පොඩි ලකුණු ගණන් මදි වෙන අය ඉන්නවා.. උන් පව්.. doctor නෙවෙයි අනිත් රස්සාවල් නිසාත් මිනිස්සුන්ගේ ජිවිත තීරණය වෙනවා.. bus driver උනත් වැදගත් මිනිහෙක්.. එක පිළිගන්න පුරුදු වෙයල්ලා..

    හොඳම සිද්දිය තමයි, doctor ලා ටිකයි campus එකේ උන් ටිකයි දැන් හිටපු ගමන් හොඳ වෙලා අපිට ආදරේ වෙලා, ලෙඩ්ඩුන්ට ආදරේ වෙලා.. අන්න එකයි මට හිනා යන්නේ.. මාස 6ක් නැද්ද කොහෙද අපිට 8 පාස් උන් කියල බැනල.. දැන් ආයෙම නංගියේ මල්ලියේ අක්කේ අයියේ වෙලා.. කන්න ඕනි උනාම කොයි ජරාවත් හොඳයි නේද?​

    ඉපදිච්ච මොකත් එකයි.. ඩොක්කු කියලා මහලොකුත් නෑ... පයිලට් කියලා සුප්පර් කියලත් නෑ...
    (හැබැයි දේශපාලුවා මොනා කළත් කවුරුවත් මීක් නෑ :baffled:)

    කවුරුත් කරන්නෙ ජොබ් එකක් වගේම සේවයක්... හීනමානයක් ඕනෙත් නෑ උද්දච්චකම් වැඩකුත් නෑ... 8 පාස් විතරයි කියල ගරහන එකා නපුංසක ගතියක් බවත් හොඳට පාස් උනු එකාට ඉරිසියාව තුඡ්ච කමත් තමා

    සුලු පිරිසකගේ නරක ගති බහුතර සියලු කොටස්වල ගතිය නොවේ:dull:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය.
    රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත.
    පෞද්ගලිකව මාගේ දෙමාපියන් ගෙවල් උකස්කර මට මුදල් සොයා දුනි.
    "උසස් පුහුණුවක්" ලබා දෙන්න යයි කියා රජයෙන් පිහිටවූ ගුවන් නියමු පාසල් ද නැත. අපට ඕනෑම රටකට ගොස් පුහුණුවී පැමිනිය හැකිය. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රීලංකාවට අයත් බලපත්‍රය නිසිලෙස තාක්ෂණික දැනුම් පරීක්ෂණ හා ගුවන් පරීක්ෂණ වලින් අනතුරුව ලබාගතයුතු වේ.
    ඔය සියලුදෙයින් පසු වලින් පසු රජයෙන් මෙන්න ගන්න එන්න කියා රැකියා ලබදෙන්නේද නැත. මා පෞද්ගලිකව වසර තුනක් පුරා උත්සාහ කර, රැකියාව ලබාගත්තෙමි, වසර දහය දොලහ තවමත් උත්සාහ කරන්නන් මා අදුනන්නෙමි.
    එහෙමයි කියා අපට ලිප්ටන් වටරවුමේ කලු පටි පැලද පිකටින් කරන්නට අයිතියක් ද නැත. මිලියන 10-15 වියදම් කරපු ගුවන් බලපත්‍රධාරීන් 250-300 අදටත් රැකියා විරහිතව ඇත, නමුත් එකෙක්වත් වටරවුම් වල නැත.
    කෙසේ හෝ..
    ඔබ හෙට යන ගුවන් ගමනේ නියමුවන් ගැන ඔබ මොනවා දන්නවාද? නම? ජාතිය? සුදුසුකම්? පලපුරුදුකම්? ඔබ මොනවත් නොදනී, නමුත් ගුවනේදී ඔබ කා බී MOVIE බලා නිදාගත්තාට ගුවන් නියමුවන්ගේ දක්ශතා නොවන්නට ඔබ මැරුණු තැන්වල ගසුත් පැලවී තිබෙන්නට තිබුනි.
    ගුවන් නියමුවන් ගේ වරදින් ඔවුන් ඇතුලුව මගීන් අඩුමතරමින් 150-200 මිය යා හැකිය. වෛද්‍යවරුන්ට වැරදුනොත් ඔහුට ගෙදර යාහැකිය.
    වෛද්‍ය වෘතියද අනෙකුත් වෘතීන් මෙන්ම වෘතියකි. ඊට පෙර ජන්මානුගත පින් බලයක් අවශ්‍ය නොවේ. නිවැරදි පුහුණුව තුලින් උත්සාහයෙන් නුවණින් ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඕණෑම වෘතිකයෙක් විය හැකිය.
    British airways ගුවන් යානයක කැප්ටන් wind shield එකෙන් එලියට විසිවුනේ, පෙර රාත්‍රියේ සවිකරපු එක වැරදි වර්ගයේ ඇනයක් නිසාවෙනි. එමනිසා ගරු වෛද්‍යවරුන් කියනා ලෙසට ඔවුන් විතරක් උතුම් නොවෙති. පාර අතුගාන මනුස්සයා සුලං හමන දිශාව සහ වේගය තකන්නේ නැත්නම් අපිකන්නේ බත් සමග වැලිය. එමනිසා සියලු රැකියා වැදගත්වේ.
    අපේ ලංකාවේ කතාව වෙනස්ය.
    රජයේ වියදමෙන් උගන්වා රජයෙන්ම රැකියා ලබාදී රජයෙන්ම පඩි ගෙවා අපි වෛද්‍යවරු බිහිකරයි.
    ඔවුන් වාහන පර්මිට් ඉල්ලා ලෙඩ්ඩු මරති, ඔවුන්ගේ ලමුන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා ලෙඩ්ඩු මරති,
    හැබැයි ලෙඩ්ඩු ගැන සිතා යැයි කියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසන්නට බලකරමින්ද ලෙඩ්ඩු මරති.
    පෞද්ගලිකව ප්‍රබාකරන්ගෙන් පසුව ලංකාවේ බිහිවූ සාමාන්‍ය ජනතාව බිල්ලට තබා ඉල්ලීම් කරන එකම සංවිධානය මේ වෛද්‍ය සංගමය යැයි මා සිතමි.
    ප.ලි. - රජයේ රෝහල් වලට මම වලට Conjuring 2 වලට වඩා බියවෙමි, දකුණු කකුලට වම් කකුල කපා ගන්නවත් ගෝස් බඩ ඇතුලේ ඉතිරි කර සැත්කම් කරගන්නවත් මම අකමැතිය.
    සුලුතරයක්වූ සැබෑ රජයේ/රජයේ නොවනඋතුම් වූ ජීවකයින් හට මෙය අපහාසයක් නොවන බවද සලකන්න.
    Copied: Harith Perera

    :rolleyes:

    :yes::yes::yes: Totally agreed
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොඳම කට්ටියව වැඩියෙන් ගන්න කියමු? රජයයකට (එහෙම්මමනම් ) ගන්න බැරිප්‍රමාණයට සල්ලි ගෙවන්න කියමු? සල්ලි ගෙවන්න බැඒ අයට ලොන් ස්කීම් එකක් දාලා ජොබ් එකෙන් රිකව කරමු? ආයෝජකයන් ලාභ අපේක්ෂාවෙන් විතරමනම් හොයාගන්න පුලුවන්, ඒ ලාභය ළමයින්ගේ අයකිරීමේ ප්‍රතිශතයක් කරමු? ඇක්ට් 16 ඕනේත් නෑ ලංකාවේ යුනිවසිටියක් විදියට රන් වෙන්නේ..

    ලෝන් එක නොගෙවා රට යන්නත් බෑ... බුද්ධි ගලනයටත් විසඳුමක් රටේ ආර්ථිකයටත් හොඳයි.. කාටවත් ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් එන්නේත් නෑ... රට යන්නෙ නැතුව ඕවයෙ උගන්වයි සමහර ඩොක්කු... දැන් රටේ ඩොක්කු හිඟ රට යන හින්දා හුඟක්ම... හිඟේ තියෙන්නෙත් ඔය දුශ්කර පැතිවලට... :D

    දොස්තරලා රට යන නිසා නෙමේ රස්සා අතිරික්තයක් තියෙන්නෙ. අවුරැද්දකට කැම්පස් වලින් අවුට් කරන්නෙ සීමිත දොස්තරලා ප්රමාණයක්. (ඩිමානඩ් එක තියාගන්නද?)

    අනික රටේ මිනිස්සු ගැන ඔච්චර සාංකාවක් තියෙන දෛාස්තරලා තමයි උපාධි අරන් රට දාලා යන්නෙ නැත්තන් දුශ්කර පළාත් දාලා සැප පහසුකම් තියෙන පැති වලට මාරැ වීම් අරගෙන එන්නෙ. කොච්චර හොදට විභාග පාස් උනත් වැඩක් තියෙනවද බන් එහෙම?

    ඒ මිනිස්සුන්ට උගන්නන්න වියදන් කරපු සල්ලිත් අපරාදෙ...