කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.
මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…
මරණ සතිය
මේ ලැබුවාවූ උතුම් මිනිස් ආත්මය කෙනෙක්ට තුන්ලොකයටම අග්‍ර බුදුරජානන්වහන්සේ කියන තැනටද
සතරමහා අපායේ දුක්විදින නිරිසතෙක් කියන තැනටද අරන් යන්න පුළුවන්
මේ උතුම් මිනිස් ආත්මයක් ලබල කෙනෙක් නිකන් ඔහේ කාල බිල මැරිලා යනවා කියන්නේ මනුෂත්වයට කරන නින්දාවක් ලෙසයි මම දකින්නේ .එනිසා අපි හැමවිටම දක්ෂවිය යුතුයි
මේ මිනිස් ආත්මය එක අඩියක් හෝ ඔසවා තබාගන්න මැරෙන්න කලින්
බුදුරජානන්වහන්සේ දේශනා කරනවා අපි පින් කළා කියල සුගතියෙවත්
පව් කළා කියල දුගතියෙවත් යනවා කියල
බුදුරජන්වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ කියල
උපාදනයයි භවය සකස් කරන්නේ..අපි මැරෙන මොහොතේ ඇතිවන අවසාන චුති චිත්තය තමා උපාදානය කරන්නේ ඊලග භවය සකස්වෙන්න
ඒ නිසා හැම මොහොතේම මරණ සතිය තුලින් කෙලෙස් තුනී කරගෙන මරණයට ගැලපෙන සිතක් සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ






