ඕක්ලන්ඩ් ලොක්ඩවුන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (14) පියවර ගත්තාය.

    නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන නවසීලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 25 කි.

    නව කොරෝනා වයිරසය ඉතා හොඳින් පාලනය කළ රටක් ලෙස නවසීලන්තය ලොව පුරා පිළිගැනීමට ලක්විය.

    මෙම නව සීමා සමඟ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර අද (14) රාත්‍රියේ සිට එම සීමා ක්‍රියාත්මක වේ. එම සීමාවලට අනුව අත්‍යවශ්‍ය සේවා හැර පාසල් සහ ව්‍යාපාර ආදී සියල්ල වසා දැමේ.

    ‘‘ඕක්ලන්ඩ් වැසියන්ගෙන් අපි ඉල්ලන එක දෙයක් තියෙනවා. ගෙදරට වෙලා ඉන්න. වයිරසය පැතිර යෑම නතර කරන්න’’ යැයි ආඩෙන් ප්‍රකාශ කළාය.

    ‘‘මේ පැතිර යන්නේ යන්නේ සම්ප්‍රේෂණය වැඩි විකෘති ප්‍රභේදයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලොක්ඩවුන් සීමා පනවනවා. පැතිර යෑම වැඩි ප්‍රභේදයක් නම් අපට දැඩි විමසිල්ලෙන් ඉන්න වෙනවා’’ යැයි ද ඇය කීවාය.

    ඕක්ලන්ඩ් නුවර එකම පවුලකට තිදෙනකුට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අතර ඔවුන්ට ආසාදනය වී ඇත්තේ සම්ප්‍රේෂණය වැඩි නව සහ විකෘති ප්‍රභේදයක් යන්න සොයාබැලීමට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීහු අද පියවර ගත්හ. ඔවුන් තිදෙනාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය කුමක්ද යන්න අද පස්වරු වනවිටත් අනාවරණය වී නොතිබිණි.

    ඕක්ලන්ඩ් නුවර නවසීලන්තයේ ඉතිරි නගරවලින් වටවී තිබෙන්නකි. මේ නිසා අනෙකුත් නගර සහ මෙට්‍රෝ නගරවල සිටි ඕක්ලන්ඩ් නුවරට ගමන් කිරීමද ඉදිරි දින තුන සඳහා දැඩි ලෙස සීමා කරන බව නවසීලන්ත බලධාරීහු කීහ.

    රටේ ඉතිරි කොටස් නව කොරෝනා වයිරසයේ දෙවැනි අවදානම් මට්ටමට යටත් වන බවත් ජනතාව පොදු ප්‍රවාහනයේදී මුඛ ආවරණ පැලඳිය යුතු බවත් එක් අවස්ථාවකට රැස්විය හැකි උපරිම ගණන 100 ක් බවත් ජසින්ඩා ආඩෙන් කීවාය.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    You can hear news from all around world but not single news from China except for any misleading act done by them

    @dxx your China
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    මේ ලෙඩේට බෙහෙත තියෙන්නේ චීනේ උන් ගාවම තමයි.. දැන් කට්ට්ටිය මැරුනා ඇති කියලා හිතුනම උන් ඕක ඔක්කොටම දෙයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    okun denna na appa
    මේ ලෙඩේට බෙහෙත තියෙන්නේ චීනේ උන් ගාවම තමයි.. දැන් කට්ට්ටිය මැරුනා ඇති කියලා හිතුනම උන් ඕක ඔක්කොටම දෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Podi misunderstandings tikak thiyanawa news eke.
    Auckland kiyana region ekama lockdown. not just the city.
    Denata dawas 3y lockdown, hema 24 hrs ma review karanawa lockdown extend karanawada nedda kiyala. Wednesday final decision eka kiyanawa.

    Auckland_Region_map_EN.png
     
    • Sad
    • Wow
    Reactions: saja and Deleted

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    How come the entire world is suffering and only China has controlled it?
    They did not use Hutti, Mutti or Pani.
    Their control was (and is) using the well established rules of pandemic control. Identification and control of the infection source and blocking transmission. Early detection (testing), isolation, treatment and contact tracing. Also the government enforced infection control procedures strictly adhered by the general public.
    There are still cases popping up in China, but immediate large scale testing takes place and then contact tracing with isolation.

    The high transmission rate in Europe, US and South Americas is mainly because of the behaviour of the people in these parts. Not because of the virus itself (high transmissibility of the new variants still remains unproven - it's only a suspicion)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    Best answer👍👍👍😎
     
    • Like
    Reactions: imhotep

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ජසින්ඩා ආඩෙන් පුදුම කොන්දක් තියෙන්නේ..ගැනියෙක් උනාට මොකෝ අපේ එකාට වඩා හොද කොන්දක් තියෙනවා...

    පින් කරන්න ඕන එහෙම රටක ඉන්න :(
     
    • Sad
    Reactions: Deleted

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    ඔය ජසින්ඩා ආඩෙන් පුදුම කොන්දක් තියෙන්නේ..ගැනියෙක් උනාට මොකෝ අපේ එකාට වඩා හොද කොන්දක් තියෙනවා...

    පින් කරන්න ඕන එහෙම රටක ඉන්න :(
    මාසයක් උනත් අවුලක් නැතුව නෝ පේ යන්න පුළුවන් රටවල්. අපේ රටට ණය ගෙවන්න ඕටී ත් කරන්න වෙලා. ඒකත් ලෙඩපිට
     
    • Sad
    Reactions: saja