බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

Ramiru7

Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා ඉන්න බෑ දකුණු අත රිදෙනව. නැගිටල ඉද්දි උඩ බැලුවොත් විතරයි අතයි උරහිසයි රිදුනෙ. ඒත් දැන් කොහොම හිටියත් රිදෙනව. ඉන්න බැහැ. අතේ ඇගිලිත් ලාවට හිරි වැටෙන ගතියක් තියෙනව. මේකට මොකක්ද කරන්නෙ ? MRI Scan ගන්න සල්ලි නෑ. Xray එකක් ගත්ත. රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද? කොහොමද කරන්නෙ කියල තේරෙන්නේ නෑ යාලුවනේ. ආයෙත් 24 වෙනිදා ඒ ඩොක්ටර් එනව. ඒදාට යන්න හිතන් ඉන්නෙ. Xray එක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා ලොකු දෙයක් කිව්වෙ නෑ. අර ඩොක්ටර්ට
    පෙන්නන්න කියල ඒ වෙනකම් බොන්න බෙහෙත් දුන්න. අර ඩොක්ටර් මේක ලොකුවට ගනන් ගන්නෙ නැහැ. ආයෙත් සති ගානක් බොන්න බෙහෙත් දීල එවයිද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,253
    7,534
    113
    NHS එකේ කරන්න පුළුවන් දැන් MRI.

    කොහෙද ඔයා ඩොක්ටර් චැනල් කරේ? ප්‍රයිවෙට්ද? එහෙනං NHS බැහැ.

    ගවමන්ට් හොස්පිටල් එකකට යන්න. එතනින් රිෆර් කරයි NHS එකට.

    රිප්ලයි එකක් දාන්න මේකට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,400
    45,627

    මම දන්න එකෙක්ට ඕක සීන් එක හැදුනා ලඟදි. ඕකට හේතුව disc එකක් දෙකක් එහෙට මෙහෙට වෙච්ච එක. උඹ මොනාහරි ගොන් වැඩක් කරන්න ගියාද?

    යාලුවානම් MRI එකක් කලා, 30ක්ද කොහෙඩ ගියා කිව්ව. බෙහෙත් වලට නම් දෙන්නෙ muscle relaxants. දීර්ග කාලිනව physio therapy කරන්න වෙයි. ඌට නම් අඩු උනා, උඹට අඩු වෙයි බය වෙන්න එපා.

    ඉක්මනට පෙන්නපන්, වැරදි ඉරියව් තියෙනවානම් හදාගනින්. බෙල්ලට වැරදි විදියට බර දාන එක තමා ලොකුම අවුල.
     
    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    32
    10
    8
    Matath awa machan,wam athe tap ekak wath arinna bari wena ganata .mama Gampah machn kotta nathuwa nidaganna kiwwa beheth dunna masekata dannam hodatama adui.Dr. DARSHANA WIJEGUNASINGHE ,porath wadiya mukuth ahawwe na seen eka kiwwa gaman beheth liwwa
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    557
    598
    93
    Hypertext Transfer Protocol
    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා ඉන්න බෑ දකුණු අත රිදෙනව. නැගිටල ඉද්දි උඩ බැලුවොත් විතරයි අතයි උරහිසයි රිදුනෙ. ඒත් දැන් කොහොම හිටියත් රිදෙනව. ඉන්න බැහැ. අතේ ඇගිලිත් ලාවට හිරි වැටෙන ගතියක් තියෙනව. මේකට මොකක්ද කරන්නෙ ? MRI Scan ගන්න සල්ලි නෑ. Xray එකක් ගත්ත. රජයේ රෝහල් වල MRI Scan ගන්න පුළුවන් ද? කොහොමද කරන්නෙ කියල තේරෙන්නේ නෑ යාලුවනේ. ආයෙත් 24 වෙනිදා ඒ ඩොක්ටර් එනව. ඒදාට යන්න හිතන් ඉන්නෙ. Xray එක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා ලොකු දෙයක් කිව්වෙ නෑ. අර ඩොක්ටර්ට
    පෙන්නන්න කියල ඒ වෙනකම් බොන්න බෙහෙත් දුන්න. අර ඩොක්ටර් මේක ලොකුවට ගනන් ගන්නෙ නැහැ. ආයෙත් සති ගානක් බොන්න බෙහෙත් දීල එවයිද?
    ohoma thamai bn oya yakku, mata mathaka vidiyata uba 20ta aduine wayasa. me yakku ape wayas vala ekek giyama ledak na kiyala un marenna hadanawa. Unta therenne na dan issara vage newe kaale venas, eka eka awul nisa physical leda adu vayasenma enna puluwan kiyala. Mona unath digatama palayan, gihin banum ahanna hari thiyena amaru tika kiyapan. Vishesha vadak nattn gihin admit veyan hodatama amarui kiyala. Insurance ekk thiyenawanm thawath lesiy semi hospital ekakata giyanm. Privatenm recommend karanna ba gaana kapanna balanne, oya wage ekk diagnose karana ekath amarui, mokadda kothanada kiyala hariyatama. Test ekak thiyenawa NCS, nerve conductive study kiyala. Eeka karagaththoth nerve compression ahuwenawa. Prcing privatenm 5k-6k vage.
    Gov hospital ekaka neurology clinic ekakata plyn. Uba danatamath mokk hari ekakata yanwanm eeken ubawa case eka neuro kiyala therunama ethanata refer karai.
    Baya venna epa, ooka hadaganna puluwn. Digatama follow up karanna amathaka nokara. Pain meds ganna purudu venna epa lokuvata. Rest eka, Posture eka hariyata thiyaganna eka aniwaren karanna. Phone paavichchi karanna epa bella nawagena, lap, ekak desktop ekak use karanawanm mokak hari ekak udin thiyala use karapn as mattamata enna. Eeth godak vela epa. NIdaganiddi uda athata eka kottayak vitharak thiyala nidaganin.
    Oowa tikak kaalayak karanakota niknma hariyannath ida thiyanawa. Namuth amaruwa adu vunath digatama follow up karanna.

    Good luck

    wadagathma de internet eke symptoms search karala baya vennanm epa bn. awreness ekata awulk na, eeth ape oluwa worst dewal valtamane yanne. eeka nisa avoid karanna puluwn tharam
    ------ Post added on Dec 22, 2024 at 10:04 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,837
    28,123
    113
    බහුතරයක් ස්පෙශලිස්ට් පක්කු ඔහොම්මයි බං. පැයකට ලෙඩ්ඩු 15ක් විතර බලනවා. ඉදගන්නකොට බෙහෙත් ලියලා ඉවරයි. කැරිම හදිස්සියක් තියෙන්නෙ. අපේ රෝග ලක්ෂණ ටිකක් විනාඩියක් විතර අරන් කියන්න ගියත් පට්ට අමාරුවෙන් ඒ ටික අහගෙන ඉන්නෙ. උන් පලවෙනි තප්පර 30දි විතර මේක තමයි ලෙඩේ කියලා ඩිසයිඩ් කරලා ඒකට බෙහෙත් ලියන එක කරන්නෙ. උන් ඍශිවරුද බං අපේ රෝග ලක්ෂණ දිවැසින් බලලා බෙහෙත් ලියන්න 😅 මුල ඉදන් ඔක්කොම රෝග ඉතිහාසය අහලා, රෝග ලක්ෂණ අහලා case study එකක් කරලා එපැයි බං හරියටම ලෙඩේ හොයාගෙන බෙහෙතක් ලියන්න? සල්ලි දීලාවත් ඒ ඒ ෆීල්ඩ් වල ස්පෙශලිස්ට් ඩොක්ටර්ලගෙන් හරිහමන් වෛද්‍ය උපදෙසක් ගන්න බැරි ආතල් රටක් 😅 උන්ගෙන් උපදෙසක් ගන්න බැරි උන නිසා බුකියෙ ගෲප් වල හරි ෆෝරම් වල හරි පෝස්ට් දාලා ඇහුවම ඒවගෙ උන් බනිනවා තොපිට පිස්සුද මේවා බුකියෙන්/ෆෝරම් වලින් අහන්නෙ ඩොක්ට කෙනෙක් චැනල් කරපන් කියලා 🤣 වැඩියෙන්ම ඒ ඒ ෆීල්ඩ් වල හොදටම ෆේමස් නම් දරාපු ඩොක්කු තමා ගොඩක් ඔය වගේ ඉදගන්නකොටම බෙහෙත් ලියන්නෙ. පස්සෙ පස්සෙ මම කරන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකට කතා කරලා චැනල් කරන්න කලින් අහනවා මේ සම්බන්ධව ඉන්න ස්පෙශලිස්ට්ලා කවුද කියලා අහලා වැඩිය ජනප්‍රිය නැති සෙනග නැති ටිකක් තරුණ ස්පෙශලිස්ට් ඩොකාලා ගාවට යනවා. උන් නම් දෙයියනේ කියලා හොදට කතාව අහලා බෙහෙත් ලියනවා වෙලා අරං. උනුත් තව අවුරුදු 10ක් විතර ගිහිං ෆීල්ඩ් එකේ වැඩ්ඩා උනාම අර වගේම වෙයි හැබැයි 😅

    මේක ගැන කොල්ලෙක් බුකියෙ පෝස්‍ට් එකක් දාලා තිබ්බා මේක මාර අසාධාරණයි කියලා. පස්සෙ ඩොක්කු සෙට් එකක් ටිපර් වෙලා ඇවිල්ල ඒ පෝස්ට් එක හාලා තිබ්බා එහෙම ෆේමස් ස්පෙශලිස්ට් ඩොක්ටර් කෙනෙක් පේශන්ට් කෙනෙක්ට විනාඩි 15ක් විතර ගන්න ගියොත් ඩොක්ට ෆී එක විතරක් 12000+ ගන්න වෙයි එතකොට ඔය කෑගහන උබලට ඒ ගාන දරාගන්න පුලුවන්ද? පිටරට සෙට්ල් නොවී මෙහෙම හරි එකෙක්ට විනාඩි 2ක් හරි අරං බෙහෙත් දෙන එකට උබලා ඒ උත්තමයන්ට පරම්පරා පිටින් පින් දෙන්න ඕන ගගා 😅 ඔන්න ඔය පොන්න attitude හින්දා තමා බහුතරයක් ඩොක්කු පේන්න බැරි මටනම්. රටේ බදු සල්ලි වලින් පිනට ඉගෙනගෙන තැනකට ආව ගමන් රටේ මිනිස්සුන්ව බල්ලො බලල්ලු ගානට දාලා උන් දෙයියො TM ලෙවල් එකට දාලා කතාකරන්නෙ.
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18

    ඒ කියුවෙ? ඔයා ගමකද ඉන්නෙ? එහෙනම් හොස්පිටල් එකට යන එක හොදයි. එයාලා ටෙස්ට් කරන්න තියෙන ඒවා කරනවා.

    කොලඹ නෙමෙයි ද

    NHS එකේ කරන්න පුළුවන් දැන් MRI.

    කොහෙද ඔයා ඩොක්ටර් චැනල් කරේ? ප්‍රයිවෙට්ද? එහෙනං NHS බැහැ.

    ගවමන්ට් හොස්පිටල් එකකට යන්න. එතනින් රිෆර් කරයි NHS එකට.

    රිප්ලයි එකක් දාන්න මේකට.
    දික්වැල්ල. මෙහේ චැනල් සෙන්ටර් ඔක්කොටම එන්නේ එකම ස්නායු විශේෂඥ වෛද්‍ය වරයෙක්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,463
    113
    අපේ ඥාති වෙන ඩයල් එකක් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා ,බයික් එකෙන් විසික් වෙලා ගිහින් වැටිලා,තුවාල මොකුත් නෑ.හැබැයි උඩ ගිහින් වැටුණු පාර තුනටියේ අමාරුවක් ඇවිත් ..බාම් අනම් මනම් ගගා ඉදලා සනීප වුනාලු.මේ ලගකදී ලොකු බරක් උස්සන්න ගිහින් ආයේ අමාරුව ඇවිත්.වම් කකුල හිරි වැටිලා..තනියෙම ඇවිදින්නත් අමාරු වෙලා.. තෙල් බෙහෙත් ගගා ඉදලා වැඩිවෙලා.. පස්සේ ඥාති වෙන දොස්තර කෙනෙක් බලෙන්ම වගේ එයා වැඩ කරන හොස්පිටල් එකට ගෙන්නගෙන ඇඩ්මිට් කරලා MRI Scan ලිස්ට් එකට දාගෙන..ලේසි නෑ කනෙක්ෂන් නැතුව ලග දවසක් ගන්න.scan පිටින් කරනවා නම් බර ගානක් යන කතාවක් කිව්වේ.කොහොම හරි MRI ස්කෑන් එකක් කලාම ස්නායු කිහිපයක් ඇඹරිලා කිව්වා.ඒවා පිටින් මොකුත් කරලා හදන්න බෑ.

    මාත් හිටියා ලග දවස් ගානක්.පුදුම වේදනාවක්ලු තියෙන්නේ.ඇවිදින්න ,වාඩි වෙන්න එහෙම පට්ටම අමාරුවෙන් හිටියේ.ටොයිලට් අරන් ගියෙත් රෝද පුටුවක..

    උදේටයි රෑටයි බෙහෙතක් විදිනවා.වේදනාව උහුලන්න බැරි තැන.එක විදියට ඇදේ ඉන්න බෑ.හැබැයි බෙහෙත විද්දම වේදනාව නැති වෙනවා.ඒ වෙලාවට තමයි යන්තම් නිදාගන්න පුලුවන් වෙන්නේ..බෙහෙත විද්දට පස්සේ තමයි රෝද පුටුවක වුනත් ගෙනියන්න පුලුවන්.

    තුනටියේ ඔපරේෂන් එකක් කරන්න ඕනේ කිව්වා ගොඩ ගන්න.ඒක කරන්නත් ලිස්ට් එකේ ඉන්න ඕනේ..කොහොම හරි දොස්තරගේ පිහිටෙන් සති 2කට මෙහා සර්ජරි එකත් කරගන්න පුලුවන් වුනා..දැන් නම් දෙයියනේ කියලා තනියෙම ඇවිදලා,තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්..හැබැයි සර්ජරි එකෙන්, අවුල් ස්නායු ඔක්කොම හදලා නෑ.කකුලේ එක ෆික්ස් කරන්න ඇති.අනිත් ඒවාට clinic එන්න කිව්වා..