ඔබ සූදානම් ද?

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.
    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…

    මරණ සතිය

    මේ ලැබුවාවූ උතුම් මිනිස් ආත්මය කෙනෙක්ට තුන්ලොකයටම අග්‍ර බුදුරජානන්වහන්සේ කියන තැනටද
    සතරමහා අපායේ දුක්විදින නිරිසතෙක් කියන තැනටද අරන් යන්න පුළුවන්
    මේ උතුම් මිනිස් ආත්මයක් ලබල කෙනෙක් නිකන් ඔහේ කාල බිල මැරිලා යනවා කියන්නේ මනුෂත්වයට කරන නින්දාවක් ලෙසයි මම දකින්නේ .එනිසා අපි හැමවිටම දක්ෂවිය යුතුයි
    මේ මිනිස් ආත්මය එක අඩියක් හෝ ඔසවා තබාගන්න මැරෙන්න කලින්
    බුදුරජානන්වහන්සේ දේශනා කරනවා අපි පින් කළා කියල සුගතියෙවත්
    පව් කළා කියල දුගතියෙවත් යනවා කියල
    බුදුරජන්වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ කියල
    උපාදනයයි භවය සකස් කරන්නේ..අපි මැරෙන මොහොතේ ඇතිවන අවසාන චුති චිත්තය තමා උපාදානය කරන්නේ ඊලග භවය සකස්වෙන්න
    ඒ නිසා හැම මොහොතේම මරණ සතිය තුලින් කෙලෙස් තුනී කරගෙන මරණයට ගැලපෙන සිතක් සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    උපාදනයයි භවය සකස් කරන්නේ
    ..අපි මැරෙන මොහොතේ ඇතිවන අවසාන චුති චිත්තය තමා උපාදානය කරන්නේ ඊලග භවය සකස්වෙන්න
    ඒ නිසා හැම මොහොතේම මරණ සතිය තුලින් කෙලෙස් තුනී කරගෙන මරණයට ගැලපෙන සිතක් සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ
    :love:
    මෙච්චර කල් ඕක ඇහැව්වා ඒත් දැනුයි ඕක හරියට තේරුනේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ ලැබුවාවූ උතුම් මිනිස් ආත්මය කෙනෙක්ට තුන්ලොකයටම අග්‍ර බුදුරජානන්වහන්සේ කියන තැනටද
    සතරමහා අපායේ දුක්විදින නිරිසතෙක් කියන තැනටද අරන් යන්න පුළුවන්
    මේ උතුම් මිනිස් ආත්මයක් ලබල කෙනෙක් නිකන් ඔහේ කාල බිල මැරිලා යනවා කියන්නේ මනුෂත්වයට කරන නින්දාවක් ලෙසයි මම දකින්නේ .එනිසා අපි හැමවිටම දක්ෂවිය යුතුයි
    මේ මිනිස් ආත්මය එක අඩියක් හෝ ඔසවා තබාගන්න මැරෙන්න කලින්
    බුදුරජානන්වහන්සේ දේශනා කරනවා අපි පින් කළා කියල සුගතියෙවත්
    පව් කළා කියල දුගතියෙවත් යනවා කියල
    බුදුරජන්වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ කියල
    උපාදනයයි භවය සකස් කරන්නේ..අපි මැරෙන මොහොතේ ඇතිවන අවසාන චුති චිත්තය තමා උපාදානය කරන්නේ ඊලග භවය සකස්වෙන්න
    ඒ නිසා හැම මොහොතේම මරණ සතිය තුලින් කෙලෙස් තුනී කරගෙන මරණයට ගැලපෙන සිතක් සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැන්දේ නොබැඳ බැරි නිසා බං. කෙල්ල බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් හිටිය.
    ඒ ඔක්කොම කඩල බිඳල දාන්න බැරි නිසයි බන්දේ බං.
    මේ වගේ පොස්ට් දකිද්දී දුවන්න හිතෙනව බං.
    හදිස්සියේ මළොත් කොයි ලෝකේ යයිද කවුද දන්නෙ?
    ගොඩ එන්න බැරි තැනකට ගියොත් එහෙම :(

    ලබන ආත්මෙ හොඳ තැනක උපදින්න කියල හිතන් පින් කරල තේරුමක් නැහැ බං..

    ඔය කින්කොන් කියල තියෙනව වගේ මැරෙන මොහොතෙ චුති සිත කියල දෙයක් පහළ වෙනවා.. අන්තිම හුස්ම ගද්දි.. අන්න ඒ වෙලාවෙදි උඹ හිතන දේ අනුව තමයි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ, කොහෙද උපදින්නෙ කියලා තීරණය වෙන්නෙ..

    නැතුව උඹ මැරෙනකන් පින් කලත් තේරුමක් නැහැ.. ජීවිත කාලෙන් වැඩි හරියක්ම පින් අතේ වැඩ කරලා.. මැරෙන මොහොතෙදි උඹට උඹ කරපු එකම එක පව්කාර දෙයක් සිහියට ආවොත් ඔක්කොම සුන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ.. ආර්යය අශ්ටාංගික මාර්ගය මොකක්ද කියල විස්තරයක් තියෙනවද කොතන හරි?
    නිවනට ඒකායන මග ආර්යය අෂ්ඨාංගික මාර්ගය බව
    බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා.
    මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ කොහොමද
    කියලා බොහෝ දෙනෙක් තුල කුකුසක් තියෙන බව
    පෙනෙනවා..අද වගේ කාලෙක රැකිරක්ෂා කරමින්
    දරුපවුල් රකිමින් කොහොමද ආර්යය අෂ්ඨාංගික මාර්ගය
    වඩන්නෙ නැත්නම් කොහොමදආර්යය අෂ්ඨාංගික මාර්ගය‍ට
    ඇතුලු වෙන්නෙ කියලා..
    පළමුවෙන් කියන්න ඕනෙ ආර්යය ශ්‍රාවකයො අටදෙනා ගැන.
    සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ...සකදාගාමී මාර්ගයේ
    යන....සකදාගාමී වූ...අනාගාමී මාරගයේ යන..අනාගාමී වූ
    අරහත් මාරගයේ යන..අරහත් වූ..
    මෙන්න මේ උතුම් පුද්ගලයො අට දෙනා තමයි ආර්යය ශ්‍රාවකයො
    වෙන්නෙ..අපි දැන් කතාකරන්න යන්නේ මේ අට දෙනාගෙන්
    "සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ." යන පුද්ගලයො දෙදෙනා
    සහ ආර්යය අෂ්ඨාංගික මාර්ගය ගැන.
    බුද්ධ ශාසනයේ සෝවාන් වූ අය අතරින්අපි වඩාත් අහලා තියෙන්නේ
    විශාඛා උපාසිකාව සහ අනේ පිඩුසිටුතුමා ගැන..
    විශාඛාව සොවාන් උනේ වයස අවුරුදු දහයෙදි බවයි සඳහන් වෙන්නෙ.
    එතුමිය විවාහකයි..දරුවො විශාල පිරිසක් ලැබුවා.
    එතුමියගෙ විවාහය කඩාකප්පල් උනාද??දරුවො අතරමං උනාද??
    සැමියා දාලා ගියාද??
    නැහැ..එතුමියගෙ රූපය වගේම ජීවිතයත් බැබලුනා..ලෞකික
    ජීවිතයේ කාමසැප සියල්ලම හොඳාකාරව වින්දා..සතුටින් හිටියා.
    දැන් ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??
    අනේ පිඩු සිටුතුමා කියන්නෙ ව්‍යාපාරිකයෙක්..හොඳට මුදල්
    අතගාපු කෙනෙක්..තන්හාව නැද්ද...පොලියට මුදල් කලේ
    නැද්ද?? එයාත් සොවාන් කෙනෙක්
    ඔහු ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??
    මස් වැද්දෙක් සමග රහසේ පලා ගිය සෝවාන් සිටු දියණියක්
    ගැන අහලා තියෙනවනෙ...ඇය තමයි මස් වැද්දට උදේ
    දඩයමේ යන්න අවශය දුනු ඊතල මිටිය සූදානම් කරන්නෙ
    එයාගෙ අතින් තමයි මස් වැද්දා ගෙනඑන මස් උයන්නෙ
    පිහන්නෙ..
    ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??
    අද දවසේ ධර්මය පටලවා ගත් අය යම් යම් ආයතන වලට
    ගොස් යම් යම් ප්‍රසිද්ධ යතිවරයන් උපාදානයෙන් අල්ලාගෙන
    ධර්මය සහ ආයතනය පිලිබඳව තන්හා දිට්ඨි මාන ඇතිකරගෙන
    රහතන් වහන්සේලා ගමන් ගත් මගට මුලින්ම ඇතුලුවන්නට
    නිෂ්ඵල උත්සාහයක යෙදෙනවා. ඒක ඒ යතිවරයන්ගේ හෝ
    ආයතනවල වරද නොව එවන් තැන් උපාදාන කරගත්
    අයගේ දිට්ඨි මාන තන්හා වල වරදය.
    පෘතග්ජන තත්වයේ සිටින යම් කෙනෙක් ඇත්නම් එයා මුලින්ම
    කරන්න ඕනෙ සෝවාන් මාර්ගයේ ගමන් කරලා තම දෘෂ්ඨිය
    පිරිසිදු කරගෙන සෝතාපන්න භාවයටපත්ව ක්‍රමයෙන් ඉහළ
    මාර්ගඵල වලට ගමන් කිරීමයි..බුදුරජාණන් වහන්සේ දේශනා කලේ
    මෙය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන මාර්ගයක් කියායි..
    එක්වරම දරුපවුල් ගැන කළකිරිලා ඒවා අතහැරලා පිස්සුවෙන්
    වගේ ජීවිත කඩාකප්පල් කරගෙන යන මාර්ගයක් නෙවෙයි.

    ආර්යය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙ දසඅකුසල් අතහැරීමයි.
    දසකුසල් වඩන කෙනා ආර්යය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා.
    දසඅකුසල් එකවර අතහරින්න බැහැ. ඒක විශාල වැඩපිළිවෙලක්.
    ඒ දේ කරගන්නෙ නැතිව එකපාරටම ගොඩ ඉඳන් මුහුදේ ගැඹුරුම
    දියඹට පනිනවා වගේ කරන්න බැරි දෙයකට අතගැසීම
    හැමටම හිතසුව පිණිස නෙවෙන දෙයක්..
    ශ්‍රද්ධාව වඩමින්..ශීලයද...ශීලය වඩමින් සමාධියද..සමාධිය
    වඩමින් ප්‍රඥාවද කරා ක්‍රමයෙන් ලගාවිය යුතුය...

    http://colombage-jayantha.blogspot.com/2010/10/blog-post_17.html
     
    උඹත් දන්නව නේද යමක් කමක් :D
    ඒත් පිං කරලා වැඩක් නැත්තෙ නැහැ බං. ඒ උනත් පිං විතරක්ම කරල තේරුමක් නැහැ :no:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචෝ.. ආර්යය අශ්ටාංගික මාර්ගය මොකක්ද කියල විස්තරයක් තියෙනවද කොතන හරි?

    මම දාපු ත්‍රෙඩ් එකක් තියනවා මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1714285

    මේ ධර්ම දේශනාවත් අහන්න

    වටිනව බං....
    මට මේ කියන නිවැරදි දැකීම (සම්මා දිට්ටිය) කියන එක හරියට තේරෙන්නේ නැහැ :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් දන්නව නේද යමක් කමක් :D
    ඒත් පිං කරලා වැඩක් නැත්තෙ නැහැ බං. ඒ උනත් පිං විතරක්ම කරල තේරුමක් නැහැ :no:
    යන්තමින් දන්නවා..:yes:
    පින් කරලම තේරුමක් නෑ කියල තෝ දැන දැනම පව් කරන්න එපා ඉතිං..:rofl:

    වටිනව බං....
    මට මේ කියන නිවැරදි දැකීම (සම්මා දිට්ටිය) කියන එක හරියට තේරෙන්නේ නැහැ :no:
    ඇයි යකෝ ඒ බ්ලොග් එකේම තියෙන්නෙ.. මම ඔය බුක්මාක් දාගෙන ඉන්න බ්ලොග්..:yes:

    http://colombage-jayantha.blogspot.com/2009/05/blog-post_10.html
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යන්තමින් දන්නවා..:yes:
    පින් කරලම තේරුමක් නෑ කියල තෝ දැන දැනම පව් කරන්න එපා ඉතිං..:rofl:

    පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:

    පිනෙන් නෙමෙයි මචන් උපත සකස් කරන්නේ .. උපත සකස් කරන්නේ උපාදානයෙන්
    ඒ ලැබුවා වූ භවය තුල සැපය කියන කාරණය සකස් කරන්නේ පින :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:

    පින් කරල දිව්‍ය තලයක ඉපදුනත් ඒ පින ගෙවිල ආය සතර අපායට වැටෙන්න පුලුවන්..දිව්‍ය සැපත් ගෙවිල අනිත්‍ය වෙනව කියල දකින කෙනා මාර්ගපල ලාභී දෙවියෙක් වෙනව ඕක තමා පින් කරන ගමන් බන භාවනා කරල සසර දුකින් මිදෙන්න කියන්නෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිනෙන් නෙමෙයි මචන් උපත සකස් කරන්නේ .. උපත සකස් කරන්නේ උපාදානයෙන්
    ඒ ලැබුවා වූ භවය තුල සැපය කියන කාරණය සකස් කරන්නේ පින :yes:
    උයා හරි :yes:
    මටයි පැටලුනේ. මට කියන්න ඕන උනේ යහපත් උපතකට යනවා කියන එකයි.
    මේ අර දේශනාවේ තියෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිද? :sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පින් කරල දිව්‍ය තලයක ඉපදුනත් ඒ පින ගෙවිල ආය සතර අපායට වැටෙන්න පුලුවන්..දිව්‍ය සැපත් ගෙවිල අනිත්‍ය වෙනව කියල දකින කෙනා මාර්ගපල ලාභී දෙවියෙක් වෙනව ඕක තමා පින් කරන ගමන් බන භාවනා කරල සසර දුකින් මිදෙන්න කියන්නෙ.
    :yes:
    බුදු හාමුදුරුවෝ පාරේ යන කඩි රැලක් දැකල කියල තියෙනවා මෙතන ඉන්න හැම කඩියම සක්විති රජ වෙලා ඉඳල තියෙනවලු. :sorry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උයා හරි :yes:
    මටයි පැටලුනේ. මට කියන්න ඕන උනේ යහපත් උපතකට යනවා කියන එකයි.
    මේ අර දේශනාවේ තියෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිද? :sorry:

    එකේ මොකක් හරි ගැටළු සහගත තත්වයක් තිබ්බද මචන් ?
    එක අපැහැදිලියි වගේ නම් මේ ලිපිය බලන්න
    ආර්ය-අෂ්ඨාංගික-මාර්ගය
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකේ මොකක් හරි ගැටළු සහගත තත්වයක් තිබ්බද මචන් ?
    එක අපැහැදිලියි වගේ නම් මේ ලිපිය බලන්න
    ආර්ය-අෂ්ඨාංගික-මාර්ගය
    අන්න ඒ ලිපිය ශෝක් මචෝ.
    ඒ ලිපියේ තියෙන දෙයි අර දේශනාවේ තියෙන දෙයි වෙනස් කියල තේරෙනවද?
    මට පොඩි වෙනසක් තේරෙනවා එහෙම. ඒත් මට හිතෙන විදිහ හරිද වැරදිද දන්නෙ නැහැ :no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සත්වයන් මැරෙන්නේ නෑ. සත්වයන් අමරණියයි, මැරෙන්නේ ඒ ඒ ලෝකයේ පැවතීමට අවශ්‍යය කරන සත්වයාගේ වාහනයයි. මනුෂ්‍යය ලෝකය ගත්තම, මනුෂ්‍යය ලෝකයේ සත්වයාට පැවතීමට අවශ්‍යයකරන වාහනය තමයි මිනිස් ශරීරය, ඒක මිය ගියාම අදාළ සත්වයා වෙන භවයකට යනවා. ප්‍රේත භවයකට යන්න පුලුවන්, තිරිසන් භවයකට යන්න පුලුවන්, දිව්‍යය භවයකට යන්න පුලුවන්, බ්‍රහ්ම භවයකට යන්න පුලුවන්. මේ වගේ භවයෙන් භවය යනවා.
    පුනර්භවය කියන්නේ ඒකටයි. පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙනවා නම් කලින් භව ඔක්කොම අපිට දකින්න පුලුවන් මේ නිසයි. සත්වයන් අමරණියයි.