ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්

AnuradhaRa

Well-known member
  • ඕනවට වඩා වේගෙන් යන්ඩ එපා බොලව්

    මොකද කරන්නෙ කියල හිතන කොට, මෙච්චර දුරක් ගිහින් - නිල් පාට
    බ්‍රේක් ගැහුවට, වාහනේ ගිහින් නවතින කොට මෙච්චර දුරක් ගිහිල්ල - රතු පාට

    highwaycodeSD.png

    ඔන්න බලාපියව් මිනිහෙක්ව වාහනේකට හැප්පුණාම කොච්චර හානියක්, ඒ පුද්ගලයට වෙනවද කියල
    පහළ පින්තූරෙනං ටිකක් තේරුංගන්ඩ ඕන.
    ඔය පෙන්නල තියෙන්නෙ කාර් එකක් යම් ස්පීඩ් එකකින් ඇවිල්ල, මනුස්සයව බේරගන්ඩ බ්‍රේක් ගැහුවත්, වාහනේ නවතින්ඩ කලිං යම් ස්පීඩ් එකකින් මනුස්සයව හැප්පුනාව වෙන හානියයි

    දෙවන අවස්ථාව ගමු. ඒකෙ පෙන්නල තියෙන්නෙ පැයට සැතපුම් 25 කින් එන වාහනයක් හදිසියෙ බ්‍රේක් ගහනව. ඒත් වාහනෙ නවත්තගන්ඩ බැරුව, හරියටම කාර් 3 ක් එක පෙලට තිබ්බම තියෙන දුරට සමාන දුරක් ගිහින්, මනුස්සයගෙ ඇඟේ හැප්පෙනව. වාහනෙ හැප්පෙන්ඩ කලිං නතර කරගන්ඩ බැරි වුණ නිසා මනුස්සයගෙ ඇඟේ ගැටෙන කොට වේගෙ පැයට සැතපුම් 18 යි. ඒ වේගෙ ඇති, මනුස්සය තනි තට්ටු ගෙයක වහලයකින් වැටුනම, වෙන හානිය සිදු කරන්ඩ..

    drop-chart.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මීට අමතරව වාහනේ බර වැඩි වෙන්ඩ වෙන්ඩ, සිදුවෙණ හානිය තවත් වැඩි වෙනව. මොකද ගම්‍යතාවය වැඩි නිසා..
    දන්නවනෙ, ගම්‍යතාවය = ස්කන්ධය * ප්‍රවේගය කියල

    මම මේ පෙරේද රූපවාහිනියෙ ගිය වැඩසටහනක දැක්ක, කොච්චියක් පැයට කිලෝමීටර 15 ට ගියත්, කෝච්චිය ගොඩක් බර නිසා වෙන හානිය වැඩයි කියල..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මීට අමතරව වාහනේ බර වැඩි වෙන්ඩ වෙන්ඩ, සිදුවෙණ හානිය තවත් වැඩි වෙනව. මොකද ගම්‍යතාවය වැඩි නිසා..
    දන්නවනෙ, ගම්‍යතාවය = ස්කන්ධය * ප්‍රවේගය කියල

    මම මේ පෙරේද රූපවාහිනියෙ ගිය වැඩසටහනක දැක්ක, කොච්චියක් පැයට කිලෝමීටර 15 ට ගියත්, කෝච්චිය ගොඩක් බර නිසා වෙන හානිය වැඩයි කියල..

    අර අලි හැප්පෙන එක ගැන නේද? මාත් බැලුවා.
     
    AnuradhaRa

    Well-known member
  • අර අලි හැප්පෙන එක ගැන නේද? මාත් බැලුවා.

    :yes: අලිය ගැන මම කිව්වෙ නැත්තෙ, මුං අලියගෙ ගම්‍යතාවය හින්ද කොච්චිය විනාසවුණා කියල හිතුවොත් එහෙම.. :D
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මොකද කරන්නෙ කියල හිතන කොට, මෙච්චර දුරක් ගිහින් - නිල් පාට
    බ්‍රේක් ගැහුවට, වාහනේ ගිහින් නවතින කොට මෙච්චර දුරක් ගිහිල්ල - රතු පාට

    highwaycodeSD.png

    ඔන්න බලාපියව් මිනිහෙක්ව වාහනේකට හැප්පුණාම කොච්චර හානියක්, ඒ පුද්ගලයට වෙනවද කියල
    පහළ පින්තූරෙනං ටිකක් තේරුංගන්ඩ ඕන.
    ඔය පෙන්නල තියෙන්නෙ කාර් එකක් යම් ස්පීඩ් එකකින් ඇවිල්ල, මනුස්සයව බේරගන්ඩ බ්‍රේක් ගැහුවත්, වාහනේ නවතින්ඩ කලිං යම් ස්පීඩ් එකකින් මනුස්සයව හැප්පුනාව වෙන හානියයි

    දෙවන අවස්ථාව ගමු. ඒකෙ පෙන්නල තියෙන්නෙ පැයට සැතපුම් 25 කින් එන වාහනයක් හදිසියෙ බ්‍රේක් ගහනව. ඒත් වාහනෙ නවත්තගන්ඩ බැරුව, හරියටම කාර් 3 ක් එක පෙලට තිබ්බම තියෙන දුරට සමාන දුරක් ගිහින්, මනුස්සයගෙ ඇඟේ හැප්පෙනව. වාහනෙ හැප්පෙන්ඩ කලිං නතර කරගන්ඩ බැරි වුණ නිසා මනුස්සයගෙ ඇඟේ ගැටෙන කොට වේගෙ පැයට සැතපුම් 18 යි. ඒ වේගෙ ඇති, මනුස්සය තනි තට්ටු ගෙයක වහලයකින් වැටුනම, වෙන හානිය සිදු කරන්ඩ..

    drop-chart.jpg

    මේක ඇත්තටම හරිද? 70- 80 ට යන ලේලන්ඩ් බස් බ්‍රේක් කරනවනෙ මීටර් 10-15 ක් ඇතුලත.