ඔලුවෙ කැක්කුම නවතින්නෙම නැද්ද?

Apr 26, 2017
871
103
0
Earth
ඔලුවෙ කැක්කුම නවතින්නෙම නැද්ද?

දැන් මාස 2හ මාරකට උඩින් මට එක පාරටම ඔළුවෙ කැක්කුමක් ආව. මට සාමාන්‍යයෙන් එහෙ හැදෙන්නෙ නෑ.

ටික දවසක් පැනඩෝල් බීල හිටිය හරි යන්නෙ ම නැති නිසා නෑදෑ වෙන MBBS දොස්තර මහත්තෙක් ගෙන් බෙහෙත් ගත්ත. බ්ව්ව හරි ගියේ නෑ.

ඒ පාර ගමේ Specialist(community medicine) කෙනෙක් ගෙන් ගත්ත එයා කිව්වෙත් සෙම තමා හොඳට හුමාලෙ අල්ලන්න කියල. මාත් පණ දාගෙන හුමාලෙ ඇල්ලුව. බේතුත් බිව්ව. මේ වෙනකොට ඉන්නම බෑ උදේ පාන්දර නැගිටින්නෙ නළල රත් වෙලා පට්ට කැක්කුමක්. දවල් ට පොඩ්ඩක් අඩුයි. ආයෙ හවස ඉඳන් පැලෙන්න වගේ.

මම පැය 4න් 4ට වගේ Panadene බීල... සෙම්ගෙඩි වල බාම් ගාගෙන තමා ඔලුව උස්සන් හිටියෙ.

මේ අතර ටවුමෙ Specialist physician කෙනෙක්ට පෙන්නුව. එයා රිපෝට් ගන්න කිවුව ගත්ත. දවස් 3ක් ගියා. අන්තිමට එයා කිව්වෙ මට සෙමත් නෑ මේක කායික ලෙඩක් නෙවේ මානසික ලෙඩක් වෙන්න පුළුවන් කියල. :baffled:

මට පිස්සු නෑ කියල 80% :rofl: ෂුවර් නිසා මම ආයේ ENT Surgeon කෙනෙක් ට පෙන්නුව. එයා ඔලුවෙ Xray එකක් ගත්ත අරන් කිව්ව සෙම නම් පොඩ්ඩයි තියෙන්නෙ බය වෙන්න එපා කියල පිටට තට්ටුවකුත් දාල නහේට දාලා උරන්න බේතකුත් දුන්න.

හරි ගියේම නෑ. මොන මගුලක් ද කියල මම ආයෙ බෙහෙත් ගන්න ගියේ නෑ. මේ වෙනකොට ඉසේ කැක්කුමට මාස එකහමාරක් වගේ.

දවසක් උදේ නැගිටල මම නිකමට කටට ඇඟිල්ල දාල හිරවෙච්ච කුණු කෑල්ලක් සුද්ධ කරද්දි උඩු හක්කෙ විදුරුමහ අතගාල බැලුව. මෙන්න යකෝ හක්ක කොනේම විදුරුමහ ට යටින් උලක් වගේ අහුවෙනව :baffled: තව පොඩ්ඩක් ඔබල බලද්දි සම්පූර්ණ වැඩුණු දතක් බව තේරුණා. දතක යට තියෙන බොක්ක පවා අහුවුණා. එතකොට මගේ ටිකිරි මොළේ ට මතක් වුණා මම මේක හැදිච්ච දවස් වල නෙට් එකේ හේතු හොයනකොට දත්වල අමාරුත් හේතුවක් වෙන්න පුළුවන් කියපු එක.

මම ඒ ගැන ගණන් නොගත්තෙ උඹල දන්නව ඇති Wisdom teeth එනකොට මාර විදියට දත් කැක්කුම හැදෙනවා. මගේ යටි හක්කෙ wisdom teeth 2ම අයින් කරල තියෙන්නෙ. ඉතින් මම දතක කේස් එකක් කියල හිතුවෙ නෑ.

දුවල ගියා ගමේ දත් දොස්තර ගාවට. එයා xray එකක් අරන් operate දත ගැලෙව්ව. තඩි සයිස් දතක්. විදුරුමහ අස්සෙ හැදිල ඒක infect වෙලා.

දැන් ඔලුවෙ කැක්කුම නිට්ටාවට ම හොඳයි. :love:

මේක මම කියන්නෙ... ඔයාලගෙත් සනීප වෙන්නෙ නැති ඔලුවෙ කැක්කුමි තියන අයගෙ (ඔය migraine කියල දිනපතා බේත් බොන) පොඩ්ඩක් දත් සැට් එකත් චෙක් කරවල බලන්න.

අනික ලොඩක් හැදුණාම නෙට් එකේ symptoms , medicine side effects check කලා කියල වරදක් වෙන්නෙ නෑ. හැබැයි ඒ මත්තෙ නහින්න යන්න එපා හිතුමතේට බේත් අරන් බොන්න එපා. නිකන් ඉන්න ගමන් සරීර කූඩුවත් අතපත ගාල බලන්න (හැංගිච්ච දත්, ගැටිති අනම් මනම් අහුවෙන්නත් පළුවන්)

"Can Wisdom Teeth Cause Sinus Problems?

Once again, the answer is yes: wisdom teeth can cause sinus issues, though this does not happen frequently. Sinus problems caused by wisdom teeth can range from pressure in the sinuses to headaches to stuffiness.

The issue occurs when the teeth grow in on the upper jaw. They are located far back in the mouth, just below the sinuses. As the teeth grow and roots develop, they can push against the sinuses located right above and behind. This can produce pressure in the sinuses, producing the sinus headaches and even stuffiness often associated with wisdom teeth."

 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන් විස්තර කරල දැම්මට.:yes::yes:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    One of my batch-mate in university (a lady) got menses problem due to this wisdom teeth. Her wisdom teeth has blocked a nerve and she got menses every other week. it was difficult to find and she had lot of problems due to that (low blood count etc..etc... )

    when the wisdom tooth was removed she cured.