ගැහැණියකගේ නුවන
එක්තරා ගමක හිටිය ගමරාලයි ගමමහගෙයි. ගමරාල උදේ සිට හවස වෙනතුරු හේනේ වැඩට යනවා. ලඟපාත ගෙදෙරක පේදිරිස්ට පුරුද්දක් තිබුන ගමරාල නැති වෙලාවක් බලල මේ ගෙදෙට්ට රිංගන්න.
දවසක් පේදිරිස්ගේ පුතා ඔය ගෙදෙට්ට රිංගුවා. ටික වෙලාවකට පසු දොරට තට්ටුවක් දාන සද්දයක් ආව. ගමමහගේ ඇහුව " කව්ද" කියල. "මේ පේදිරිස් බන්, දොර ඇරපන්".
සැප අරන් හිටපු පුතා හොඳටම භය වෙලා තාත්තාට අහුවෙයි කියල. ගමමහගේ පුතාට කිව්වා භය වෙන්න එපා, ඔන්න ඔය ලොකු පෙට්ටියට බැහැපන් කියල. පෙට්ටිය ඇතුලට පුතාව දාල මුඩිය වහල ඊට උඩින් තවත් මොනවද දාල පේදිරිස්ව ගේ ඇතුලට ගත්ත.
ඔන්න ඔය අතරතුරේ ගමරාලය පොඩි අඩියක් ගහල හය්යෙන් කවියක් කියාගෙන එනවා පේදිරිස්ට ඇහුණාම, "දැන් මොකද කරන්නේ" කියල ගමමහගෙන් ඇහුව. "මම පෙට්ටියට රින්ගන්නද"?
සුපුරුදු පරිදි පෙට්ටියට රින්ගවන්නත් බැහැ පුතා ඇතුලේ නිසා. ගමමහගෙට ෂණික නුවණක් ආව.
පේදිරිස් අතට ලොකු කැත්තක් දීල කිව්වා " ඕකව මරනවා කිය කීයා දුවපන්".
ගමරාල ගෙදෙට්ට ඇවිල්ල ගමමහ්ගෙන් ඇහුව මොකද අර පේදිරිස් කැත්තක් අරගෙන ඕකව මරනවා කියාගෙන දුවන්නේ කියල.
කිසි දෙයක් නොදන්න විදියට ගමමහගේ කිව්වා "අනේ, ඕකගේ පුතණ්ඩිය මොකක්දෝ අමන වැඩක් කරලා මෙහෙත් ආව හොයන්ඩ". "මේ ඇහුනද, ඔය උදැල්ල මෙහෙන් තියල උඹත් ඉක්මනට ගිහිල්ල බලපන් අර මිනිහ මොනවාද කරන්නේ කියල ".
ගමරාල නොපෙනී යනකන් ඉඳල පුතාව එලියට අරන් " දැන් තෝ ගෙදර පලයන්" කියල පුතාට කිව්වා.
කොමෙන්ට් එකක් දාලම යන්න හොඳේ.

පට්ට ණුවන තමයි.