ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...

අපේ life එකේ ගොඩක් වැටීම් තියනව,නැගිටීම් තියනව.නැගිටීම් තියෙන වෙලාවක අපි සතුටු වෙනව,වැටීම් තියෙන වෙලාවක අපි දුක් වෙනව,අඩනව. හැබැයි ප්‍රශ්ණයක් වුන වෙලාවට ඒ ප්‍රශ්ණේ හිතට වදයක් වෙන්නත් කලින් අපේ හිතින් අයින් කරල දාන්න පුලුවන් බව ඔයා දන්නවද?





ප්‍රශ්නයක්?

life එකේ මොනවමහරි ප්‍රශ්නයක් වුන වෙලාවක අපි ඒ දේ නිසා හිතින් වැටුණ වෙලාවක මොනවද කරන්න ඕන?




අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන?




අපි කොහොමද ඒකට උත්තර හොයන්න ඕන?




හරියටම කියනවනම් වැටුණ වලෙන් ගොඩ එන්නෙ කොහොමද?


නොවරදින පියවර 4

01) සිත සැහැල්ලු කරගත යුතුයි...

පළමුවෙන්ම ගැටළුව ගැන සිතීමටත් පෙර relax වෙන්න ඕන.මොකද අවුල් වුන mind එකකට ප්‍රශ්නයක් විසදගන්න හරිම අමාරුයි,ඒකට හේතුව අපි හිත අවුල් කරගන්න කරගන්න අපි ඒ ප්‍රශ්නෙට බය වෙනව,බය වෙන තරමට ප්‍රශ්නෙට උත්තරය අපෙන් ගොඩාක් ඈතට යනව.




02) සෑම ගැටළුවකටම පිළිතුරක් ඇත...


අපිට life එකේ එන හැම ප්‍රශ්ණෙකටම උත්තරයක් අපි ලගම හරි,ඒ ප්‍රශ්නය තුලම හරි හැංගිල තියෙනව.තේරුම් ගත යුත්තෙ ඒකයි,හිතල බලන්න..අපිට ප්‍රශ්නයක් ඇති වෙලා අපි මානසිකව වැටුන කියල,හිතන්න ඕන දේ තමයි, මේ අපිට ජීවිතේ ඇති වුන එකම ප්‍රශ්නෙද?මීට කලින් අපිට මොනවත්ම ප්‍රශ්න තිබිල නැද්ද?
නෑ මේක පළවෙනි ප්‍රශ්නෙ නෙමෙයි.සමහරවිට මීට වඩ ලොකු ප්‍රශ්ණත් අපිට ඇවිත් තියෙනව ඒත් අද ඒ ප්‍රශ්න නෑ,හේතුව ඒවට පිළිතුරු ලැබිල ඒව විසදිලා.ඒ වගේම එච්චර ප්‍රශ්න ඇවිල්ලත් අපි තාම ජීවත්වෙනව,ඉතින් මේකත් ප්‍රශ්නයක්ද.....
" ප්‍රශ්නය වටහාගන්න. පිළිතුර එයින්ම පැමිණෙනු ඇති. මක් නිසාද යත් පිළිතුර ප්‍රශ්නයෙන් වෙන් වී නොපවතින බැවිනි."

-ජේ. ක්‍රිශ්නමූර්ති.





03) හැමදේම හොදටයි...

ප්‍රශ්නයක් වුනාම ඒක උනේ හොදටයි කියල එකපාරටම හිතන්න එපා,අපි මෙහෙම හිතමුකො,
ජිවිතෙ අපිට උන හොදක් හරි නරකක් ගැන,ඒ නරක හෝ හොද වුනේ හොදකට නෙමෙයි නම්
අපි අද ජීවත් වෙලා ඉන්නෙ කොහොමද?මොකද ඒක උනේ නරකකට නම් අපි සමහරවිට
මේ වෙනකොට ජීවතුන් අතර නැති වෙන්නට ඉඩ තිබුනා.
අපි හිතමු අපිට උන ප්‍රශ්නයක හොදක් පේන්නවත් නෑ කියල,එතකොට හිතන්න ඒකෙන් ලබුන,
ඉගෙනගතපු පාඩම ගැන.ඒක ජීවිතේට කොච්චර වටිනවද,තවත් ඒ වගෙ දෙයක් නොවෙන්න
ඒක කොච්චර හොද අත්දැකීමකද?
[FONT="Courier New",Courier,monospace] [COLOR=#b45f06]"Good times gives good memories and bad times gives good lessons"[/COLOR][/FONT][/SIZE][/B]

[/INDENT]



[B] [SIZE=5][COLOR=#ff0000]04) ගැටළුව හදුනා ගැනීම...[/COLOR][/SIZE][/B]

[SIZE=5][URL="http://2.bp.blogspot.com/-_tMhrolNqSs/U_uI31BJ6EI/AAAAAAAAAE8/P9ydbfmM0dU/s1600/question-answers-300x270.png"]
question-answers-300x270.png
[/URL] ප්‍රශ්නය මොකද්ද?ඒක ආරම්භ උනෙ කොහොමද?මොකක් හේතු කරගෙනද?

යන ප්‍රශ්න වලට අපි ඊලගට උත්තර හොයාගන්න ඕන.හරියටම කියනව නම්
මම මේ අඩන්න,දුක් වෙන්න හේතුව කුමක්ද යන්න.
මෙහිදී ගැටලුව ගැන තේරුම් ගන්නවාට වඩා අවබෝධ කර ගැනීම සාර්ථක වේ.


05) නැවත ආරම්භය හෝ වැරදුන තැනින් ආරම්භය

දැන් ඔබට ඔබේ ගැටලුව,ගැටලුවක්ම නෙමෙයි,නිකන්ම නිකන් සිද්ධියක් පමණයි.
ඔබට දැන් පුළුවන් වරදුන තැනින් ආරම්භ කරන්න,වැරදුන තැන හරිගස්සන්න.
නැතිනම් නැවත ආරම්භ කරන්න,අනිවාර්යයි තවත් ආපසු ඒ වලේ වටෙන්නෙ නෑ.
මොකද ඔබ දැන් දන්නව,තවත් එම වලේ නොවැටී ඉදිරියට යා යුතු පාර......





www.narakalamai.com වෙනුවෙන් නෙලංක රන්සර ලියූවකි.
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කොහෙන් කැරකුනත් දුක,දුකට හේතුව,දුක නැති කිරිම,දුක නැතිකිරිමේ මාර්ගයට කැරකිල එනවා වගේ හිතෙනවා
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu