ඔයාලටත් වහිනවද?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔයාලටත් වහිනවද?

    අපිට නම් හොඳට ම වැස්සා. මුළු වත්ත ම යට වෙලා ගෙටත් වතුර දැම්මා.
    ඒත් ගෙට වතුර දාපු එක ගොඩක් අඩු කර ගන්න අපිට පුලුවන් උනා පොඩි වැඩක් කරපු නිසා

    ඔයාලටත් ගංවතුර අවදානමක් තියෙනව නම් කරලා බලන්න:

    1-1.jpg


    2-1.jpg


    3-1.jpg


    තෙත රෙදි යටින් තියලා උඩින් ලෑලි තියලා තද කරන්න.
    ලෑලි දොරේ පළලටම ගන්න. දෙපැත්තට තද වෙලා හිටින විදියට.
    ඊට පස්සෙ වතුර එන්නෙම නැති තරම්. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි! :)

    (කලින් සැරේ ගංවතුරට නම් ලෑලි වලට රබර් කාපට් තියලා ඇණ ගැහුවා. ඒ ගහපු රබර් කෑලි තමා ඔය පින්තූර වල දෙපැත්තෙන් පේන්නෙ. ඒකත් හොඳයි ඒත් උළුවස්සට ඇණ ගහන එක අපරාදෙ නෙ!)
    විහිළුවක් නෙවි, හොඳේ?

     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියම වැඩක්..
    අපිටනම් කවදාවත් ඔය වගේ වැහැලා නෑ..
    වැස්ස දවසක ගේ ඇතුලට වතුර ආවොත් අනිවා කරන්නම්..
    මතක් කරලා එදාට ඔයාට පිං දෙන්නම්:D:D:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    පාරවල් නම් යටවෙලා තියෙන්නෙ එත් තාම ගෙදරට වතුර දැම්මෙ නැ , වතුර දැම්මොත් ඔය ක්‍රමෙ යොදලා බලන්නම්:D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දෙයියන්ගෙ පිහිටෙන් අපේ ගෙදරට තාම ගංවතුරක් ගලල නෑ ගලන එකකුත් නෑ(අපේ ගෙදරට ගැලුව කියන්නෙ ඉතින් ‍මේපාරෙ කොනේම තියෙන ගෙදර වහලෙත් යට වෙනව කියන එක )