ඔබ සැනසූ ප්‍රින්ස් ......!!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔබ සැනසූ ප්‍රින්ස් ......!!!

    ඔබ සැනසූ ප්‍රින්ස්ට ඔබ අවැසි මොහොතක්

    දශක ගණනාවක් පුරා රසික හදවත් පිනවූ .

    සුදුමල් පොකුරක්, ඔබ හා ගෙවූ අතීතේ, සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ, කඳුළු ගංගා ගලා, ඔබ පෑ පෙම් සිනා^ආදී ගීත සමුදායක් ගැයූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද වන විට අසාධ්‍යව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වග දැනගත් වහාම අපි ඔහු සොයා නවලෝක රෝහලට ගියෙමු. එහි සයවැනි මහලේ අදහාගත නොහැකි අයුරින් අයෝබලව අප්‍රාණිකව සිටින ඔහුගේ සිරුර දුටු ඕනෑම හදවතක් කම්පනය වන බව නොකියාම බැරිය. මෙවන් අසරණ අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් හම්බකරගත් සින්දු මුදලාලිලා නිකමටවත් ඔහු බලන්නට ආවාද යන්නත් සැක සහිතය. වයලීන් වාදකයෙකු ලෙසින් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීත අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් පසු කලෙක රසික හදවත් තුළ ලැඟුම්ගත් ගායකයෙකු බව සැවොම දන්නා රහසකි. තනිකඩ දිවියක් ගෙවන ඔහුගේ හුදෙකලා දිවි මගේ ගිලන්ව අසරණ වූ මෙවන් මොහොතක ඔහුගේ තනි නොතනියට ළඟ සිටින්නේ ඔහුගේ නැගණිය වන එස්.පී ප්‍රනාන්දු මහත්මියයි. අපි ඇයගෙන් ඔහු පිළිබඳව විමසා සිටියෙමු.

    තනිකඩ ඔහුගේ දිවියට ළඟ සිටින්නේ නැඟනිය හා ඇගේ පුතණුවන් හා ඇතුළු කිහිප දෙනෙක් පමණි. ඔවුන් තනිවම අපමණ වෙහෙසක් ගන්නා බව අපට දැනිණ. ප්‍රින්ස්ගේ අයෝබල කය ඉදිරිපිට බලා සිටි අප සමුගන්නට සැරසෙද්දී ඔහු අමාරුවෙන් දෑත් එක්කරන්නට වෙහෙසෙමින් අපැහැදිලි ස්වරයෙන් මොනවාදෝ කියනු අප කන්දී සිටියෙමු. ඒ අපැහැදිලි ස්වරවල තිබුණේ

    "මගේ ජීවිතය කෙසේ හෝ බේරාදෙන්න යන්නයි.." දැන් ඔබ දෙසට හැරෙමු.. කවුරු කොහොම මඟහැරියත් ආදරණීය කලාකරුවෙකුගේ හදවත දන්නා ඔබට මේ මොහොත මඟහැරිය නොහැකිය. මේ ඔබේ වාරයයි.

    1(2810).jpg


    IMG_20160104_202544.jpg



    source
     
    • Like
    Reactions: mage diviya