ඔයාගෙ සතුට අනුන්ද පාලනය කරන්නේ??
"The Greatest prison people live in is the fear of what other people think "
සතුටින් ඉන්න විදිහක්
කුඩා කරුණක් තේරුම් ගතහොත් දිනකින් වැඩි කාලයක් සතුටින් සිටිය හැකි බව සිතමි. ඒ පිලිබඳව ඔබවත් දැනුවත් කිරීමට මේ පෝස්ට් එක. මීට කලින් මේ හා සමාන දෙයක් එනම් තමන්ගේ සතුටේ පාලනය අනුන්ට භාරදීම නිසා දුක් වන අය ගැන පෝස්ට් එකක් ලීවා. ඒක කියවල නැත්නම් ඒකත් මෙතනින් කියවන්න. ඔබට ඒකත් ජීවිතේ දුක අඩුකරගන්න ඒක ප්‍රයෝජනවත් වේවි.
අද කියන්න අදහස් කරන දේනම් තමන්ට අන් අය සිතනදේ ගැන දැනගැනීමට කිසිම හැකියාවක් නැති බව තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් බවයි. ඒ කියන්නේ අනික් අය අපි කරන, කියන, අඳින දේවල් ගැන මෙහෙම හිතනවා ඇති කියලා අපි කරන උපකල්පනය බොහෝ විට වැරදි බවයි. මේක තේරුම් ගැනීම වැදගත් වන්නේ අපි හැමදාම කරන කටයුතු වලින් බොහොමයක් කරන්නේ මම 'මේ දේ මෙහෙම කලොත් මේ කෙනා මෙහෙම හිතාවි' කියල උපකල්පනයකින් නිසා. එකඟ වෙන්නෙ නැත්ද?
උදාහරණ කිහිපයක් අරන් බලමු. කෙනෙක් ලස්සන සාරියක් ඇඳගෙන යනවා අනික් අය මේක ලස්සනයි කියල හිතයි, ඒ අයට මට හොඳ ඩ්‍රස් සෙන්ස් එකක් තියෙනවා කියල හිතයි වගේ දේවල් හිතාගෙන. එතකොට ඇත්තටම ඒ අය හිතනවා ඇත්තේ මොකද්ද? සමහර දෙනෙක්ට ඔබ ඇඳගෙන ගිය සාරියේ පාටවත් මතක නැතුව ඇති. අනික් අය ඒ අයගේ සාරිය ගැන හිතනවා ඇති. සමහර විට ඔබ අල්ලපු ගෙදර සිටින ගැහැණියට හෝ නෑදෑ කෙනෙකුට පේන්න සමහර දේවල් කරන කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම කරන්නේ ආ දැන් එයා හිතයි මටත් අලුත් පුටු සෙට් එකක් තියෙනවා කියලා වගේ දේවල් නිසා වෙන්න පුළුවන්.
තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. තරුණ පිරිමි කෙනෙකුයි තරුණ ගැහැණු කෙනෙකුයි එකිනෙකාට මුහුණලා ඇවිදගෙන එනව කියල හිතන්න. තරුණයා හිතනවා මගේ කොණ්ඩෙ අවුල් වෙලාද දන්නෙ නැහැ, මේ ලස්සන කෙල්ල මගේ කොණ්ඩෙ ගැන, මගේ ශර්ට් එක ගැන මොනව හිතයිද දන්නෙ නැහැ කියලා. එතකොට කෙල්ල මොනවද හිතනවා ඇත්තේ ? එයා ගොඩක් වෙලාවට හිතන්නේ එයාගෙ කොණ්ඩෙ ගැනයි එයාගෙ බ්ලවුස් එක ගැනයි කොල්ල මොනව හිතන්ව ඇත්ද කියල. තවත් කෙනෙක් බොස් ලඟින් යනකොට බරටම වැඩ කියල පෙන්නන්න මූණ ඔබාගෙන වැඩකරන්න පුළුවන්. බොහෝ වෙලාවට එයා බොස් හිතන්නෙ සම්පූර්ණයෙන් වෙනස් දෙයක් ගැන වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. පිළිගන්නවාද අපි ඒ වගේ අනික් අය යම් දෙයක් හිතයි කියල හිතාගෙන කරන වැඩ තියෙනවා කියලා?
තව උදාහරණයක් ගමු. අපි හිතමු ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් (අර හොඳට උයන්න පුළුවන් ඒ උනාට බයිට් හොඳ නෑ කිව්වම මල පනින ගෘහ නිර්මාණ ශිල්පියෙක් හිතට ගන්නකෝ) අළුත්ම මාදිලියේ රේන්ජ් රෝවර් ඩිස්කවරි එකක් මාදින්නාගොඩ පාරේ එලවගෙන යනව කියල. සාමාන්‍යයෙන් මේවගේ වාහනයක් ලක්ශ 200 ක් විතර වටිනවා. එතකොට එයාට හිතෙන්න පුළුවන් එයා එම වාහනයේ යනකොට දකින අය 'අහ් අර මහත්තය ඉහල චෙයාමන් වගේ තානාන්තරයක් දරණ කෙනෙක්' කියල හිතයි කියලා. ඒ වුනාට පාරෙදී එම වාහනය දකින කෙනෙක් එහෙම හිතනවද කියල අපි දන්නෙ නැහැ. ඒක දකින එක කෙනෙක් එයාගෙ ගෙදර ප්‍රශ්ණයක් හිත හිතා යනව වෙන්න පුලුවන්. තව කෙනෙක් හදන්න භාරගත්ත මැශිමක් ගැන හිත හිතහිතා යනව වෙන්න පුලුවන්. තව කවුරුහරි කෙට්ටු කන්නාඩි දාන කෙනෙක් පරක්කු වෙච්ච බ්‍රා ඕඩරේ ගැන හිත හිතා යනව ඇති. ඒ එක්කෙනෙක්වත් අර ගෘහ නිර්මාණ ශිල්පියා හිතනවයි කියල හිතපු දේ නෙමෙයි හිතන්නේ.
අපි කවුරුවත් මේ දේවල් කරන්නෙ මෙහෙම හිතාගෙන කියල මම කියන්නෙ නැහැ. ඒ වුනාට අපි ජීවත් වෙන නගරයේ ඉන්නේ ඔක්කොම අන්ධ මිනිස්සු නම් අපි ගොඩක් වටිනා වාහන පාවිච්චි කරයිද කියල හිතුවොත් පොඩ්ඩක් විතර තේරෙයි. එතකොට හිතන්න ඕන අපි බොහොම මහන්සියෙන් ගොඩක් වියදම් කරල කරන දේවල් කරන්නේ වෙන අය අපි ඒ අය හිතනවා යැයි හිතන දෙයක් හිතනවා යන උපකල්පනය මත බව.
මේ කරුණ තේරුම් ගත්තොත් ජීවත් වෙන්න ලේසි වෙනවා. සාරියක් අඳිනකොට අනේ මේ සාරිය ගිය සුමානෙත් ඇන්ද නිසා කට්ටිය මට වෙන සාරි නැහැ කියල හිතයි වගේ සිතිවිලි වලින් වෙන මානසික කරදරය නැති කරගන්න පුළුවන්. අපි අනික් අය හිතනවයි කියල හිතන දේ නෙමෙයි ඒගොල්ලන් හිතන්නෙ කියන එක හොඳට තේරිලා ටික කලක් යනකොට බොහොම සැහැල්ලුවක් දැනෙයි. සමහර විට වියදම් වුනත් අඩුවෙයි.
නීතිමය දැනුම්දීම - මෙහි එන චරිත හුදෙක් මනක්කල්පිත ඒවා බවත් ජීවත්වන හෝ ජීවත් වූ කෙනෙකුට සමානකම වෙත්නම් එය හුදෙක් අහඹු සිදුවීමක් බවත් සලකන්න.
--- taken from internet---

if you like this pls give me reputation 

Previous post- වේදනාවෙන් ශක්තිමත් වන්න
- http://www.elakiri.com/forum/showthread.php?t=1899790

Last edited: