මෙතන ලොකු ප්රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දී, වචන වලින් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා.. කියලා තියෙනවා ඔබ. ඇත්තම කතාව නම්, බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දි එන සතුට,ඔබ ඉන්න ස්ථානය අනුව වෙනස් වෙන්න බැහැ. ඒ කියන්නේ,ගෙදර හිටියත්, ආරාමයක හිටියත්, ඇතිවෙච්ච සතුට වෙනස් වෙන්න බැහැ. ඒවගෙමයි දුකත්. එහෙම තැනින් තැනට සතුට වෙනස් වෙනවනම්, ඒ සතුට,සැපය සැබෑ "සතුටක්,සැපයක්" නොවේ. ප්රවේසම් වෙන්න.මනසේ මායාවට හසු වෙන්න එපා. යතාර්තය නම්, අපි සැප කියල කියන්නේ, "දුකේ අඩු බවට."යම් දෙයක ,තැනක දුක අප්රකටනම්, අපි සැප කියලා ගන්නවා. අපි ඒකට කැමති වෙනවා. නමුත් අපි නොදැනුවත්වම කැමති වෙලා තියෙන්නේ දුකටයි. පස්සේ දුක ප්රකට වෙනකොට, ඔන්න හොයනවා,යන්න තැන්. බුදුහාමුදුරුවො නිවන කියලා කිව්වේ ,මේ දුක නැතිව ඉන්න එකටයි. නැතුව මනසේ සතුටවත්, වෙනත් ලෝකයක්වත් ,ශුන්යතාවයවත් නොවෙයි නිවන. සැප කියල වෙනම දෙයක් අපිට හම්බ වෙයි කියල හිතන්නෙන්පා. දුක නැතිව සිටීමයි ,සැපය.