කැම්පස් වල ඉන්න මහාචාර්ය වරු ටික කැදවනවා. ඉන්න ඔක්කොගෙන්ම මඩුල්ලක් හදනවා. සතියක් දෙනවා රටවල් වල ගවර්න් වෙන විදි හොයලා කෙටි කාලින ප්ලෑන් එකක් හදන්න කියල. ඊලග සතියේ රිවිව් කරනවා. එකේ කොපි යවනවා දැනට ඉන්න සහ අස් උන ඒ ඒ ශේෂ්ත්‍ර වල උඩම හිටි අයට . අදහස් යෝජනා ඔක්කොම බලලා මඩුල්ලට කියන ෆිනල් එක හදන්න කියල. මාසයක් යන්න කලින් ඉම්ප්ලිමන්ට් කරනවා. මේක දැන් ටොප් වැඩ්ඩෝ අතට දෙන්න ඕනේ වැඩක්.
දෙක නිතිය පිළිබද ඉන්න වියතුන් ඔක්කොම දාල නිතිය හරියට හදාගන්නවා ඒ අතරේ. කිසිම කෙනෙක්ට පනින්න බැරි වෙන්න. මේක කරන්නේ මට තියන විදායක ජනාධිපති කම නීතියට යටත් කරන්න බලාගෙන. පොලිසිය දානවා කෙලින්ම නිතිය යටතට. එක ස්වාදීන ආයතනයක් ලංකාවේ ඕනෙම තැනක හස්තය දිගු කරන්න පුළුවන් විදිහට
අර උඩ කිව්වා වියත් මඩුල්ලට දෙනවා රටටම එකක් වෙන්න ආර්ථික , සමාජීය , සංවර්ධන නියාම හදන්න. ඒ නියාම වලට අනුව තමා රට පාලනය කරනන් දෙන්නේ. එක බාරව සෙනට් එකක් වගේ එකක් හදනවා පුළුවන් උපරිම ගානක් දාල. එකේ වෙනස් කම් කරන්න නම් සෙනට් එකේ සම්පුර්ණ අනුමැතිය ඕනේ. ඕනේ කෙනෙක්ට එකේ වැරදි අඩු පාඩු පෙන්නලා දීලා වැරදි කියල ඔප්පු උනොත් ඒ නියාය වෙනස් කරන්න පුළුවන් විදිහට හදන්නේ.
අවසාන වශයෙන් රටේ චෙන් ඔෆ් කමාන්ඩ් එකක් හදනවා කන්ට්‍රෝල් එක පැත්තෙන් (පාර්ලිමේන්තු , සෙනට් , ජනපති , අගමැති එකෙක්ට නිතිය ගැන වොරි වෙන්න දෙයක් නැ ). විදායක තිබ්බත් එකයි නැතත් එකයි.
ඊට පස්සේ මම අයින් වෙනවා
