ගුවන් යානයක් පහත් කිරීමට පෙර රෝද එළියට පැමිණෙන්නාක් මෙන් ස්කූටරෙන් කකුල් දෙකක් දෙපැත්තට පැමිණෙනවානං ඊලඟට තද බ්රේක් පාරක් සමග පාර මැද නැවැත්වීමට නියමිත බව පසුපසින් ගමන් ගන්නා වාහනයේ රියදුරා දැනගත යුතුය.
පාරෙදි හමු වූ මිතුරිය සමග කරනා කතාව ඉතා වැදගත් බැවින් පාරේ ගමන්ගන්නා අනෙක් රියදුරන් එම කතාව නිම කර ඉඩ දෙන තුරු රැඳී සිටිය යුතුය.
දකුනට සිග්නල් දමා, හැරවීමට ප්රථමව වමේ අයිනෙන් නවතා පසුපසින් වාහන එනවාදැයි බැලීම නිවැරදි ක්රමය වන අතර ස්කූටරයේ දෙපස ඇති කණ්නාඩි මුහුන බැලීමට ඇති උපකරනයක් පමනක් බව සිහිතබා ගතයුතුය.
ඉදිරිපසින් සිටගෙන සිටින ළමයාගේ ආරක්ෂාව පසුපසින් සහ ඉදිරියෙන් ගමන් ගන්නා රියදුරන්ගේ වගකීමක්ම වන්නේය.
ධාවනය කරන අතරතුර දෑත දෙපසට වැනීම සිග්නල් දැමීමක් නොවන අතර දුරකථනයේ රැඳීසිටින්නාට හෝ පසුපස ආසනයේ ගමන් කරන්නාට කරන බැනීමක් පමනක් බව සිහිතබාගන්න.